ධර්ම දේශනා.::සිහියෙන් මිය යන්න
සිහියෙන් මිය යමු.
ලැබූ මිනිසත් බව කාම සැප පමණක් ම සඳහායි සිතාගෙන ජීවත් වෙන අපි, මරණය අභිමුවේ තැති ගන්නේ ඇයි..
තරුණ කල සැප විඳ, පාපී ජීවිත ගත කර.. මරණය අමතක කර සිටියත්..
මරණය ඔබ අමතක කර නැත..
මීලඟ තත්ත්පරයේ, මීලඟ හෝරාවේ, හෙට, හෝ බලාපොරොත්තු නොවන මොහොතකදී මරණය ඔබ වෙත ආවොත්…
සිහි විකල් නොවී යන්නට ඔබට හැකිද ??
උපන් මොහොතේ පටන් අපි මරණය හා සමඟ එන්නෙමු.
මරණය නියත බව අවබෝධයෙන් සිටීම සසරේ සැනසීමට, නිවනට හේතු වේ.
මම, මගේ ය යන ආත්මභාව සංඛ්‍යාතයේ ඇලෙමින් සිටින අප මේ සියළු සංස්කාරයන් මරණින් අපට අහිමිවන බව දැනගත යුතු වන්නෙමු.
මරණය ගැන අවබෝධයෙන් සිටීම මඟින් මරණ භය දුරු කර සිත සංසිඳුවා ගෙන, ධාර්මිකව ජීවත් වීමට හේතු වේ.
මරණානුස්සතිය යනු කුමක් ද
මරණසතිය වඩන්නේ කෙසේද
මරණය නියත බව දැනගෙන ජීවිතය සතුටින් ගත කරමු.
2013 පෙබරවාරි 19 දින රාත්‍රී 8:00 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි..
දේශකයාණන් වහන්සේ: හම්බන්තොට වෙහෙරගල ආරණ්‍ය සේනාසනය සහ කලුතර, නාගොඩ ශ්‍රී ජිනවංශ යෝගාශ්‍රමය යන උභය සේනාසනාධිපති, කම්මට්ඨානාචර්ය, විචිත්‍ර භානක, අති පූජ්‍ය නාගොඩ සද්ධාලෝක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
දේශකයන් වහන්සේටත් බෞද්ධයා ගුවන්විදුලි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.
තෙරුවන් සරණයි !