නයි ටී එන් පනී

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10013925_849895981742235_1724090612125631637_n.jpg


    මැදමූලන මෘග චෞර යුගයේ වැරදි කළ සමහරු පළා යති: සමහරු අස්වෙති: අයිටීඑන් සභාපති පළා යයි
    (ලංකා ඊ නිව්ස් -2015.ජන.09, ප.ව.8.10) මැදමූලන මෘග චෞර යුගය ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ ලෙයින් සහ කඳුලින් ලියැවුනු ඛේදනීය යුගය වූ රාජපක්ෂ පවුල් පාලනයට ඒ පවුලටත් වඩා කැප වී ක්‍රියා කරමින් දූෂනයේ යෙදුනු රාජ්‍ය නිලධාරීන් මේ වන විට රටින් පලා යමින්ද තනතුරු වලින් ඉල්ලා අස්වෙමින්ද සිටිති.
    මේ අතරින් පළමු පෙළේ දූෂිතයෙක් වූ ඇමැති ඩිලාන් පෙරේරා අද ඇමැති ධූරයෙන් ඉල්ලා අස්විය.
    මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ද සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
    මේ අතර ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන්නේ අයිටීඑන් මඩ නාලිකාවේ සභාපති අනුර සිරිවර්ධන සහ පවුල අද පාන්දර රටින් පැන ගොස් තිබෙන බවයි. පාන්දර 4.30 ට කටුනායකින් සිංගප්පූරුව බලා පිටත්ව ගිය UL 677 දරණ ගුවන් යානයෙන් අයිටීඑන් සභාපතිවරයා සහ බිරිඳ පැන යද්දී ඔවුන් සමග තවත් සිව් දෙනෙකුද පැන ගොස් ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    ස්වාධීන රූපවාහිනියේ සභාපති අනුර සිරිවර්ධන මහතා අද හදිසියේකටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් සිංගප්පුරුව බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔහු නික්ම ගියබව ගුවන් තොටුපොළ අාරංචිමාර්ග පවසයි.

    http://www.lankadeepa.lk/index.php/articles/288766