නංගියේ ඔබෙ නමින් හෙටත් හිරු නැගේවා....!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නංගියේ ඔබෙ නමින් හෙටත් හිරු නැගේවා....!

    අතීතය සිහිව එයි.. නිතැතින්ම පියඹලා...
    මවාගෙන හිතෙන් අපි..හිටි අයුරු සිහිවෙලා..
    කදුළු කැට නෙතු කොනේ.. නෙතු පියන් සිරකලා..
    හිතේ රැදි වේදනා...සුසුමකින් පිටකලා...

    දුකක් මා හිත පුරා... මුසුව රැදෙනා විටෙක....
    සැනහුනේ ඔබ ලගයි... තවම සිහිවෙයි මෙමට....
    ඉදින් මින් පසුව නම්... ‍ඔබත් නැත මා අසල...
    කෙලෙස නම් සැනහෙම්ද.. ඔයා ලග නැති තැනක..

    එකම බත් පත පවා .. දෙකට බෙදලා ඔබම...
    සිනාවෙන් ආදරෙන්.. කටින් කට මට කවන...
    එකම වරදක් නොවී .... සොහොයුරන් සේ මෙලෙස...
    ‍අනේ මගෙ නංගියේ... සුන්දරයි ඒ දවස....

    රන්ඩුවට හරි බරයි... නෝක්කඩු කෝටියට...
    සුදු මුහුණ අදුරු වෙයි...... පසුව දුක දැනෙයි මට.....
    මේ තරම් ලංවෙලා... අපි අපේ දෛවයට....
    පිටු නොපා මුහුණ දෙමු... නංගියේ හෙට දිනට....!

    බක් මහේ කොවුල් හඩ... නෑසෙනා යාමයක...
    ඒ සිරිය මා දෑස... නොදකිනා ලෝකයක....
    නික්ම යන්නට මගෙන් සැරසෙනා නැගනියට...
    සතුටු ගංගා ගලයි....හෙට ඔබේ දිවි මගට.....!

    හිත් පුරා උතුරනා පැතුම් මල් පිපේවා.....
    දිස් නැගී ලොව පුරා කිතු යසස් රැදේවා...
    දක්වනා පහන් හිත තව තවත් වැඩේවා...
    නංගියේ ඔබෙ නමින් හෙටත් හිරු නැගේවා....!

    පහුගිය දවසක මගෙන් කෙනෙක් ඉල්ලුවා මේ වගේ එකක් ලියන්න කියලා..
    මේක ලිව්වේ එයා වෙනු‍වෙන් :)
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo

    Ado Patta machan. Niyamai. Thnx macho. Sirawatama niyamai. Thnx again. :)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපි කිව්වොත් තෝ නම් ලියයිද චින්දු :angry:

    පට්ට බන් දැන් තමා දුර බැහැර ඉඳන් හිටන් ඇවිත් දැක බලා ගත්තේ
    11.gif

    ++