- සීලය ඉතා උසස් මට්ටමින් පවත්වාගෙන යාමට කැමති යෝගීන් විසින් අතිරේක වශයෙන් ධූතාංග සමාදන් වේ. ධූතාංග දහතුනක් ඇති අතර ධර්මයෙහි ඒවා තෙළෙස් ධූතාඞග ලෙස හැඳින්වේ.
- පංසුකුලිකඞගය
මෙම ධූතාංගය සමාදන් වනු කැමති පුද්ගලයා ‘චතුත්ථක චීවරං පටික්ඛිපාමී. තේවීවරි කං සමාදියාමි’ යන මේ වාක්‍ය දෙකෙන් එකක් පැවසීමෙන් සමාදන් විය යුතු ය. එතැන් සිට තමන් කැමති, තෝරා ගත් චීවරයක් පරිභෝග කළ යුතු ය. - තෙවීචරිකඞගය
‘චතුත්ථක චීවරං පටික්ඛිපාමි. තෙචීවරිකංගං සමාදියාමි’ මෙම වාක්‍යයෙන් සමාදන් විය යුතු ය. තුන් සිව්ර හැර වෙනත් චීවරයක් පිළි නොගැනීමයි. - පිණඩපාතිකඞගය
‘අතිරේක ලාභං පටික්ඛිපාම්. පිණ්ඩපාතිකංගං සමාදියාමි’ මෙම වාක්‍ය වලින් සමාදන් විය යුතු ය. ගෙපිලිවෙලින් පිඬු සිඟා ලබන ආහාරය හැර වෙනත් කිසිම ආහාරයක් නොපිළි ගැනීමයි. - සපදානවාරිකඞගය
‘ලෝලුප්පචාරං පටික්ඛිපාමි. සපදානචාරිකංගං සමාදියාමි’ මෙම වාක්‍ය දෙකෙන් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු ය. ගෙපිලිවෙලින් පිඬු සිඟා යාමයි. - එකාසනිකඞගය
‘නානාසන භෝජනං පටික්ඛිපාමි. ඒකාසනිතංගං සමාදියාමි’ යනුවෙන් සමාදන් විය යුතු ය. වළඳන විට ප්‍රධාන ආසනයෙහි වාඩි නොවීමයි. එසේම පළමුව අත තැබූ භෝජනය පමණක් වැළඳීමයි. - පත්තපිණ්ඩිකඞගය
‘දුතියක භාජනං පටික්ඛිපාමි. පත්තපිණ්ඩිකංගං සමාදියාමි’ මෙයින් කැමති වාක්‍යයක් කියා සමාදන් විය යුතු යි. ලැබෙන භෝජන පාත්‍රයෙන් පමණක් පිළි ගැනීමයි. - බලුපචඡාභත්තිකඞගය
‘අතිරේක භෝජනං පටික්ඛිපාමි. ඛලු පච්ඡාහත්තිකාංගං සමාදියාමි’ යන මෙම වාක්‍ය වලින් සමාදන් විය යුතු ය. දන් වළඳා අවසන් වූ පසු නැවත කිසිවක් නොවැළඳීමයි. එනම් ළඟට ගෙනෙන භෝජනය අතින් වසා ප්‍රතික්ෂේප කිරීමෙන් පසු නැවත ලැබෙන භෝජන නොවැළඳීමයි. - ආරඤ්ඤිකඞගය
‘ගාමන්ත සේනාසනං පටික්ඛිපාමි. ආරඤ්ඤකංගං සමාදියාමි’ මෙම වාක්‍ය දෙකෙන් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු ය. ගමෙහි වාසය නොකොට වන ගතව සිටීමයි. - රුක්ඛමූලිකඞගය
‘ඡන්නං පටික්ඛිපාමී. රුක්ඛමූලිකංගං සමාදියාමි’ යන වාක්‍ය වලින් සමාදන් විය යුතු වෙයි. රාජ්‍ය සීමා දක්වන වෘක්ෂ, මිනිසුන්ගේ පූද පූජා වලට ලක්වන වෘක්ෂ, ලාටු, මල්, ගෙඩි ඇති වෘක්ෂ, වවුලන් වසන වෘක්ෂ, සිදුරු ඇති වෘක්ෂ, විහාර මැද පිහිටි වෘක්ෂ යන මේවා අත් හැර, විහාර කෙළවර පිහිටි වෘක්ෂයක් වාසයට ගත යුතු යි. - අබෙහාකාසිකඞගය
ඡන්නංච රුක්ඛමූලංච පටික්ඛිපාමි. අබ්හෝකාසිකංගං සමාදියාමි’ යන වාක්‍ය වලින් සමාදන් විය යුතු යි. ගෙවල් වලත්, රුක් මුල්හිත් වාසය නොකොට, එළිමහන්හි විසීමයි. බණ ඇසීමට, පොහොය කිරීමට, වර්ෂාවෙන් බේරීමට, ඉගෙනීමට, උගැන්වීමට ගෙවලට යාමෙහි වරදක් නොවේ. - සොසානිකඞගය
‘න සුසානං පටික්ක්‍ඛිපාමි. සෝසානිකංගං සමාදියාමි’යන වාක්‍ය වලින් සමාදන් වීමට හැකි ය. රාත්‍රිය සොහොනක වාසය කිරීමයි. - යථාමන්ථිකඞගය
සේනාසන ලෝලුප්පං පටික්ඛිපාමි, යථාසන්ථිතකංගං සමාදියාමි’ යන වාක්‍යයෙන් සමාදන් විය යුතු ය. දායකයකු විසින් තමන්ට පූජා කළ ආරාමය හැර, වෙනත් ආරාමයක නොවිසීමයි. - නෙසජජිකඞගය
‘සෙය්යං පටික්ඛිපාමි. නෙසජ්ජිකංගං සමාදියාමි’ යන මෙම වාක්‍ය වලින් සමාදන් විය යුතු ය. නිදා ගැනීමෙන් වැළකීමයි. අනික් ඉරියව් තුනෙන් රාත්‍රිය ගත කළ යුතු ය.