නරකයේ පිහිටීම -1(කාලසූත්‍රය)

shameen2009

Active member
  • Dec 7, 2009
    149
    28
    28
    Colombo
    නරකයේ පිහිටීම -1(කාලසූත්‍රය)

    කාලසූත්‍රය

    මේ නිරයේ උපදින්නට සිද්ධ වුණොත් එහෙම විශාල ශරීර ලබලා උපදින්නට සිද්ධ වෙනවා... ඊටපස්සේ ලී කොටයක් තියෙන වඩුවන් මෙන් යමපල්ලෝ කරන්නේ ඔබව ගිනියම් වු යපොලවෙහි පෙරලාගෙන කියත්වලින්, වෑ පොරෝ ආදියෙන් කීතු කීතු කපනවා.
    ඔබට දැනෙන්නේ එලෙසයි... ඉන්පසුව දැලි නිසා කළු වූ නූල් ගසා නොයෙක් නොයෙක් ආකාරයෙන් සතරැස්ව, අටපට්ටන් ආකාරයෙන් ඔබගේ ශරීරය නැවත නූල් ඇද මසා දමනවා වගේ දැනේවි... නැවතත් ඒ මැසූ ශරීරය කියත්, වෑ-පොරෝ ආදියෙන් කීතු කීතු කපනවා මෙන් දැනේවි.
    විපාකයේ තරම නිසාම මේ අනන්ත දුක නැවත නැවතත් විඳිමින් කල්ප ගාණක් ගත කරන්නට සිද්ධ වේවි. "කාලසූත්‍ර" යන්නෙහි වචනාර්ථය "කළුනූල" යන්න කියලා තමයි කියන්නේ. තවත් විදියකට කිව්වොත් අනුන්ට හිරිහැර කරන්නට තලා පෙලා කරදර කරන්නට නූල් සුත්තර දාන පිරිස යන ස්ථානය කියලාත් මේ නරකය ගැන කියන්නට පුළුවන්.
    hell2_700x486.jpg