නරුමවාදයට සාක්ෂියක්

obama2

Member
Apr 18, 2012
424
30
0
නරුමවාදයට සාක්ෂියක්

නරුමවාදයට සාක්ෂියක්

Posted on 18 June 2012.
Rating: 5.0/7 (3 votes cast)


පසුගිය දිනෙක නුගේගොඩ සිට බස් රථයෙන් යන අතර අපූරු සිදුවීමකට මට මුහුණ දෙන්න සිදු විය. එම බස් රථයට ගොඩ වූ එක්තරා තරුණයෙකු පවසා සිටියේ රුපියල් පහේ කාසියෙන් සාදන ලද මාලයක් තමන් රුපියල් සියයක පමණ මුදලකට ඉල්ලන ඕනෑම අයෙකුට ලබා දෙන්නට කැමති බවයි. ඔහු පවසා සිටියේ එම මාලය රත්තරං මාලයක් තරම්ම වටිනා බවත් එහි කිසි ලෙසකින්වත් පාට වෙනස් නොවන බවත්ය. එය ඔප්පු කරන්නට ඔහු එම මාලය පිහියකින් සූරා පෙන්විය. මේ දෙස බලා සිටි සමහර උදවිය සිටියේ මවිතයට පත්වයි.

දැන් මේ සටහන කියනව බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ මෙවන් දෙයකි.‛‛ අපි දන්නවා යකෝ ඌ කියන්නේ බොරු කියලා. ඌ කොහොමද අපිව රවට්ටන්නේ. අනික රත්රං මාලයක් වගේ උනාට මේක රත්තරං තරම් වටින්නෑ කියලා අපි දන්නවා. ඒ නිසා ඔයාලා මේ ඔප්පු කරන්න හදන්නේ මොකක්ද?’’ මේ තරුණයා සිය මතවාදය ඔප්පු කරන්න තවත් අපූරු කතා ගොඩක් කියාගෙන ගියේය. ‛‛ දැන් බලන්න රත්තරං පවුමක් රුපියල් හතලිස් අට දහසක් විතර වෙනවා. ඒ සල්ලි ඔයාලා පොතේ දැම්මොත් හොද පොලියක් ගන්න පුලුවන්. ඒ නිසා මොකටද බොරුවට සල්ලි නාස්ති කරන්නේ. මම මේ මාලේ දෙන්නේ රුපියල් සියයක් වගේ මුදලකටයි. මමත් දාගෙන ඉන්නේ මේ ජාතියේ මාලයක් මගේම යාළුවෝ පවා මේ මාලෙට රුවටිලා මගෙන් අහනවා මේක රත්තරං ද කියලා. ඉතින් මේක ගන්න කිසි කෙනෙකුට පාඩුවක් වෙන්නේ නෑ.’’ සමහරු මේ මාලය මිලදී ගත් අතර තවත් සමහරුන් ගන්දෝ නොගන්දො කියා දෙලොවක් අතර සිටි අතර තවත් අය මෙය මිලදී ගන්නට කැමැත්ත තිබුනත් ලැජජාව නිසා කරබා ගෙන සිටියෝය. තවත් අයගේ මුහුණින් පෙන්නුවේ මූ කියන්නේ බොරු අපි දන්නැද්ද ඕක දවස් දෙක තුනකින් පාට ගිහින් සවුත්තු වෙනවා කියලා’’ මෙවැනි විවිධ තර්ක අවසානයේ මාල දහයක් පහලවක් පමණ අලෙවිකර අදාල තරුණයා බස් රථයෙන් බැස ගියේය.
මේ සම්බන්ධයෙන් අපට යමක් කියන්නට අවශ්‍ය වුනේ ලංකාවේ ගොඩක් අය අපෙන් ඔයාලා කියන තියරි ප්‍රායෝගික ද කියලා අහන නිසාය. අප විසින් නරුමවාදය මේ රටේ ජීවන භාවිතාව බවට පත්ව තිබෙන බව කියන්නේ මේ නිසාය.

01-මේ මාලය මිලදී ගත් උදවිය හොදින්ම දන්නවා මේක වටින්නෑ ටික දවසකින් පාට වෙනස් වෙනවා කියලා. ඒත් කමක් නෑ. බැරිවෙලාවත් මූ කියන විදිහට ඇත්තටම මේක දිගටම තිබුනොත් මරේ මරු එතකොට ගොඩක් අය රැවටෙයි මේක රත්තරං කියලා. මම දන්නවා මේක රත්තරං නෙමෙයි කියලා. ඒ වුනාට මං දිහා බලන අය ඒක දන්නේ නෑනේ ඒ නිසා මම නෙමෙයි වෙනත් අය මේකට රැවටෙයි.
02-මූ කියන්නේ බොරු කියලා මම දන්නවා. ඒ වුනාට අනික් අය ඒක දන්නෙ නෑ. හැබැයි බැරි වෙලාවත් මූ කියන්නේ බොරුවක් නම් මමත් රැවටෙනවා. මම රැවටිලා වැඩක් නෑ මට රවට්ටන්න ඕන වෙනත් අයවයි. ඒ නිසා මේක අරගත්තොත් මමත් රැවටෙනවා. වෙන අයව රවට්ටන්නත් බෑ. මගේ සීයටත් කෙල වෙනවා. මේ වගේ හොරු කොච්චර නම් මේ රටේ ඉන්නවද?
03-යකෝ මේ මාලයක් ගත්තා නම් මරු මට ගොඩක් අයව රවට්ටන්න පුලුවන්. ඒ වුනාට එතකොට මේ බස් එකේ ඉන්න උන් හිතනවනේ මට සල්ලි නෑ කියලා. මම මොකටද මේ බස් එකේ ඉන්න එවුන්ට මම දුප්පත් කියන එක අගවන්නේ. ඒ නිසා මේක ගන්න ආසව තිබුනත් ගන්න විදිහක් නෑ.අපරදේ කවුරුවත් නැති තැනක හම්බ වුනා නම් මටත් එකක් ගන්න තිබුනා.
04- මේ බස් එකේ ඉන්න හරක්ට මූ කියන්නේ බොරු කියලා තේරෙන් නෑනේ. අපි දන්නැද්ද මේ රටේ උන්ගේ හැටි අපි වගේ නොමෙයි මම ඇරෙන්න මේ රටේ හැම එකාම හොරෙක්. ඉතින් මේ හොරාට මම නම් මාට්ටු වෙන් නෑ. මම නම් කොහොම හරි හොරකම් කරලා හරි ඇත්තටම රත්තරං මාලයක් ගන්නවා එතකොට හදිසියකට උගස් කරන්න හරි පුලුවන්නේ.

ඉහත ආකාරයට අප විසින් ඉහතින් දක්වන ලද පුද්ගල කණ්ඩායම් හතර කල්පනා කළ බව දළ වශයෙන් නිගමනය කරන්නට පුලුවන. මේ තමයි අපි කියන ලංකාවේ බහුතරයක් නරුමවාදීන් හදුනා ගන්නට තියෙන ජිවමාන උදාහරණය.
ලංකාවේ ගොඩක් අය උත්සහා කරන්නේ අනිකාව රවට්ටම්න් ජීවත් වෙන්නයි. මේ නිසා තමයි ලංකවේ බහුතරයක් දෙනා කාර් එකක් ගන්න කොට ඒ ගැන වැඩි සැලකිල්ලක් නොදක්වන්නට හේතුව අපේ මිනිස්සුන්ට ඕන රෝද හතරක් සහ සුක්කානමක් තියන එකක් මිසක් කාර් කියන සංකල්පය වැඩි දියුණු කරපු එකක් නෙමෙයි. මේ නිසා තමයි ලංකාවේදී ටොයොටා කාර් ජනප්‍රිය වෙන්න සහ අවුඩ් කාර් මාර්කට් නැති වෙන්නත් හේතුව. ලංකවේ දී සංකල්ප දියුණු වෙන්නෙ නෑ. අපි කරන්නේ සංකල්පයේ කොටසක් විතරක් තේරුම් ගන්න එකයි. මේ නිසා හැම වෙලාවකම ශේෂයක් ඉතිරි වෙනවා. ලංකාවේ හැමෝම දන්නවා මහින්ද රාජපක්ෂ මේ රට විනාශ කරව බව හැබැයි දන්නෑ වගේ ඉන්නවා. මෙයට තවත් උදාහරණයක් අපි ගනිමු. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය කියන්නේ පැරණි එක්ස් කණ්ඩායම දෙකඩ වුනාට පස්සේ දීප්ති ඇතුලු කණ්ඩායම විසින් හදපු පක්ෂය බව ගොඩක් අය දන්නවා. හැබැයි ඒ අය ඒක නොදන්නවා වගේ ඉන්නවා. හරියටම ඒක අපිට බස් රථයේ උදාහරණයෙන් තේරුම් ගන්න පුලුවන්.
හැමෝටම අවශ්‍ය රත්තරං මාලයක් හැබැයි රත්තරං මාලය ගණන් මොකද ඒකේ පාට වෙනස් වෙන්නෙ නෑ. ඕක ඔරිජිනල්. හැබැයි. අර රුපියල් පහේ කාසියෙන් හදපු මාලය ලාබයි. හැමෝටම රුපියල් සියයකට ගන්න පුලුවන්. හැබැයි ටික දවසකින් පාට වෙනස් වෙනවා. ඒ විදිහට ගත්තම ශ්‍රී ලංකා පෙරටුගාම් පක්ෂය වටා එක්රොක් වෙන්න බැරි අය හිතනවා පෙරටුගමි සමාජවාදී පක්ෂයට එකතු වුනොත් හරි කියලා. මොකද ඒකට ඕනම කෙනෙක්ට එකතු වෙන්න පුලුවන් තමන්ගේ වැඩක් කරන ගමන් දේශපාලන කරන්නත් පුලුවන්. එතකොට පොඩි ආතල් එකකුත් තියනවා. හැබැයි ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයට එහෙම ආවට ගියාට හැමෝටම එකතු වෙන්න බෑ. එතන සංවිධාන විනයක් තියනවා.
වැඩ කරන ක්‍රමයක් තියනවා. වැඩ කරන එක අමාරුයි. වැඩ කරන අයට පවා විවෙිචන තියෙනවා. කියවන්න ඉගෙන ගන්න සමාජය තේරුම් ගන්න තියෙනවා. මධ්‍යගත නායකත්වයක් තියනවා. රත්තරං මාල හැමෝටම ගන්න බෑ. ඒ වගේම තියෙන්නේ බොහාම පොඩ්ඩයි. ඒ වුනාට පහේ කාසියෙන් හදපු මාල ඕන තරම් තියනවා. ලාබයි. කැමති කෙනෙකුට ගන්න පුලුවන්. ටික දවසකින් පාට වෙනස් වුනත් පාට වෙනස් නොවෙනකම් අනික් අයව රවට්ටන්න පුලුවන්.

මේ වෙනකොට පැරණි වාමාංශිකයෝ සහ අපේ සංවිධානය පාවා දීලා ගිය ද්‍රෝහීන් ගොඩකට මේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය එක්ක එකතු වෙලා ඉන්න පුලුවන් වෙලා තියෙන්නේ ඒකයි. ඒ අය හොදටම දන්නවා මේ පක්ෂයේ දේශපාලන භාවිතාව දීර්ඝ කාලින නෑ කියලා. නමුත් ඉන්න ටික කාලේ ජාතිවාදයට විරුද්ධ වාමාංශිකයන් විදිහට අනික් අයව රවට්ටන පුලුවන් නිසා ඒ අයත් එක්ක කොන්දේසි විරහිතව එකතු වෙනවා. මේකට අපිට කියන්න වෙන්නේ නරුමවාදයේ මහා ආඛ්‍යනය කියලයි.
හැමෝම හිතන්නේ යථාර්ථය කියන්නේ තමන්ගෙන් පරිභාහිරව තියෙන දෙයක් කියලයි. තමන් යථාර්ථයට අයිති නෑ කියලයි. හැමෝගෙම සාරය තියෙන්නේ තමන්ගෙන් පරිභාහිර තමන් නොදන්න අනෙකෙක් තුළයි. මිනිස්සු මේ නිසා තමන් නොදන්න අනෙකාට තමන් කවුද කියන එක අවබෝධ කර ගන්න එක පහසු කරන්න විවිධ දේවල් කරනවා. මහා විශාල ගෙවල් හදනවා හැබැයි ඒ ගෙවල් වල ජීවත් වෙන්න බෑ. ලොකු සීනි බෝල වගේ කාර් ගන්නවා. ඇක්සිඩන්ට් එකක් උන ගමන් එතනම මැරෙනවා. මිනිස්සුන්ගෙන් එළියට ගිය සාරය අපිට මේ ආකාරයෙන් ගෙවල් වාහන විදිහට හම්බ වෙනවා. ඉස්සර කාලේ මිනිස්සු කාර් දිහා බලා ගෙන හිටියා. පස්සේ කාලෙක මිනිස්සු කාර් නවත්තලා කාර් එක තමන් දිහා බලාගෙන ඉන්නවද කියලා බලාගෙන ඉන්නවා. මේ නිසා මිනිස්සුන්ගේ ජීවිත හුදකලා වෙලා තියනවා. මේ නිසා වැඩි වැඩියෙන් මිනිස්සු පවුල තුලට ඒක රාශීවෙන්න පටන් ගෙන තියනවා.
ඒ අයට රාජ්‍යයට,සිවිල් සමාජයට හෙන ගැහුවත් කමක් නෑ අපේ පවුල විතරක් තිබුනොත් ඇති කියලා හිතනවා. අපි විසින් හේගල්ගේ දර්ශණය මේ රටට හදුන්වලා දෙන්නේ ඇයි කියලා ගොඩක් අය ප්‍රශ්ණ කළා. ඇයි මාක්ස් ගැන නැතිව හේගල් ගැන කතා කරන්නේ කියලා අහුවා. හේගල් සවිඥාණිකව හදාරපු අයට දැන් වැටහෙන්න ඕන රාජ්‍ය සහ සිවිල් සමාජය ශක්තිමත් කිරීමෙන් පමණයි පවුල් ඒකකය ශක්තිමත් කරන්න පුලුවන් කියන එක. එහෙම නොවෙන තාක් අපිට වෙබි අඩවි වල උදේ ඉදන් රෑ වෙනකම් අහන්න වෙන්නේ මේ වගේ ප්‍රවෘත්තියි. ‛‛ පියා විසින් දස හැවිරිදි දියණිය දූෂණය කරයි, පුතා තාත්තාගේ බෙල්ල කපයි, අමිමාගේ සහ තාත්තාගේ නිදන කාමරය පුතා විසින් වීඩියෝ කර නරඔයි…’’ මේ ආකාරයේ තවත් උදාහරණ ගොඩක් ඔබටම මතක් වෙිවි.
මේ වගේ ඒවා සිද්ධ වෙන්නේ සාරධර්ම පිරිහුණ නිසා කියලා සමහරු කියනවා. තවත් අය කියන්නේ බුදු හාමුදුරුවෝ කියපු විදිහට මේ නැති දෙදහස් පන්සියයයි ඒ නිසා බුදු බණට අනුව ඔහොම වෙන එක අරුමයක් නොමෙයි. තවත් අය කියන්නේ අබුද්දස්ස කාලෙක හැටි කියලයි. තවත් අයට අනුව මේ ඊශ්වර විසංසතියයි.
හැබැයි කාටවත් තේරෙන්නේ නෑ අපි ජීවත් වෙන්නේ ධනවාදී සමාජ ක්‍රමයක කියන එක මේක වෙනස් කරන්න පුලුවන් දේශපාලන මැදිහත්වීමකින් කියන එක අමතක කරලා හැමෝම රත්තරං මාල වෙනුවට රුපියල් පහේ මාල ගන්න පොරකනවා. හැමෝටම අවශ්‍ය පවතින සමාජ ක්‍රමය වෙනස් කරලා මීට වඩා හොද සමාජයක් ගොඩ නගන්න උත්සහා කරන්න නෙමෙයි. ගේමක් ගහලා කොහාමහරි මේ ක්‍රමයේම දැති රෝදයක් බවට පත්වෙලා සතුටින් ඉදලා මැරිලා යන්නයි. මැරිලා නිවන් දකින්නයි.


ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය