*නඩුව බඩුව සහ තරුව*

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    *නඩුව බඩුව සහ තරුව*

    සුජාතා මැණිකේ ඉහළගෙදර
    https://www.facebook.com/groups/atampahiya/

    කොහොමත් ආණ්ඩු පෙරළියකින් පසු පසුගිය ආණ්ඩු කාලයේ යටගැසූ නඩු නැවත එළියට ඇදී ඒම අතිශය සාමාන්‍ය කරුණකි. එය සනාථ කරමින් මෙවර ද යටගිය නඩු බොහෝමයක් එළියට ඇදෙමින් පැවැතියේ අලුතින් බලයට පත්වූ ආණ්ඩු පාක්ෂිකයින්ගේ ජයග්‍රහණයේ ආනන්දය දෙගුණ තෙගුණ කරවමිනි.

    එකී දේශයේ සුප්‍රසිද්ධ මිනීමැරුම් නඩුවක ප්‍රධාන ඇසින් දුටු සාක්ෂිකාරිය වූ "පෝපිගේ"ගේ නම නැවත තැනින් තැන කියවෙන්නට පටන් ගත්තේ ආණ්ඩු පෙරළියට පෙර පටන්මය.

    මෙකී නඩුව විභාගය ආරම්භයේදී ඈ සිටියේ පැමිණිලි පාර්ශවයේ සාක්ෂිකාරිය ලෙස වුවත් නඩුව අවසන් වූයේ පෝපි විසින් විත්ති පාර්ශවයට වාසි වන අන්දමේ සාක්ෂියක් ලබා දීමෙන් පසුවය.අවසානයේ පැමිණිලිකරුවා වරදකරු වී විත්තිකරුවා නිදොස් කොට නිදහස් කරන ලද ඒ ඉතිහාසගත නඩු තීන්දුව, ඒ දිනවල, රටෙහි විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වල ප්‍රවෘත්ති අවකාශයෙන් බාගෙට භාගයක කාලයක් හිමි කර ගත් ප්‍රවෘත්තියක් විය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාට බලපෑම් කළ නිසා මෙතෙක් බොරු සාක්ෂි දුන් බව පමණක් කී පෝපි ඒ නඩුව එතෙක් ආ ගමන් මග මුළුමනින්ම කණපිට හරවා,නීති ක්ෂේත්‍රයේ තිගැස්මක් ඇති කොට ප්‍රාඩෝවකට නැඟී හිල්ටන් හෝටලයට ගොස් ඉතා සාමකාමී ව දහවල් ආහාරය ගත්තා ය.

    පෝපිට අනුව නම් ඒ නඩුව එතැනින් අහවර ය.ඇය ඒ පිළිබඳව නැවත කිසිදු තැනක කථා කළ බවක් අසන්නට ලැබුණේ නැත.

    රුපියල් ලක්ෂ හැටක හෝ හැත්තෑවක මුදලකට ඇය තම සාක්ෂිය වෙනස් කළ බව රටපුරා කතා පැතිරුණු නමුත් ඒ සියල්ල කටකථා වලට පමණක් සීමාවී කටවල් පල්ලෙන් ඔහේ වැටී ජනී ජනයාගේ මතකයන්ගේ ද පතුලටම විසිවිය..

    සෑම කාලයකදීම කොයි ආණ්ඩුවටත් පක්ෂපාතී ඉහළ නිලධාරියෝ පරණ නඩු ඇදීමට උත්සුක වන්නේ උද්‍යෝගීමත්වය.ඉහත කී මිනීමැරුම් නඩුව නැවත කරලියට ගෙන ඒමේ වගකීම පැවරී තිබුණේ රහස් පොලීසියේ ඉහළ නිළධාරියෙකුවූ නිශාන් තලගලටය.

    නඩුවේ සාක්ෂිය තුළදී පෝපි කිසිදා නොකියූ නමුදු එම මිනීමැරුම සිදුවූ පාළම මත එවෙලේ සිටියේ මිය ගිය මන්ත්‍රී පුත්‍රයා හා වෙඩිල්ල තැබූ ඇමතියා පමණක් නොව තවත් රටෙහි නම් ප්‍රසිද්ධ මිනිසුන් දෙදෙනෙක්ද වූ බව නිශාන් තලගල පමණක් නොව රටම දැන සිටියත්, පෝපිගේ සාක්ෂිය මත එවැන්නක් නොවූ බවට සහතික විය.

    පෝපි එවේලේ ඒ ඇමතියාගේ සැප වාහනය තුළ රති කෙලියේ නිරතව සිටි බව කටකතාවලින් කියවිණි.කොහොමත් බාගෙට අඳින පෝපි එවේලේත් සිටියේ එවැනි ඇඳුමකින් වූ බැවින් ප්‍රාඩෝවෙන් බහින්නට පෙර එවන් කෙලියක නිරතව සිටියා වන්නටත් ඉඩ ඇති බව අනුමාන කළ හැකිය.කෙසේ හෝ එය දන්නේ පෝපිත් ඒ ඇමතිවරයාත් පමණි.

    නිශාන් තලගල දක්ෂ තරමටම වාසනාවන්ත නිළධාරියෙකි.යළිත් වරක් එය සනාථ කරමින්, මෙම රාජකාරිය ඔහුට පැවරී හරියටම සතියක් තුළ ඔහුගේ වාසනා රෝදය කැරකුණේ නොසිතූ ලෙසය.

    එක්තරා ඇමතිවරයෙකු තම ආත්මාරක්ෂාව උදෙසා පට්ගත කර තිබූ දුරකතන සංවාද හඬ පට කිහිපයක්, ඇමතිවරයාගේ නොසලකා හැරීම හේතුවෙන් උදහසට පත් ලේකම් වරයෙක් විසින්, ලේකම්වරයාගේ සමීප මිතුරකුට ඇසීමට දී තිබුණේ මේ දිනවලය.ඒ ශුද්ධවන්තයෙක් ලෙස පෙනී සිටින තමාගේ අමාත්‍යවරයා දේශයේ ප්‍රසිද්ධ ගණිකාවන් සමග සබඳතා පවත්වන බව මිතුරාට ඔප්පු කර පෙන්වීම උදෙසා ය.

    අර කී අමාත්‍යවරයාගේ,එකී ලේකම් වරයාගේ,මෙකී මිත්‍රයා අපගේ උසස් රහස් පරීක්ෂක නිළධාරී නිෂාන් තලගලගේ මිතුරෙකු වීම තලගලගේ වාසනාවට වූවකැයි දැනට ඔබට අනුමාන කළ හැකිය.

    අදාළ අමාත්‍යවරයාගේ ද්‍රෝහි ලේකම්වරයා හමුවූ තලගල,ලේකම් වරයාට අතවශ්‍යව තිබූ ඇමතිවරයා පිළිබඳව තොරතුරකට පෝපි නැමැත්තිය ඇමතිවරයා සමඟ කරන ලද කතා බහක හඬ පටය හුවමාරු කරගත්තේය.

    අතිශය විකාර රූපී, හිරිකිත, ජුගුප්සාජනක ඕපාදූපවලින් බාගයක්ම පිරී තිබූ එම දුරකතන සංවාදය මැද්දට වන්නට අර නඩුවේ සාක්ෂිය වෙනස් කිරීම උදෙසා පෝපිට ගෙවන මුදල පිළිබඳව පැහැදිලිව කතාබහ කර තිබිණි.

    එකී හඬපටය තලගලගේ අතට පත් වීමෙන් පසු උදාවූ තුන්වන ඉරිදා දිනයේ සවස හමාරට ට පමණ සිදුවූ සිදුවීමක් මෙසේය.

    ප්‍රසිද්ධම නොවුනමුත් ප්‍රසිද්ධියක් නොතිබුණාම යැයි කිව නොහැකි එක් අවන්හලක උඩු මහළේ විවෘත කොටසක, මේසයක් මත තිබූ ඇපල් වර්ගයේ ජංගම දුරකතනයකින් තමාගේම හඬ ශ්‍රවණය කරමින් පෝපි හිඳ සිටි අතර ඇයට ඉදිරියෙන් හිඳ සිටියේ අපගේ රහස් පරීක්ෂක නිලධාරී නිශාන් තලගලය.

    පෝපි යනු සුදෝසුදු සමක්ද ,මුළුමනින්ම තඹ පැහැ කොණ්ඩයක්ද ,උස් වූ ළයක් සහ ගැස්සෙන නිතඹක්ද හිමි, තිස්පස් විය ඉක්මවන නමුත් තවමත් විසි පස් වියැති පෙනුමක් හිමි ගැහැනියකි.

    හිස මුදුනට කර බඳින ලද ලොකු කොන්ඩ ගෙඩියකින් සමන්විත හිස දුහුල් ම යැයි කිව නොහැකි නමුත් මෝස්තරයට අනුව දුහුල් ෂෝලයකින් වසා සිටි ඈ,දෑස පමණක් නොව මුහුණෙන් ද බාගයක් වැසෙන අව් කණ්ණාඩි යුගලයක් පැළඳ සිටියා ය.

    වයසින් නම් හතළිස් පස් වියැති අපගේ රහස් පරීක්ෂක නිලධාරියාද ශක්තිමත් ශරීරයකින්ද උද්‍යෝගිමත් මනසකින් පසුවූවෙක් ද නිසා ඔහුට තිබුණේ තිස්පස් වියැති පෙනුමක් යැයි මෙතැනදී නොකියා සිටීම ඔහුට කරන අසාධාරණයක් වන්නට ඉඩ ඇති බැවින්, ඔවු හෙතෙම තිස්පස් වියැති පෙනුමැත්තෙකියි ලියා තබමි.

    කොහොමත් සමාජය, ඉදිරියට ගෙනයන්නේ තිස්පහත් හතලිස් පහත් අතර දශකයේ මිනිසුන් යැයි තදින් විශ්වාස කළ පෝපි නිශාන් තලගල දෙස කෙතරම්නම් උවමනාවෙන් බැලුවා දැයි ඔහු නොදැක්කේ ඇයගේ දෑස වසා තිබූ අව්කණ්නාඩි යුගල නිසාය.

    අව් කණ්නාඩි යුගල නම් සිතන්නට ඇත්තේ "මේ බැල්මට අනුව නම් තලගලයාත් අහවරය" යන්නය.එහෙත් තලගල එසේ දැල් වල පැටලෙන්නෙකු නොවේ.

    නිශාන් තලගල කීර්තිමත් දක්ෂ හා සෘජු නිලධාරියෙකි.තලගල යනු කිසිවෙකුට පහසුවෙන් තබා උත්සාහ කොට හෝ රැවටිය හැකි මිනිසෙකු නොවේ.

    හඬ පටය අසා සිටින විට පෝපිගෙ මුහුණෙහි ඉරියව් කුමන ආකාරයකින් වෙනස් වනවා දැයි බලාගැනීමට තලගලට තිබූ උවමනාවට පෝපිගේ අවසරයක් ලැබුණේ ම නැත.ඈ උපහාස සහගත සිනාවකට පමණක් තම මුහුණ මත රැඳීමට ඉඩ දී මුළු හඬපටය ම අසා නිම කළා ය .

    "මොකද තමුන්ගේ නම කිව්වෙ?"

    තලගල කතාව ආරම්භ කළේය.

    "මම තාම කිව්වෙ නෑ සර්"

    පෝපිගේ එම පිළිතුරෙන් සිදු වුයේ තලගලගේ ධෛර්යය පරීක්ෂාවකට ලක්වීමය.

    "හරි දැන් කියමුකො මොකක්ද නම?"

    "සර් මගේ නමත් නොදැනද මාව හම්බවෙන්න ආවේ.මම පෝපි සර්"

    "මම ඇහුවෙ අනුවර්ත නාමයෙන් නෙවෙයි , සැබෑ නාමය"

    ඉතින් සර් මිනිස්සු අපිව දන්න නම වෙන්න එපැයි නේද මිනිහෙක්ගෙ හැබෑ නාමය. මිනිස්සු මාව දන්නේ අර නමින් තමා.මගේ නම පෝපි "
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    කෝපයකට නැගීමට ඉඩ නොදුන් තලගල ඉවසීමෙන් යුතුව මෙසේ ඇසුවේය.

    "පෝපිට මොකක්ද කියන්න තියෙන්නේ මේ ගැන?"

    තලගල දෙස උපහාසයෙන් පූර්ණ සිනාවක් මුදාහළ පෝපි සිය බෑගයෙන් ගත් ජංගම දුරකථනය ඔහු වෙත පෑවාය.

    "සර්ට මොකක්ද කියන්න තියෙන්නේ මේ ගැන?"

    දුරකථන තිරය මත වූයේ අපගේ රහස් පොලිස් පරීක්ෂක නිලධාරියාගේ තරුණ බිරිඳගේ ඡායාරූපයකි. කිසිසේත් බලාපොරොත්තු නොවූ එම සිදුවීමෙන් පුදුමයට හෝ තිගැස්මකට ලක් වූ බවක් නොපෙන්වූ තලගල පුටුවේ පසු පසට වී හරි බරි ගැහුණේ ය.ඉන්පසු ඔහු කීමට යෙදෙන කවරක් වුවත් තීරණාත්මක බව පෙර දැන සිටියාක් මෙන් පෝපිද සිය පුටුවෙ පටු පසු පසට වී ප්‍රශ්නය බලාපොරොත්තුවෙන් සිටියාය.

    "මොකක්ද ඔයා කියන්න හදන්නේ?"

    "සර්ගෙ නෝනා සර් එක්ක තරහා වෙලා මහ ගෙදර ගිහින් නේද?"

    "ඒක මගේ පුද්ගලික ප්‍රශ්නයක්"

    "නෝනට සර් ගැන සැකයක් ඇතිවෙලා නේද අනික සර් නෝනට හරි ආදරේනෙ."

    "දැන් තම මොකද්ද කියන්න හදන්නෙ"

    "මෙච්චරයි සර් මේ නඩුව ආපහු ඇදෙන්න බෑ.ඇදුනොත් සර්ගෙ පවුල් ජීවිතේ මෙතනින් ඉවරයි"

    ශබ්ද නගා සිනාසුණු නිශාන් තලගල තම දෑත් මේසය මත තබමින් පෝපි දෙසට නැමුනේ ය.

    "මොන මන්ත්‍රී වත් මොන ඇමති වත් තමුන්ම බේරගන්න එන්නෙ නෑ, ඔයා මේකට එකඟ නොවුනොත් අපි මේක සමාජ ජාල වලට දෙනව.අනික නඩුව එළියට ආවත් නැතත් තමුන්ව ඇරෙස්ට් කරන්න මේක සාක්ෂියක් වෙනවා..ඔහේ සාක්ෂිය වෙනස් කළේ සල්ලි වලට කියලා මේකෙ පැහැදිලිවම තියනවා.මං ඔහෙට කියන්නේ බොරුවක් කියන්න කියලා නෙමෙයි ඇත්ත කියන්න කියලා."

    "ඕකේ තියෙන්නේ ඇත්තම ඇත්ත කියල සීයට සීයක් විශ්වාසයි නම් නීතිය මාර්ගයෙන්ම වැඩකරන් නැතුව පුද්ගලිකව මාව හම්බවෙන්න ආවේ ඇයි කියලා මට තේරෙන්නෑ සර්,හැබැයි සර්..සර් ආවට මං කැමතියි.මොකද ඒකෙන් මට වුනේ වාසියක්..ඒ වගේම දැන් සර්ට දැනගන්න ඕන ඔය සිද්දිය වෙනකොට එතන හිටපු අනිත් ඇමති තුමයි මන්ත්‍රීතුමයි කවුද කියලා.අන්න ඒකයි සර් මාව හොයාගෙන ආවෙ. ඒකනෙ සර් ඇත්ත"

    "ඔව් "

    "මට කීයක් ගෙවනවද සර්,සර්ලට ඕන ටික කියන්න?"

    "ඇයි අපි ඔහේට ගෙවන්න ඕන?අපි ඔහෙට කියල බොරුවක් කියවන්න හදනව නෙවෙයිනෙ..."

    "මිස්ට නිශාන් තලගල.මේ පෝපි ආයේ ඔය නඩුවට උසාවි නගින්නෙ නෑ කියන එක සහතිකයි.ඔය මැරිච්ච එකාවත් වෙඩි තිබ්බ එකාවත්,එතන හිටපු අනිත් උන් තුන්දෙනා වත් එකෙක්වත් හොඳ මිනිස්සු නෙමෙයි.උන් එකෙක් ගෙන් වත් මට ඇති වැඩකුත් නෑ.ඔව් මම සල්ලි ගත්තා.මේක හොඳට රෙකෝඩ් කරගන්න සර්.මං ආපහු මේ නඩුවට උසාවි එන්නෙ නෑ,, එන්නේ නෑ ...මොකද... තලගල සර් මේ නඩුව ආයෙත් අදින්නේ නෑ."

    අවසන් වැකිය කියද්දී පෝපිගේ මුවෙහි තිබුණේ උපහාසය දෝරෙ ගලන සිනාවකි.තොල් සායමින් තොරව පවා රත් පැහැයෙන් දිලිසුණු ඇයගේ දෙතොල තලගලගේ සිතෙහි අපුලක රේඛාවක් ඇන්ඳේ කී දෙනෙකු විසින් නම් භුක්ති විඳින්නට ඇත්දැයි යන සිතුවිල්ල මතය.මඳ නිහැඬියාවක්ට පසු තලගල කතා කළේ පැහැදිලි හඬකිනි.

    "ඔහේගේ ගර්ජනාව පැහැදිලි නෑ"

    "මං මේ ගර්ජනා කරනවා නෙවෙයි සර් තර්ජනය කරනවා..මේ නඩුව ආයෙ එළියට ආවොත් සර්ගෙ පවුල් ජීවිතය එතනින් එහාට තියෙන්නෙ නෑ.පෝපි කියන්නේ කවුද කියලා සර් හොඳට දන්නවනේ..මුළු රටම එක හොඳට දන්නව සර්.අවංක උසස් නිලධාරියෙක් වෙච්ච සර් බඩුවක් එක්ක නිදා ගත්තා කියලා ඔප්පු වුණොත් ඒක සර්ට එච්චර හොඳ වෙන එකක් නෑ.දැන් තියෙන තත්වය අනුව සර්ගෙ නෝනට කොහොමත් සර්ව සැකයි.ඉතින් සර් මේ නඩුව ආපහු ඇදුනොත් සර් බඩු කාරයෙක් වෙලා නවතින්නෙ..සර් කැමති නම් නඩුව අදින්ඩ.මට නම් ඉතිං මගෙ නම කොයි මිනිහ එක්ක ගෑවුනත් එකයි..."

    මඳ නිහැඬියාවක් වූයේ අවන්හල් සේවකයාගේ පැමිණීම නිසාය.ඔහු ඉවත්ව ගිය සැණින් යමක් කීමට සැරසුණු නිශාන් තලගල කතාව ආරම්භ කිරීමට පෙර පෝපි ඉදිරියට නැමුණාය.

    තලගල සර් මාත් එක්ක කී පාරක් සෙක්ස් කරල තියෙනව ද?"

    "තමුසෙට පිස්සුද ඕයි.මම කවදාවත් බඩු ##%% නෑ"

    "ඇයි සර් බොරු කියන්නෙ..මෙතන කවුරුත් නෑනෙ සර් අපි ඇත්ත කතා කරමු."

    "තමුන් වෙන කාට හරි වැටිලා මම කියලා මම නිශාන් තලගල. මගේ ගෑනි ඇර මේ ලෝකේ වෙන කිසිම ගෑනියෙක් එක්ක මම සෙක්ස් කරල නෑ"

    "ඒක මාර කතාවක්නෙ සර්..එතකොට මාත් එක්ක..සර් මැරිල ඉපදුනාද සර්..?

    "ඔහෙට වැරදිලා..මම එහෙම මිනිහෙක් නෙවෙයි."

    "අයියෝ සර් මම මේ මොකුත් වීඩියො,රෙකෝඩ් කරන්නෑ.සර් කරනවද මම දන්නෑ..සර් මාත් එක්ක හිටිය කියල මම කාටවත් කියලත් නෑ..හැබැයි සර් මේ නඩුව ඇද්දොත් මට කියන්න වෙනව.ඒකත් සර්ගෙ නෝනටම.අනිවාර්යයෙන් මං ඒක සර්ගෙ නෝනට කියනව"

    "මගෙ නෝනයි මායි අතරෙ තියෙන්නෙ මේ පොඩි වැරදි වැටහීමක්..එයා මෝඩ නෑ තමුන් වගෙ ගෑනියෙක් ගිහින් කියනෙකක් පිළිගන්න..ඔහෙ හීන දකිනවද...මං ආයෙත් කියනව.ඔහෙට වැරදිලා.."

    "නිකං රඟපාන්ඩ එපා සර්...මාත් එක්ක බුදියපු මිනිහ මට මතක නැත්තෙ මොකද?මට සර්ගෙ අර උපන් ලපෙත් මතකයි සර්"

    "මොන ලපේද..ඔහෙට පිස්සුද?"

    "ඇයි සර් අර සර්ගෙ ඩික් එකේ තියන ලපේ.."

    අපගේ රහස් පරීක්ෂක නිලධාරියා බිරන්තට්ටු වූ බව පෙනිණි.මේ කියන උපන් ලපය ඔහුගේ ලිංගේන්ද්‍රියේ පිට සමටත් ඇතුළතින් පිහිටියකි .එවැන්නක් එතන ඇති බව දැන සිටියේ ඔහුගේ බිරිඳම පමණි.

    ඔහු ගේ මව ඔහුට වයස අවුරුද්දක් පිරෙන්නට පෙර ම මිය පරලොව ගොස් සිටි බැවින්ද ඔහු හැදී වැඩුණේ ළමා නිවාසයක වූ බැවින් හා කිසිදු වූ වෛද්‍ය පරීක්ෂණයකදීවත් කිසිදා එය පෙන්වා නොමැති බැවින් ද ඉඳුරාම එය එතැන තිබෙන බව දන්නවා නම් ඒ තමාගේ බිරිඳ පමණක්ම බව ඔහු දැන සිටියේය.

    "සර්ගෙ නෝනා කැමති කැමති වෙයි දැනගන්න ඒ බර්ත් මාක් එක දැකපු තව ගෑනියෙක් ඉන්න බව."

    එපමණකි.පෝපි නැගිට්ටාය.සිය අත් බෑගය අතට ගත් ඈ නිෂාන් තලගලගේ මුහුණට එබුණාය.ඔහුගේ මුහුණ සමීපයටම තම මුහුණ ගෙන ගිය ඈ අර ලොකු අව්කන්නාඩි යුගලය ගලවා අතට ගෙන නිශාන් තලගලගේ දෑස දෙස ඍජුව බලා සිටින විට ඔවුන්ගේ දෑස් අතර තිබුණේ සෙන්ටි මීටර දහයක හෝ ඊටත් අඩු පරතරයකි.

    "හොඳට හිතලා හිතල තීරණයක් ගන්න කො තලගල සර්"

    එයින් පැයකට පසුව අපගේ නිළධාරියාගේ වාහනය නැවතුණේ සිය බිරිඳගේ නිවසේ ගේට්ටුව අසළය.

    "මැඩ්ම් ලා නෑ සර්" සේවකයා කීවේය.

    "කොහෙ ගියාද?"

    "ඇයි සර් නෝනල දඹදිව ගියානෙ..දවස් දහයකින් එන්නෙ.ලොකු නෝනයි මහත්තයයි,පොඩි නෝනයි අර ලොකු නෝනගෙ අක්කත් ගියා.".

    තලගල සිය දුරකථනයෙන් ඇමතුම් කීපයක් ගැනීමට උත්සාහ කළ නමුත් අසාර්ථක වූ බවක් පෙනිණි.පසු ගිය දිනවල තම බිරිඳ හමුවීමට නිවසට ආගිය තැනැත්තන් පිළිබඳව විස්තරයක් දැනගැනීමට අවශ්‍ය වූයෙන් සේවකයාගේ අවසරයකින් තොරවම නිවසට ඇතුලු වූ තලගල බිරිඳගේ නිවසේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කළේය.සැක කටයුතු ගැහැණුන් කිහිප දෙනෙකු තම බිරිඳ හමුවීමට පැමිණ තිබූ බව දැකගත් තලගල වහාම ඔවුන් සියලු දෙනාගේ තොරතුරු සෙවීම තම සහායකයාට බාර දුන්නේය.
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඒ වනවිටත් පෝපිගේ ජාතකයම තමා දැන සිටින බවක් සිතා සිටි අපගේ නිළධාරියා,අප විසින් ඇය පිළිබඳව දැන ගත යුතු තවත් බොහෝ දේ ඇති බව වටහාගත්තේය. අර උපන් ලපයේ රහස ඈ දැනගත් අයුරු දැනගැනීමත්, තම විවාහය රැක ගැනීමත්, නඩුව නැවත එළියට ඇද පෝපි මතින්ම ලබා ගත හැකි ජයග්‍රහණ බොහොමයක් ලබා ගැනිමත් යන සියල්ලම එකවර ජයග්‍රහණය කිරීමට ඔහුට අවශ්‍ය විය.ඒ කුමක් කිරීමට වුවත් පළමුව කළ යුත්තේ පෝපි නැමැති මෙම වෛශ්‍යාව මෙල්ල කර ගැනීම බැවින් ඇයව මෙල්ල කළ හැකි කුමක් හෝ පොටක් පාදා ගැනීමට කල්පනා කළ අපගේ නිළධාරියා පෝපි පිළිබඳව බොහෝ කතාවලට සවන් දුන්නේය.

    "ඕකිගෙ මිනිහනම් මාලුකාරයෙක්ම තමා..මිනිහ තමා ඔය මාලු ගේන ඔරුවෙ දාගන ගංජා ගෙනත් මාට්ටුවෙල තියෙන්නෙ.මිනිහ හතලික ලොක්කෙක් මේකිට විස්සයි..මේකි ඇප තියලා අරන්..අරූ නඩුවට කලින් මිසින් වෙලා මේකිව අතෑරල..මේකිව මුලම ඇරෙස්ට් කරල තියෙන්නෙ එතනදි සර්.ඒ වෙනකොට ළමයෙක් හම්බුවෙන්ඩ ඉඳල තියෙනව.ලමයත් තියාගන මිනිහගෙ මාලු ලෑල්ලෙම මාලු අස්සෙ තියාගන ගංජ විකුණල තමයි ජීවත් වෙලා තියෙන්නෙ.. රිමාන්ඩ් එකේදි අඳුරගත්ත ගෑනියෙක් තමා උදව් කරල තියෙන්නෙ බිස්නස් එකට..පෝපි කිව්වම නිකම් මැර පාට් එකක් දැනුනට ඕකිට පෝපි කියල තියෙන්නෙ ආදරේට කියලයි කියන්නෙ.ඒකිගෙ අර නාකි මිනිහ ආදරේට කිව්ව නමලු.නිතර පොලිසියට අහුවෙල තියෙනව සර් හැබැයි ගෑනි ලස්සන හින්ඳ ඉතිං නඩු වැටිලා නෑ..ඔය ෆේස්බුක් ආව කාලෙ වෙනකොටත් ඕකි නිකම්ම නිකම් මාලු ලෑල්ලෙ පෝපි .. ෆේක් එකකින් ෆේස්බුක් එකට ඇවිත් ඕකි සෑහෙන්න ජනප්‍රිය වුණා. ඕකි ලමය ඉන්න බව හැංගුවෙත් නෑ.හැබැයි මාලු විකුනන බව කිව්වෙත් නෑ."

    ඉතිරිය මෙසේය.පෝපි තම ෆේස්බුක් ප්‍රොෆයිලයේ කවි ලියුවාය.ඒ වටා එක්වූ රසික පිරිසෙන් තෝරාගත් කවියන් හා රසිකයින් සමඟ වැදගත් කමත් මානුෂීයත්වයත් ආරෝපණය කළ අනියම් සබඳතා කිහිපයක් පැවැත්වූවාය.වරින් වර තමාට සැබෑ ආදරය හමුවූ බව සිතූ ඈ පසුව එවැන්නක් මෙලොව නැතැයි ප්‍රසිද්ධියේ කීවාය.

    .පසු කාලීනව එක් පොත් ප්‍රකාශකයෙකු ලවා කවි පොතක් කරවාගැනීමට ගිය ඈ කවි පොත කෙසේ හෝ වේවා කවි හිත නිසාම ප්‍රකාශකයාගේ පෙම්වතිය වූවාය.එකී ප්‍රකාශකයාට ටෙලිනාට්‍ය අධක්ෂක මිතුරෙකු සිටි බැවින්ද ඔහු පෝපිගෙ රූපයේ අසාමාන්‍ය සුන්දරත්වයක් දුටුවෙන්ද ඔහු ඇයව සිය ටෙලිනාට්‍යකට ගැනීමට ආශා කළේය.

    ටෙලිනාට්‍යකට කෙසේ වෙතත් ගීත කීපයක රූප රචනා උදෙසා පෙනී සිටියදීම විශාල මිල ගණන් ඈ උදෙසා තීරණය වූ අතර චිත්‍රපටය උදෙසා පමණක් යැයි එවන් මුදල් බන්දේසී කිහිපයකට යට වූ පසුව යමක් වටහාගත්තාය.ඉක්බිති අධ්‍යක්ෂක වරයාට බම්බු ගහ ගන්නැයි කියා තනිව සිය මිල ගණන් ප්‍රකාශ කරන්නට පටන් ගත්තාය.

    කෙටියෙනම කිවහොත් තනිව ඩීල් ගියාය.පෝපි යනු කලා ක්ෂේත්‍රයේ දේශපාළන ක්ෂේත්‍රයේ පමණක් නොව ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පවා නම ගිය වැඩිම මිලක් අයකරන ගණිකාව බවට පත් වීමේ ජාතක කතාවේ සංෂිප්තය එසේය.

    කවටයෙකු මෙන්ම වෛශ්‍යාවකද කුඩා කොට නොතැකිය යුතුය යන්න අසා තිබූ නමුදු එය තහවුරු කළේ පෝපිගේ හැසිරීම බව තමා තුළම කියාගත් අපගේ නිළධාරියා හැකි ඉක්මනින් ඇයගේ මුලු පැටිකිරියම සොයාගැනීමට උනන්දු වූයේය.

    අපගේ නිළධාරියාට ඇයගේ නම සම්බන්ධ සියලු නඩු වාර්ථා සොයා බැලීමට තවත් දවසක් ගතවූ අතර ඒවයින් මෙතෙක් දැනසිටි කරුණු වලට අමතරව කිසිවක් සොයාගත හැකිවූයේ නැත. මේ අතර තුර පෝපි ඉන්දියානු සංචාරයකට රටින් පිටව ගිය බව ආරංචි විය.

    එයත් මැනවැයි සිතූ හෙතෙම පෝපි ගේ කොළඹ ගෙදරට නොව හලාවත ගෙදරට ගොඩ වැදුනේ දෙවරක් නොසිතාය.පෝපිගෙ මව තලගල දුටු වනම දන්නා හඳුනන අයෙකුට මෙන් සිනාසුණාය.

    "මම හිතුව මහත්තය ඊයෙම ඒවී කියලා"

    "මම?අම්මා මාව දන්නවද?"

    "නිශාන් තලගල මහත්තයනෙ.පෝපි කිව්වා...මහත්තයා ආවොත් දෙන්න කියලා එකක් දීල ගියා..ඉන්ඩ මං ගෙනත් දෙන්නං."

    "මේ..පෝපිගෙ ළමයා..නැද්ද ගෙදර?"

    "කෙල්ල ගියානෙ සර් පෝපියා එක්ක..සුමාන දෙකක් ඉන්ඩෙපෑ ඉතිං මං ඒකි නැතුව..ඇයි සර්ට කිව්වෙ නැද්ද?
    මං හිතුව කියන්ඩැති කියලා.."

    "මට?"

    "කසාද බඳින්ඩ යන මහත්තය වෙච්චි යන එන ගමනක් බිමනක් හරියට කියන්ඩෝන නෙ අප්ප.අනේ මංදන්නෑ මේකිගෙ වැඩ"

    නිශාන් තලගල,අපගේ රහස් පොලිස් නිළධාරියාගේ මුහුණ කෝපයෙන් හා එක්තරා ආකාරයක අප්පිරියාවකින් පිරිණි.ඒ සුප්‍රසිද්ධ ගණිකාව තමා උපහාසයට ගෙන ඇති බවක් සහ තමාට මහත් මදිපුංචිකමක් කළ බවට දෙස් දෙන ඒ මුහුණ දුටුවා හෝ නොදුටුවා හෝ අර ගැහැනිය පැමිණ ඔහු අත තැබූ පෙට්ටිය අතටගත් වහාම සිය වාහනයට නැඟගත් ඔහු වේගයෙන් පිටව ගියේය.අතිශය වැදගත් රැස්වීම් කිහිපයකට සහභාගීවීමට ගිය තලගලට අර තෑග්ග,එනම් තෑගි දෙන අකාරයට ඔතා දී තිබූ පෙට්ටිය විවෘත කර බැලීමට වේලාවක් ලැබුණේ නැත.

    එදිනම රාත්‍රී තවත් විශේෂ රාජකාරියක් උදෙසා කුරුණෑගලට යමින් සිටි ඔහු එවේලේ සිටියේ සිය රියදුරා සමඟය.හරියටම සවස හතට පමණ කොළඹ නුවර මහා මාර්ගයේ වරකාපොළට නුදුරු තල ආශ්‍රිත නිශ්පාදන ඇතැයි සුප්‍රසිද්ධ වෙළඳසැලට කිලෝමීටර් හතරක් කොළඹ පාරට වන්නට වාහනය ගමන් කරමින් තිබිණි.අපගේ නිළධාරියා වාහනයේ පසු පස අසුනට වී කෙටි නින්දක් ලබා ගත යුතුයැයි ජෝජනා කළ ඔහුගේ රියැදුරා නිසංසලේ රිය පදවමින් සිටියේය.

    ඒ සුවිශේෂී තෑගි පෙට්ටිය රතු පැහැති කොළයකින් ඔතා තිබිණි.එය මත වූ රිබන් පටිය ගලවා දැමූ පසු කොළය ඉරා දමන ලදි.ඉක්බිති එය විවෘත විය.ඒ තුළ තිබූ අනෙක් පෙටිටියද පෙර පිළිවෙලටම විවෘත කළ පසු එතුළ තවත් පෙටියක් විය.තලගලගේ දත් ඇඳි එකට පූට්ටු විය.
    ඊළඟ පෙට්ටිය කිසිඳු පිළිවෙලකින් තොරව ඉරා දමන ලද්දේය.

    ඕහෝ... ඒ පෝපිගේ සුවිශේෂී ත්‍යාගය-අනර්ඝය.. තලගලගේ දෑස් කුඩා කළ ත්‍යාගයක් එතුළ විය.කෙටියෙන්ම කියතහොත් ඒ අනෙකක් නොව සුදෝ සුදු පාන් ගෙඩියකි.යාන්තම් පුස් ගඳක් හමා ආවද තවමත් හොඳ තත්වයේ තිබූ පාන් ගෙඩියකි.ඔව්..ඔව්...ඒ පාන් ගෙඩියකි.

    දත් සපාගත් තලගලට පෙට්ටිය තුළ වූ තවත් කුඩා පෙට්ටියක් නෙත ගැටුණෙන් ඔහු එය අතට ගත්තේය. එය හිස් බවක් දැනෙන්නට වූ නමුදු ඔහු එය විවෘත කළේ ය.

    ඒ තුළ වූයේ කුමක්ද?කුඩා කොල කැබැල්ලකි.කොපි පොතකින් ඉරා ගන්නා ලද බව පෙනුණු අල්ලක් තරම් කුඩා කොළ කැබැල්ලකි.එය බොහෝ පරණ බවත් කාලයක් පුරා නිතර දිගහැර හා නමා ඇති බවත් සනාථ කරමින් නැමුම් පාරවල් ඉරී තිබිණි.කොල කැබැල්ල ඉරී තිබූ අතර ඒ මත තිබූ අකුරු ද යම්තාක් දුරකට බොඳ වී තිබිණි.එහි වූයේ මෙවැන්නකි.

    රුවන් කුමාර
    අංක 22
    යාය වත්ත
    කඳාන.

    තමා සමඟ ක්‍රීඩාවක නිරත වන වෛශ්‍යාව කෙරෙහි තදබල කෝපයක් මෙන්ම අර ලිපිනය ලියූ කොළ කෑල්ල පිළිබඳව කුතුහකලයෙන්ද පසු වූ ඔහුට තවත් පැයකදී දැනගැනීමට ලැබුණේ එම ප්‍රදේශයේ එවැනි ලිපිනයක් නොමැති බවය.තවත් වරක් දත් ඇඳි පූට්ටු කරගත් තලගලගේ දුරකථනයේ පෝපිගෙ කෙටි පණිවිඩයක් විය.

    "නඩු එක්ක හැප්පෙනවට වඩා ගොඩාක් බයානකයි සර් බඩු එක්ක හැප්පෙන එක...බඩුවක් එක්ක නඩුවක් ඕනම නෑ.අර ලපේ තියන තැන හොඳට හෝදලා ගිහින් නිදාගන්න සර්"

    තලගල කෙතරම් කිපුණේද යත් "පට්ට #%සි මම ඕකිව ඉවරයක් කරලමයි නවතින්නෙ.." යැයි තමාටම සපථ කරගත්තේය.

    සුදුම සුදු පෝපිගේ කට්ට කලු දියණියගේ පාසලේ ඇයට ඉතා සමීපම එක් ගුරුවරියක් සිටියාය.අයගේ සහයෝගය අපගේ නිළධාරියාට ලබා ගත හැකිවූයෙන් ඇයගේ මුවින් තලගලගේ බොහෝ ප්‍රශ්ණ පෝපිගේ දියණියගෙන් ඇසීමට තලගලට හැකි විය.

    සියලු ප්‍රශ්ණ වලට පැහැදිළි පිළිතුරු දුන් නමුත් ඇයගේ පියා පිළිබඳව විමසූ විට ඈ දුන්නේ මෙවන් පිළිතුරකි.

    "මට තාත්තෙක් නෑ මිස් ...,මට ඉන්නෙ අම්මෙකුයි නැන්දෙකුයි විතරයි."

    "ඇයි පුතේ ආච්චි අම්මෙකුත් ඉන්නෙ.?"

    "මට ආච්චි අම්මෙක් නෑ.."

    "අර ගෙදර ඉන්නෙ එතකොට ඒ අම්මගෙ අම්ම නෙවෙයිද?"

    "නෑ ඒ නැන්ද...ඔය තාත්ත කියන මිනිහගෙ අක්ක"

    "ඇත්තටම පුතේ තාත්ත කෝ?"

    "ඒ මිනිහ මං ඉපදෙන්ඩත් ඉස්සර අම්මව දාල පැනල ගිහින් මිස්.."

    "ඒ මොකද?"

    "දන්නෑ මිස් අපරාදෙ අපෙ අම්ම නිකං නාකි මාලුකාරයෙක් එක්ක ඇවිත් නාස්ති වෙලා මිස්. ඉගන ගන්නැතුව.ඉගන ගත්තනං ඔහොම වෙන්නෑනෙ,අපෙ අම්ම ඉගන ගන්න හරි දක්ෂයිලු."

    "අම්ම ඒ ලෙවල් කරලද?"

    "නෑ මිස් ඔ ලෙවල් වත් නෑ.ඕ ලෙවල් විභාගෙ කාලෙම තමයි අම්ම පැනල ඇවිත් තියෙන්නෙ.අපෙ අම්මගෙ නම දන්නවද මිස්?"

    "මං දැක්ක ඔයාගෙ උප්පැන්නෙ තියෙනව..සීතා කළ්‍යාණි දිසානායක කියලා.එතකොට තාත්තගෙ නම දුරාවගෙ ඩික්මන් "

    "ෂික් බලන්න මිස් කිසි ගැළපීමක් තියෙනවද කියල නම් දෙකේ වුනත්."

    "අම්මයි තාත්තයි ගැළපෙන්න ඇති පුතේ කාලෙක.පවුල් ජීවිත ඔහොම තමා පස්සෙ පස්සෙනෙ නොගැලපීම් එන්නෙ...එයාලට මොනව හරි ප්‍රශ්ණ තියෙන්න ඇති.ඔයා තාත්ත එක්ක තරහින් ඉන්න එපා..කවදහරි ආවොත් හොඳට සළකන්න..ඔයාගෙ තාත්තා නිසා..බලන්න.ඔයා තාත්තට අකමැති වුනාට මොකද ඔයා තාත්ත වගේමයිනෙ.."

    "මම?නෑ මිස් මම අම්ම වගෙ.ආ ..මම කලු එකද?අපෙ අම්මත් මං වගෙම කලුයි මිස්.අම්ම සුදු වුනෙ ළඟදි.මාත් ඉස්කෝලෙ ගිහින් ඉවරවුනාම සුදු වෙන්න ඉන්නෙ.මං මොන්ටිසෝරි යද්දිත් අම්ම කලුයි.එකපාරක් රට ගිහින් තමා සුදු වෙලා ආවෙ.දැන් නම් රට යන්න ඕන් නෑනෙ.මෙහෙ පුලුවන්."

    පෝපිගෙ සැමියා ඇයව අතහැර යාමට,එයත් කිසිදා නොඑන ලෙස අතුරුදන්ව යාමට නම් සාමාන්‍ය නොවන කිසියම් හේතුවක් තිබිය යුතු බවත් එය සොයාගත යුතු බවත් කල්පනා කළ නිශාන් තලගල, අපගේ උසස් රහස් පොලිස් නිළධාරියා දුරාවගේ ඩික්මන් සෙවීම ආරම්භ කළේය.

    ඒ අතර සීතා කළ්‍යාණි දිසානායක හෙවත් පෝපි සිය බිරිඳගේ නිවසට යන එන බව දැනගැනීමෙන් කලබල වූයේය.බිරිඳගේ එකම සහෝදරයාගේ බිරිඳ නිළියක වූයෙන් මේ සබඳතාවය ගොඩ නැඟී තිබිණි.

    "ඔයාලගෙ නෑනට වෙන ගෑනු නැද්ද ආශ්‍රය කරන්න.මේ දාර බඩු ආශ්‍රය කරන්නෙ" යැයි තලගලට කියූ විට

    "දැන් ඔයා කියන්නෙ මගෙ නෑනත් බඩුවක් කියලද?" යැයි තලගලගේ බිරිඳ ඇසූ පසු කිසි පලකට නැති රණ්ඩුවකින් ඒ දුරකථන සංවාදයද අවසන් විය.

    තලගල වෙත රාජකාරිය භාරදුන් ඇමතිවරයාත් ,තලගලගේ ඉහළ නිළධාරියාත් යන දෙදෙනාම මෙය කළ හැකිද නොහැකිද යන්න පැහැදිළිව කියන්නැයි කීවිට ඔහු තවත් තැනකින් හිරවුණේය.

    අපගේ නිළධාරියාගේ සැනසීම මුලුමනින්ම අහිමි කළ ඒ ප්‍රසිද්ධ ගණිකාව පෝපි හෙවත් සීතා කළ්‍යාණි දිසානායකගේ සැමියාව සිටි අර මාලුකාරයා,එක් රාත්‍රියක මඩකලපුවෙන් සොයාගන්නා විට නිශාන් තලගල සිටියේ නඩුව ඇදීමේ අරමුණෙහි නොව පෝපි නැසීමේ අරමුණකය.

    අර නාකි මාලුකාරයා අධිකව ගංජා ගැසීමෙන් විරූපී වූවෙකි.ඔහුව සිය වාහනයට දමාගත් තලගල ඔහුගෙන් විමසූ බොහෝ ප්‍රශ්ණ වලට ඔහු දුන්නේ ලිස්සා යන පිලිතුරුය.

    "ඇයි සර් ඒකි ගැන හොයන්නෙ?ඒකි මැරිලද?"

    "අතුරුදන් වෙලා.."

    "අහ් ඒකිට ඒක සුලුදෙයක්.මට වගෙ තමා.මේ ඉන්නව.මේ නෑ....අතුරුදහන් වෙන්ඩත් පුලුවන්,අතුරුදහන් කරන්ඩත් පුලුවන් පරම්පරාවක ලේ තිබ්බෙ පෝපිට..."

    "තමුසෙලගෙ පරම්පරා කොහොමත් එහමනෙ ඕයි.අර කතාවටත් කියන්නෙ කපනව කියන්නෙ කපලා ඉවරවෙලා කියලා."

    "අහ්..ඒ අපෙනෙ සර්..පෝපියා මාලු පරම්පරාවක නෙවේ.පෝපියා හොඳ බණ්ඩෙ කෙනෙක්ගෙ දුවෙක්.මාලු කාරයෙක්ට ලව් කරල ඔහොම වුනාට"

    තලගල තවත් යමක් බලාපොරොත්තු වූ නමුදු මාලුකාරයා මඳක් නිහඬව සිටියේය.

    "එතකොට පෝපි කියන්නෙ වැල්ලට ආවට පස්සෙ වැටුන නමක්ද?"

    "මහත්තයා හරියට සී අයිඩී කාරයෙක් වගේ" වෙව්ලමින් කී ඩික්මන් තවත් පොහොතකට දෙකකට පසු නිශාන් තලගලගෙන් කොළයක් ඉල්ලා සිටියේය.

    "ඒ මොකටද?"

    "මං ඇඩ්ඩස් එක්ක ලියල දෙන්නං සර් එහෙට්ට ගිහිං බලන්ඩ.පෝපි එහෙ ඇති.පෝපිගෙ ගෙදර"

    "මාලු ලෑල්ලට මත තබා කොළයේ ලිපිනයක් ලියූ ඩික්මන් එය තලගල අතට දුන්නේය.එම ලිපිනය දෙතුන් වරක් කියවූ තලගල ඔලුව උස්සා බලන විට මාලුකාරයා අතුරුදන්ව සිටි අතර නිශාන් තලගල අපගේ නිළධාරියා වෙත හති දමමින් පැමිණි ඔහුගේ රියදුරා ,
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    "වැඩක් නෑ සර් ඌ දිව්වා.." කියූවේය.

    කාලයකට පෙර තමාව අතහැර ගිය ඒ සැමියා නැවත පැමිණ ඇතැයි යන ආරංචිය ඇසූ වහාම පෝපි කළේ සිය නිවසට ඒමය. කෙතරම් ආවේගයකින් පැමිණියද ඩික්මන් දුටු විට සන්සුන් වූ පෝපි සිය නෑනා දෙස බලා කෑමට බීමට යමක් දුන්නාදැයි ඇසීමට තරම් ඇයගේ සිත සැලී තිබිණි.

    එය අරුම හමුවීමකි.වසර ගණනාවකට පෙර කලු මහත අහිංසක ගැහැනියකව සිටියදී අතහැර ගිය පෝපිගේ වත්මන් ස්වරූපය කොහෙත්ම අදහාගත නොහැකි වූ ඩික්මන් හොල්මනක් දෙස බලනවාක් මෙන් බැලුවේය.ගංජා මාත්‍රාව ප්‍රමාද වූ විට වෙව්ලනවාටත් වැඩියෙන් වෙව්ලුවේය.

    "අතුරුදහන් කිව්වහම ආව."

    "අතුරුදහන් කිව්වම ආවෙ මොනව බලන්ඩද?"


    "නෑ නිකං.අරය හොයනව කළ්‍යාණිව.මං අර ගෙදර ඇඩ්ඩස් එක දුන්නා."

    "මොන කළ්‍යාණීද?"

    "අර,,අර කළ්‍යාණී ."

    "කළ්‍යානණී මැරිල කියල ඔහේ දන්නවනෙ.මොකට දුන්නද?"

    තවත් පැය බාගයකට පසු පෝපි පිටත් වූවාය.ඒ කළ්‍යාණීගෙ නිවස බලා යාමටය.අනෙක් පසින් නිශාන් තලගලද කළ්‍යානීගේ නිවස බලා යමින් සිටියේය.
    දැන් ඉතින් කළ්‍යාණී කවුදැයි තෝරා බේරාගෙන සිටිය යුතු බැවින් ඒ දෙදෙනාම සොයා යන කළ්‍යාණිය ඔවුන් දෙදෙනාටම පෙර ඔබට මුණ ගැස්සවීමට මේ නියම වේලාවය.
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    අර කලක් අතරුදන්ව සිටි පෝපිගේ; මහලු මාලුකාර සැමියා විසින් ලියන ලද ලිපිනයේ සිටි ඒ කළ්‍යාණී ; දහසය හැවිරිදි කෙල්ලකි.ඇගේ පියා දිසානායක පවුලේ ලොකු පුත්‍රයා වූ පොකුටා මුදලාලිය.පොකුටා මුදලාලීට දියණියන් දෙදෙනෙක් හා එක් පුත්‍රයෙකි.පොකුටු කෙසක් තිබූ හෙයින් ඔහු පොකුටා මුදලාලී වන්නට ඇතැයි අප අනුමාන කරන නමුදු ඔහුට ඇත්තේ පොකුටු කෙසක් නොවේ.පොකුටාගේ නම ආයේ කොහෙන්දැයි සෙවීම අපගේ ප්‍රධාන කතාවට අදාළ නොවන බැවින් අපි පොකුටා මුදලාලිගේ දෙවන දියණිය කළ්‍යාණී පිළිබඳව සොයා යමු.

    ඒවන විටත් පොල් ගස් තිහක වත්කමකින් පමණක් සෑහෙමින් ඉතා අපහසුවෙන් ජීවත් වෙමින් සිටි නිකම්ම නිකම් පොකුටා;පොකුටා මුදලාලි බවට පත්වීමේ ආරම්භය සනිටුහන් වූයේ ඔහුගේ දෙවනි දියණියගේ කොටහලු මංගල්ලය දිනය. ගමේ පාසලට අලුතින් පැමිණි විදුහල්පතිවරයාගේ බිරිඳට ගල්ගමුවේ ඌෂ්ණය දරා ගත නොහැකිව මුත්‍රා දැවිල්ල ඇති වූ නිසාවෙන් ඇයට තැඹිලි උවමනා විය.

    ගේ ඉදිරිපිට ගහෙන් තැඹිලි ගෙඩියක් ඉල්ලූ බව පොකුටාගේ බිරිඳ කියූ විට ගහට නැඟ තැඹ්ලි ගෙඩි දෙකක් කැඩූ පොකුටා,විදුහල්පතිවරයා කුලියට ගත් නිවසේ දොරකොඩටම එය ගෙනගොස් දුන්නේය.පසුවදාත් තව තැඹිලි ගෙඩි දෙක තුනක් එවීමට පොරොන්දු වූවේය.එදායින් ඇරඹි පොකුටාගේත් විදුහල්පතිවරයාගේත් හිතවත් කම පසුව අතීජාත මිත්‍රත්වයක් බවට පත්විය.

    විදුහල්පතිවරයා ගමට පැමිණීමෙන් පසු පොකුටාගේ ජීවිතය වෙනස් විය.නිකම්ම නිකම් පොකුටා ,නිවස ඉදිරිපිට ලෑලි කෑල්ලක තබා තැඹිලි විකිණීමේ සිට සිල්ලර කඩයක් හා බේකරියක් දමා ගෙන පොකුටා මුදලාලී වීම දක්වා උසස් වීමට අවුරුද්දකට වඩා කාලයක් ගත වූයේ නැත.මේ දියුණුවට හේතුව තම දෙවන දියණිය බව විශ්වාස කළ පොකුටා මුදලාලි කළ්‍යාණී නම් වූ ඒ දියණියට අනෙක් දරුවන්ට වැඩියෙන් ආදරය කළේය.

    කළ්‍යානී ඉගෙනීමෙහි අති දක්ෂය.පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාවය.පවුලේ සුරතලියවූ ඈ ගමෙහි මෙන්ම පාසලේද ජනප්‍රියම කෙල්ලකව සිටියාය. ලේඛනයෙහි,ගැයුමෙහි,වැයුමෙහි ,රැඟුමෙහි මෙන්ම වාදයෙහි විවාදයෙහිද,ක්‍රීඩාවෙහිද එකී මෙකී නොකී සියල්ලෙහිම දක්ෂය.

    තම මිත්‍රයා පොකුටා මුදලාලිගේ දියණිය නිසාවෙන්ම නොව දක්ෂතාවයන් නිසාම සහ,තමාට දරුවන් නොමැති වීමත් හේතුවෙන් විදුහල්පතිවරයා ද කළ්‍යානීට බොහෝ ආදරය කළේය.

    ඒ අති දක්ෂ කෙල්ල පාසලටත් ඇයගේ ගෙදරටත් ලක්ෂ්මි දෙවඟන බවත් ඇය යම් කිසි දිනක පාසලේ නමත් දිනවා ලෝකයක් දිනාගනු ඇති බවත් විදුහල්පතිවරයා කියූවේ වරක් දෙවරක් නොවේ.

    මේ කියන කළ්‍යානී කෙල්ලට ඔය කවුරුත් නොදත් පෙම්වතෙකු සිටියේය.සැබැවින්ම එය ඇදහිය නොහැකි අන්දමේ ප්‍රේමයකි.ඔහු උසය.කෙට්ටුය.තලේලුය.උඩට පීරා ඇති කොණ්ඩය හිස පිටුපසට වන්නට පමණක් වවා ඇති අතර බෙල්ල මුලට වන්නට රබර් පටියක් දමා බැඳගත් කොණ්ඩ කෑල්ලක් තිබිණි.හෙතෙම වර්ග දෙකක කරාඹු දෙකක් දමා සිටි අතර කාලයක් තිස්සේ බුලත් විට කෑමෙන් කහට බැඳුනු දත් ඇඳි දෙකක්ද හිමි ඔහු කළ්‍යාණීව මුලින්ම දුටුවේ පොකුටාගේ බිරිඳ හෙවත් කළ්‍යානීගේ මව වෙනුවට මාලු පන්සීය ගැනීමට පාරට ආ විටය.

    දිනපතා සවසට ආ මුහුදු මාලු කාරයා,මාලු විකිණූවේ නිත්‍ය ගනුදෙනුකරුවෙකු වූ පොකුටා මුදලාලීගේ මාලු පන්සීය පෙට්ටියේ මුල්ලකට වෙන් කිරීමෙන් පසුවය.මේ කියන දිනයේ මාලු කාරයා වෙත පැමිණි කළ්‍යාණී දුටුවේ වෙනදා මාලුකාරයා නොවේ.

    "අද මාමට සනීප නෑ,මම ආවා."

    "අද අම්ම නෑ මම ආවා"

    "ඒකත් නරකම නෑ.."

    "නරක ඒක නෙවෙයි"

    "එහෙනං?"

    "මාලු අයිය ගෙනත් තියෙන්නෙ හුරුල්ලෝ.."

    "ඉතිං මොකද?නරකද හුරුල්ලො?

    "තාත්ත බදාදට කන්නෙ සාලයො"

    "හුරුල්ලො කියන්නෙත් මාලුවො"

    " අපිට නං මාලුවො කියන්නෙම සාලයො"

    ඔයින් මෙයින් කෙල්ලට මාලු කාරයාත් මාලුකාරයාට කෙල්ලත් එකපැහැර මතක හිටියේය.දෙවනි දිනයේ මාලුකාරයා කඩයට පැමිණ පාන් රාත්තලක් හකුරු කෑලි පහක් හා බීඩි මිටියක් ගත්තේය.ඉතිරි සල්ලි දුන් කළ්‍යාණී හකුරු නැතැයි කීවාය.මාලුකාරයාගේ මුහුණ අඳුරු විය.

    "මුදලාලී ඔය පාන් කන්න ගන්න පුලුවන් මොකුත් නැද්ද?

    "දැං කන්නද?"

    "රෑට කන්න"

    එදායින් පසු මාලුකාරයා දිනපතා මාලු විකුණා පාන් රැගෙන ගියේය.මාලුකාරයා පොකුටා මුදලාලි හා හිතවත් වූයෙන් මාලුකාරයාට පාන් රාත්තල නොමිලේම ලැබුණේ මාලු කාරයා තනිකඩ අනාථයෙකු බව දැනගත් පසු පොකුටා තුළ ඇතුවූ අනුකම්පාව නිසාය.

    බේකරියේ සේවකයින් දෙදෙනාටද නිවසේම සාමාජිකයින්ට මෙන් සළකන සංවේදි හිතැත්තතියක වූ කළ්‍යාණී ඉඳහිටක පාන් රාත්තල සමඟ විස්කිරිඤ්ඤා පැකටුවක් හෝ බනිස් ගෙඩියක් දෙකක්ද ඔහුට දීමට උනන්දු වූවාය.

    ඒ මාලුකාරයා සිඟිත්තෙකු කාලයේ ඔහුගේ මව විසින් ඔහුව පනසලක් අසළ දමා යන විට ඔහුගේ කරෙහි තිබුණා යැයි කියන පංචායුධයක් ඔහුගේ කරෙහි විය.එය රිදියෙන් තැනුවකි.ඒ විස්තරය ඇසු පොකුටාගේ බිරිඳගේ මාතෲ හදවත ප්‍රේමයෙන් පිරී කම්පනය වූ බැවින් මාලුකාරයාට පාන් වෙනුවට බත් ගෙඩියක් ලැබෙන්නට පටන් ගත්තේය.

    මාලු පන්සීය ගෙනවිත් දී බීඩි මිටියක් ගන්නා ඔහු කඩයේ දාම් ලෑල්ලට හිඳගැනීමත් කලුවර වැටෙන තුරු නොයෙක් කතා කියමින් සිටීමත් පුරුද්දක් බවට පත් වූ විට කළ්‍යානී සිය මුදලාලී තාත්තාගේ උපකාරයට කඩයට ඒමද පුරුද්දක් වූ වෙනස පොකුටා මුදලාලීට වැටහුණේ නැත.සැබැවින්ම ඔය කියන පෙම් කතාව ආරම්භ වූයේ කළ්‍යාණීගේ අනුකම්පාව දුර දිග යාම නිසාය.

    කළ්‍යානී සිය පෙම්වතා වැද්දාගෙන් සුද්දෙකු කිරීමට වෙහෙසුණාය.පළමු අදියර ලෙස මාලුකාරයා සිය බීඩි බීම අත හරවා ගැනීමට මෙම ළපටි පෙම්වතියට හැකිවිය.ඇයට අවශ්‍ය වූයේ පෙම්වතා මිනිසෙකු කිරීමටය.කොහොමත් ඔය ළපටි පෙම්වතියෝ නසරානි කොල්ලෙකු තමා විසින් යහමඟට ගත්තා යැයි උදම් ඇනීමට ඉතා ආශාය.

    "මං තමයි එයාව හැදුවෙ" යනුවෙන් ඔය ඇඹිලිලි,ඇටකිති කෙල්ලන් කියනු ඇසීම තිහ පැන ඇති ගැහැනු පිරිමින්ගේ නම් අධෝ මුඛයෙන්ද උපහාසය වඩවන්නකි.

    කෙසේ හෝ මාලුකාරයා කළ්‍යානීගේ හිතේද,ශරීරයේද,නිවසේද යනාදී වශයෙන් නොදන්නා දෙයක් නැති තත්වයට පත් වීමට වැඩිකල් ගියේ නැත.පෙම්වතාට කළ්‍යාණීලාගේ බේකරියේ වැඩට ඒමට මහා ඕනෑකමක් තිබූ නමුදු කළ්‍යාණී එයට එකඟ නොවූවාය.කොහොම නමුත් බේකරියේ සේවකයන් දෙදෙනා සමඟද කුලුපග මාලුකාරයා බේකරිය ඇතුළටත් කඩයේ ඇතුළටමත් ඒම යාම සාමාන්‍ය දෙයක් බවට පත්විය.
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    බේකරියේ කලින් සේවය කළ සේවකයෙකු විසින් දමා ගිය ඇඳුම් කිහිපයක් මාලුකාරයාට දුන් කළ්‍යාණී ඒවා ඇඳීමටද ඔහුට බල කළාය.අන්තිමේ මාලුකාරයා ලකේට ඇන්ඳේය.

    කාලයත් සමඟ ඔවුනගේ ප්‍රේමය වැට කඩුලු සීමා පැන ගොස් වැව් තවුල්ලේ පඳුරක් යට කළ්‍යාණී ගැහැණියක වූදා කල්‍යාණීද සාමාන්‍ය ගැහැනුන් එවන් වියෙක අසන පොදු ප්‍රශ්ණයක් නැඟුවාය.

    "ඔයා මාව අතරමං කරන්නෑ නේද?"

    "ම්හු....ඇයි විශ්වාස නැද්ද?"

    ".............."

    "මේ බලන්ඩ..මේක තමයි මට තියන ලොකුම වස්තුව..ඔයා දන්නවනෙ ඒක.මම මේක ඔයාට දෙන්නං..ඔය මාලෙට මේකත් දාගන්න.මේ තමා මගෙ පොරොන්දුව."

    ",අපෙ අම්ම දැක්කොත් ඉවරයි.ඔයාගේ පංචායුධේ බව කාටත් මතකයි ඕක.".

    "ඔයා මට ආදරේ නම් අහුවෙන්නැතුව තියාගන්න."

    එදාට පහුවදා මාලුකාරයාගේ මාලු රැගෙන ආවෙ කොන්ඩ පෙන්ද නැතිවය.ඒ කොන්ඩ පෙන්ද කපා දැමීම කළ්‍යාණී ගේ ප්‍රේමනීය ඉල්ලීමක් බව ආයේ කිවමනාද..

    තවත් මාසයක් දෙකක් ගිය තැනක කළ්‍යාණීගේ ප්‍රේමය පැතූ පාසලේ කොල්ලෙකු පිළිබඳව කළ්‍යාණී හා මාලුකාරයා අතර බහින් බස් වීමක් ඇති වූ අතර මාලුකාරයා කළ්‍යාණී තමාව අතහරින්නට යන බවත් එසේ වුවහොත් තමා දිවිනසා ගන්නා බවත් කියමින් හඬා වැටුණේය.

    ඔය දාසය වයසේ අං පමණක් අහිමි තත්වයේ සිටින කෙල්ලන්ට අනුව වටිනාම පෙම්වතා වන්නේ තමා නැතිනම් මිය යන බව කියන ලොන්තයින් බැවින් කල්‍යානී කෙල්ල තව තවත් ආදරය වවාගත්තාය.

    තමාගේ ආදරය ඔප්පු කර පෙන්වීමට ඔහු ඉල්ලූ බොහෝ දේ කළාය.

    "එහෙනම් ඔය මාලෙ ගලවලා දෙන්න"

    "හා".

    "එපා දෙනවද බලන්න ඇහුවෙ"
    ==
    "එහෙනම් මට ගෙදර ඔයාලගෙ ගෙදර යතුරක් දෙන්න"

    "හා"

    "ඔය කිව්වට දෙන්නෑ."

    "ඔයාට ඒත් විශ්වාස නෑ.."

    "නෑ තමයි .ඔයා විබාග පාස් වෙද්දි මාව අමතක කරයි,ගේ ඕන නෑ ,කඩෙත් ඕන නෑ.බේකරියෙ යතුරක් ගෙනත් පෙන්නන්න.මං පිළිගන්නම්.."
    =

    "ඔයාලගෙ ගෙදර පොටෝ ඇල්බම් ගොඩාක් තියනව නේද.මට නම් පොටෝ නෑ එකක් වත්.."

    "අපි දෙන්නා ගහමු ස්ටුඩියෙන් "

    "අම්මෝ බඳින්න කලින් පොටෝ ගැහුවම ඒ දෙන්නා වෙන් වෙනවලු අයියෙ "

    "එහෙනම් ඕන් නෑ..මට ඔයාලගේ ඇල්බම් ගෙනත් දෙන්නකො බලන්න."

    "හා"

    "ගෙදර තියන ඔක්කොම ඈ..ආසයි එහෙම පවුලක් එකට ඉන්න පොටෝ බලන්න"
    =
    ඔය වැනි අටෝරාසියක් ඉල්ලීම් වලින් පිරුණු කාලයක් ගෙවෙමින් තිබියදී පොකුටා මුදලාලීගේ ගෙදර අවුරුදු පතා කෙරෙමින් ආ කිරි ඉතිරවීමේ මංගල්ලය ලං විය. මුදලාලී කඩවර අදහන්නෙකි. මාලුකාරයාද දැඩි කඩවර භක්තිකයෙකු වූ බැවින් ඔහුටද ආරධනා හිමිවිය.කිරි ඉතිරවීම තිබුණේ රාත්‍රී දොළහටය.

    කපුවාගේ දීර්ඝ යාතිකාව අතර ඇතැමුන් යක්ෂාරූඩ වූහ.කපුවා වීරයෙකු මෙන් ආරූඩ වූවන්ගේ හිස මත දෙහි ගෙඩිත් ගිරයත් තබා යකා එලෙව්වේය.කිරි උතුරවා අවසන්ව මංගල්ලයේ අවසාන භාගය වන්නට කාගේත් ඇස් කන් නාසා එකවර තිගස්සවමින් මහා හයියෙන් හූවක් කියූ එක් අයෙක් කපුවා ඉදිරියට පැන්නේය.පුදුමයකි ඒ කළ්‍යාණීගේ පෙම්වත් මාලුකාරයාය.

    කපුවාගේ අතින් ගත් පොල් මල වනමින් පහන් පැල වටා සුන්දර නර්තනයක යෙදුන ආරූඩවූ මාලුකාරයා කිසිවෙකුට නොතේරෙන භාෂාවකින් කතා කරන්නට පටන් ගත්තේය.ඒ බාෂාවෙන් ඔහු කතාකිරීම අරඹා විනාඩියක් දෙකක් යනතුරු දෙහි ගෙඩියත් ගිරයත් ඔහුට දික් කරගෙන සිටි කපුවා විනාඩි පහකට පසු ගිරය පහන් පැළ මත තැබුවේය.

    "අවසරයි දෙයියන්නාන්සෙ."

    කපුවා බිම වැටී ආරූඩ වු මාලුකාරයාට වැන්ඳේය.

    කළ්‍යානී බලා සිටියදීම පොකුටාට "පරයා "යැයි ඇමතූ මාලුකාරයා ඉදිරියේ එතැන සිටි සියල්ලෝ වැඳ වැටී සිටි නමුත් කළ්‍යාණීට වැඳ ගැනීමට අමතකව තිබිණි.ඇයට වැඳීම සිහිපත් කළේ විදුහල්පතිවරයා සහ ඔහුගේ බිරිඳය.

    කඩවරාරූඩ මාලුකාරයා පොකුටා සමඟ සමඟ ගෙය පුරා ඇවිද්දේය.බේකරිය පුරා කඩය පුරා ඇවිද්දේය.විදුහල්පතිවරයා පසු පසින් යෑමට සැරසුනද "නරපනුවා,පරයා" යන නාමයන් කියා එළවා දමන ලදි.වරින් වර පහන් පැළ අසළට ආ ආරූඩකාරයා අවසානයේ මල් කඩවර නැටුම නටන්නට පටන් ගත් විට ගෑනු නම් ඇස් පිය නොගසා බලා සිටිය බව කළ්‍යාණී පසුව කීවේ මාලුකාරයා ලැජ්ජා කරවමිනි.

    එදායින් පසු මාලුකාරයා හා පොකුටා අතර මහත් හිතවත්කමක් ඇතිව තිබුණෙන් කෙල්ල කළ්‍යාණී, මහපාරේ වුවද මාලුකාරයා සමඟ කතා කරමින් සිටීමට බිය වුයේ නැත.කෙසේ හෝ පොකුටා මුදලාලිගේත් මාළු කාරයාගේත් හිතවත්කම විදුහල්පතිවරයාගේත් පොකුටාගේත් ගේ හිතවත්කම සුළු කිරීමට හේතුවක් වී තිබුණෙම් මෙකී මාලුකාරයා මෙකී විදුහල්පතිවරයාගේ ක්‍රෝධ සහගත විවේචනයට ලක් වූ අතර එය කල්‍යාණියගේ වේදනාවට හේතුවිය.

    කොයි පෙම් හුටපටයත් වැඩිකල් ලොවෙන් සැඟවීම අසීරුය.එක් මූසළ දිනයක කල්‍යාණිගේත් මාළු කාරයාගේත් පෙම් හුටපටය විදුහල්පතිවරයාගේ කනට ගොස් තිබිණි.විදුහල්පති වරයා උදෑසන ශිෂ්‍ය නායක හමුවකදී ශිෂ්‍ය නායක මණ්ඩලය ඉදිරියේ ම කල්‍යාණීට දොස් නැගුවේය.ඒ දෝෂයත් අසාගෙන,ශිෂ්‍ය නායක මණ්ඩලයේ ඇතැම් සිසුවියන්ගේ උපහාස වලටත් ලක්වී එදින සවස අමතර පන්තියත් නිමා වී,ගෙදර පැමිණි කල්‍යාණී දුටුවේ කඩය ඉදිරිපිට නවත්වා තිබූ පොලිස් ජිප් රථයකි.

    කඩය තුල සිට මාංචු දමා රැගෙන ආ පොකුටා මුදලාලි ජීප්රියට නංවා ගනුත් ජීප් රිය තුළ විදුහල්පති වරයාද හිඳ සිටිනුත් දුටු කල්‍යාණි තම මව දෙස බැලුවා ය.

    කෙටියෙන් කිවහොත් කතාව මෙසේ ය.

    ටික කාලයකට පෙර ගම්මානය කෙළවරෙහි වූ රජ මහා විහාරයේ ඉපැරණි චෛත්‍ය ගර්භය හාරා එහි නිධන් කොට තිබූ දඹ රන් පිළිම දෙකක් ඇතුලුව නිධන් වස්තු සොරාගැනීමක් සිදු විය.ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට එකී ගම්මානයට එවන ලද රහස් පොලිස් නිළධාරියා අතුරුදන් විය.හෙතෙම සේවය කරමින් සිටියේ පොකුටා මුදකාලිගේ බෙකරියේය.පොකුටා මුදලාලිට හමු වූ හොඳම බක්කරේ වූ ඒ මිනිසා අලුත් අවුරුද්දට ගෙදර ගොස් නැවත නොපැමිණි බව කීම හැර කීමට වෙනත් තොරතුරක් පොකුටා මුදලාලි නොකීවේය.

    අර කී නිදන් හොරකම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා පිළිබඳ ව තිබූ සැකය තහවුරු කර ගැනීමට වඩා බක්කරේ ලෙස වෙස් වලාගෙන ඒ පිළිබඳව සෙවූ නිලධාරියාට වූයේ කුමක් දැයි සොයා ගැනීම රහස් පොලිසියේ පළමු කාර්යය බවට පත්ව තිබිණි.

    වචන කිහිපයකින් කියත හොත් ඒ කතාව මෙවැන්නකි . නිදන් හොරකම කළේ පොකුටාත් විදුහල්පතිතුමාත් එක්ව බව බක්කරේ දැනගත් හෙයින් ඔහුව මරා පාන් පෝරණුවෙහි දර සමඟ අලුවන්නට හැර නිදහස් වූ බව පොකුටා කඩවරයා සමඟ කියා තිබිණි.ඒ මාලුකාරයා කඩවරාරූඩ වූ දිනයේය.

    පොකුටා මුදලාලිගේ දෙවන දියණිය වූ කළ්‍යාණී දැන හෝ නොදැන උපයා දුන් සාක්ෂි සාධක බොහොමයක් සහිතව සිටි රහස් පොලිස් නිළධාරියා,ජීප් රියෙන් බැස පොකුටාගේ බිරිඳ දෙස බලා සිටියේය.

    "මාව අඳුනන්න පුලුවන්ද ?"

    ඔහු ඇසූ විට මඳ කට අයා බලා සිටි ගැහැනිය බොහෝ වේලාවකට පසු කට වසාගෙන කෙල ගිලිද්දී ඒ නිළධාරියා මෙසේ කියා ජීප් රියට නැගුණේය.

    "ඒ මාලුකාරය තමයි"
    =
    අර ශිෂ්‍ය නායක මඩුල්ල ඉදිරියේ කළ්‍යාණීට දොස් පවරද්දී විදුහල්පතිවරයාගේ මුවින් පිටවූ එකම එක දීර්ඝ වාක්‍ය කළ්‍යාණීගේ ඉරණම වෙනස් කිරීමට හේතු විය.

    "දැං මෙයාගෙ ඔලුවෙ අධ්‍යාපනයක් නෑ.මෙයා දැං බලන් ඉන්නෙ කොයි වෙලාවෙද නලාව ඇහෙන්නෙ කියලා.මාලු හෝන් එක ඇහෙනකොට මෙයාට ඉන්න බෑ..මෙයා හිතාගන ඉන්නෙ විභාග ලියන්න නෙවෙයි.මාලු කාරයෙක්ට හවුලට හෝන් ගහන්න යන්න..පෝපි පෝපි කියන සද්දෙ අත්පුඩි සද්දෙට වඩා වටිනව මෙයාට."

    ඔය කතාව කෙතරම් දුරදිග ගියාද යත් කළ්‍යාණීට පාසල් යාම තබා ගෙයින් එලියට යාමට නොහැකි වන තැනට කටකතා නිර්මාණය විය.

    "ආ නංගි මාළු කාරයාට හෝන් ගහන්න ගියේ නැද්ද "
    ඇසූ කොල්ලන් ද ,ඈ දුටු දුටු තැන පෝපි පෝපි යැයි කෑ ගැසූ කෙල්ලන්ද,
    "අප්පා කොටුකරලා දුන්නා මූසලී" දෝෂාරෝපණය කළ අම්මාද ඇයට ජීවිතය එපා කරවීමට සමත් විය.

    ඔව් ඔව් මේ කියන්නේ ඒ කල්‍යාණි මය.පෝපි හෙවත් සීතා කළ්‍යාණී දිසානායකමය.

    නිෂාන් තලගල අපගේ රහස් පරීක්ෂක නිලධාරියා යමින් සිටියේ ඒ සීතා කල්‍යාණිගේ ජීවිතයේ මුල් වසර දහසය සනිටුහන් වී තිබූ ඒ ගම්මානය වෙතමය.

    සැබැවින්ම පෝපි හෙවත් සීතා කල්‍යාණිද තලගල අතෙහි තිබූ ලිපිනයෙහි වූ ඒ නිවස වෙත කාලයකින් ගොස් තිබුණේ නැත.හරියටම කිවහොත් සාමාන්‍ය පෙළ විභාගයට දින දෙකක් තබා එයින් පැන ආ දාට පසු ,මේවන තෙක්ම නැවත ගොස් තිබුණේ නැත .

    කෙටියෙන් යැයි කියනමුත් කෙටියෙන් ලියා නිම නොකළ මෙම කතාවේ සීතා කල්‍යාණි හෙවත් පෝපි ගමෙන් පැන ගිය දිනය පිළිබඳව මෙසේ සටහන් කළ හැකිය.

    මාළු කාරයාට මෙම ගම්මානයේ මාළු වෙළඳාම අල්ලා දුන් මැදිවියේ මාලුකාරයා වූ ඩික්මන් හමුවීමට ගිය කල්‍යාණි ඒ රහස් පරීක්ෂක නිලධාරියා නොව තමාගේ පෙම්වතා වූ මාලුකාරයා සොයාගැනීමට උපකාර කරන්නැයි ඉල්ලා සිටියාය .ඉල්ලීම පිළිගත් ඩික්මන් කාලයකට පෙර දිනයක පෙම්වතා ඇයට ලියා දී තිබූ ලිපිනයක් රැගෙන තමා සමඟ එන්නැයි කීවිට එකී ලිපිනය පමණක් රැගෙන නිවසින් පිටව ගිය කළ්‍යාණී මාළු කාරයාගෙ පංචායුධය ගලවාගෙන එය එතෙක් රැඳී තිබූ රන් මාලයද ගලවා මේසය මත තබා ගියාය.

    ඈ ගියේ සිය මවගෙන් හා පියාගෙන් සිය දහස් වාරයක් සමාව ඉල්ලා ලිපියක් ලියා තැබීමෙන්ද පසුවය.

    කළ්‍යාණීව තම ගමට කැඳවාගෙන ගිය ඩික්මන් මාලු සමාජයට ඇයව හඳුන්වා දුන්නේ මෙසේය.

    "ඒ පෝපි කෙල්ල..මගෙ පෝපි කෙල්ල."

    කෙතරම් ඇවිටිලි ලැබත්,කළ්‍යාණී හෙවත් පෝපි කෙල්ල අත තිබූ ලිපිනය සොයා යාමට ඩික්මන් උනන්දු නොවූයේ , එවන් ආකාරයේ ලිපිනයක් නොමැති වූ නිසාද එසේත් නැතිනම් මැදිවියේ ගෑනුන්ගේම රස පහස පමණක්ම විඳ තිබූ ඩික්මන්ට මේ ගැටිස්සියගේ රස පහස උවමනා වූ නිසාවෙන්මදැයි අපට හරියටම කිව නොහැකි වුවත්;අවසානයේ සිදුවූයේ ඩික්මන් විසින් කල්‍යාණි ව පරිහරණයට ගැනීමය.

    "ඔයාට ඉතින් රුවන් එකත් ඉඳලා පුරුදුනේ "

    ඩික්මන් කියූවේය. රුවන් නමින් පෙනී සිටි තම පෙම්වතා මෙම මහලු මාලුකාරයා සමගද ඒ විස්තරය කියා ඇති බව දැනගත් කල්‍යාණි ඒ මාළු ගම්මානයේ පිළි ගඳත් ලුණු රසැති සුළඟත් පමණක් දන්නා කඳුළු ඇති තරම් හෙලුවාය..

    ඩික්මන් ගේ අවිවාහක වූත්, වැඩිමහළු වූත්, යහපත් වූත් සහෝදරිය ඩුබායි සිට පැමිණියේ ඩික්මන් පෝපිව ගමට ගෙනගොස් තුන් මාසයකට පසුවය.එකී ඩික්මන්ගේ සහෝදරිය පෝපිට ආදරය කළාය . ඇයගේ උපකාරයෙන් ඩික්මන්ගෙන් මිදී පලායාමට හැකි වූවත් ඒ වන විටත් පෝපි ලෙස නම් දරා ඩික්මන්ගේ මාලු ලෑල්ලේ සහකාරිය බවට පත්ව සිටි පෝපි,නැවත් ගමට යාම ප්‍රතික්ෂේප කළාය.

    අනෙක් අතට තමාට සිදුවූ දෙයට අනුවයැයි ඇයට උදාවූ වර්ථමානය ඇයම දරාගෙන තිබුණා මිස ඩික්මන් හෝ වෙනත් කිසිවෙක් ඇයව සිරකරගෙන සිටියේ නැත.
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    රුවන් කුමාරගේ ලිපිනය සොයා ගිය පෝපී හට,ගල්ගමුවේදී ඇයගේ ආදරය දිනාගත්තේ රුවන් කුමාරයෙක් හෝ මාලුකාරයෙක් නොව වලිමුණි දේවයලගේ නිශාන් තලගල නම් රහස් පොලිස් නිළධාරියා බවත් ඔහු ඇයට ආදරය කළා නොව ඇයව තමාගේ නැඟීමේ පඩිය ලෙස භාවිතා කළා පමණකිය යන්නත් හොඳින් වටහා දුන්නේ ඩික්මන්ගේ අක්කාය.

    අහ්...දැන් ඉතිං කතාව අවසානයකට පැමිණ ඇත්තේය.මේ වන විට ගරා වැටී ඇති බේකරිය ඉදිරිපිට රාත්‍රී දහයට පමණ නවත්වන ලද නිශාන් තලගලගේ වාහනයත්,එයින් හරියටම විනාඩි පහකටපසු එතැනට ආ පෝපිගෙ වාහයත් මුහුණට මුහුණලා නවත්වා තිබිණි.පෝපි වාහනයෙන් බැස්සාය.නිර්භීතව ඉදිරියට ගොස් තම අත දිගු කළාය.
    "මිස්ටර් තලගල...මං සිතා කළ්‍යාණී දිසානයක...නොහොත් පෝපී.."
    තලගලගේ අත දිගු වූයේ නැත.අඳුරට නියවූ හෙතෙම සිය වාහනයට නැඟී ඉගිල ගියේය.

    ===දෙදිනකට පසු පෝපිගේ කොළඹ නිවසට ගිය තලගල ඇයගේ සාලයේ වූ සුවපහසු සෝපාවේ හිඳ ගත්තේය.ඒ ඔහුගේ නිළ ඇඳුමෙන්මය.පුද්ගලික කාරණාවක් උදෙසා පෝපි ඉදිරියට යාමට රාජකාරි නිළ ඇඳුම ඇඳි නිළධාරියාට සිසිල් බීම වීදුරුවක් ලැබිණි.

    "ඕන නෑ.." නිළධාරියා කීවේය.

    "වහක් දාල නෑ."

    "නෑ මම පිටින් කනව බොනව අඩුයි"

    "මං බඩුවක් වුනාට ඕක මං හදපු එකක් නෙවෙයි.කම්පැනි එකක්."

    "මං කිව්වෙ නෑ කළ්‍යාණී බඩුවක් කියලා."

    "සර් කිව්වත් නොකිව්වත් කළ්‍යාණී කියන්නෙ බඩුවක් තමයි සර්"

    "මං ආවේ මේක කියන්න.අර නඩුව ආයෙ ඇදෙන්නෑ..ඇදුනත් ඒකෙ කළ්‍යාණි කෙනෙක් නෑ"

    "එහෙමද කවුද සර් කල්‍යාණි කියන්නේ?"

    "සීතා කළ්‍යාණී දිසානායක ඒ නඩුවේ නෑ "

    "ඇත්තද.. ඒ උනාට සර් පෝපි කියන බඩුව නැතුව ඒ නඩුව දුවන්නෙ නෑ කියලා ඕන බබෙක්ට තේරෙනවා,කොහොමත් මේ රටේ ඉතින් බඩුවක් නැති නඩුවකුත් නෑනේ"

    "සෑම නඩුවකම බඩුවක් නෑ"

    "ඒ උනාට හැම බඩුවක්ම නඩුවක් සර්"

    "හුඟාක් නඩු අස්සෙ බඩු පත්තිනි වෙලා තියෙනවා"

    "හුඟක් නඩු අස්සෙ පත්තිනිලත් බඩුවෙලා තියෙනවා සර්"

    "වෙන්නැති මම දන්නේ නෑ"

    "ඒ නඩුව තිබ්බ නැතා පෝපි කියන්නෙ බඩුවක්ම තමයි සර්"

    "මට නම් එහෙම නෑ"

    "කාට නැතත් සර්ට මේ බඩුව නඩුවක් සර්,ඒකහින්දා ආයේ මේ පැත්තේ එන්න එපා සර්"

    "හැම බඩුවක්ම නඩුවක් නෙවෙයි"

    "ඒ උනාට සර් හැම බඩුවකටමට තියෙනවා අවනඩුවක්.. කවුරුම හරි පිරිමියෙක් ගැන කියන්න තියෙන"

    නිහඬ මොහොතක් අවසානයේ අපගේ නිලධාරියා නැගිට්ටේය.

    "මෙන්න මේක අරන් යන්ඩ සර් .සර් එදා කියපු කතාව ඇත්ත නම් සර්ට මේක බොහොම වටිනවා"

    පෝපි විසින් වීදුරු ස්ටූලය මත තැබූ අර පැරණි පංචායුධය දෙස බැලූ නිශාන් තලගලගේ අත නලලට ගියේය. දබරගිල්ල සහ මහපට ඇඟිල්ලෙන් නළල තෙරපවා ගත් ඔහුගේ දෑස් පියැවී තිබිණි.පෝපි හැරී ගෙතුළට ගියාය.

    ඈ ආපසු සාලයට ආවේ නිශාන් තලගලගේ වාහනය ගේට්ටුවෙන් එළියට ගිය පසුය.සාලයට පැමිණි පෝපි ගේ ඇස ගැටුණේ වීදුරු ස්ටූලය මත තබා තිබූ තලගලගේ නිළ ඇඳුමෙන් ගලවන ලද එක් තරුවකි.

    එය අතට ගත් පෝපි සිය සමීපම හිතවතාට කතා කළාය.

    "මහත්තයා... මහත්තයා"

    දිගු බූල් සහිත වලිගය වනමින් දිවත් එළියට දමාගෙන වේගයෙන් දුවගෙන ආ මහත්තයා පෝපිගේ ඔඩොක්කුවට දෑත තැබුවේය.

    "උඹ දන්නවද මහත්තයා,හුඟක් මහත්තුරු එල්ලගන ඉන්න තරු එල්ලිලා තියෙන්නේ ගෑනු කියන නූල් වලින්..ඔන්න ඕකට උඹ කැමති දෙයක් කරපන්."

    ඔය කිසිත් නොදත් මහත්තයා ඒ තරුව කටින් ගෙන එලියට දිව්වේය.

    එදින සන්ධ්‍යාවේ ගේ ඉදිරිපස පාපිස්ස මත තිබූ යමකට පෝපි ගේ යටිපතුල කැපී ගිය අතර ඒ මහත්තයා සපමින් සිටි අර තරු පතුරටය.
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අතරින් පතර කියෙව්වම රසවත් කතාවක් වගේ දැනුනේ...
    නිදහස් වෙලාවක හිමින් සැරේ කියවන්න ඕනේ... :D
     
    • Like
    Reactions: banda065

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    උඹ දන්නවද මහත්තයා,හුඟක් මහත්තුරු එල්ලගන ඉන්න තරු එල්ලිලා තියෙන්නේ ගෑනු කියන නූල් වලින්..ඔන්න ඕකට උඹ කැමති දෙයක් කරපන්:yes::yes:

    කියෙව්වා .. සුපිරි
     
    • Like
    Reactions: banda065