නයිජීරියන් හොරුන්ගේ විද්‍යුත් තැපෑල

chimpy

Active member
  • Dec 5, 2010
    196
    51
    28
    නයිජීරියන් හොරුන්ගේ විද්‍යුත් තැපෑල

    nigsatmusayaradua.jpg

    බලයෙන් පහවූ නයිජීරියන් රූමත් රජ කුමරියකගෙන් ලෝකයේ ඉන්න හැම එකාටම අනිචාර්යෙන්ම ඊ මේල් එකක් ඇවිත් ඇති.මේ රජ කුමරිය සතුව බිලියන ගානක මුදල් ඒ රටෙන් පිට කිරීම සඳහා ඔබගේ සහයෝගය ඇය ඉල්ලයි. ඒ සඳහා ඇය ඔබට විශාල මුදලක් ගෙවනු ඇති අතර ඇයව විවාහ කර ගැනීමටද පුලුවන.නමුත් පලමුව ඔබ ඇයට ඩොලර් 2000ක් බැංකු ගාස්තු ලෙස ගෙවිය යුතුය.

    ලෝකයේ වංචනිකයන්ගෙන් ගහනම රට කලු අප්‍රිකානුවන් සිටින නයිජීරියාවයි.හොරකම මගින් ජීවත් වෙන කපටි ජාතියක් ලෙස හංවඩු ගැසී ඇති මොවුන් දෙවැනි වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන්ට පමනි.

    රටින් විශාල මුදලක් පිට කිරීමට ඔබගෙන් අත්තිකාරම් මුදලක් ඉල්ලන මේ කපටී නයිජීරියානුවන්, එහි ප්‍රතිලාභය ඔබ සමග බෙදා ගැනීමට සැලකිය යුතු අත්තිකාරම් මුදලක් ඉල්වයි.
    එසේත් නැතිනම් ඔබ විශාල ඩොලර් මිලියන ගනනක ලොතැරයි මුදලක් දිනූ බවත්, එය ලබා ගැනීමට සුලු මූලික ගාස්තුවක් පලමුව ගෙවිය යුතු බවත් කියන ඊ මේල් පණිවුඩය ඔබට දිනපාත ලැබෙමින් පවතිනු ඇත.

    තව විටෙක ඔබට අතිශයින්ම රූමත් රුසියන් තරුනියකගෙන් ඊ මේල් එකක් ලැබේ.එයින් පැවසෙන්නේ ඇය රුසියාවෙන් ඔබගේ රටට පැමිනීමට නියමිත බවත්, අවසාන මොහොතේ ඇතිවන සිදු වීමක් නිසා ඇයටගුවන් ටිකට් පත සඳහා මුදල් නැති බැවින් එයට ඔබගේ දායකත්වය ඉල්වයි.ඒ සඳහා ප්‍රති උපකාරයක් ලෙස මෙරටට පැමිනෙන ඇය ඔබ සමග රති ක්‍රිඩාවේ නියලෙනු ඇත.

    ඇතම් විට කලාතුරකින් ඔබට ප්‍රධාන පෙලේ බහු ජාතික සමාගමකින් ‍රැකියාවක් ලැබෙනු ඇත.මෙය අන්තර්ජාලය හරහා ඔබට කල හැක.මේ සඳහා විශාල මුදල් ගෙවීමට ඔබගේ බැංකු ගිනුම ඔවුන් ලබා ගනී. අනිත් ගිනුම් සහ වංචනික ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු මගින් අන්තර්ජාලයෙන් සොරා ගන්නා මුදල් ඔහු ඔබේ බැංකු ගිනුමේ තැන්පත් කරමින් එය ඔබ මගින් බෙදා ගනී.ඔබ විශාල වංචාවක හවුල්කරුවා වෙන අතර නයිජීරියානුවා පලා යයි.

    ඔබගේ ෆේස් බුක් ගිනුමට හැක් කර එහි පාලනය ලබා ගන්නා නයිජීරියානුව එයින් ඔබව අයින් කරයි.ඉන් අනතුරුව ඔබ වෙනත් රටක අතරමං වී ඇති බව හෝ ඔබට විශාල කරදරයක් වී ඇති බව කියමින් එහි සිටින ඔබගේ මිතුරන්ගෙන් ඔහු මුදල් එකතු කරයි

    මේ සියල්ලටම ගොදුරු වූ ඔබට අස්වැසිල්ලක් ලබා දෙමින් තවත් ඊ මේල් එකක් අවසානයේ ලැබෙයි. එයින් කියවෙන්නේ නයිජීරියානු කූට ප්‍රයෝග වලින් මුදල් අහිමි කර ගත් ඔබ වැන්නවුන්ට වන්දි ලබා දීමට නයිජීරියානු රජය මගින් අරමුදලක් පිහි‍ටුවා ඇති බවත්, ඔබ ඔවුන්ගේ ගොදුරක් බවට පත් වී ඇති බවට අත් අඩංගුවට පත් වූ පිරිසකගෙන් හෙලි වී ඇති බැවින් අහිමි වූ මුදල සහ වන්දි ලබා දීමට ඔබගෙන් අත්තිකාරම් මුදලක් අවශ්‍යය බව කියමිනි.
    මේ වංචා සඳහා නයිජීරියන් රජයේ උදව්ද ලැබෙන බවට සැකයක් ඇත.ඊට හේතු වන්නේ මෙය දිනෙන් දිනම භයානක ලෙස වර්ධනය වෙමින් පැවතීමයි.
     
    Last edited:
    • Like
    Reactions: emil and d3v13

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලෝකයේ වංචනිකයන්ගෙන් ගහනම රට කලු අප්‍රිකානුවන් සිටින නයිජීරියාවයි.හොරකම මගින් ජීවත් වෙන කපටි ජාතියක් ලෙස හංවඩු ගැසී ඇති මොවුන් දෙවැනි වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන්ට පමනි
    ඇයි යකො අපේ ක්‍රිකට් පාලක මන්ඩලය . එකත් දෙවෙනි වුන එකක් නොවෙයි
     

    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    ඇයි යකො අපේ ක්‍රිකට් පාලක මන්ඩලය . එකත් දෙවෙනි වුන එකක් නොවෙයි
    මේ සල්ලිත් අන්තිමට බැර වෙන්නේ මහ එකාගේ ගිනුමට තමයි
    :D:D
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    උන්ගේ තුන්වෙනියට ලොකුම අපරාධය තමා ළදරු ජාවාරම. එකෙන් හදාගන්න උස්සන ළමයි තමා වාසනාවන්ත. අනිත් ළමයි වැඩි හරියක් නයිජීරියාවේ ශාන්තිකර්ම වගේ සීන් වලට අරන් ඇවිත් බිලි දෙනවා. මේවා අහද්දී පිස්සු හැදෙනවා නේද.:baffled:
     

    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    I got some email like that.. but im delete them soon as possible....!
    Beware of this type of mails. I know u all are very intelligent guys to understand
    this fu**ing idiots.
     

    yoshita

    Member
    Feb 24, 2011
    145
    26
    0
    Dear Zdenka

    BUSINESS THAT WILL BE OF MUTUAL BENEFIT TO YOU AND I:
    I humbly wish to solicit for your assistance in this business that will be of mutual benefit to you an I. I am Zainab Abacha, the daughter of the Late Nigerian Head of State and Commander-in-Chief of the Armed Forces, General Sani Abacha; 1993-1998.

    I have within my reach funds-in-cash totaling USD72.5M (Seventy Two Million, Five Hundred Thousand United States Dollars) which I deposited with a Private Security Company in Africa with an anonymous name.

    Considering my traveling restrictions and my late father of beloved memory's political status, I now I cannot lay claim to this money unless I transfer it out from Africa. I will require your assistance and sincerity as in presenting you as the sole beneficiary of this funds so that this batch of funds-in-cash will be paid into your account / country.

    Upon a positive response from you, I will let you know how to receive this money without any problem. Note also that the incumbent Government of Nigeria is not aware that I am in possession of this particular batch of funds-in-cash.

    Your commission will be down payment of 20% of the total sum if you assist me move this funds-in-cash from Africa. I expect your urgent response via my e-mail address.

    NB: Kindly include your Phone and Fax numbers.

    Best regards,

    Zainab Abacha