හොඳ thread එකක් මචන්... TFS (+)
මගේ අදහස අනුව.....
කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් කොච්චර ආදරේ කලත් ටිකක් මොලේ කල්පනා කරන්න ඕන, ටිකක් කපටි වෙන්නත් ඕන. නැත්තම් බෑ. ආදරෙයි කියලා මුළු බොක්කම එලියට දාලා හරියන්නේ නෑ! කෙල්ලෝ උනත් කොල්ලෝ උනත්. මම කියන එක හරි කියලා සබ්බුව කාපු එවුන් නම් දන්නවා ඇති!
කෙල්ලට ආදරේ නම් කවදාවත් nude photos ගන්න එපා. ඒවා කොච්චර ආරක්ෂාකාරීව තියාගන්නවා කියලා හිතාන හිටියත් ඒ ඒ හැම ක්රමේම මොනාහරි දුර්වල තාවයක් නිසා ඒවා පිට වෙන්න පුළුවන්. මනුස්සයෙක්ගේ ජිවිතයක් කාලකන්නි වෙන්න පුළුවන්.
ඒ වගේම කෙල්ලෝ උනාම, කොල්ලට කොච්චර ආදරේ උනත් තමන්ගේ nude pics ගන්න, ළඟ තියාගන්න කොල්ලට ඉඩදෙන්න එපා. ඒවා out වෙන්න පුළුවන් බව එයාට කියන්න. ආදරේ කියන්නේ ඕකට නෙවේ නේ. ඒ බව කොල්ලට ගැටුමකින් තොරව තේරුම් කරලා දෙන්න.
කොච්චර ආදරේ උනත් තමන්ගේ ආරක්ෂාව, නම්බුව, මුදල්, දේපල රැක ගන්න කෙල්ලොත්, කොල්ලොත් යම්තාක් දුරට කපටි වෙන්න ඕන. නැතුව බෑ. හැම දේම සදාකල් නෑ නේ. ඒ නිසා මේවා නැතිවෙන්න පුළුවන් බවත් හිතන්න. එතකොට මොකද කරන්නේ කියලාත් හිතාගෙනම කරන දේවල් කරන්න.