මේ කතාව අැත්ත කියලා හිතමු. හැබැයි එ්ක වචනයට නගලා මෙහෙම ලියන එකේ අරමුණ ගැනත් හිතල බලන එක වටිනවා. අරමුණ එ් ගැන දැනුවත් භාවය අැති කිරීම නම් අවුලක් නෑ.මිනිස්සුන්ට එක එක ලිංගික ගැටලු තියනවා. මුටත් තියෙන්නේ එහෙම රෝගයක්. පව්
හැබැයි අපේ සමාජයේ ඉන්නවා causation, correlation දෙකේ වෙනස දන් නැති, මොකක් හරි තමන් අකමැති දේකට negative trait එකක් අැඳපුවාම එ්ක බලලා, තමන් එහෙම නෑ කියල පෙන්නන්න කට්ටිය වෙනස් වෙයි කියල හිතාගෙන ඉන්න පිරිසක්. අරමුණ අන්න එ්ක නම් ලොකු අවුලක් තියෙනවා. මොකද එයාලට ඕන කට්ටියව දැනුවත් කරන්න නෙවෙයි, negative දේට බය කරලා මිනිස්සු වෙනස් කරන්න. මේක ගැන මේ group එකේම, මීට සෑහෙන කාලෙකට කලින් දාපු පෝස්ට් එකකත් මම කිව්වා.
සමහර හාමුදුරුවරු බණ කියන්නෙත් එහෙමනේ. පොඩි දරුවෙක් ගස් අතුවල එල්ලිලා පැද්දෙන්න අාසයි නම් එ්ක දැක්කාම කියනවා ගස්වල එල්ලෙන්නෙ ගිය අාත්මෙ වඳුරො කියල. එතන අරමුණ මොකක්ද කියල නිකමට හිතල බලන්න. යම් දරුවෙක් අැත්තටම ගිය අාත්මෙ වඳුරෙක්, එයා ගස්වල එල්ලෙන්නේ එ් නිසා කියල කියමුකෝ. දැන් එ්ක ප්‍රසිද්ධියෙ කියන එකේ අවශ්‍යතාව මොකක්ද? එයා ගිය අාත්මෙ වඳුරෙක් නම් මේ අාත්මෙ ගස්වල එල්ලුණත්, නැතත් එ්කෙ වෙනසක් වෙන් නෑනෙ. එතන බලාපොරොත්තුව ගිය අාත්මෙ වඳුරෙක් වීම negative දෙයක් නිසා, ගහේ එල්ලෙන් නැතිව හිටියොත් එ්ක හෙළි නොවී තියෙයි කියලා තමන්ගෙ ක්‍රියාපිළිවෙත වෙනස් කරයි කියන එක. හැබැයි එල්ලුණත්, නැතත් ගිය අාත්මෙ වඳුරෙක් වෙලා ඉන්න එකේ වෙනසක් වෙන් නෑ. අැත්ත තත්ත්වය පිළි නොගෙන හැංගෙනවා විතරයි.
ඉතින් මේකත් ලියපු කෙනාගෙ අරමුණ සමාජය දැනුවත් කිරීම නම්, එ් කියන්නෙ ඔය point විදිහට තියෙන දේවල් දැක්කාම යම් කෙනෙක්ට "අා මෙයාට ගැටලුවක්" කියලා හඳුනා ගන්න උදව්වක් දෙන එක නම් අවුලක් නෑ. හැබැයි ලියපු කෙනාගෙ අරමුණ මේක අර දේවල් දාන අයම බලලා, "අනී අපි එහෙම නෙවෙයි කියල හෙළි වෙයි, එ් නිසා මේක නොදා ඉන්න ඕන" කියලා හිතන්න පොළඹවන එක නම් එ්ක ලොකු අවුලක්. එ් වගේ අයට තව කෙනෙක් තමන්ට ඕන විදිහට ජීවත් වෙන එක බලාගෙන ඉන්න තමන්ට බැරි ඇයි එක ගැන ස්වයං අධ්‍යයනයක් කරන එක වඩාත් සුදුසුයි.

