Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
56 minutes ago
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
*නඩුව බඩුව සහ තරුව*
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අර කලක් අතරුදන්ව සිටි පෝපිගේ; මහලු මාලුකාර සැමියා විසින් ලියන ලද ලිපිනයේ සිටි ඒ කළ්යාණී ; දහසය හැවිරිදි කෙල්ලකි.ඇගේ පියා දිසානායක පවුලේ ලොකු පුත්රයා වූ පොකුටා මුදලාලිය.පොකුටා මුදලාලීට දියණියන් දෙදෙනෙක් හා එක් පුත්රයෙකි.පොකුටු කෙසක් තිබූ හෙයින් ඔහු පොකුටා මුදලාලී වන්නට ඇතැයි අප අනුමාන කරන නමුදු ඔහුට ඇත්තේ පොකුටු කෙසක් නොවේ.පොකුටාගේ නම ආයේ කොහෙන්දැයි සෙවීම අපගේ ප්රධාන කතාවට අදාළ නොවන බැවින් අපි පොකුටා මුදලාලිගේ දෙවන දියණිය කළ්යාණී පිළිබඳව සොයා යමු.

ඒවන විටත් පොල් ගස් තිහක වත්කමකින් පමණක් සෑහෙමින් ඉතා අපහසුවෙන් ජීවත් වෙමින් සිටි නිකම්ම නිකම් පොකුටා;පොකුටා මුදලාලි බවට පත්වීමේ ආරම්භය සනිටුහන් වූයේ ඔහුගේ දෙවනි දියණියගේ කොටහලු මංගල්ලය දිනය. ගමේ පාසලට අලුතින් පැමිණි විදුහල්පතිවරයාගේ බිරිඳට ගල්ගමුවේ ඌෂ්ණය දරා ගත නොහැකිව මුත්රා දැවිල්ල ඇති වූ නිසාවෙන් ඇයට තැඹිලි උවමනා විය.

ගේ ඉදිරිපිට ගහෙන් තැඹිලි ගෙඩියක් ඉල්ලූ බව පොකුටාගේ බිරිඳ කියූ විට ගහට නැඟ තැඹ්ලි ගෙඩි දෙකක් කැඩූ පොකුටා,විදුහල්පතිවරයා කුලියට ගත් නිවසේ දොරකොඩටම එය ගෙනගොස් දුන්නේය.පසුවදාත් තව තැඹිලි ගෙඩි දෙක තුනක් එවීමට පොරොන්දු වූවේය.එදායින් ඇරඹි පොකුටාගේත් විදුහල්පතිවරයාගේත් හිතවත් කම පසුව අතීජාත මිත්රත්වයක් බවට පත්විය.

විදුහල්පතිවරයා ගමට පැමිණීමෙන් පසු පොකුටාගේ ජීවිතය වෙනස් විය.නිකම්ම නිකම් පොකුටා ,නිවස ඉදිරිපිට ලෑලි කෑල්ලක තබා තැඹිලි විකිණීමේ සිට සිල්ලර කඩයක් හා බේකරියක් දමා ගෙන පොකුටා මුදලාලී වීම දක්වා උසස් වීමට අවුරුද්දකට වඩා කාලයක් ගත වූයේ නැත.මේ දියුණුවට හේතුව තම දෙවන දියණිය බව විශ්වාස කළ පොකුටා මුදලාලි කළ්යාණී නම් වූ ඒ දියණියට අනෙක් දරුවන්ට වැඩියෙන් ආදරය කළේය.

කළ්යානී ඉගෙනීමෙහි අති දක්ෂය.පාසලේ උප ප්රධාන ශිෂ්ය නායිකාවය.පවුලේ සුරතලියවූ ඈ ගමෙහි මෙන්ම පාසලේද ජනප්රියම කෙල්ලකව සිටියාය. ලේඛනයෙහි,ගැයුමෙහි,වැයුමෙහි ,රැඟුමෙහි මෙන්ම වාදයෙහි විවාදයෙහිද,ක්රීඩාවෙහිද එකී මෙකී නොකී සියල්ලෙහිම දක්ෂය.

තම මිත්රයා පොකුටා මුදලාලිගේ දියණිය නිසාවෙන්ම නොව දක්ෂතාවයන් නිසාම සහ,තමාට දරුවන් නොමැති වීමත් හේතුවෙන් විදුහල්පතිවරයා ද කළ්යානීට බොහෝ ආදරය කළේය.

ඒ අති දක්ෂ කෙල්ල පාසලටත් ඇයගේ ගෙදරටත් ලක්ෂ්මි දෙවඟන බවත් ඇය යම් කිසි දිනක පාසලේ නමත් දිනවා ලෝකයක් දිනාගනු ඇති බවත් විදුහල්පතිවරයා කියූවේ වරක් දෙවරක් නොවේ.

මේ කියන කළ්යානී කෙල්ලට ඔය කවුරුත් නොදත් පෙම්වතෙකු සිටියේය.සැබැවින්ම එය ඇදහිය නොහැකි අන්දමේ ප්රේමයකි.ඔහු උසය.කෙට්ටුය.තලේලුය.උඩට පීරා ඇති කොණ්ඩය හිස පිටුපසට වන්නට පමණක් වවා ඇති අතර බෙල්ල මුලට වන්නට රබර් පටියක් දමා බැඳගත් කොණ්ඩ කෑල්ලක් තිබිණි.හෙතෙම වර්ග දෙකක කරාඹු දෙකක් දමා සිටි අතර කාලයක් තිස්සේ බුලත් විට කෑමෙන් කහට බැඳුනු දත් ඇඳි දෙකක්ද හිමි ඔහු කළ්යාණීව මුලින්ම දුටුවේ පොකුටාගේ බිරිඳ හෙවත් කළ්යානීගේ මව වෙනුවට මාලු පන්සීය ගැනීමට පාරට ආ විටය.

දිනපතා සවසට ආ මුහුදු මාලු කාරයා,මාලු විකිණූවේ නිත්ය ගනුදෙනුකරුවෙකු වූ පොකුටා මුදලාලීගේ මාලු පන්සීය පෙට්ටියේ මුල්ලකට වෙන් කිරීමෙන් පසුවය.මේ කියන දිනයේ මාලු කාරයා වෙත පැමිණි කළ්යාණී දුටුවේ වෙනදා මාලුකාරයා නොවේ.

"අද මාමට සනීප නෑ,මම ආවා."

"අද අම්ම නෑ මම ආවා"

"ඒකත් නරකම නෑ.."

"නරක ඒක නෙවෙයි"

"එහෙනං?"

"මාලු අයිය ගෙනත් තියෙන්නෙ හුරුල්ලෝ.."

"ඉතිං මොකද?නරකද හුරුල්ලො?

"තාත්ත බදාදට කන්නෙ සාලයො"

"හුරුල්ලො කියන්නෙත් මාලුවො"

" අපිට නං මාලුවො කියන්නෙම සාලයො"

ඔයින් මෙයින් කෙල්ලට මාලු කාරයාත් මාලුකාරයාට කෙල්ලත් එකපැහැර මතක හිටියේය.දෙවනි දිනයේ මාලුකාරයා කඩයට පැමිණ පාන් රාත්තලක් හකුරු කෑලි පහක් හා බීඩි මිටියක් ගත්තේය.ඉතිරි සල්ලි දුන් කළ්යාණී හකුරු නැතැයි කීවාය.මාලුකාරයාගේ මුහුණ අඳුරු විය.

"මුදලාලී ඔය පාන් කන්න ගන්න පුලුවන් මොකුත් නැද්ද?

"දැං කන්නද?"

"රෑට කන්න"

එදායින් පසු මාලුකාරයා දිනපතා මාලු විකුණා පාන් රැගෙන ගියේය.මාලුකාරයා පොකුටා මුදලාලි හා හිතවත් වූයෙන් මාලුකාරයාට පාන් රාත්තල නොමිලේම ලැබුණේ මාලු කාරයා තනිකඩ අනාථයෙකු බව දැනගත් පසු පොකුටා තුළ ඇතුවූ අනුකම්පාව නිසාය.

බේකරියේ සේවකයින් දෙදෙනාටද නිවසේම සාමාජිකයින්ට මෙන් සළකන සංවේදි හිතැත්තතියක වූ කළ්යාණී ඉඳහිටක පාන් රාත්තල සමඟ විස්කිරිඤ්ඤා පැකටුවක් හෝ බනිස් ගෙඩියක් දෙකක්ද ඔහුට දීමට උනන්දු වූවාය.

ඒ මාලුකාරයා සිඟිත්තෙකු කාලයේ ඔහුගේ මව විසින් ඔහුව පනසලක් අසළ දමා යන විට ඔහුගේ කරෙහි තිබුණා යැයි කියන පංචායුධයක් ඔහුගේ කරෙහි විය.එය රිදියෙන් තැනුවකි.ඒ විස්තරය ඇසු පොකුටාගේ බිරිඳගේ මාතෲ හදවත ප්රේමයෙන් පිරී කම්පනය වූ බැවින් මාලුකාරයාට පාන් වෙනුවට බත් ගෙඩියක් ලැබෙන්නට පටන් ගත්තේය.

මාලු පන්සීය ගෙනවිත් දී බීඩි මිටියක් ගන්නා ඔහු කඩයේ දාම් ලෑල්ලට හිඳගැනීමත් කලුවර වැටෙන තුරු නොයෙක් කතා කියමින් සිටීමත් පුරුද්දක් බවට පත් වූ විට කළ්යානී සිය මුදලාලී තාත්තාගේ උපකාරයට කඩයට ඒමද පුරුද්දක් වූ වෙනස පොකුටා මුදලාලීට වැටහුණේ නැත.සැබැවින්ම ඔය කියන පෙම් කතාව ආරම්භ වූයේ කළ්යාණීගේ අනුකම්පාව දුර දිග යාම නිසාය.

කළ්යානී සිය පෙම්වතා වැද්දාගෙන් සුද්දෙකු කිරීමට වෙහෙසුණාය.පළමු අදියර ලෙස මාලුකාරයා සිය බීඩි බීම අත හරවා ගැනීමට මෙම ළපටි පෙම්වතියට හැකිවිය.ඇයට අවශ්ය වූයේ පෙම්වතා මිනිසෙකු කිරීමටය.කොහොමත් ඔය ළපටි පෙම්වතියෝ නසරානි කොල්ලෙකු තමා විසින් යහමඟට ගත්තා යැයි උදම් ඇනීමට ඉතා ආශාය.

"මං තමයි එයාව හැදුවෙ" යනුවෙන් ඔය ඇඹිලිලි,ඇටකිති කෙල්ලන් කියනු ඇසීම තිහ පැන ඇති ගැහැනු පිරිමින්ගේ නම් අධෝ මුඛයෙන්ද උපහාසය වඩවන්නකි.

කෙසේ හෝ මාලුකාරයා කළ්යානීගේ හිතේද,ශරීරයේද,නිවසේද යනාදී වශයෙන් නොදන්නා දෙයක් නැති තත්වයට පත් වීමට වැඩිකල් ගියේ නැත.පෙම්වතාට කළ්යාණීලාගේ බේකරියේ වැඩට ඒමට මහා ඕනෑකමක් තිබූ නමුදු කළ්යාණී එයට එකඟ නොවූවාය.කොහොම නමුත් බේකරියේ සේවකයන් දෙදෙනා සමඟද කුලුපග මාලුකාරයා බේකරිය ඇතුළටත් කඩයේ ඇතුළටමත් ඒම යාම සාමාන්ය දෙයක් බවට පත්විය.

[QUOTE="banda065, post: 25127973, member: 27834"] [SIZE="4"][COLOR="Blue"]අර කලක් අතරුදන්ව සිටි පෝපිගේ; මහලු මාලුකාර සැමියා විසින් ලියන ලද ලිපිනයේ සිටි ඒ කළ්යාණී ; දහසය හැවිරිදි කෙල්ලකි.ඇගේ පියා දිසානායක පවුලේ ලොකු පුත්රයා වූ පොකුටා මුදලාලිය.පොකුටා මුදලාලීට දියණියන් දෙදෙනෙක් හා එක් පුත්රයෙකි.පොකුටු කෙසක් තිබූ හෙයින් ඔහු පොකුටා මුදලාලී වන්නට ඇතැයි අප අනුමාන කරන නමුදු ඔහුට ඇත්තේ පොකුටු කෙසක් නොවේ.පොකුටාගේ නම ආයේ කොහෙන්දැයි සෙවීම අපගේ ප්රධාන කතාවට අදාළ නොවන බැවින් අපි පොකුටා මුදලාලිගේ දෙවන දියණිය කළ්යාණී පිළිබඳව සොයා යමු. ඒවන විටත් පොල් ගස් තිහක වත්කමකින් පමණක් සෑහෙමින් ඉතා අපහසුවෙන් ජීවත් වෙමින් සිටි නිකම්ම නිකම් පොකුටා;පොකුටා මුදලාලි බවට පත්වීමේ ආරම්භය සනිටුහන් වූයේ ඔහුගේ දෙවනි දියණියගේ කොටහලු මංගල්ලය දිනය. ගමේ පාසලට අලුතින් පැමිණි විදුහල්පතිවරයාගේ බිරිඳට ගල්ගමුවේ ඌෂ්ණය දරා ගත නොහැකිව මුත්රා දැවිල්ල ඇති වූ නිසාවෙන් ඇයට තැඹිලි උවමනා විය. ගේ ඉදිරිපිට ගහෙන් තැඹිලි ගෙඩියක් ඉල්ලූ බව පොකුටාගේ බිරිඳ කියූ විට ගහට නැඟ තැඹ්ලි ගෙඩි දෙකක් කැඩූ පොකුටා,විදුහල්පතිවරයා කුලියට ගත් නිවසේ දොරකොඩටම එය ගෙනගොස් දුන්නේය.පසුවදාත් තව තැඹිලි ගෙඩි දෙක තුනක් එවීමට පොරොන්දු වූවේය.එදායින් ඇරඹි පොකුටාගේත් විදුහල්පතිවරයාගේත් හිතවත් කම පසුව අතීජාත මිත්රත්වයක් බවට පත්විය. විදුහල්පතිවරයා ගමට පැමිණීමෙන් පසු පොකුටාගේ ජීවිතය වෙනස් විය.නිකම්ම නිකම් පොකුටා ,නිවස ඉදිරිපිට ලෑලි කෑල්ලක තබා තැඹිලි විකිණීමේ සිට සිල්ලර කඩයක් හා බේකරියක් දමා ගෙන පොකුටා මුදලාලී වීම දක්වා උසස් වීමට අවුරුද්දකට වඩා කාලයක් ගත වූයේ නැත.මේ දියුණුවට හේතුව තම දෙවන දියණිය බව විශ්වාස කළ පොකුටා මුදලාලි කළ්යාණී නම් වූ ඒ දියණියට අනෙක් දරුවන්ට වැඩියෙන් ආදරය කළේය. කළ්යානී ඉගෙනීමෙහි අති දක්ෂය.පාසලේ උප ප්රධාන ශිෂ්ය නායිකාවය.පවුලේ සුරතලියවූ ඈ ගමෙහි මෙන්ම පාසලේද ජනප්රියම කෙල්ලකව සිටියාය. ලේඛනයෙහි,ගැයුමෙහි,වැයුමෙහි ,රැඟුමෙහි මෙන්ම වාදයෙහි විවාදයෙහිද,ක්රීඩාවෙහිද එකී මෙකී නොකී සියල්ලෙහිම දක්ෂය. තම මිත්රයා පොකුටා මුදලාලිගේ දියණිය නිසාවෙන්ම නොව දක්ෂතාවයන් නිසාම සහ,තමාට දරුවන් නොමැති වීමත් හේතුවෙන් විදුහල්පතිවරයා ද කළ්යානීට බොහෝ ආදරය කළේය. ඒ අති දක්ෂ කෙල්ල පාසලටත් ඇයගේ ගෙදරටත් ලක්ෂ්මි දෙවඟන බවත් ඇය යම් කිසි දිනක පාසලේ නමත් දිනවා ලෝකයක් දිනාගනු ඇති බවත් විදුහල්පතිවරයා කියූවේ වරක් දෙවරක් නොවේ. මේ කියන කළ්යානී කෙල්ලට ඔය කවුරුත් නොදත් පෙම්වතෙකු සිටියේය.සැබැවින්ම එය ඇදහිය නොහැකි අන්දමේ ප්රේමයකි.ඔහු උසය.කෙට්ටුය.තලේලුය.උඩට පීරා ඇති කොණ්ඩය හිස පිටුපසට වන්නට පමණක් වවා ඇති අතර බෙල්ල මුලට වන්නට රබර් පටියක් දමා බැඳගත් කොණ්ඩ කෑල්ලක් තිබිණි.හෙතෙම වර්ග දෙකක කරාඹු දෙකක් දමා සිටි අතර කාලයක් තිස්සේ බුලත් විට කෑමෙන් කහට බැඳුනු දත් ඇඳි දෙකක්ද හිමි ඔහු කළ්යාණීව මුලින්ම දුටුවේ පොකුටාගේ බිරිඳ හෙවත් කළ්යානීගේ මව වෙනුවට මාලු පන්සීය ගැනීමට පාරට ආ විටය. දිනපතා සවසට ආ මුහුදු මාලු කාරයා,මාලු විකිණූවේ නිත්ය ගනුදෙනුකරුවෙකු වූ පොකුටා මුදලාලීගේ මාලු පන්සීය පෙට්ටියේ මුල්ලකට වෙන් කිරීමෙන් පසුවය.මේ කියන දිනයේ මාලු කාරයා වෙත පැමිණි කළ්යාණී දුටුවේ වෙනදා මාලුකාරයා නොවේ. "අද මාමට සනීප නෑ,මම ආවා." "අද අම්ම නෑ මම ආවා" "ඒකත් නරකම නෑ.." "නරක ඒක නෙවෙයි" "එහෙනං?" "මාලු අයිය ගෙනත් තියෙන්නෙ හුරුල්ලෝ.." "ඉතිං මොකද?නරකද හුරුල්ලො? "තාත්ත බදාදට කන්නෙ සාලයො" "හුරුල්ලො කියන්නෙත් මාලුවො" " අපිට නං මාලුවො කියන්නෙම සාලයො" ඔයින් මෙයින් කෙල්ලට මාලු කාරයාත් මාලුකාරයාට කෙල්ලත් එකපැහැර මතක හිටියේය.දෙවනි දිනයේ මාලුකාරයා කඩයට පැමිණ පාන් රාත්තලක් හකුරු කෑලි පහක් හා බීඩි මිටියක් ගත්තේය.ඉතිරි සල්ලි දුන් කළ්යාණී හකුරු නැතැයි කීවාය.මාලුකාරයාගේ මුහුණ අඳුරු විය. "මුදලාලී ඔය පාන් කන්න ගන්න පුලුවන් මොකුත් නැද්ද? "දැං කන්නද?" "රෑට කන්න" එදායින් පසු මාලුකාරයා දිනපතා මාලු විකුණා පාන් රැගෙන ගියේය.මාලුකාරයා පොකුටා මුදලාලි හා හිතවත් වූයෙන් මාලුකාරයාට පාන් රාත්තල නොමිලේම ලැබුණේ මාලු කාරයා තනිකඩ අනාථයෙකු බව දැනගත් පසු පොකුටා තුළ ඇතුවූ අනුකම්පාව නිසාය. බේකරියේ සේවකයින් දෙදෙනාටද නිවසේම සාමාජිකයින්ට මෙන් සළකන සංවේදි හිතැත්තතියක වූ කළ්යාණී ඉඳහිටක පාන් රාත්තල සමඟ විස්කිරිඤ්ඤා පැකටුවක් හෝ බනිස් ගෙඩියක් දෙකක්ද ඔහුට දීමට උනන්දු වූවාය. ඒ මාලුකාරයා සිඟිත්තෙකු කාලයේ ඔහුගේ මව විසින් ඔහුව පනසලක් අසළ දමා යන විට ඔහුගේ කරෙහි තිබුණා යැයි කියන පංචායුධයක් ඔහුගේ කරෙහි විය.එය රිදියෙන් තැනුවකි.ඒ විස්තරය ඇසු පොකුටාගේ බිරිඳගේ මාතෲ හදවත ප්රේමයෙන් පිරී කම්පනය වූ බැවින් මාලුකාරයාට පාන් වෙනුවට බත් ගෙඩියක් ලැබෙන්නට පටන් ගත්තේය. මාලු පන්සීය ගෙනවිත් දී බීඩි මිටියක් ගන්නා ඔහු කඩයේ දාම් ලෑල්ලට හිඳගැනීමත් කලුවර වැටෙන තුරු නොයෙක් කතා කියමින් සිටීමත් පුරුද්දක් බවට පත් වූ විට කළ්යානී සිය මුදලාලී තාත්තාගේ උපකාරයට කඩයට ඒමද පුරුද්දක් වූ වෙනස පොකුටා මුදලාලීට වැටහුණේ නැත.සැබැවින්ම ඔය කියන පෙම් කතාව ආරම්භ වූයේ කළ්යාණීගේ අනුකම්පාව දුර දිග යාම නිසාය. කළ්යානී සිය පෙම්වතා වැද්දාගෙන් සුද්දෙකු කිරීමට වෙහෙසුණාය.පළමු අදියර ලෙස මාලුකාරයා සිය බීඩි බීම අත හරවා ගැනීමට මෙම ළපටි පෙම්වතියට හැකිවිය.ඇයට අවශ්ය වූයේ පෙම්වතා මිනිසෙකු කිරීමටය.කොහොමත් ඔය ළපටි පෙම්වතියෝ නසරානි කොල්ලෙකු තමා විසින් යහමඟට ගත්තා යැයි උදම් ඇනීමට ඉතා ආශාය. "මං තමයි එයාව හැදුවෙ" යනුවෙන් ඔය ඇඹිලිලි,ඇටකිති කෙල්ලන් කියනු ඇසීම තිහ පැන ඇති ගැහැනු පිරිමින්ගේ නම් අධෝ මුඛයෙන්ද උපහාසය වඩවන්නකි. කෙසේ හෝ මාලුකාරයා කළ්යානීගේ හිතේද,ශරීරයේද,නිවසේද යනාදී වශයෙන් නොදන්නා දෙයක් නැති තත්වයට පත් වීමට වැඩිකල් ගියේ නැත.පෙම්වතාට කළ්යාණීලාගේ බේකරියේ වැඩට ඒමට මහා ඕනෑකමක් තිබූ නමුදු කළ්යාණී එයට එකඟ නොවූවාය.කොහොම නමුත් බේකරියේ සේවකයන් දෙදෙනා සමඟද කුලුපග මාලුකාරයා බේකරිය ඇතුළටත් කඩයේ ඇතුළටමත් ඒම යාම සාමාන්ය දෙයක් බවට පත්විය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom