සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස පසුගියදා මහරගම අපේක්ෂා රෝහලට කතරගම දේවාලයේ මුදලින් ඉදිකළ අලුත් අංශයක් පරිත්‍යාග කිරීමේ උත්සවයේ දී කී කතාව ගැන සංවාදයක් ඇති වී තිබේ. නලින්ද කීවෙ මොකක්ද ?... "හිතේ කරුණාව හින්දා රජයේ සෞඛ්‍යය වැඩපිළිවෙළට හිතෙන හිතෙන විදියට ආධාර දෙන්නෙ නැතුව...රාජ්‍ය සෞඛ්‍යය ප්‍රතිපත්තියේ අවශ්‍යතාව අනුව ආධාර කරන්න" කියලා.
ඒක උදාහරණයක් ඇසුරෙන් මෙහෙම විස්තර කරනවා. කෙනෙක් කිසියම් රෝහලකට නව වාට්ටු සංකීර්ණයක් හදලා දෙනවා...නමුත් ඒකට අවශ්‍ය කාර්ය මණ්ඩලය අනුයුක්ත කරන්න රජයට සැලසුමක් නෑ...එතකොට ඒ ව්‍යාපෘතිය ඵලදායී නෑ... අර පරිත්‍යාගශීලියාගේ කැපවීමට නිසි වටිනාකමක් ලැබෙන්නේ නෑ... මේක යි නලින්ද කියන්නෙ.
මෙතෙක් සෞඛ්‍ය සේවයේ වෙච්ච නාස්තීන් දිහා බලලා...මෙතෙක් සෞඛ්‍ය ක්ශේත්‍රය පාලනය කරේ පහුගිය ආණ්ඩු නෙ... නලින්ද සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් සලකුණු කරන්නෙ ඒ අවිධිමත් වැඩපිළිවෙළ විධිමත් කරන්න ඕනෙ කියන එක... ඉතින් ඒක ඔහු කියන්නැතුව වෙන කවුරු කියන්න ද? ඒවගේ පරිත්‍යාගයක් වෙන තැනක කියන්නෙ නැතුව වෙන කොතන කියන්න ද?
මෙතන සෞඛ්‍ය අමාත්‍යවරයා කරන්නෙ..."අනේ පින්සිද්ද වේවා" කියලා බාර ගන්නෙ නැතුව, තම රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී ඉන්න එක...
මේ ගැන මං දැක්කා කෙනෙක් මෙහෙම කියලා තිබ්බා...
"නිකං දෙන අස්සයාගෙ දත් කරන්නෙ මොකටද?"
දත් ගණන් කරන්න ඕනෙ නෑ. හැබැයි එහෙම නිකං හම්බුනා කියලා අශ්වයාට කන්න නොදී ඉන්න බෑනෙ. එහෙම වුනොත් අශ්වයා දුන්න කෙනාටත් හොඳ නෑ. ගත්ත කෙනාටත් හොඳ නෑ. අශ්වයාටත් හොඳ නෑ. සරලව අශ්වයා දෙන්න ඕනෙ අශ්වයෙක් ඕන කෙනාටයි. පරිත්‍යාගශීලීන්ට ඕන හැටියට පරිත්‍යාග කරනවා වෙනුවට, පරිත්‍යාගවල අවශ්‍යතාවෙ හැටියට පරිත්‍යාග කරන්න කියලා තමයි ඒ කිව්වෙ. ඉතින් ඒක වගකිව යුතු සෞඛ්‍යය ඇමති කෙනෙක් කළ යුතු කතාවක්. කාට හෝ ඒ කතාවෙ ඇදයක් පේනවා නම් ඒකට හේතුව මෙච්චර කල් හිටපු සෞඛ්‍යය ඇමතිවරු එහෙම කතා කියලා නැති එක.
එතකොට කෙහෙලිය මොකක්ද කිව්වෙ?....
"ඉස්පිරිතාලවලට එන හැමෝම පණපිටින් ගෙදර යන්නෙ නෑ. ඒකයි ඉස්පිරිතාල ඉස්සරහ මල් ශාලා තියෙන්නේ''
දැන් ඕක කියන්න සෞඛ්‍ය ඇමති කෙනෙක් ඕනෙ ද ?
දැන් ඔය ප්‍රකාශ දෙක එක වගේ පේනවා කියන්නෙ කාට හරි උගේ මොලේ කොච්චර කොලොප්පං ද?