පැරණි පෙම්වතා පිරිසක් සමග පැමිණ පහර දී තර්ජනය කර පැලද සිටි රන් භාණ්ඩ කොල්ලකෑවායයි රූමත් හෙද නිලධාරිනියක මවුපියන් සමග පැමිණ සිදුකළ පැමිණිල්ල අසත්‍ය සහ පොලිසිය නොමග යැවීම සඳහා සිදුකළ එකක් බවට අනාවරණය වීමත් සමගම එම හෙද නිලධාරිනිය ඇතුළු සිව් දෙනකු ඒ මොහොතේම අත්අඩංගුවට ගත් ඒ බව
පිළියන්දල පොලිසිය කියයි.අත්අඩංගුවට පත් වූවන් අතර පැමිණිලිකාර හෙද නිලධාරිනිය ඇයගේ මව, පියා සහ ඥාති සහෝදරයකු වන පාසල් සිසුවකු වන බව පොලිසිය සඳහන් කරයි. කොල්ලකෑ බව කියූ හෙද නිලධාරිනිය පැළඳ සිටි රුපියල් ලක්ෂ 3 ක් පමණ වටිනා අත් පලඳනාව සහ රන්මාලය ඇයගේම නිවස තුළ සඟවා තිබිය දී පොලිස් භාරයට ගැනිණි.
පෙම් පලහිලව්වක් දුරදිග යාමෙන් ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් පසු දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බව ද පොලිසිය කීය.එම සිද්ධියත් සමගම කඩිමුඩියේ පොලිසියට පැමිණ තිබූ හෙද නිලධාරිනිය ඇතුළු පවුලේ අය පිළියන්දල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුත් ගෙදර මහතා හමුවට පැමිණ පැරණි පෙම්වතා පිරිසක් සමග පැමිණ පහර දී
රන් භාණ්ඩ කොල්ලකා පලා ගිය බවට පැමිණිලි කරන්නට වූයෙන් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවධානය යොමු කෙරිණි.
අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා තරුණිය ඇතුළු අනෙකුත් පිරිසගෙන් වරින් වර ප්‍රශ්න කිරීමෙන් ඔවුන් පවසන්නේ මුසාවක් බවට විනාඩි කිහිපයක් තුළ දී අවබෝධ කර ගැනීමට පොලිසියට හැකිවී ඇත.අනතුරුව තරුණිය ඇතුළු පිරිස තමන්, තරුණයා ඇතුළු පිරිස නීතියේ රැහැනට හසු කරදීම සඳහා එය ද්වේශ සහගතව පැවසූ බවට පාපෝච්චාරණය කරන්නට වූයෙන්, රජයේ සේවකයෙකුට අසත්‍ය ප්‍රකාශයක් ලබාදීම සම්බන්ධයෙන් තරුණිය, පාසල් සිසුවා ඇතුළු සිව්දෙනාම අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.
බිමල් ශශ්‍යාමන් ජයසිංහ
un oka kare geddata awith gahuwarth ekata witharak paminili karoth arunwa allane natuwa indiwi kyana bayata wenna puluwa
guti bata huwamaru kiyala deyak nha,
arunawith gahuwa nam gedatta un waradi. arakshawata kriya marga gaththa un waradi nha.
eth guti bata "huwamaruwak" kiwaam lesi prikashana nha. lankawe neethiya kriyathmaka weeema

.
hithapan gedarata awith gahala, munwa boru paminili dammata arrest karapu eka wenayi.
dan arunwa arrest nokara indala , ara podi eka oke paliya ganna giyoth , mokada wenne passe kaleka.
arunwath gahapu ekata arrest kara nam usawi damma nam, oka godak welawata othanin nawathinawa.
eth oka wenne naha.