බුදුදහමට අනුව බඩගින්නේ ඉන්න බල්ලෙකුට දෙන ආහාර වෙලේත් , හිගන්නෙකුට දෙන ආහාර වෙලෙත් , ධර්ම ධර හාමුදුරුවන් නමකට දෙන ධානයේත් ආනිසංස වෙනස් ද ??? එහෙමනම් එහෙම වෙන්නේ ඇයි?
Yanne koheda polle Mal answersබුද්ධ පූජාවක් පිළියෙල කරගෙන විහාරයකට යන සැදැහැවතකුට ආහාරයක් නො ලැබ ක්ලාන්ත වී ඉන්නා දුගියකු මුණ ගැසුනහොත් ගෙන යන ආහාර දුගියාට දී ඔහු සුවපත් කිරීම ය, ඔහු ගැන නො සලකා ඒ ආහාර විහාරයට ගෙන ගොස් පූජා කිරීම ය යන මේ දෙකින් වඩා හොඳ කුමක් ද?
දේශපාලන න්‍යාය අනුව මේ ප්‍රශ්නය විසඳත හොත් ඒ ආහාරය සාගින්නෙන් පෙළෙන දුගියාට දීම හොඳ බව කිය යුතුය. බුදුනට පූජාවක් කරන පින්වතා එය කරන්නට බලාපොරොත්තු වන්නේ තමා ගේ අනාගත සැපය සඳහා පින් කර ගැනීමට ය. දානමය කුශලය මහත්ඵල වන්නේ ප්‍රතිග්‍රාහකයා ගේ අසරණකම අනුව නොව ගුණවත්කම අනුව ය. බුදුනට වැඩි ගුණවතෙක් ලොව නැත්තේ ය. තථාගතයන් වහන්සේ ගුණවතුන්ගෙන් අග්‍රය හ. වැඳුම් පිදුම් කළ යුත්තන් අතරින් තථාගතයන් වහන්සේ ම අග්‍ර වන සේක.
“නයිමස්මිං ලොකෙ පරස්මිං වා පන
බුද්ධෙන සෙට්ඨො සදිසොව විජ්ජති
යමාහුනෙය්‍යානං අග්ගතං ගතො
පුඤ්ඤත්ථිකානං විපුලඵලෙසිනං”
“මේ ලෝකයේ හෝ අන් ලෝකයක බුදුන් වහන්සේට ශ්‍රේෂ්ඨයෙක් හෝ සමාන වන්නෙක් හෝ නැත. පින් කැමති වන්නා වූ මහත්ඵලය සොයා ගන්නා වූ තැනැත්තන් විසින් පිදීමට සුදුස්සන් අතුරෙන් ඒ තථාගතයන් වහන්සේ අගතැන්පත් වූ සේක” යනු එහි තේරුම ය. දුගියාට දීමෙන් වන කුශලයට වඩා සිය දහස් ගුණයෙන් මහත්ඵලය වන පිනක් බුද්ධ පූජාව කිරීමෙන් ලැබෙන්නේ ය. බුද්ධ පූජාව ගෙන යන සැදැහැවතාට ලැබෙන අනාගත ඵලය අනුව කියනවා නම් බුද්ධ පූජාව කිරීම කිරීමෙන් ලැබෙන්නේ ය. බුද්ධ පූජාව ගෙන යන සැදැහැවතාට ලැබෙන අනාගත ඵලය අනුව කියනවා නම් බුද්ධ පූජාව කිරීම යහපත් බව කිය යුතු ය. බුද්ධ පූජාව නො කොට ඒ ආහාරය දුගියාට දෙන්නට කීම කෙනකුට අලාභයක් කොට තවත් කෙනකුට උපකාරයක් කිරීම ය.
බොහෝ සෙයින් මෙබඳු ප්‍රශ්න නඟන්නේ බුද්ධ පූජාවක් නො කරන දුගියන්ට උපකාරයකුත් නො කරන ධර්මයෙන් ඈත්ව වෙසෙන ආත්මාර්ථකාමීහු ය. බුද්ධ පූජා කරන සැදැහැවත්හු බොහෝ සෙයින් දුගීන්ට ද උපකාර කරන්නෝ ය. නිරාහාරව ඉන්න දුගියන් සම්බන්ධයෙන් නැගිය යුත්තේ මේ බුද්ධ පූජා ප්‍රශ්නය නොව “තමාගෙන් යමක් දී අසරණයකුට පිහිටවීම ය, තමා ගේ දේ පරෙස්සම් කර ගැනීම ය යන මේ දෙකින් වඩා යහපත් කුමක්ද” යන ප්‍රශ්නය ය.
- ධර්ම විනිශ්චය
පරම පූජනීය රේරුකාණේ චන්දවිමල මහා නාහිමි
Fik pin broබුදුදහමට අනුව බඩගින්නේ ඉන්න බල්ලෙකුට දෙන ආහාර වෙලේත් , හිගන්නෙකුට දෙන ආහාර වෙලෙත් , ධර්ම ධර හාමුදුරුවන් නමකට දෙන ධානයේත් ආනිසංස වෙනස් ද ??? එහෙමනම් එහෙම වෙන්නේ ඇයි?
ඕක දානෙකට නෙවේ. ඕනම දේකට පොදු දර්මතාවයක්.බුදුදහමට අනුව බඩගින්නේ ඉන්න බල්ලෙකුට දෙන ආහාර වෙලේත් , හිගන්නෙකුට දෙන ආහාර වෙලෙත් , ධර්ම ධර හාමුදුරුවන් නමකට දෙන ධානයේත් ආනිසංස වෙනස් ද ??? එහෙමනම් එහෙම වෙන්නේ ඇයි?
Jara weda kara kiyala upset gahanakan hambenawa.පට්ටම ධර්මදර, පින්වන්ත සීලවන්ත කියල අපි විශ්වාස කරන හාමුදුරු නමකට දානයක් දුන්න කියමු. හැබැයි ඇත්තටම ඒ හාමුදුරුවෝ අපි හිතන් ඉන්න ජාතියේ නෙමෙයි නම් අන්තිම ජරා වැඩ කරන හාමුදුරු නමක් වුනොත් ඒ පින නිකන්ම නිකන් සාමාන්‍ය මනුස්සයෙක්ට දුන්න දානෙක පිනකට සමාන වෙනවද?
දුස්සීල භික්ෂුවකට දෙන දානයේ පින වැඩියි තෙරුවන් සරණ නොගිය සාස්තෘවරයෙක්ට දෙන දානයකට වඩාපට්ටම ධර්මදර, පින්වන්ත සීලවන්ත කියල අපි විශ්වාස කරන හාමුදුරු නමකට දානයක් දුන්න කියමු. හැබැයි ඇත්තටම ඒ හාමුදුරුවෝ අපි හිතන් ඉන්න ජාතියේ නෙමෙයි නම් අන්තිම ජරා වැඩ කරන හාමුදුරු නමක් වුනොත් ඒ පින නිකන්ම නිකන් සාමාන්‍ය මනුස්සයෙක්ට දුන්න දානෙක පිනකට සමාන වෙනවද?