නට්සීන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රාජකීය &#3482

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    නට්සීන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රාජකීය &#3482

    නට්සීන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රාජකීය කිරීටයේ මැණික් විස්කෝතු පෙට්ටියක සඟවලා




    image_c00d20ad07.jpg
    දෙවැනි ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය කිරීටය නට්සින් අතට පත් වේයැයි බියෙන් එහි ඇති මැණික් ගලවා විස්කෝතු පෙට්ටියක දමා වින්ඩ්සර් මාලිගයේ භූගත ස්ථානයක සඟවා තිබූ බවට බීබීසී සේවයේ වාර්තා වැඩසටහනකින් හෙළිදරවු වී තිබේ.

    යම් හෙයකින් ජර්මනිය බ්‍රිතාන්‍ය ආක්‍රමණ කළහොත් ඉතා වටිනා මාණික්‍යයන්ගෙන් සමන්විත බ්‍රිතාන්‍ය කිරීටය සතුරන් අතට පත් වීම වැළාක්වීම සඳහා එහි ඇති සියලු මැණික් කැට ගලවා වින්ඩ්සර් මාලිග භූමියේ ගැඹුරු වළක වළ දමන ලෙසට සයවැනි ජෝජ් රජතුමා අණක් පනවා තිබිණි. බ්‍රිතාන්‍ය බලධාරීහු කිරීටයේ මැණික් භූගත කුටියක සඟවා තබන ලද්දේ එම අණ පරිදිය.

    දෙවැනි ලෝක යුද සමයේ තම ආරක්ෂාව සඳහා එලිසබෙත් රැජන වාසය කරන ලද්දේ වින්ඩ්සර් මාලිගයේය. රාජකීය තොරතුරු ප්‍රකාශක ඇලිස්ටෙයාර් බෲස් පසුගියදා හෙළිදරවු කරන තෙක් මහ රැජන පවා මෙම සිද්ධියට සම්බන්ධ සැබෑ තොරතුරු දැන නොසිටි බැව් පැවසේ. දෙවැනි ලෝක යුද සමයේ කිරීටයට සවි කර තිබූ මැණික් බර්ක්ෂයර් බළකොටුවේ තැන්පත් කර තිබූ බවට ප්‍රචාරය වී තිබුණද ‘බ්ලැක් ප්‍රින්ස් පද්මරාගය’ ඇතුළු කිරීටයේ තිබූ මැණික් සම්බන්ධයෙන් හා එලිසබෙත් රැජනගේ මෞලි මංගල්‍යය පිළිබඳ රහස් රැසක් බිබීසී වාර්තාව මගින් හෙළිදරවු කර තිබේ.

    රාජකීය තොරතුරු ප්‍රකාශක ඇලිස්ටෙයාර් බෲස් සඳහන් කරන අයුරින් හිටපු රාජකීය පුස්තකාලයාධිපති ඕවන් මොර්ෂෙඞ් විසින් හයවැනි ජෝජ් රජතුමාගේ මව් බිසව වූ මේරි බිසවට යවන ලද රහස් ලිපිවලින් මෙම තොරතුරු අනාවරණ වී ඇත. වින්ඩ්සර් මාලිගයේ හුණුගල් සහිත පොළොවේ විශේෂ කුටියක මෙම මැණික් සඟවන ලද අතර සතුරු බෝම්බවලින් ආරක්ෂා කර ගැනීම සඳහා යකඩින් නිමවන ලද දොරටු දෙකක්ද ඒවාට සවි කර තිබේ. මැණික් සඟවා තැබීම සඳහා භාවිත කෙරුණු කුටියට පිවිසීම සඳහා යොදාගත් බිම් දොර තවමත් දැකිය හැකිය.

    image_84d596532e.jpg
    බීබීසී වාර්තා චිත්‍රපටය පැයක කාලක් පුරා විකාශය වන අතර එහි එලිසබෙත් මහ රැජනගේ ප්‍රකාශයක්ද ඇතුළත්ය. තමා රාජ්‍යයත්වයට පත් වූ අයුරු හා තම මෞලි මංගල්‍යය පිළිබඳ තොරතුරු සිනහමුසු මුහුණින් ඇය විස්තර කරන්නීය. මහ රැජන විසින් කිරීටය පළඳිනු ලබන්නේ පාර්ලිමේන්තුව විවෘත කිරීමේ රාජ්‍ය උත්සවයේ ඇගේ දෙසුම කරන අවස්ථාවලදීය. තම පියා වූ සයවැනි ජෝජ් රජුගේ කාලයේ කිරීටයේ උස අඩු කර ඇතැයි ඇය සඳහන් කර තිබේ. “වාසනාවකට මගේ පියාටත් මටත් එක හා සමාන හැඩයකින් යුතු සිරසක් තිබුණා. ඒ නිසා පැළඳුවාම එය රැඳි සිටිනවා. එය පැළඳූ විට හිස එකම අයුරින් තබාගත යුතුයි. හිස මත ඇති කිරීටය රාත්තල් 2 අවුන්ස 13ක් (කිලෝ 1.28) බරයි. ඒ නිසා පහත බැලීමට නොහැකියි. එහි බරින් ගෙල කැඩී යන්නත් පුළුවන් යැ”යි ඇය උපහාසයෙන් ප්‍රකාශ කරන්නීය.


    මෙම කිරීටය නිර්මාණය කරන ලද්දේ 1937 පැවැති හයවැනි ජෝර්ජ් රජතුමාගේ මෞලි මංගල්‍යය වෙනුවෙනි. එහි දියමන්ති 2868ක්ද, ඉන්ද්‍රනීල මාණික්‍ය 17ක්ද, මරකත මාණික්‍ය 11ක්ද, පළමුවැනි එලිසබෙත් රැජනගේ කරාබුවල සවි කොට තිබූ අගනා මුතු ඇට සතරක් ඇතුළු මුතු සියගණනක් හා ක්‍රි.ව. 1415 දී ඇගින්කෝට් සටනට සහභාගී වූ පස්වැනි හෙන්රි රජතුමාගේ හිස් ආවරණයට අමුණා තිබූ බ්ලැක් ප්‍රින්ස් රූබි නමැති පද්මරාගයද සවි කර තිබේ.





    ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා


     
    Last edited:
    • Like
    Reactions: Hasistranger