ධර්ම ගැටලුවක් ...

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    පට්ටම ධර්මදර, පින්වන්ත සීලවන්ත කියල අපි විශ්වාස කරන හාමුදුරු නමකට දානයක් දුන්න කියමු. හැබැයි ඇත්තටම ඒ හාමුදුරුවෝ අපි හිතන් ඉන්න ජාතියේ නෙමෙයි නම් අන්තිම ජරා වැඩ කරන හාමුදුරු නමක් වුනොත් ඒ පින නිකන්ම නිකන් සාමාන්‍ය මනුස්සයෙක්ට දුන්න දානෙක පිනකට සමාන වෙනවද?
    නෑ එහෙම වෙන්නේ නෑ. ඔයා දුන්නේ සිල්වත් කියලා හිතලා හින්දා ඔයාගේ චේතනාව ශ්‍රද්ධාව කොච්චරක් ද අන්න ඒ තරමට ම පිං ලැබෙනවා. චේතනාවමයි කර්මය කියන්නේ ඒකයි. හැබැයි පස්සේ ඒ හාමුදුරුවෝ ගැන ඇත්ත දැනගෙන තරහක් , දුන්න දානය ගැන අපැහැදීමක් ඇති වුණොත් නම් අර පිනේ ආනිශංස අඩු වෙන්න ඉඩක් තියෙනවා දන්න තරමින්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,926
    113
    Nawala
    සරලව හැමෝම කියන්නේ "ඔව්" කියලා නේ ...

    එහෙනම් ඒක "චේතනාහන් බික්ඛාවේ කම්මං වදාමි " කියන ප්‍රකාශය ප්‍රශ්නකාරී වෙනවා නේද ?

    මගේ චේතනාව තියෙන්නේ මේ බඩගින්නේ ඉන්න සත්වයාට බඩගිනි නිවීමට අහාර වේලක් දීමයි !. ඒ වගේම ඉහත ප්‍රශ්නයට උත්තරය "ඔව්" නම් ...මදුරුවෙක් මැරීම, බල්ලෙක් මැරීම හා මිනිහෙක් මැරීමේ ප්‍රනාගාත අකුසලයේ තරම වෙනස් වෙනවා නේද ???
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    බුදුදහමට අනුව බඩගින්නේ ඉන්න බල්ලෙකුට දෙන ආහාර වෙලේත් , හිගන්නෙකුට දෙන ආහාර වෙලෙත් , ධර්ම ධර හාමුදුරුවන් නමකට දෙන ධානයේත් ආනිසංස වෙනස් ද ??? එහෙමනම් එහෙම වෙන්නේ ඇයි?
    බල්ලගෙයි හිගන්නෙක් අතරයි පිනේ නම් ලොකු වෙනසක් නොවෙන්න පුළුවන්. ඒත් මේ ලෝකේ තියෙන දුකෙන් ගැළවීමේ එකම මාර්ගයේ යන ඒ වගේම අනිත් අයටත් ඒ මාර්ගයට එන්න ආදර්ශයක් වෙන එක හින්දා සහ තවත් ගුණධර්ම තියෙන හින්දා ධර්මධර හාමුදුරුවෝ කෙනෙක්ට දානය දීමේ ආනිශංස වැඩි වෙන්නේ. හැබැයි හොඳ හිතින් ශ්‍රද්ධාවෙන් දානේ පිළිගන්වනවා නම් විතරයි ඔහොම පිං ලැබෙන්නේ. නැත්තන් ලොකු පිනක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් ශ්‍රද්ධාවෙන් දානේ දෙන තරම්.

    චේතනාවයි කර්මය කියන්නේ බේස් එක. එකෙන් ඔයා කරන්නේ පවක් ද පිනක් ද කියන එක තීරණය වෙනවා සහා කොච්චර ලොකු පවක් ද පිනක් ද කියලත් තීරණය වෙනවා. හැබැයි චේතනාව වගේම ඒ චේතනාව ක්‍රියාත්මක කරන්නේ කවුරු මත ද කොයි විධියට ද වගේ කාරණා එකකත් පව පින අඩු වැඩි වෙනවා. මදුරුවෙක් මරණ එකත් හරකෙක් මරණ එකත් මනුස්සයෙක් මරණ එකත් පව්. ඒත් මදුරුවාට වඩා දුකක් බල්ලා මැරෙද්දි විඳවන්න ඉඩ තියෙනවා සහ එකට ප්‍රධාන හේතුව මදුරුවාට වඩා ස්නායු හා ඒ එක්ක තියෙන මොලේ කියලා කියන්න පුළුවන්. මනුස්සයෙක් මැරුවොත් බල්ලෙක්ට වඩා පව් බල්ලාට මනුස්සයට තරම් බලාපොරොත්තු , වගකීම් වගේ දේවල් තියෙයි කියලා හිතන්න අමාරුයි නේ. කොටින්ම ජීවිතයට තියෙන ආසාව බල්ලාට වඩා වැඩි වෙන්න පුළුවන්. ඔන්න ඕකයි කතාව. නීතියෙන් මදුරුවෙක් , බල්ලෙක් හා මනුස්සයෙක් මැරුවොත් දඬුවම් දෙන්නේ කොහොමද සහ එහෙම වෙන්න හේතුව ප්‍රශ්න කරලා බලන්න මේකට උත්තරය තේරෙයි. හැබැයි බුදු දහමේ හැමදේටම නීතිය වගේ දේවල් වලින් උපමා ගන්න බෑ. ඒත් මෙතෙන්ට අදාල කරගන්න පුළුවන් හින්දා කිව්වේ.
    ------ Post added on May 26, 2023 at 10:12 PM
     
    මෙන්න මේවා ටික බුදුදහමේ තියෙන්නේ කොහෙද ? අපි හිතෙනේ දේ අතින්දාලා කියනවා නේද ?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මෙන්න මේවා ටික බුදුදහමේ තියෙන්නේ කොහෙද ? අපි හිතෙනේ දේ අතින්දාලා කියනවා නේද ?
    ඔහොම තමයි හිතා ගන්න වෙන්නේ. මුලික බුදු දහම ගත්තම පවක් පිනක් ලොකු පොඩි වෙන්නේ කොහොම ද කියලා හිතලා බැලුවොත් ඕක තමයි තර්කය විධියට කියන්න වෙන්නේ. සාමාන්‍යයෙන් පව් පින්වල තරම තීරණය වෙන එක සාධකයක් විධියට අපි කරන කියන හිතන දෙයින් අනිත් පාර්ශවයකට කොච්චර වේදනාවක් දුකක් හරි කොච්චර සහනයක් උදව්වක් වුණාද කියන එක ගන්න පුළුවන් නේ. බුදු දහම ගැන කියවද්දී අහද්දි ඉබේම තේරෙන දෙයක් ඕක. තමන් කරන දේ වලට යොදවන සිතුවිලි හා ක්‍රියාවේ තරම කර්මයට බලපානවා කියන එක බුදු දහම දාන්න කෙනෙක්ට නම් තේරෙන්න ඕන.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,096
    93
    කර්මය අචින්තයි. අපිට හිතලා ගන්න බැ . බුදුන්වහන්සේව විශ්වාස මත තමා කර්මපල වාදය ගන්න වෙන්නෙ.
    දානය ගැන "මට" හිතෙන point ගැන video එකක්.

    • Love
    Reactions: Blair Solari

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    සරලව හැමෝම කියන්නේ "ඔව්" කියලා නේ ...

    එහෙනම් ඒක "චේතනාහන් බික්ඛාවේ කම්මං වදාමි " කියන ප්‍රකාශය ප්‍රශ්නකාරී වෙනවා නේද ?

    මගේ චේතනාව තියෙන්නේ මේ බඩගින්නේ ඉන්න සත්වයාට බඩගිනි නිවීමට අහාර වේලක් දීමයි !. ඒ වගේම ඉහත ප්‍රශ්නයට උත්තරය "ඔව්" නම් ...මදුරුවෙක් මැරීම, බල්ලෙක් මැරීම හා මිනිහෙක් මැරීමේ ප්‍රනාගාත අකුසලයේ තරම වෙනස් වෙනවා නේද ???
    uba hihuwada budu dhahama kiyanne FB eke quote wage quote collection ekak kiyala :lol:.
    anith eka
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    බුදුදහමට අනුව බඩගින්නේ ඉන්න බල්ලෙකුට දෙන ආහාර වෙලේත් , හිගන්නෙකුට දෙන ආහාර වෙලෙත් , ධර්ම ධර හාමුදුරුවන් නමකට දෙන ධානයේත් ආනිසංස වෙනස් ද ??? එහෙමනම් එහෙම වෙන්නේ ඇයි?
    මේක මෙන්න මේ විදියටත් බලන්න පුළුවන් මහත්තය....බුදු දහමට අනුව දෙන විදියට තමයි ලැබෙන්නෙ, එහෙනම්....

    බඩගින්නේ ඉන්න බල්ලෙක් කියන්නෙ කාම ලෝකයේ දුකක්/පෙලීමක්, ඔබතුමා කල කර්මය (ක්‍රියාව) කාම ලෝකයේ දුකකින්/පෙලීමකින් නිදහස් වීමට උපකාරී වුණා නම් ඔබතුමාට ලැබෙන විපාකයත් කාම ලෝකයේ දුකකින්/පෙලීමකින් නිදහස් වීමට උපකාරී වෙනව...

    ධර්ම ධර හාමුදුරුවන් නමක් කියන්නේ සියලු ලෝක වලින් නිදහස් වීමට නිර්වාණය සොයන උතුමෙක්, ඉතිං ඔබතුමා කල ක්‍රියාව උපකාරී වුනේ එහෙම කෙනෙක්ට නම් ඔබතුමාට ලැබෙන විපාකයත් නිර්වාණය සඳහා උපකාරී වෙන්න ඕනි.

    මේ අනුව බලනකොට, ආනිසංස වෙනස්, හොඳ/වඩා හොඳ සාපේක්ෂයි ... පිං දෙකෙන් හොඳ එක තීරණය වෙන්නෙ ඔබතුමා බලාපොරොත්තු වෙන දේ අනුව....