නලින් උඹ මගේ ආයුෂත් අරගෙන තව කලක් ඉඳපන්!

Jul 5, 2012
1,773
265
0
නලින් උඹ මගේ ආයුෂත් අරගෙන තව කලක් ඉඳපන්!

නලින් උඹ මගේ ආයුෂත් අරගෙන තව කලක් ඉඳපන්!

නලීන් ද සිල්වා මගේ මතවාදිමය සතුරෙකි. නලීන් මට ජාතිවාදියෙක් වෙයි. නලීන්ගේ ජාතිවාදය ද කිපෙන ස්වභාවයටද මගේ කැමැත්තක් නැත.

එහෙත් නලීන් ගැන මට ඇත්තේ අතිමහත් ගෞරවයකි. නලීන් අන්තිම අවංක , එසේම අන්තිම නිර්භයව තම අදහස් දක්වන්නෙකි. නලීන් අපට සිටින එකම දාර්ශනිකයාද වෙයි. (එක්ස් කන්ඩායමේ දාර්ශනිකයින් යැයි කියගන්නා අය ගැන මෙතන සලකා නොබැලේ ).විශේෂයෙන් බුදුසමය සහ භෞතික විද්‍යාව ගැන නලින්ගේ අවබෝධයට සමකල හැක්කෙක් ලංකාවේ නැති තරම්ය. නලීන් බොහෝ ප්‍රගතිශීලීන්ට වඩා ප්‍රගතිශීලියෙක්ද වන්නේය. සයිටම් සම්බන්ද ප්‍රශ්නයේදී නලීන් ගත් ස්තාවරය, ලංකාවේ ගෝත්‍රික, ජේ.වී. පී මිනිමරු ස්තාවරයට හාත්පසින්ම විරුද්ධ අති ප්‍රගතිශීලි ස්තාවරයක් විය. නලීන් විශ්ව විද්‍යාලයේ සිටින අවධියේ ජාතික චිනතන නඩයට විරුද්ධ සිසුන්ගෙන් පලි නොගත් බව බොහෝ දෙනෙක් කියන කතාවකි. නලීන් විශ්ව විද්‍යාල අචාර්යවරුන්ගේ සංගමයේ සභාපතිව සිටියදී දිනාගත් ඉල්ලීම් නිසා විශ්ව විද්‍යාල වල ස්වාදීනත්වය බල ගැන්වු බව ඔහුගේ සතුරන් පවා පිලිගත් කරුනකි.

නලීන් උඹ මගේ සතුරෙක් වුවද, උඹ ඉන්නා රට වාසනාවන්ත රටකි, සමාජයකි. උඹ මගේ සතුරෙක් බව සැබැවි, ඒත් මගේ ආයුෂත් අරන් තව කලක් ඉඳපන්


 
  • Like
Reactions: malakadss