ධර්ම දේශනා.:: පින් කරනවද, ගන්නවද

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ධර්ම දේශනා.:: පින් කරනවද, ගන්නවද


    පින් කරගන්නෝ හා පින් අනුමෝදන් කරගන්නෝ කොයිබටද ?


    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
    ඉධ නන්දති පෙච්ච නන්දති
    කත පුඤ්ඤෝ උභයත්ථ නන්දති
    පුඤ්ඤං මේ කතන්තී නන්දති
    භීය්‍යො නන්දති සුග්ගතිං ගතො


    “දානාදී පින්කම් කල තැනැත්තා මෙලොවත් සතුටු වේ. පරලොවත් සතුටු වේ. මා විසින් මෙවන් පින්කමක් කළායයි පරලොවදී සුගතියේ ඉපිද සැප විඳින විට බොහෝ සේ සතුටු වේ.”


    පුහුදුන් අය ලෙස හැමවිටම අප දශ සංයෝජනයන් වලින් සසරට බැඳෙන්නෙමු. නිරායාසයෙන් ම අප අකුසල් රැස් කරගන්නෙමු. ඒ එලෙස නිරායාසයෙන් ම අකුසල රැස් කරගැනීමට සැකසුන ආධාරක පරිසරය නිසාය. කුසල්, කර ගැනීම අප උත්සාහයෙන් කල යුතුය. උත්සාහවත් විය යුතුය.
    මේ ජීවිතයේ ඉහත අරුත අවබෝධ කරගෙන ජීවත් වන්නෝ ඉතා ටික දෙනෙකි.

    අප මනුශ්‍ය ලොව උපදිනුයේ බලවත් කුසලයන්ගේ හේතුවෙනි.
    අප මනුශ්‍ය ලෙස පවතින්නේ ද දුලබ කුසලකර්ම පෙර කිරීම හේතුවෙනි.

    පින් කරන්න, කුසල් වඩන්න. මෙලොවදීම මනසින් උසස් වූ, නියම මිනිසෙකු ලෙස ජීවත් වන්න. ඔබට යහපතක් සිදුවේවි.

    ඉහත යහ-චර්‍යාවෙන් නොමැතිව සිට ඔබ සසර සුගතියක් ලබන්නට බලාපොරොත්තු වන්නේ ඔබ මිය යාමෙන් පසු ඔබේ දී දරු, ඥාති හිතමිතුරන් ඔබට දෙන පිනෙන් ද ? එය ප්‍රමාණවත් ද ? ඔවුන් ඔබට පින් අනුමෝදන් නොකළොත් කුමක් වේද, ඔවුන් ඔබට පින් අනුමෝදන් කරන විට කුමක් සිදු වේද ? ඔබ දෙන පින් ඔවුනට ගත හැකිද ? නොහකි නම් ඒ පින් අපතේ යාද ?

    මේ මනුසත් බවෙන් පසු නැවත සුගතියක (බඹ, දෙව්, මිනිස් ලොව ) නැවත උපතක් ලබන්නේ කෙලෙසකද ? නිසැකවම අප යන ලොව අපට පූර්ව නිගමනයකට බැස ගත හැකිද ?

    අපට නියත ලෙස මතු අත් භවය මේ යැයි දත නොහැකි නිසාද, සකස්ව ඇති කර්ම ශක්තිය කුමක්ද යන්න නොදත් නිසාත්, මියගිය පසු සුගතිගාමී වීමට නම් මේ භවයේ පින්, කුසල් කරගැනීම අත්‍යවශ්‍ය වේ.

    සෝතාපන්න ඵලයට වත් නොපැමිණි නිසාවෙන්, දුගතියක වැටීමට ඇති ඉඩ අප ධර්මය තුලින් වටහාගත් යුතුය.

    අප අතරින් වෙන්වූවන්ට ඥාති සංග්‍රහයක් ලෙස මියගිය අයට පින් දී ඔවුන්ගේ කර්මශක්තිය වෙනස් කල හැකිද ?

    ඔබත් මරණින් පසු අනුන්ගේ පින් ලැබේවි කියා යැපෙන්නට බලා ඉන්න කෙනෙක්ද ?
    එසේ නම් මේ ධර්ම දේශනාව ඔබට ප්‍රඥාවේ මියුරු දෙසුමක් වේවා. වේවා.

    2012 වෙසක් මස 30 වන දින, පෙරවරු 8.00ට, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.

    දේශකයාණන් වහන්සේ: කැලණිය, වේවැල්දූව, ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය සහ සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාමය යන උභය විහාරාධිපති, සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද මොරවක සෝරත ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

    ශ්‍රී ලංකා ගුවන් විදුළි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.

    තෙරුවන් සරණයි !
     
    Last edited: