ධර්ම දේශනා.::සත්පුරුෂ දාන

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ධර්ම දේශනා.::සත්පුරුෂ දාන

    මහානිසංස දෙන – සත්පුරුෂ දාන

    බෞද්ධයා යනු බුද්ධිමතෙකි. මේ ඔබේ බුද්ධිමත් විමසීමටයි:

    සත්පුරුෂයන් විසින් දන් දිය යුතු අයුරු පිළිබඳවයි.
    යමෙකුගේ ඊලඟ භවය තීරණය වනුයේ කලින් භවයන් හි දී කළ කුසල් අකුසල් අනුව වේ.
    දානයක් දීමේදී සසරේ මතු ප්‍රතිවිපාක ලැබේ. එහෙත් දානයක් දීමේදී ලෝභ සහගත ලෙස භව බෝග සම්පත් ලැබේවා කියා පැතුමෙන් සිත පිහිටුනොත් එයද අකුසලයකි. ඉන් දානමය පිංකමේ ආනිසංස මෙන්ම අකුසල් ද සිදු වේ.
    මේ නිසා අවබෝධයෙන් දානමය පිංකම් කල යුතුය

    සත්පුරුෂයා යනු :

    - පන්සිල් රකියි
    - චාරිත්‍ර සීල (අකුසල් නොකර සිටීම )
    - වාරිත්‍ර සීල (සිතෙන් පවින් වලකින්නෙමැයි සමාදන් වීම ) ලෙස දෙ ආකාරයකි.​
    එනම් උදාහරණයක් ලෙස “පාණාතිපාතා වේරමණි සික්ඛා පදං සමාදියාමි” සිල් පදය ගනිමු.
    “පාණාතිපාතා වේරමණි” යනු ප්‍රාණඝාත්යෙන් වැලකෙමි ලෙසයි
    “සික්ඛාපදං සමාදියාමි” යනු එම පවින් වැලකීම මෙන්ම අන් සතුනට මෛත්‍රී කිරීම, දයාව පැතිරවීම, අවිහිංසාව යනාදිය වැඩීමයි. නියමාකාරයෙන් පන්සිල් ගන්නෝ මෙලෙස අවබෝධයෙන් තිසරණ සරණ යති.​

    - ශ්‍රද්ධාව ඇත්තෙකි
    අමූලිකා ශ්‍රද්ධාව – අන්ධ භක්තියයි.. බෞද්ධයා බැතිමතෙක් නොවේ.. බැතිමත්හු එසේ වන්නේ දෙවියෙකු කෙරෙහි ඇති බිය නිසාය. නියම බෞද්ධයා සැදැහැවතෙකි. අවබෝධයෙන් සරන ගිය පින් ඇත්තෙකි.
    ආකාරවතී ශ්‍රද්ධාව – අවබෝධයෙන්, තෙරුවන් කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවෙන් සරණ යෑමයි​

    - ශීල සමාධි ප්‍රඥා වඩයි.

    දානය දෙන කෙනා තුළ පහත ගුණධර්ම 5 තිබුය යුතුය;

    • ශ්‍රද්ධාවෙන් දන් දීම - දන්දීම, ගෞරව තනතුරු සැලකිලි, ධන ධාන්ය ලබාගැනීමට නොව, ශ්‍රද්ධා මූලිකවම පමනක් සිදු කල යුතුය.
    • මනාව පිළියෙළ කර දන් දීම - අලෝභ, අදෝශ අමෝහයෙන් යුතුව දන් දීමයි.
    • සුදුසු කල දන් දීම - අත්‍යාවශ්‍ය කලට සුදුසු පරිදෙන දානය මහත් පින් පිණිස වේ. උදාහරනයක් ලෙස 2004 මහා සුනාමි අවස්ථාවේ ලාංකීයයෝ දන් දුන් අයුරු.
    • නිරවුල් හිතින් දන් දීම - බලාපොරොත්තු, ඇලීම නැතුව දන් දීම. හිතින් අල්ලාගෙන දෙන දානය දානම පින්කමක් නොවේ.
    • දානය දෙන්නා උසස් ය, ලබන්නා පහත් ය නොසිතන්න
    මෙලෙස දානය දෙන්නා එයින් විපුල සාංසාරික ඵල ප්‍රයෝජන ලබන්නේය.
    එනිසා සත්පුරුෂයෙක් ලෙස දානය දෙන්න.

    2012 මාර්තු මස 14 වන දින, පෙරවරු 8.00ට, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.

    දේශකයාණන් වහන්සේ: දෙහිවල, නැදිමාල, ශ්‍රී මහා විහාර වාසී, ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්‍ය, ශාස්ත්‍රපති පූජ්‍යපාද මාලිම්බඩ පඥ්ඥාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

    ශ්‍රී ලංකා ගුවන් විදුළි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.

    තෙරුවන් සරණයි !