අවංකභාවය තමා සිතට තිබිය යුතුයි. ලෝකයාට පෙන්නන්නට නොව තම සිත නිවැරදි භාවයටයි.
තමාගෙන් වැරද්දක් වුවත්, වැරැද්ද වැරැද්ද ලෙස දැකීමට සිත නැමිය යුතුයි. ඍජු විය යුතුයි. තව කෙනෙක් වැරද්දක් කිව්වොත් එය ඇත්තක් විය හැකි බව සිතෙන් විමසීමට සිත මෘදු විය යුතුයි. වැරද්දක් තිබුණත් නොතිබුණත් එය උපේක්ෂාවෙන් විමසා නිවැරදි විය යුතු නම් නිවැරදි විය යුතුයි. එයට නිදහසට කරුණු කීම හෝ සධාරණීයකරණය නොකල යුතුයි. එක්වරම හිතින් ප්‍රතික්ෂේපද නොකළ යුතුයි.
හිත දකින්නට නොහැකිවන්නේ, බාහිරටම නැමුණූ සිතකටය. තමන් නොව අනුන්ම වැරදි බව දකින්නේ එවැනි සිතක්ය. ලෝකය වැරදි වන සෑම විටම සිතිය යුත්තේ තමන් නිවැරදි වීමටයි.
ද්වේශ සිත්, රාග සිත්, මෝහ සිත් අනුන් නිසා හට ගන්නේ යැයි සිතමින් එවැනි සිතිවිලිම පෝෂණය කිරීම බාහිරටම නැමුණු සිතක ස්වභාවයයි.
එනමුදු වීර්ය කළ යුත්තේ තමන්ගේ අඩුපාඩු සකස් ගැනීමට යි.
එය පහසු දෙයක් නොවන්නේ තමන්ගේ සිත දෙස නොබලා සධාරණීයකරන සිතකටය.
සිතන්න, ඔබට යම් කෙනෙක් දොසක් නගනවා කියා. ඔබ නිවැරදි බව දන්නා නමුත් ඔබ කළ යුත්තේ පෙරලා වචන පැවසීම හෝ, වචන නොපවසා හිතින් බැනීම හෝ නොවේ. ඔබේ සිත පරීක්ෂා කීරීමයි.
මන්ද සිතේ සිදු වෙන දෙයට වගකිව යුත්තේ ඔබ බැවිණි. ද්වේශය හට ගත්තේ නම් ඒ ඔබේ වරදයි. කෙතරම් බාහිරව බලන කල එය සාධාරණව පෙනුනත්, සත්‍යය නම් ඔබේ සිතේ ද්වේශ ස්වභාවයයි. එයයි ඔබේ සසර සකසන්නේ..., බාහිර කෙනෙකු හෝ දෙයක් නොවේ.
මේ පරම සත්‍යය දැකීමට නම් කෙමෙන් කෙමෙන් හැකි සෑම විටම හිත
පරීක්ෂා කළ යුතුයි. මුලදී එය අපහසු වුවත් හිත දෙසට නැමුණු පසු, බාහිර වැරැද්ද නොව තමාගේ වැරැද්ද අඩුපාඩුව දැකීමට හුරු වේ. තමාගේම හිත දකී. එවැනි හිතක් නුගුණ දුරු කරමින් ප්‍රීතිය අත්දකි. තමාගේ මෝහය දකිමින් තමාට තරවටු කරමින්, සිනාසෙමින්, සතුටින් නුගුණ අතහරි. යළි යළිත් එහි හට ගැනීම දුරු කරයි.
තව කෙනෙකුගේ සතුට දියුණුව දැකීමෙන් ඇතිවන සිතුවිලිද, ඇතැම් විට තවත් කෙනෙකුට මුදල් හෝ යම් දෙයක් දීමට යන විට හිතට දැනෙන සිතුවිලි ද පරීක්ෂා කළ යුතුයි. ලෝකයට ඔබ කෙසේ පෙණුනද ඉන් පලක් නැත. ඔබේ සිතේ ලෝභය, ඊර්ෂ්‍යාව වැඩේ නම්....!! මන්ද එහි විපාක ශක්තිය ඔබට නොපෙනුනද ඔබව ලුහු බඳී. නොසිතන මොහොතක , අවස්ථාව ආ සැණින් විපාක දෙයි.
මෙයයි සසරේ භයානක බව...!
මෙය රාග, ද්වේශ, මෝහ, ලෝභ, ඊර්ෂ්‍යා, මාන ඕනෑම සිතකට පොදු දෙයකි. අප අපේම සිතුවිලි අල්ලා ගනිමින් ලෝකයට දොස් නගමින් සසර දුකට වැටෙමින් අනන්ත, අප්‍රමාණ දුක් විඳ ඇත්තෙමු. නමුත් අපිට යළිත් ඒ සෑම දෙයක්ම අමතක වී ඇත.
අවංක වීම යනු ඔබේ ප්‍රීතියයි...!
ඔබේ සැනසීමයි...!
ලොවකට ඔබ කෙසේ පෙණුනද, ප්‍රීතිය ඇත්තේ, ඇත්ත ඇති සැටියෙන් දැකීම තුළ පමණි.
හිත රවටා ගැනීමෙන් නොවේ.
අවසානයේ අප වග කිව යුත්තේ අපේම සිතට පමණි..!
වීරිය කරන්න...!
සසරින් එතෙර වීමට කැමැති නම්, පළමු පියවර තබන්න....;
"අවංක වන්න ඔබේ සිතට.! "