නත්තල් දින රාත්‍රී අහසේ දුර්ලභ සිදුවීම් &#3503

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
නත්තල් දින රාත්‍රී අහසේ දුර්ලභ සිදුවීම් &#3503

10435e0ed85de1a20135adfff5317b0f_L.jpg


නත්තල උදාවන අද (24) රාත‍්‍රියේදී අභ්‍යවකාශයේ විරල සිදුවීම් දෙකක් සිදුවේ.

පූර්ණ චන්ද්‍රයා සහිත රාත‍්‍රියක නත්තල උදාවීම එම පළමු සිදුවීමයි.

පෘථිවියට ආසන්නයෙන් කිලෝමීටර් දශම 07 ක විශ්කම්භයකින් යුත් ග‍්‍රාහකයක් ගමන් කිරීම නත්තල උදාවන අද රාත‍්‍රියේ සිදුවන අනෙක් විරල සිදුවීම වේ.

පූර්ණ චන්ද්‍රයා සහිත රාත‍්‍රියක නත්තල උදාවීම මීට පෙර සිදුවූයේ 1977 වසරේදීය.

එවැනි අවස්ථාවක් නැවත උදාවන්නේ තවත් වසර 19 කට පසුව 2034 වසරේදී බවටද ගණන් බලා ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා මේ සම්බන්ධයෙන් දක්වන අදහස පහතින් ඇසිය හැකිය.

https://soundcloud.com/nethfmradio/chandana

ගිනිගත් මිහිතලය සිසිල් වේවා !

අද රාත්‍රී උදාවන මේ අසිරිමත් රාත්‍රිය පූර්ණ චන්ද්‍රයාගේ කිරණින් වඩාත් විචිත්‍රවත් වනු ඇත.

ශ්‍රී ලාංකේය බෞද්ධයාගේ උඳුවප් පොහොය යෙදී ඇත්තේ අද දින බැවින් බෞද්ධයන්ටද, කිතුනුවන්ටද, සොබාදහමෙන් ලබාදෙන පණිවුඩය අපූරුය.



මේක බටහිර රටවලට විශේෂයක් වුනාට අපිට එහෙම නැත්තේ පොය දවස 24 නිසා පුර්ණ චද්‍රයා පයනවා කොහොමත් , ඉතින් 2014 පොය තිබ්බේ 6 වෙනිදා මේ පාර 24 නිසා මෙහෙම වෙලා තියෙන්නේ , ඉතින් මෙක සමන්‍ය දෙයක් නේ මගේ අදහස එකයි

link
 
Last edited:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
හැම මාසෙම පායන හඳ...
ලස්සනයි ද කියන්න...
- බෞද්ධයෙක් -


මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න....
- කතෝලිකයෙක් -

:D
 

ChampB

Member
Apr 12, 2015
137
19
0
Kandy
හැම මාසෙම පායන හඳ...
ලස්සනයි ද කියන්න...
- බෞද්ධයෙක් -


මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න....
- කතෝලිකයෙක් -

:D
:rofl::rofl::rofl::rofl:
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,007
    40,917
    113
    සුනාමිය ආවෙ නත්තලට පහුවෙනිදා නේද. එතකොටත් පූර්ණ චන්ද්‍රයා තියෙනවා නේද?