නඩුවේ තීන්දුවට පෙර
නඩුවේ තීන්දුවට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය අහෝසි කරන්න ජනාධිපති සුදානම් වෙයි.
November 22, 2018
පාර්ලිමේන්තුව විසුරවා හැරීමට අදාළව ව්‍යවස්ථා විරෝධී ලෙස නිකුත් කළ ගැසට් පත්‍රය අහෝසි කිරීම සඳහා තීන්දුවක් ගැනීමට ජනාධිපති සිරිසේන සූදානම් වන බව වාර්තා වෙයි. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට දෙසැම්බර් 07 වනදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර එම ගැසට් පත්‍රය අවලංගු කිරීමේ සූදානම පවතින අතර ඒ අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීම මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බවට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සාතිශය බහුතරයක් තහවුරු කර ඇති පසුබිමේය.
අද (22) මාධ්‍ය හමුවක් පවත්වමින් එස්. බී. දිසානායක සිදුකළ ප්‍රකාශයත් ඊට සාක්ෂි දරයි. එහිදී එස්.බී.දිසානායක පවසා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත්කළ ගැසට් නිවේදනය අධිකරණ තීන්දුව ලැබීමට පෙර අවලංගු කළ හැකි බවය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නියත වශයෙන්ම ජනාධිපති සිරිසේනගේ පාර්ශවයට අවාසි සහගත ලෙස ලැබෙන බවත් එසේ වුවහොත් ජනාධිපතිවරයා චේතනාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව දක්වමින් දෝෂාභියෝගයක් ගෙන ඒමට වුවත් ඉඩ ඇති බවත් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වැඩිදුරටත් දන්වා ඇති බවද වාර්තා වෙයි.