නත්තලේ ඉතිහාසය ගැන

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    නත්තලේ ඉතිහාසය ගැන

    නත්තල් කියන්නේ ඉතින් ආගමේ අයට විශේෂම දිනයක්. සමහරක් බුද්ධාගමේ අයටත් ඉතින් නත්තල් තියෙනවා එක එක විදි වලට.:lol::lol:
    තවත් අයගෙ පවුල් වල අම්මා කතෝලික නැත්තම් තාත්තා කතෝලික. අන්න ඒ වගේ අයටත් පල්ලි ගියේ නැති උනත් ගෙවල් වල නත්තල්..:yes::yes: (මං වගේ අයට:lol:)
    නත්තලේ ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බලන්න හිතුනා.. කියවලා බලන්න ලිපිය...

    15698079_1330159960369931_533107642075893336_n.jpg

    නත්තල ලොව ඒකාලෝක කරන විශ්වීය මංගල්‍යයකි. නත්තල යන පෘතුගීසි වදනේ අරුත ‘‘උපත’’ යන්නයි. (Natal) ලෝක මැවුම්කරු වූ පිය දෙවිදුන්ගේ ඒකජාත පුතණුවා දෙවි බව මදකට ඉවතලා, මිනිස් කන්‍යාවකගෙන් මාංශගතවීමට අපි නත්තල කියමු. ජේසු උපත උදුවප් මහේ 25 දින සිදු කළත්. ජේසු උපත කවර දිනක සිදුවී දැයි අපි නොදනිමු.
    දිනය තබා, වසර හෝ නිවැරදි ලෙස සොයාගෙන නැත. ජේසු කුරුසපත් වූ මහ සිකුරාදා දිනය නිවැරදිව සොයාගෙන තිබීම හේතුවෙන්, ජේසු උපතේ වර්ෂය අනුමාන ලෙස ගණන් බලා තිබේ. ජේසු මැරුණු මහ සිකුරාදා දින මහ දවාලේ සිදුවුණු සූර්යග‍්‍රහණය හේතුවෙන් පළමු මහ සිකුරාදා ක‍්‍රි.ව. 30 අපේ‍්‍රල් මස 07 දිනක විය යුතුයැයි ගණනය කර ඇත. ජේසුගේ මෙලොව ආයු කාලය වසර 33ක් නම්, උන්වහන්සේ කි.පු. 03 හෝ 04 මාංශගත වූ බව සිතිය හැක.

    ජේසු උපත වූ නත්තල උළෙලක් ලෙස ළදරු සභාවේ කිතුනු සංඝය පැවැත්වූ බවට සාධක නැත. ඊට හේතු දෙකක් විය. උපත් සැමරීම උත්සවාකාරයෙන් පැවැත්වීම රෝම නීතිය අනුව තහනම් විය. උත්සවශ්‍රීයෙන් පැවත්වු එකම සාදය සේසරුගේ උ’දිනය පමණි.
    දෙවෙනි හේතුව වුයේ මුල් කිතුනු සංඝය ජේසුගේ මහිමාන්විත දෙවැනි ගමන කොයි මොහොතක හෝ සිදුවේයැයි අපේක්‍ෂාවෙන් ජීවත්වූහ. වඩින්නට සිටින තැනකන්වහන්සේගේ උපත සැමරීමක් ඔවුන්ට ඒ හේතුවෙන් අනවශ්‍යවිය. එසේනම් නත්තල උළෙලක්සේ උත්සවාකාරයෙන් එළඹියේ කවදාද? ක‍්‍රි.ව. 330 දශකයේ එය ආරම්භ වුවායැයි සටහන්වී ඇත. එයට පසුබිම මෙසේය. මේ කාල වකවානුවේදී හිරුට නමස්කාර කිරීමේ උළෙලක් විය.
    එය සැතනේලියා (Saturínalial) නම්විය. නව දහම් ඇදහූ රෝමානුවෝද මේ අදේවවාදී උළෙල සැමරුවෝය. මෙය නොරිස්සු පාප්තුමා, කිතුනු සංගය අදේවවාද හිරු උළෙල වෙනුවට ධර්මිෂ්ඨකමේ හිරු (Sun of Justice) වූ ජේසුගේ උපත සිහිපත් කිරීමේ නව උළෙලක්(Solstice) හිරු උළෙල වෙනුවට ආදේශ කළ සේක.
    එහෙත් ජේසු උපත සිදු වූ යුගය ඉතිහාසඥයින් විසින් පහත සඳහන් අන්දමට ගණනය කර ඇත.

    ලෝකය මැවීමෙන් පසු පැමිණි 5199 වසරේදී ලෙසද, බයිබලයේ සඳහන් ජලගැල්මෙන් හමාරවී වසර 2957 කට පසුවද ආබ‍්‍රහම් උපතින් වසර 2015 කට පසුද, ඊශ‍්‍රායෙල්වරු ඊජිප්තුවෙන් පිටත්වී වසර 1510 ක් ගත වූ යුගයේද දාවිර රජුගේ අභිෂේකයට වසර 1032 කට පසුද, දානියෙල් දිවැසියාගේ ග‍්‍රන්ථයේ සඳහන් 65 වෙනි සති වර්ෂයේ (Week of Years) ද ඔලිම්පික් උළෙල 194 වෙනි (Olympiad) වරට පැවති සමයේද. රෝමය ගොඩනගා වසර 732 ක් ගත වූ සමයේ සහ ඔක්තේවියන් අගුස්තීනු (Octavian Augnstus) අධිරාජ්‍යයාගේ 42 වෙනි රාජ්‍ය වසරේ මුළු ලොවම සාමයෙන් සිටි යුගයක සාමයේ කුමරුවූ ජේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ මෙලොවට වැඩිය සේක.
    මේ සමය ලෝක ඉතිහාසයේ 6 වෙනි යුගය (6th Era of World Histoy) ලෙස සඳහන් වේ.

    මේ අතර නත්තල දියෝකලීසියානු රෝම අධිරාජයාගේ යුගයේ සිට පැවතෙන්නක් බව සභා ඉතිහාසය සෙවීමේදී පෙනේ. එහි පසුබිම මෙසේ ඉතිහාසගත වී ඇත.
    නත්තල හෙවත් ජේසු උපත අනුස්මරණය කිරීම සඳහා සුළු ආසියාවේ නිකෝමීදියා (Nicomedia) නුවර කිතුනු සංඝය රැුස් වී ඇත. මෙය දියෝකලීසියානුට සැලවූ විගස, දහස් ගණනක් කිතුනුන් රැස් වූ ශාලාව දොරගුල්ලා වසා එය අවට ගිනි ගොඩවල් ගැසීමට අණ දුණි.
    දොරවල් අසලවූ මුරකරුවෝ ඇතුළේ සිටි සැදැහැවතුන්ට මෙසේ කීවෝය. ”ජුපීටර් දෙවියාට ගරුසරු දැක්වීමට කැමති අයට, පිටතට පැමිණ, සුවඳ දුම් පුදන්න’’ අඩ හෝරාවකට පසු ගොඩනැගිල්ල වටා ගින්දර ලෑවේය. කිසිවෙක් පිටතට නොආහ. ජේසු උපත වෙනුවෙන් සිය ජීවිත කැපකල සමහරුන් අද නත්තල දඩමීමා කරගෙන ජේසුගේ උපතට නොකරන නිගාවක් නැත.

    ජේසු උපත බෙත්ලෙහෙමේ සිදුවෙද්දී, පලස්තීන රාජ්‍යයයේ ආණ්ඩුකාරයාවූයේ රෝමානු අධිරාජයා වූ ඔගස්තස් සේසරුය. ලංකාවේ ඔහුගේ සමකාලීනයා වූයේ භාන්කාභය (භාතිය) රජුය. අධිරාජයා විසින් සංඝණනයක් ගැනීමට කරන ලද අනක් හේතුවෙන් ශුද්ධ වූ පවුල බෙත්ලෙහෙමට ගියේ එය ජුසේ තුමාගේ උපන්ගම නිසයි. මේ වකවානුව ක‍්‍රි.පූ. 4 බව ඉතිහාසය කියයි.
    ජේසු උපත ලොවට කියාපෑමට අහසේ දිස් වූ අමුතු තාරකාව, වසර 794 කට වරක් පමණක් පායන තරුවක් බව ජ්‍යොතිශයේ දැක්වේ. එයද ඓතිහාසික කරුණකි.
    මේ තරුව ක‍්‍රි.පු. 3 වැනි වසරේ දිස් වූ බව කියැවේ. එම සිදුවීම ශු.බයිබලයේ ගණන් පුස්තකයේ 24 වැනි පරිච්ඡේදයේ 17 වැනි වගන්තියේ දැක්වෙන්නේ පෙර ප‍්‍රකාශයක් (Praphecy) ලෙසටයි.

    ළදරු සභාවේ කිතුනු ප‍්‍රජාව නත්තල නොපැවැත්වූයේ ජේසුගේ දෙවැනි ගමන අපේක්ෂාවෙන් සිටි නිසා බව සිතිය හැක. එසේ නම් දැන් සහශ‍්‍ර දෙකක් අවසන් වී ඇති මේ කාලවකාවානුවේ නුතනයේ අපි උන්වහන්සේගේ මහිමාන්විත නැවත පැමිණීම කොතරම් ආයාසයකින් අපේක්‍ෂා කළ යුතුද? නත්තල මේ යුගයේ එම ජයග‍්‍රාහි ආගමනයේ පෙරහුරුවක් ලෙස අප පැවැත්විය යුතුයි.
    නත්තලේ අභිරහස්මය පැත්ත ගැන ලියන ජුවාම් සුවිශේෂතවරයා උපතේ අරුත මෙලෙස ප‍්‍රකාශ කරයි. වචනය තෙම මාංශගත වුනේය. අප සමග වාසය කළ සේක.
    දේව වරප‍්‍රසාදයෙන්ද, සත්‍යයෙන්ද පුර්ණ වූ උන්වහන්සේගේ තේජශ්‍රීය, එනම් පියාණන්වහන්සේගේ එකම පුතණුවන්ගේ මහිමය අපි දුටුවෙමු’’ (1/14) නත්තල හරහා අපි දැකිය යුත්තේ, ලොව සෙසු කිතුනු නොවන ජනතාවට පෙන්විය යුත්තේ එම තේජශ‍්‍රිය හා මහිමතාවයයි.

    හොදයි නම් බම්පියක්වත් දාගෙන යන්න. අනංමනං ඕන නැත:shocked:
    මං ගියා ටටා බායි:cool:

    ලිපිය- මුහුණුපොතෙන්....
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ලෝකය මැවීමෙන් පසු පැමිණි 5199 වසරේදී ලෙසද, බයිබලයේ සඳහන් ජලගැල්මෙන් හමාරවී වසර 2957 කට පසුවද ආබ‍්‍රහම් උපතින් වසර 2015 කට පසුද, ඊශ‍්‍රායෙල්වරු ඊජිප්තුවෙන් පිටත්වී වසර 1510 ක් ගත වූ යුගයේද දාවිර රජුගේ අභිෂේකයට වසර 1032 කට පසුද, දානියෙල් දිවැසියාගේ ග‍්‍රන්ථයේ සඳහන් 65 වෙනි සති වර්ෂයේ (Week of Years) ද ඔලිම්පික් උළෙල 194 වෙනි (Olympiad) වරට පැවති සමයේද. රෝමය ගොඩනගා වසර 732 ක් ගත වූ සමයේ සහ ඔක්තේවියන් අගුස්තීනු (Octavian Augnstus) අධිරාජ්‍යයාගේ 42 වෙනි රාජ්‍ය වසරේ මුළු ලොවම සාමයෙන් සිටි යුගයක සාමයේ කුමරුවූ ජේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ මෙලොවට වැඩිය සේක.
    මේ සමය ලෝක ඉතිහාසයේ 6 වෙනි යුගය (6th Era of World Histoy) ලෙස සඳහන් වේ.

    මැව්වේ කොහොමද කියන එක පොඩ්‍ඩක් පැත්තක තියලා කාලය ගැන හිතමුකෝ. ඔය විදිහට ගත්තාම ලෝකයට වයස අවුරුදු 10000ක් වත් නැහැ නොවැ. කවුරු ඔය කථා විශ්වාස කරනවාද මන්දා!

    දේව වරප‍්‍රසාදයෙන්ද, සත්‍යයෙන්ද පුර්ණ වූ උන්වහන්සේගේ තේජශ්‍රීය, එනම් පියාණන්වහන්සේගේ එකම පුතණුවන්ගේ මහිමය අපි දුටුවෙමු’’ (1/14) නත්තල හරහා අපි දැකිය යුත්තේ, ලොව සෙසු කිතුනු නොවන ජනතාවට පෙන්විය යුත්තේ එම තේජශ‍්‍රිය හා මහිමතාවයයි.

    කිතුණු නොවන ජනතාවට පෙන්විය යුතුය කියලා මොන වරප්‍රසාදයක්, සත්‍යයක්, තේජශ්‍රීයක්, මහිමයක් ගැනද මේ කියලා තියෙන්නේ? ඔන්න ශ්‍රැතවත් බුද්ධ ශ්‍රාවකයෝ නම් ඔවැනි කථා වලට අහු වෙන්නේ නෑ. ජේසු තුමා වැනි අය තමන්ගේ වැරදි වැටහීම හේතුවෙන් ආත්මයත් ලෝකයත් එක් කොටසක් සදාකාලික ලෙස සහ එක් කොටසක් සදාකාලික නොවන ලෙස පටලවා ගෙන ඒ වැරදි වැටහීම ලොවට කියන්නේ ඇයි දැයි කියලා ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ සීලක්ඛන්ධවග්ගයේ බ්‍රහ්මජාල සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp1/18 ] (29 පිටුව, ආරම්භය: අංක 44 යටතේ ඇති ඡේදය) විස්තර වෙනවා.

    හොදයි නම් බම්පියක්වත් දාගෙන යන්න. අනංමනං ඕන නැත:shocked:
    මං ගියා ටටා බායි:cool:

    කොහොම බම්ප් දාගෙන යන්න ද? අනංමනං නේ ලියැවිලා තියෙන්නේ.

    Skylark
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    මැව්වේ කොහොමද කියන එක පොඩ්‍ඩක් පැත්තක තියලා කාලය ගැන හිතමුකෝ. ඔය විදිහට ගත්තාම ලෝකයට වයස අවුරුදු 10000ක් වත් නැහැ නොවැ. කවුරු ඔය කථා විශ්වාස කරනවාද මන්දා!

    කිතුණු නොවන ජනතාවට පෙන්විය යුතුය කියලා මොන වරප්‍රසාදයක්, සත්‍යයක්, තේජශ්‍රීයක්, මහිමයක් ගැනද මේ කියලා තියෙන්නේ? ඔන්න ශ්‍රැතවත් බුද්ධ ශ්‍රාවකයෝ නම් ඔවැනි කථා වලට අහු වෙන්නේ නෑ. ජේසු තුමා වැනි අය තමන්ගේ වැරදි වැටහීම හේතුවෙන් ආත්මයත් ලෝකයත් එක් කොටසක් සදාකාලික ලෙස සහ එක් කොටසක් සදාකාලික නොවන ලෙස පටලවා ගෙන ඒ වැරදි වැටහීම ලොවට කියන්නේ ඇයි දැයි කියලා ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ සීලක්ඛන්ධවග්ගයේ බ්‍රහ්මජාල සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp1/18 ] (29 පිටුව, ආරම්භය: අංක 44 යටතේ ඇති ඡේදය) විස්තර වෙනවා.

    කොහොම බම්ප් දාගෙන යන්න ද? අනංමනං නේ ලියැවිලා තියෙන්නේ.

    Skylark

    පෝස්ටුව මචං මම ලියපු එකක් නෙවෙයි. fb එකෙන් ගත්තේ..ඒත්..
    උබට ඒ ගැන තියෙන ප්‍රශ්ණ සාධාරණයි...(මටත් නැතුවම නෙවෙයි)..ඒත්..
    අපට නැතත් ආගමේ කෙනෙකුට හරි වැදගත් වෙයි...ඒත්.
    අදාළ දෙයක් නෙවෙයි නම් බම්ප් නොකලට වරදක් නෑ...:yes:
     
    Last edited: