නටාශා වෙනුවෙන් NGF අපි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බුදුන් නැසීමට අවි අමෝරාගෙන ආ අංගුලිමාල අද සිටියා නම් දෙකක් නෑ හිරේ. රහත් වුනත් හිරේ..

    නූල් පොටක් ඇඟේ නැතිව බුදුන් ඉදිරියට ඇවිත් කළ අපහාසයට පටාචාරා හිරේ...

    දේවදත්ත එක්ක එකතු වී බුදුන් නැසීමට ගත් උත්සාහයට ජාත්‍යන්තර අධිකරණයක් හමුවට පමුණුවා අජාසත්ත රජු ද හිරේ..

    දර මිටියක් බැඳගෙන බුදුන්ට අපහාස කරන්නට ආ, චිංචි මානවිකාවට බුදුන් සමාව දුන්නත් එවා අදාළ නොකර දමාවි හිරේ...

    අර යන්නේ ඔබේ පියා... ගිහින් දායාද ඉල්ල ගන්නැයි කී යශෝදරාද හිරේ...

    හිඟා කමින් අපේ රාජවංශයට අපහාස කරන්න එපා කියපු සුද්ධෝදනත් හිරේ..

    භික්ෂුණී පැවිද්ද පිළිබඳව "කාන්තාවක් මහණ වුනොත් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී හෝ රහත් වෙන්න බැරිදැයි තර්කානුකූව විමසූ ප්‍රජාපතී ගෝතමිය බුදුන්ටත් උගන්වන්න ගියා යැයි අල්ලා දමාවි හිරේ...

    නතාශා... නුඹ නොසැලෙන්....
    අද හිටියා නම්
    ඉඳීවි මෙයාලත්
    උඹ එක්කම හිරේ..


    #හරිත #NGF #lka #buddhism
     
    • Dislike
    • Haha
    Reactions: SLK_sri and zid2021