නන්දා මාලනී රතු කැකුලු සහ යෝගට් මිලට ගැනී&#351

obama2

Member
Apr 18, 2012
424
30
0
නන්දා මාලනී රතු කැකුලු සහ යෝගට් මිලට ගැනී&#351

නන්දා මාලනී රතු කැකුලු සහ යෝගට් මිලට ගැනීම

Posted on 26 June 2012.
Rating: 0.0/7 (0 votes cast)


ලෝකය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ රූපිකයන් ඔස්සේ විවිධාකාරයෙන් විග්‍රහ කරන ආකාරය අප දැක ඇත්තෙමු. නමුත් අවශ්‍ය වන්නේ විවිධ රූපිකයන් අනුව ලෝකය විග්‍රහ කිරීම නොව ලෝකය වෙනස් කරැලීමයි. මේ ආකාරනේ ලෝකය විග්‍රහ කරන බොහෝ අය සිතා සිටින්නේ යථාර්ථය යනු තමන්ගෙන් පරිභාහිරව ඇති දෙයක් ලෙසයි. මේ අයට නොතේරෙන්නේ යථාර්ථය තුල තමන්ද නියෝජනය වන බවයි. නැතිනම් යථාර්ථය තුල තමන් ද සිටින බවයි.

පැරණි සමාජවාදී රටවල් වූ නැගෙනහිර යුරෝපයේ බෙහෝ රාජ්‍යයන් විසින් සමාජවාදය සමග සමපාත නොවන නිසා ජනතාවට ආගම ඇඳහීම නීතියක් වශයෙන් තහනමට ලක් කරණු ලැබීය. මේ නිසාම මේ රටවල ජනතාව කල්පනා කලේ රාජ්‍ය විසින් ආගම ඇඳහීම තහනම් කරණු ලැබ තිබෙන නිසා තමන්ට ආගම අදහන්නට නිදහසක් නොමැති බවයි. නමුත් සත්‍ය වශයෙන්ම ආගම අඳහීම යනු කිසිවකුටවත් තහනමට ලක්කළ නොහැකි මිනිසුන්ගේ ආධ්‍යත්මය හා හර්දය සාක්ෂිය සමග බැඳුනු සංකල්පයකි. මේ නිසා රාජ්‍ය විසින් ආගම ඇදහීම තහනමට ලක්කළ සැනින් තමන් ද ආගම ඇඳහීම ස්වයං තහනමකට ලක්කර ගැනීම යනු තමාගේම යථාර්ථය සම්බන්ධයෙන් තමාටම ඇති ගැටලුවක් මිස යථාර්ථයේ ගැටලුවක් නොවේ. මේ නිසා යථාර්ථය යන්න තමන්ගෙන් බාහිර දෙයක් යැයි සිතා සිටින උදවියට යථාර්ථය තුල තමන්ද සිටින බවට අප විසින් ගොඩ නඟන සංකල්පය අවබෝධ විය යුතුය.


ලංකාවේ ජනප්‍රියතම නලුවකු වූ විජය කුමාරතුංග සම්බන්ධයෙන් බොහෝ අයගේ ෆැන්ටසිය වූයේ විජය කුමාරතුංග ලස්සන ගැහැණුන් රාශිෂයක් සමග ලිංගික සම්බන්ධතා පවතවමින් තමන් නොවිදින සතුටක් භූක්ති විදි ඇති බවයි. එය සැබැවින්ම විජය කුමාරතුංග පිළිබද ගැටලුවක් නොව විජය ගැන අපි විසින් ෆැන්ටසිගත කරන ලද යථාර්ථය පිළිබදව වූ ගැටලුවකි. ඇත්ත වශයෙන්ම අප දන්නා තරමින් විජය යනු කුකුල් සංසර්ගකරුවකි. ඔහු ඉක්මනින් ලිංගික සම්බන්ධතා පවත්වා ඉන් සතුටට පත්වන අයෙකි. නමුත් අපේ ෆැන්ටසියට අනුව විජය යනු අපට විදින්නට බැරි තරම් ලිංගික සතුටක් ලබන්නට හැකි තැනැත්තෙකි. මේ නිසා විජය කුමාරතුංගට ඉක්මනින්ම ශුක්‍ර පහවනවා යන්න අපේ ෆැන්ටසිය අවුල් කිරීමකි. නමුත් ලිංගික සම්බන්ධතා නම් යථාර්ථය තුල වැඩි වෙිලාවක් අල්ලා සිටීම උපරිම තෘප්තිය හෝ ඉක්මනින් පහවීම අවම තෘප්තිය යැයි වර්ග කරන්නට බැරිය. එය එක් එක් පුද්ගලයා ලිංගික සම්බන්ධතා ෆැන්ටසිගත කරන ආකාරය අනුව තීරණය වන කරුණකි.


ඉන් පසුව අප විසින් දැන් පැහැදිලි කරන්
නට යන්නේ ජුලම්පිටිය අමරේ සහ ඔහු සොයා ගවේෂනශීලී චාරිකාවක නිරත වූ මාධ්‍යවෙිදී ශාන්ත විජෙසූරියගේ ලංකා එක්ස් නිවිස් හී පලවූ ලිපිය සම්බන්ධයෙනි. එම ලිපියේ අන්තර්ගත කරුණු අනුව ජුලම්පිටියේ අමරේ මිනී මරමින්, ස්ත්‍රීන් දූෂණය කරමින්, මංකොල්ල කමින්, ගෙවල් ගිණිබත් කරමින් අපි නොවිදින අමුතුම ආතල් එකක් අපරාධ නීතිය උල්ලංඝණය කරමින් විදිමින් සිටියි. ශාන්තගේම භාෂාවෙන් කියන්නේ නම් අමරේ යනු රොබින්හුඩ් වගේ පොරක්ය. නමුත් යථාර්ථය තුල ශාන්තට නොතේරෙන සත්‍ය වන්නේ අමරේ රොබින්හුඩ් වර්ගයේ අයෙකු කිරීම යනු ශාන්තගේම ෆැන්ටසියක් තුල ඔහු අමරේව අර්ථකතනය කරන ආකාරය මිස ඇත්තටම අමරේ සම්බන්ධයෙන් ඇති යථාර්ථය නොවේ. ඇත්තටම අමරේ සම්බන්ධ අපේ ෆැන්ටසියෙන් බාහිරව මේ සටහන ලියන්නේ නම් ශාන්ත එය මීට වඩා වෙනස් ආකාරයකට කළ යුතුය.
අපගේ මීලග අවධානය යොමු වන්නේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතාට මරණ තර්ජන එල්ල වීම සම්බන්ධ කාරණාව හා එයට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධ බවට ඒ මහතා විසින් පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ල සම්බන්ධවයි. ඒ අනුව නිර්මාල් විසින් තමන්ට මරණ තර්ජන එල්ල කරන බවට පොලිස්පතිවරයාට ඉදිරිපත් කළ පැමිණිල්ලට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ නිර්මාල්ට දුරකථනයෙන් කතා කොට පවසා ඇත්තේ ‛‛ මම ඔයාව අදුනන් නෑ. අනික ඔයාට ආරකෂක අමාත්‍යංශයෙන් මරණ තර්ජන එල්ළ කරලත් නෑ. කරුණාකරලා අපේ අමාත්‍යංශයට බොරු චොදනා කරන්න එපා’’ යනුවෙනි. නිර්මාල් මාධ්‍ය සාකච්ඡා කැදවමින් පවසා සිටියේ තමන්ව විනාශ කරන්නට මේ වන විටත් රකුසකු මාන බලමින් සිටින බවයි. අප සංවිධානයේ 2004 දී ඇති වූ අර්බුදයේ දී දනිර්මාල්ගේ හැසිරීම මෙයට සමාන විය. ඔහු මාධ්‍ය සාකච්ඡා කැදවමින් පවසා සිටියේ දීප්ති නම් රාක්ෂයෙකු සිටින බවත් ඔහු තමන් ඇතුලු සගයන්ව විනාශ කරන්නට උත්හසා කරන බවත් ඉන් නොනැවතී මේ පුද්ගලයා ලාංකීය සමාජයත් විනාශ කරන්නට උත්සහා කරන බවත්ය. මේ අනුව අපට පැහැදිලි වන්නේ නිර්මාල්ගේ ෆැන්ටසියට අනුව අපව විනාශ කරන විශාල සතුරෙකු සමාජය ඉදිරියේ පාදූර්භූත වී ඇති බැවින් ඉන් ගැලවීමට මං සෙවිය යුතු බවයි.

මෙය වඩාත් හොදින් තේරුම් ගන්නට මේ සටහන ලියන මා සම්බන්ධ උදාහරණයකින්ම මේ සටහන නිමා කරන්නට අදහස් කලෙමි. අපගේ කාර්යාල පිහිටා ඇත්තේ ප්‍රවීණ ගායිකා නන්දා මාලනිගේ නිවස ආසන්නයේය. දිනක් මම දුම්වැටියක් මිලදී ගන්නට අසල වූ කුඩා කඩයකට ගිය විට මට එම ස්ථානයේ දී නන්දා මාලනී මුණ ගැසුනි. මට අනුව විරෝධාකල්ප ගීත ගැයූ නන්දා මාලනී යනු ශ්‍රේෂ්ඨ කාන්තාවකි. මගේ ෆැන්ටසිය අනුව ඇය විසින් එවැනි කඩයකට ගොඩ වීම මගේ ෆැන්ටසිය අවුල් කරන ක්‍රියාවක් විය. මගේ ෆැන්ටසිය අනුව ඇය විශාල සුපර්මාක්ට් එකකින් බඩු කරත්තයක් මිලදී ගත යුතු, ඩයින්මෝ එකෙන් ආහාර ගතයුතු තැනැත්තියකි. නමුත් ඇය එම කඩයෙන් රතු කැකුලු සහල් කිලෝ තුනක් සහ යොගට් දෙකක් රැගෙන මා සමග සිනහ වී පිටව ගියාය. එය අගේ යථාර්ථය තුල ඇයට ගැටලුවක් නොවන්නට ඇත. නමුත් මගේ ෆැන්ටසි යථාර්ථය තුල ඇගේ මේ ක්‍රියාව මා අවුල් කරන ක්‍රියාවක් විය. මේ නිසා අප ඉහතින් ගොඩ නැගූ තර්කයන් අවබෝධකර කරන්නට මෙය ජීව මාන උදාහරණයක් යැයි මට සිතේ



http://3mana.com/?p=8358