මෙහෙම කිව්ව කාලයක් තිබුණ....
(2016-Feb-5)
මම මේ කියන අදහස ජනප්‍රිය වෙන එකක් නැහැ.
තායේ කියල දෙමලෙන් කියන වචනෙ තේරුම මෑණියන් කියන අදහස.
අම්මා, මාතා කියනවට වඩා ඉහල ගරුත්වයක් දෙන වචනයක්.
අපි ගෙදර අම්මාට අම්මා කියනවා, මෑණියන් කියලත් කියනව උනාට සිල් මෑනි කෙනෙක්ට අම්ම කියන්නෙ නෑ. මෑණියො කියලයි කියන්නෙ. අන්න ඒ වගේ.
නමෝ නමෝ තායේ - ඕයේ වගේ මෙමේ හදන එක ශිෂ්ඨසම්පන්න නැහැ. මොකද වෙන භාශාවක වචනයකට, තවත් භාශාවක තේරුම් දෙන එක කිසිම තේරුමක් නැති දෙයක්.
අපේ ජාතික ගීය දෙමල භාශාවට පරිවර්තනය කල පඬිවරයට තිබුනෙ එක අරමුණක් කියල මම විශ්වාස කරනව. ඒ තමයි තමන්ගෙ රට වන ශ්‍රී ලන්කාව ගැන ඉතා උතුම් හැඟුමක් දෙමල, තමන්ගේ භාශාවෙන් ජාතික ගීය ගයන කෙනාට ඇති කරවන්න.
අවාසනාවට, ඇතැම් සිංහල මිනිස්සු පටු විදිහට, ඔහු අගය වැඩිකර ඇතුල්කල තායේ කියන වචනය අල්ලන් දඟලයි කියල හිතන්න නැතුව ඇති. එහෙම හිතුවනම් මාතා කියලම ලියන එක ලොකු අවුලක් ඇත්තෙම නැහැ.