නග්ගගන්න ගිහිං වුන වැඩේ..

mfdo90

Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    නග්ගගන්න ගිහිං වුන වැඩේ..





    නග්ගගන්න ගිහිං වුන වැඩේ..



    ටික ටික වැහි කාලේ ලඟට ආව නිසා මේ දවස් වල හවස් වෙනකොට හුළං බින්දුවක්වත් නැතියෙන්න පටං ගන්න හින්දා මේ දවස් වල සරුංගල් කෙරුවාව කරන්න වෙන්නේ නෑ. ඒත් ඉතිං වෙනද පුරුද්දට හවස 4.00 වෙද්දී ගෙදර ඉන්න බැරිකමෙන් නලියන නිසා ඔන්න ආයෙත් අපිට හිතුනා හෙළිකොප්ටර් කෝස් එක ආයෙම පටං ගත්තොත් හොඳයි කියලා. එහෙම හිතලා අපේ හෙළියේ අලුත්වැඩියා කටයුතු ටිකත් කරගෙන ඔන්න ලැහැස්ති වුනා භාන්ඩේ අරගෙන මිෂන් එකට යන්න. කලින් ගිය තැන ටිකක් දුර නිසා මේ සැරේ අපි හිතුවා අපේ ඉස්කෝලෙට ගිහිං යවනවා කියලා.


    2012-10-28+17.26.58.jpg




    හැබැයි ඉස්කෝලෙ ග්‍රවුන්ඩ් එකට අල්ලපු වැටේ තියෙන්නේ තංගල්ල කොට්ඨාෂය භාර පොලිස් අධිකාරී කාර්‍යාලය නිසා අපි දෙන්නගේ හිතට පොඩි ගැස්මකුත් ආවා. වැඩේ පත්තු ‍වුනොත් කොහෙන් කෙළවර වෙයිද දන්නෙ නැති නිසා. කොයිකටත් අපි, ඉස්කෝලේ මුරට ඉන්න එඩ්ඩා මාමට කෝල් එකක් දීලා අපි එන බව දැන්නුවා. පොරට, කලින් සීන් එක කියලා තිබුන නිසා මිනිහත් එක පයින්ම කැමති වුනා.



    මූලික වැඩ රාජකාරී ටික හරි නිසා හවස 5.00 විතර වෙද්දී අපි දෙන්නා, සද්දන්තයත් වෑන් එකේ දාගෙන ගියා ඉස්කෝලෙ පැත්තට. අපි යනකොට එඩ්ඩා මාමා බලං ඉන්නවා අපි එනකං. ඔන්න ඉතිං අපි තුන්දෙනා ග්‍රවුන්ඩ් එකට ගියා කුරුල්ලා උඩ යවන්න හිතාගෙන.




    ගිහිං පළවෙනි සැරේ ස්ටා(ර්)ට් කරලා දුවලා එද්දීම මොකක් හරි ජිල්මාට් සීන් එකක් වෙලා රිමෝට් එක පැටලුනා හෙළියේ. දැං අපි දෙන්න තුන්දෙනාම රත් වුනා. කෝකටත් කියලා අපි දෙන්නා ටිකක් පස්සට ඇවිත් බලද්දී එඩ්ඩා මාමා පණ එපා කියලා දුවලා. :D පොරට කලින්ම දැනුවත් කරල තිබුනේ මොකක් හරි පොඩි අවුලක් වුන ගමන් දුවන්න කියලා. ඒක නිසා පොර දුවලා සෑහෙන්න දුරකට.




    සීන් එක එච්චරටම බරපතල වුනේ නැති නිසා අපි දෙන්නා ළඟට කිට්ටු කලා. දැං රිමෝට් එකයි හෙළියයි දෙකම එක ළඟ. රිමෝට් එක ගන්න ළඟට යන්න විදියක් නෑ තටු දෙක කැරකෙන නිසා. තටුවක් අඩි දෙකක් විතර දිග නිසා තටු දෙක කැරකෙද්දී අඩි දෙකක් දෙකහමාරක් විතර සයිස් එකක් වෙනවා. කොහොම හරි කෝටුවක් දාලා රිමෝට් එක ළඟට අරගෙන, හෙළිය නවත්තලා බැලුවා මොකක් හරි ආබාධයක් වෙලාද කියලා. පැත්ත වැටෙන්න ගිහිං ආයෙම බැලන්ස් වුන නිසා හොඳ වෙලාවට කිසිදු අතුරු අන්තරාවක් වෙලා තිබුනේ නෑ.




    ඊට පස්සේ ආයෙම ස්ටා(ර්)ට් කරලා දෙවෙනි මෙහෙයුම අති සාර්ථකව නෙවෙයි වුනත් සාර්ථකව හමාර කලා. හැබැයි කලින් සැරේ පැටලිච්ච පාරට රිමෝට් එකේ සුවිච් එකක පොඩි අවුලක් වෙලා ස්විච් එර(ර්) ආවා එක පාරට. ඒක නිසා ආයෙම සැරයක් ටෙස්ට් කරන්න විදියක් නැතුව හිටියේ අපි. මේ අතරේ එඩ්ඩා මාමා ඉක්මනට එන්නම් කියලා පහලට ගියා. (ග්‍රවුන්ඩ් එක තියෙන්නේ ටිකක් කන්ද උඩ) ඔන්න ඊට පස්සේ තමයි මාර සීන් එක වුනේ.








    ගිහිං ටික වෙලාවකිං මෙන්න පොර එනවා ඉස්සරහින්. පොලිසියේ අයත් එකා දෙන්නා මතු වෙනවා ඒ එක්කම වගේ පොරගෙ පස්සෙන්. ලොකු ‍වැටලීමකට එනවා වගේ පොලීස් නිළධාරීන් හත්දෙනෙක් විතර ආවා ළඟට


    හුටා.. දැං නම් බඩු බනිස් වෙලා තමයි කියලා අපි දෙන්නටම හිතුනා. ‍ඒක නිසා අපි දෙන්නා ඒ වෙලාවෙ කර කර හිටපු කතාව එහෙමම කරගෙන හිටියා. ටිකක් රත් වෙලා හිටියත් ඒ බව පෙන්නනේ නැතුව හිටිය ඉතිං. :D බය වෙලා කියලා දැනගත්තොත් එයාලා අහන දේටත් උත්තර දෙන්න බැරි වෙන නිසා.



    කොහොම හරි අපි එක්ක කතා කරපු පොලිස් නිළධාරියා නම් හොඳ කෙනෙක්. ආපු ගමන් අපිට කිවුවේ එයාලට, 119 එකට කෝල් එකක් ඇවිත් ලු ඉස්කෝලෙ ග්‍රවුන්ඩ් එකේ මොකද්ද එකක් යවනවා කියලා. එයාලත් මොකද්ද දන්නේ නැති නිසා කෝකටත් කියලා සූදානම් වෙලා ඇවිත්. මොකද්ද මේ භාන්ඩේ කියලා එයාලත් දැක්කයින් පස්සේ කිවුවේ අනිත් දවසේ මේක යවන කොට තංගල්ල කොට්ඨාෂය භාර පොලිස් අධිකාරී කාර්‍යාලයට දැනුම් දෙන්න කියලා.


    යකා අපි හිතන තරං කලු වුනේ නැති නිසා අපිටත් මේක හොඳ චාන්ස් එකක් වුනා අවසර ගන්න. මොකද අපිටත් අවසර ගන්න පොටක් පාදගන්න විදියක් නැතුව හිටියේ. එක පාරට ගිහිං කිවුව නම් අපි හෙළිකොප්ටරයක් යවන්න තියෙනවා අපිට ඒකට අවසර දෙන්න කියලා, අඩුම තරමේ දවස් 14 වත් ඇතුලේ ඉඳලා එන්න තමා වෙන්නේ. :D


    පස්සේ අයියා තංගල්ල කොට්ඨාෂය භාර පොලිස් අධිකාරී කාර්‍යාලයට ගිහිං SSP මහත්තයා හම්බවෙලා හෙළිය යවන්න ඕන සියළුම නීත්‍යානුකූල වැඩ රාජකාරී ටික කරගෙන ආවා.


    ඔන්න ඔහොම තමයි අපේ හෙළිකොප්ටරේ යවන්න පොලීසියෙන් අවසරේ ගත්තේ...


    119ට කෝල් කරපු පොරට නම් සෑහෙන්න පිං...... :D
    Posted by සෝරෝ on Sunday, November 4, 2012