නරා වලේ ජරාව කනවා
“රාලහාමි...”
විදානේ රාල හාමි බර කල්පනාවක ය. මැණිකේ රාලහාමි ඇමතුවත් එය ඔහුට ඇසුණේ නැත. පළංගාවට බෙදූ බත් මාළු ටික පුරුද්දට අනමින් සිටිනවා මිස බත් පිඩක් රාළහාමිගේ මුවට ගියේ නැත. රාලහාමි බලාගත් අත බලා ගෙන කල්පනා කරමින් සිටී. කෑම මේසයේ ඔහුට ඉදිරිපසින් මුහුණ ලා සිටින මැණිකේ නැවතත් සිය ස්වාමිපුරුෂයා ඇමතුවා ය.
“අපේ රාලහාමි...”
“ආ... ඔහ්...”
කල්පනා ලෝකයෙන් පියවි ලෝකයට පැමිණි රාලහාමි මැණිකේ දෙස ප්‍රශ්නාර්ථයෙන් බැලුවේය.
“කෝ... අපේ රාලහාමි කන්නේ නෑ නොවැ අත ගගා ඉන්නවා මිසක්...”
රාලහාමි බත් පිඩක් මුව තුළට රුවාගෙන සප සපා කල්පනා කළේ මේ කතාව මැණිකේට කියනවා ද නැද්ද කියා ය. කමක් නෑ කියලා දානවා යැයි තීන්දුවකට බැස දෑස් ලොකු කොට මවා ගත් සිනහවකින් මැණිකේ දෙස බැලුවේ ය.
“ඇයි රාලහාමි මුකුත් ප්‍රශ්නයක් ද? මට නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා.”
“ඒ මොකක්ද මැණිකේ?”
“ඊයේ රෑ රාලහාමි හීනෙන් බයවෙලා කෑ ගැහැව්වේ මොකද කියලා.”
“ඒක තමයි මැණිකේ මමත් මේ කල්පනා කළේ, ඊයෙ රෑ හීනෙන් මම’ ගියා කුඹුක්ගහදෙනියෙ කුඹුරට. විශාල නාගයෙක් මාව කුඹුර වටේ එළව ගෙන ආවා. මම නොසිට ම දිව්වා. අපේ ඉඩම මායිමට වෙනකම් මාව එළවා ගෙන ඇවිත් එතැන දි නාගයා නතර වුණා. මම නතර වෙලා ඒ දිහාව බලාගෙන හිටියා. එතැනින් උක්කු බණ්ඩගෙ අප්පච්චි සිරි බණ්ඩා මාම මතුවෙලා මගේ දිහා රවාගෙන බලා ඉඳලා යන්න ගියා.”යි රාලහාමි නළලෙන් මතු වූ හීන් දාඩිය රැල්ල පිස දමමින් කීවේය.
“උන්දෑ මැරිලත් දැන් අවුරුදු විස්සක් විසි පහක් වෙලා ඇති. ඊයෙ කුඹුර හාද්දි රාලහාමිත් නියර උඩට වෙලා ටිකක් අව්වෙ හිටියනෙ. ඔය වා පිත් කෝපවෙලා පේන හීන ගනන් ගන්න එපා.” මැණිකේ ඔහු අස්වසා ලන්නට කීවාය.
වෙන දා බත් පළංගමක් ගිල දමන රාලහාමි එදා බත් අහුරු දෙක තුනකට වඩා කෑවේ නැත. කෑම මේසයෙන් නැගිට ආලින්දයේ කෙළවර හාන්සි පුටුවට වී දිගෑදුණේ ය. රාලහාමිට වෙනසක් නොපෙන්වුව ද මැණිකේ ද කෑම මේසය අස්කොට වියන් ඇඳට වී ඇන්ඳට හේත්තු කළ කොට්ටයට පිට දී කල්පනා කරන්නට වූවා ය.
කුඹුක්ගහදෙනිය කුඹුර සරුසාර අස්වැන්නක් ලබා දෙන වී පෑලක වපසරියෙන් යුක්තය. මේ කුඹුර අයිතිව තිබුණේ උක්කු බණ්ඩේට ය. උක්කු බණ්ඩෙත් ඔහුගේ ලොකු පුතා පියදාසත් මේ කුඹුර අස්වද්දා එක් කන්නයකට වී මලු පණහක් හැටක් ලේසියෙන්ම කපා පාගා ගත්හ. උක්කු බණ්ඩේගේ පොඩි පුතා සමන්ත රට රස්සාවකට යන්නට මුදල් අවශ්‍ය වී කුඹුර විදානේ රාලහාමිට උකස් තැබීය.
“උක්කු බණ්ඩේ! මට කුඹුරු ගොවිතැන් වලින් ඒ තරම් ප්‍රශ්නයක් නෑ. ඒ වුණත් උඹේ වැඩේ කෙරෙන්නත් එපායැ. කොලුවා රස්සාවට ගිහින් සල්ලි එවපු හැටියේ කුඹුර බේර ගනිල්ලා. එහෙනම් හෙට ඔප්පු ලියන්න යමල්ලා”යි එදා විදානේ රාලහාමි මුදල් දීමට කැමැත්ත පළ කළේ එසේ ය. ඔප්පුව ලියූ නොතාරිස් මැණිකේ ගේ මස්සිනා ය. අවුරුද්දක් ගතවෙන්නට පෙර කුඹුර බේරා ගන්නා බව ද උක්කු බණ්ඩේ කීවේය. කුඹුර බේරා ගන්නා තෙක් උක්කු බණ්ඩේ රාලහාමිට කුඹුරු අස්වැන්නෙන් දෙකේ පංගුවක් දෙන්නට ද පොරොන්දු වූයේය.
විදේශ ගත වූ සමන්ත කුඹුර නිදහස් කර ගැනීම සඳහා වරින් වර එවූ මුදල් උක්කු බණ්ඩේ ගමේ ස.ණ.ස. සමිතියේ බැංකුවේ තැන්පත් කොට එකතු කළේය. කුඹුර උකස් කොට වසරක් සමීප වෙද්දී උක්කු බණ්ඩේ, විදානේ රාලහාමි හමු වී තව දින කීපයකින් ඔප්පුව නිදහස් කළ හැකි බව දැනුම් දුන්නේය. රාලහාමි “හ්ම්...” කීවේ ඕනෑවට එපාවට බව උක්කු බණ්ඩේට තේරුම් ගියේ නැත.
කලින් දැනුම් දුන් දවසේ උක්කු බණ්ඩේ රාලහාමි සොයා ගියේ ඔප්පුව නිදහස් කිරීමට සූදානම් බව පැවසීමට ය. අවුරුද්ද සම්පූර්ණ වන්නේ පසුව දාට ය. එදා රාලහාමි සිටියේ නැත. මැණිකේ ද පෙනෙන්නට නැත. මිදුල අතුගාමින් සිටි සෙල්ලය්යාගෙන් උක්කු බණ්ඩේ විමසුම් කළේය.
“සෙල්ලා... කෝ රාලහාමි”
“ෂාලාමී වන්දනාවේ තමා ගියා. මැණිකේත් එක්ක තමා ගියා.”
“කවදාද එන්නේ?”