නඩුයි බදුයි දෙකම අපේ හිටං

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    නඩුයි බදුයි දෙකම අපේ හිටං

    නඩුයි බදුයි දෙකම අපේ හිටං

    හෙන ස්වාදිනයි බන් , හෙන අපක්ෂපාති බවක් පේනවා

    පොලිස්පති වෙන්න තව අඩියයි.. FCID හා CID ප‍්‍රධානීන් DIG ලෙස උසස් කෙරේ..
    June 19, 2015 at 5:30 pm | lanka C news
    පොලිස්පති වෙන්න තව අඩියයි.. FCID හා CID ප‍්‍රධානීන් DIG ලෙස උසස් කෙරේ..

    පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ප‍්‍රධානී නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාර මහතා සහ අපරාධ අපරාධ විමර්ශණ ඒකයේ ප‍්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සෙනෙවිරත්න යන මහත්වරුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කර තිබේ.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව කියා සිටියේය.
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    10357584_882594048473300_7262213669119652749_n.jpg
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අප්පොච්චිට නාමයෝජනා නෑලු තව බුරපන් :rofl:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ශ්‍රී ල නි ප කැඩීම


    දවල්ට මෛත්‍රිපාල, රෑට සිරිසේන මේ දිනවල සිටින්නේ දිවා රාත්‍රී මාරු කරගෙන දැයි සමහර විට කෙනකුට සිතෙනු ඇත. ඔහුට විශාල බලපෑම්වලට මුහුණ දීමට සිදුව ඇත. අලි මදිවට හරක් කීවාක් මෙන් එ ජා පක්‍ෂයේ රනිල්ලා මදිවාට ශ්‍රී ල නි පක්‍ෂයේ යැයි කියන ප්රාජිතලා ද සිටිති. දැන් ශ්‍රී ල නි පක්‍ෂයෙන් පත් කෙරුණු හය පුද්ගල කමිටුවක් සමග මහින්ද ගැන සාකච්ඡා කිරීමට සිදු වී ඇත. එබැවින් ඔහු උදේ කී දේ දවල්ට නැහැ යි කියයි. සවසට වෙනත් කතාවක් කියයි. රෑට ඔහු කියන්නේ ඒ එකක්වත් නොකී බව ය.

    එක්තරා දැන්වීමක එක් තරුණයකු අනුරාධපුරයට ගොස් තම පියාට දුරකථනයෙන් කියන්නේ මෙහෙ වැව් නැහැ, තිබුණත් නාන්නෙ නැහැ යනුවෙනි. මෛත්‍රිපාල කියන්නේ මෙහෙ රූපවාහිනි නාලිකා නැහැ, තිබුණත් කතා කරන්නෙ නැහැ යනුවෙනි. ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී ඔහු වරක් 8 වැනි දා රෑට කටුනායක ගුවන් තොටුපොළ වසා දමන බව කීවේ ය. පසුදින ඔහු ඇසුවේ තමා එසේ කීවේ ද එසේ කීමට තමාගේ ඔළුව නරක් වී තිබේ ද යන්න ය. ඔහු එසේ කී බව නම් අපි දනිමු.


    පසුගිය දිනෙක ඔහු ශ්‍රී ල නි පක්‍ෂය කැඩීම ගැන නමක් නැති අයට බැණ වැදුනේ ය. ශ්‍රී ල නි පක්‍ෂයෙන් පිටත සිට පක්‍ෂය කැඩීමට උත්සාහ කරන අය පසුපස නොගිය යුතු බව ද ඔහු කියා සිටියේ ය. ශ්‍රී ල නි පක්‍ෂය කැඩී ඇත. ඒ උඩින් ය. පහත කැඩී නැත. පහළ සාමාජිකයෝ මහින්ද රාජපක්‍ෂ සමග පෙළ ගැසෙති. මහින්ද දවල්ට එකක් කියා රෑට තවත් එකක් නො කියයි. පාක්‍ෂිකයන්ට ඔහු සමග වැඩ කිරීම පහසු ය.


    එහෙත් ශ්‍රී ල නි පක්‍ෂය උඩින් කැඩී ඇති බව පැහැදිලි ය. ඒ උඩින් කැඩුවේ කවු ද? මම් ම නොවේදැයි මෛත්‍රිපාල කියනු ඇත. එහෙත් සිරිසේන කුමක් කියාවි ද? ඒ ප්රාජිත යැයි කියාවි ද? කුමක් කීවත් නැතත් නාලිකා තිබුණත් නැතත් ශ්‍රී ල නි පක්‍ෂයේ ලේකම් සභාපති සමග රෑට ආප්ප කා උදේට පක්‍ෂයෙන් පිට වී යෑම පක්‍ෂය උඩින් කැඩීමකි. ඔහුට එයට හවුල් වූවෝ කවරහු ද? පක්‍ෂය තුළ ම ප්රාජිත, එම් කේ ඩී එස් ගුණවර්ධන ආදීහු පක්‍ෂය උඩින් කැඩීමේ දී ඔහු සමග එකට සිට ඇත.


    ඒ පක්‍ෂය ඇතුළෙන් ඔහුට ආධාර කළ අය ය. එහෙත් එයට වඩා බලවත් කොටසක් පක්‍ෂයෙන් පිටත සිටියහ. ඒ ජාතික හෙළ උරුමයේ චම්පක නඩය නො වේ. ඔවුන් භ්‍රී ල නි පක්‍ෂය උඩින් කැඩීමට ආධාර කළ බව සෑබෑ ය. එහෙත් ඔවුහු බලවත් නො වෙති. සෝම හාමුදුරවන්ගේ මහරගම හා අවට ඡන්ද උල්පත සිඳී බොහෝ කල් ය. කල්පයකට ඒ නැවත පණ ගැන්වීමට නො හැකි ය. ශ්‍රී ල නි පක්‍ෂය කැඩීමට පිටින් සිට උදවු දුන්නේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවය ය. එහෙත් ඔවුන්ට ද පක්‍ෂය පහළ මට්ටමින් කැඩීමට නොහැකි විය.


    මෛත්‍රිපාලත් සිරිසේනත් ඒ සියල්ල දනිති. එබැවින් ම පිටතින් සිට ශ්‍රී ල නි ප කැඩීමේ සිහිනය දැක ඔවුහු අවදි වෙති. අවදි වී කෑ ගසති. අපි කුමක් කරමු ද? අපට කළ හැක්කේ එවැන්නන් සිටියත් පක්‍ෂය කඩන්නේ නැහැ යි කීම පමණකි. පක්‍ෂයෙ සාමාජිකයන් කළ යුත්තේ පක්‍ෂ සම්මේලනයක් කැඳවා පක්‍ෂයට වැසී සිටින ප්‍රාණියා පළවා හැරීම ය.


    නලින් ද සිල්වා


    2015 ජූනි 21