නලින් ද සිල්වා, තොටගමුවේ රාහුල හිමි සමග කත&#35

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දෙවියන් සහ ප්‍රේතයන්ගේ පැවතීම, ලංකාවේ ඉතිහාසය ගැන ගැටළු තියන අය, මේ කොග්ගල නිලමේ පොතත් පොඩ්ඩක් කියවල බලන්න...

    http://www.mediafire.com/download/6wpswpdm1oph3yk/Koggala+Nilame+Book+1.pdf


    ඒ වගේම "මහරහතුන් වැඩි මග ඔස්සේ" කියන මේ ලිපි එකතුවත් වැදගත් වෙයි..

    http://www.mediafire.com/download/4zr1w7244g40o81/Maha+Rahathun+Wedi+Maga+Osse.pdf
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    දෙවියන් සහ ප්‍රේතයන්ගේ පැවතීම, ලංකාවේ ඉතිහාසය ගැන ගැටළු තියන අය, මේ කොග්ගල නිලමේ පොතත් පොඩ්ඩක් කියවල බලන්න...


    http://www.mediafire.com/view/6wpswpdm1oph3yk/Koggala Nilame Book 1.pdf

    බෞද්ධයෙක් හැටියට හිත දියුණු කරගෙන චතුර් සත්‍ය අවබෝධ කරගන්න උදව් වෙනපොතක් කියවනවනේ... බොරුවට බෞද්ධ ධර්මයට අදාල නැති දෙයියෙක් ගැන කියව කියව ඉන්නවට වඩා....

    ග්‍රීක දෙයියෝ, නෝර්ස් දෙයියෝ, ඊජිප්ත්තු දෙයියෝ ගැනැ ප්‍රශ්ණ තියන අය Age of Mythology ගහන්න.. පට්ට Game ගේම් එක

    age-of-mythology-cover.jpg



    age_of_mythology_1_orig.jpg
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    I like Greek mythology and philosophy..
    Thanks to Greek philosophy we have Democracy..
    Thanks to Greek Mythology we know how seasons are made :lol:

    1451526_435574579897816_670094769_n.png
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    I like Greek mythology and philosophy..
    Thanks to Greek philosophy we have Democracy..
    Thanks to Greek Mythology we know how seasons are made :lol:

    1451526_435574579897816_670094769_n.png

    ග්‍රීක සාහිත්ය දේශ්පාලනය ඉගෙන ගන්න මරු.. මිත්යා කතා, වීර ක
    තා, ජුගුප්සා ජනක කතා වැහි වැහැලා..

    Oedipus කියන දෙවියා, පොරගේ තාත්තා මරලා අම්මව කසාද බැන්දලු.. පිස්සු පිකුදු නේ..


    Giroust_-_Oedipus_At_Colonus.JPG
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl

    ග්‍රීක සාහිත්ය දේශ්පාලනය ඉගෙන ගන්න මරු.. මිත්යා කතා, වීර ක
    තා, ජුගුප්සා ජනක කතා වැහි වැහැලා..

    Oedipus කියන දෙවියා, පොරගේ තාත්තා මරලා අම්මව කසාද බැන්දලු.. පිස්සු පිකුදු නේ..


    Giroust_-_Oedipus_At_Colonus.JPG


    sirawata katha siddiya balanna oni kiyawala :lol:
    dan kohomada Greece e kale tibba civilization philosophies dan tiyanawada? Economy walin yana enamak naha... mona deyyek wath naha ada :P

    color-greek-econ-web.jpg



    Dave-Simonds-Greece-23.10-008.jpg


    david-horsey-cartoon20100513.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    sirawata katha siddiya balanna oni kiyawala :lol:
    dan kohomada Greece e kale tibba civilization philosophies dan tiyanawada? Economy walin yana enamak naha... mona deyyek wath naha ada :P

    color-greek-econ-web.jpg





    david-horsey-cartoon20100513.jpg
    දැන් ග්‍රීක දෙයියො ඔලිම්පස් වල නැ බන්.. ලන්කාවේ 33 කොටියක් උන් තමා එහේ රන් කරන්නේ.. උබට මතකනේ ග්‍රීක බැදුම්කරවල ලන්කාව ආයොජනය කරපු සීන් එක.. ඔව්වා ඔහොම තමා බන්, කලකට පොරවල් කලකට හිගන්නු.. රොමේ, පෘතුගාලේ, එන්ගලන්තේ, ප්‍රන්ශේ, නෙදර්ලන්තේ ඉස්සර ලොකේ හොල්ලන් හිටපු උන්, දැන් සොරි තමා.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේ ත්‍රෙඩ් එකේ නැවත නැවතත් අහනවා බටහිර විද්‍යාව බොරු නම් අපි පාවිච්චි කරන තාක්ශණය කොහොමද තියෙන්නෙ කියල.

    නලින් මහතා බටහිර විද්‍යාව බොරුවක් කියල කියන්නේ ඒ දැනුම් පද්ධ්‍රතියේ මූලික පදනම, දැනුම නිර්මාණය කරන ආකාරය ආදිය බොරුවක් කියන මතවාදය මත සිටගෙනයි. එහෙම නැතුව "එයින් නිර්මාණය වූ හැම දෙයක්ම බොරු" කියන බොළඳ මතයේ ඉඳල නෙවෙයි.

    බටහිර විද්‍යාවේ දැනුම නිර්මාණය කරන නිශ්චිත විධි ක්‍රමයක් ඇතැයි මොකා බෙරිහන් දුන්නත් එහෙම ක්‍රමයක් නෑ. මේක කියන්නේ නලින් මහතා පමණක් නොවෙයි. Paul Feyerabend කියන ප්‍රකට විද්වතා Against Method කෘතියෙන් පැහැදිළිව පෙන්වා දෙනවා බටහිර විද්‍යාවේ දැනුම නිර්මාණය කිරීම සඳහා නිශ්චිත විධි ක්‍රමයක් භාවිතා කර නැති බව. බොහෝ අවස්ථා වලදී තමන් යොදා ගන්නවා යයි කියන නිශ්චිත විධි ක්‍රමය විද්‍යාඥයන් විසින් සම්පූර්ණයෙන්ම බැහැර කරල තියනවා. නලින් මහතා විවේචනය කරන අයගෙන් මම අහන්න කැමතියි
    Paul Feyerabend විවේචනය කරන්නේ නැත්තේ ඇයි කියල.:rolleyes:

    ඊලඟට කියන්න තියෙන්නේ බොරු ගොඩක් මත පදනම් වෙලා දැනුමක් නිර්මාණය කළාට ඒක අසාර්ථක වෙන්න ඕන කියල නියමයක් නෑ. කොම්පියුටරය වැඩ කිරීමෙන් බටහිර විද්‍යාව හරි කියල ඔප්පු වෙනවනම් "උඩ පැන්නොත් බිම වැටෙන" නිරීක්ෂණයෙන් ගුරුත්වය ඔප්පු වෙන්න ඕන. එහෙනම් ගුරුත්වය කියල එකක් නෑ කියපු අයින්ස්ටයින් පිස්සෙක් වෙන්න ඕන (ඇයි මිනිහ ඇහැට පේන දේත් බොරු කියල කියනවනේ..).

    නලින් මහතා නිතරම කියන්නේ බටහිර තාක්ෂණය ලබාගෙන තියන දියුණුව නිසා බටහිර විද්‍යාවේ සියළු අංශ බැබලෙනව කියල. බොහෝ දෙනා තාක්ෂණයේ දියුණුව නිසා මුලා වෙලා බටහිර විද්‍යාවේ මූලික පදනම ප්‍රශ්ණ කිරීමටත් බයයි. මෙන්න මේ බය ඉස්සෙල්ල නැති කරගන්න. ඊට පස්සෙ නලින් මහතා ලියා ඇති දේවල් ඉවසීමෙන් කියවන්න.

    සෑහෙන කාලයක් නලින් මහතා ලියා ඇති දේවල් හදාරපු නැති අයත් එක්ක ඒවා ගැන බුද්ධිමත් සාකච්ඡාවක් කරන්න අමාරුයි. අනික එළකිරිය ඒකට තැනක් නෙවෙයි. එහෙම ගැඹුරින් විවාද කරන්න කැමති අයට කාලය අඩවියේ forum එකක් තියනවා. :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    මං උබ කියන දේට එකග වෙන්නේ නෑ මචන්...නමුත් ඒ අපේ පාරම්පරික දැනුමට අපහාස කරන්න අදහස් කරලා නෙමෙයි..(එහෙම කරන්න ඕන නම් මං මේ වගේ thread එකක් දාන්නේ නෑ නේ)

    මං අනිවාර්යයෙන් විස්වාස කරනවා, අපේ පැරැන්නන්ට ඔවුන්ගේම අත්දැකීමෙන් ලද දැනුමක් තිබුනා කියලා...ඒකයි මං කලිනුත් කිව්වේ, අදටත් සිංහල වෙද මහත්තයෙක් බෙහෙත් සීට්ටුවක් ලියද්දි, "අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි" කියන වචන දෙක භාවිතා කරන්නේ, ඔවුන් තමන්ගේම අත්දැකීමෙන් තමයි ඒ බෙහෙත ලෙඩාට දෙන්නේ...
    නමුත්
    , මං කියන්නේ ඒ අත්දැකීම ලබාගන්න පෙර, මුලින්ම ඒ බෙහෙත සෑදීම පිළිබද දැනුම ඔවුන් ලබාගන්න ඇත්තේ, සම්‍යක්දෘෂ්ටික දෙවියන්ගේ මාර්ගයෙන් කියලා...යම් වෙද පරපුරක, මුල් ම පුරුක් වල හිටපු වෙදමහත්වරුන්ට, එහෙම දෙවියන්ගෙන් දැනුම ලබාගන්න පුළුවන් තරම් අධ්‍යාත්මික ශක්තියක් තියෙන්න ඇති..නමුත් ඇතැම්විට පසු කාලීන පරපුරට එහෙම නොහැකිවීම නිසා, ඔවුන් ඒ වෙදකම, පුස්කොලපොත් සහ අනෙකුත් වෙද ග්‍රන්ථ වල ලියා තැබීම මගින්, පාරම්පරිකව ඒ දැනුම, නොනැසී පවත්වාගෙන යන්න ඇති..පසු කාලීනව සිදු උන චෝල, පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසින්ගේ කෲර ආක්‍රමණ නිසා මේ පොත් පත් මුළුමනින්ම විනාස උනා..(අපි දන්නවා ආසියාවේ විශාලම බෞද්ධ පුස්තකාලය උන, නාලන්දා විශ්වවිද්‍යාලය, අරාබි ජාතිකයින් මුළුමනින් ම ගිනි තියල විනාස කරපු හැටි...ඒ වගේම අපේ රටේ විහාර වල තිබුන පොත් ගුල් මුළුමනින් සුද්දෝ ගිනි තියල විනාස කරපු විදිහ, අපේ ඉතිහාසයේ තියෙනවා..)

    මං මෙහෙම කියන්න හේතුවත් කියන්නම්...අපිට (අපිට විතරක් නෙමෙයි, ලෝකේ හිටපු අනෙකුත් ශිෂ්ටාචාර වලටත්..මං කොහෙදිවත් කිව්වේ නෑ දෙවියන්ගෙන් දැනුම ලැබුනේ සිංහලයනට විතරයි කියල.,මිසරය, චීනය, ඉන්කාවරු, මායාවරු වගේ වෙනස් ශිෂ්ඨාචාර වලට ඔවුන් අදහන දෙවියන්ගෙන් දැනුම ලැබෙන්න ඇති.) කිසිම අවස්තාවක දෙවියන්ගෙන් හෝ වෙන බලවේගයකින් දැනුමක් ලැබුනේ නැත්නම්, ඒ කාලේ සිදුකරපු සෑම ඉදිකිරීමක් ම කලේ, මිනිස් පරිණාමයත් සමග ඔවුන් තමන්ගේ අත්දැකීමෙන් එකතු කරගත්ත දැනුමෙන් නම්..., අද එදා ඉදල අවුරුදු දහස් ගානක් ගිහින් තියෙනවා..උබ කියන විදිහට අත්දැකීමෙන් දැනුම ලැබුන නම්, (මේ සියවස් ගාන තුල, මිනිසා ලබපු අත්දැකීම් ප්‍රමාණය විශාලයි ) අද වෙනකොට ඉතිහාසයේ තිබුන තාක්ෂනය වගේ දස දහස් ගුණයක තාක්ෂණයක් අපිට විතරක් නෙමෙයි, මුළු ලෝකයටම තියෙන්න ඕන..(හේතුව, උබ කියන විදිහට අපි දැනුම ලබාගත්තේ අපේම අත්දැකීම් සහ ඉතිහාසයෙන් නිසා)
    නමුත් අදටත් පුලුවන්ද මීට අවුරුදු 4,000 කට විතර කලින් හදපු පිරමීඩ ප්‍රතිනිර්මාණය කරන්න? අපේ රට ගත්තොත්, රාවනා රජු භාවිතා කළා කියන දඩු මොනර යන්ත්‍රය වගේ දෙයක් අපිට අද හදන්න, ඒ ගුවන්යානා තාක්ෂනය තියෙනවද? මොන ආක්‍රමණ ඇවිත් මොන විනාසේ කලත්, මිනිස්සුන්ගේ අත්දැකීමෙන් පමණක් ගොඩනැගුනු දැනුමෙන් නම් ඒ නිර්මාණ කලේ, ඒ නවත්තපු තැන ඉදල යන්න කිසිම බාධාවක් නෑ, ඒ මුළු ශිෂ්ටාචාරයම සමූල ඝාතනය උනේ නැත්නම්...මොකද මුළු ශිෂ්ඨාචාරය පුරාම, දැනුම එක හා සමානව පැතිරිලා තිබුන නිසා (උබ කියන විදිහට)..
    නමුත් මගේ තර්කයට අනුව, අපිට දැනුම ලැබුනේ, දෙවියන් හා සන්නිවේදනය කරන්න පුළුවන් කමක් තිබුන සීමිත පුද්ගලයන්ගෙන් පමණයි...ඔවුන්ගේ අභාවයෙන් පස්සෙත්, ඒ දැනුම රැකිලා තිබුනේ, ඔවුන් ඒ දැනුම පොත් පත් වල ලියල තිබුන නිසා.(විශේෂයෙන් වෙදකමේදී)..නමුත් අර පසුව ඇති උන ආක්‍රමණ වලදී, ඒ පොත් පත්, පුස්කොලපොත් වැඩි ප්‍රමාණයක් විනාශ උන නිසා, දෙවියන්ගෙන අපි ඒ ලද දැනුම, ඉදිරි පරම්පරාවට ගෙනියන්න බැරි උනා..(උබේ කලින් comment එකක මං දැක්කා උබ අහල තියෙනවා, ඔය කියන ලොකු දැනුමක් ඉස්සර තිබුන නම්, අද ඒ දැනුම පාවිච්චි නොකර, සුද්දන්ගේ tv, radio පාවිච්චි කරන්නේ ඇයි කියල...ඒකට උත්තරේ තමයි මේ..නමුත් ආපහු ඒ දැනුම හොයාගෙන, ඒක ප්‍රතිෂ්ඨාපනය කරන්න යද්දී, උබල වගේ අයම තමයි විරුද්ධ වෙන්නෙත්)
    බටහිරයන්ගේ ආක්‍රමණයත් එක්ක ආපු සංස්කෘතික හා ආගමික සෝදා පාළුව නිසා, අතීතයේ හිටියා වගේ අධ්‍යාත්මිකව දියුණු පුද්ගලයන් බිහි වීමක් වෙන්නේ නැති තත්වෙටම පත් උනා..
    මේ දේ සිද්ධ උනේ අපේ රටේ විතරක් නෙමෙයි...බටහිරයන්ගේ සහ අරාබින්ගේ යුධ සහ සංස්කෘතික ආක්‍රමණය නිසා, ලෝකේ පුරා විසිරිලා තිබුන අධ්‍යාත්මිකව දියුණු ජාතීන්ගේ ශිෂ්ටාචාර කඩා වැටුනා..ඔවුන්ට ඔවුන්ගේ පිරමීඩ හදපු ශිෂ්ටාචාරය එක්ක තිබුන දැනුම, අරාබි-මුස්ලිම් සංස්කෘතියෙන් විනාස කරන කොට, අපිට රාවනා රජු සිට ගැමුණු කුමාරයා දක්වා පැවතීගෙන ආපු දැනුම, බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයෙන් හා ඒ දැනුම් පද්ධතියෙන්, මොට කරලා දැම්මා..

    ඒ කතාවට අමතරව බැලුවොත්, උබ කියනවා "ඔය ප* දෙවියෝ නෙවි ඕව අපේ සිංහලු මහන්සිවෙලා හොයාගත්තු දැනුම......සහ අතීතයේ ඒ ඒ රටවල් හිටිය මිනිස්සු නව දැනුම් සොයාගෙන....." කියල..නමුත් එහෙම මහන්සි වෙලා නව දැනුම් හොයා ගත්ත විදිහ ගැන අදහසක් උබට නෑ..නමුත් මං අනිවාර්යයෙන් පිලිගන්නවා, දැනුම දෙවියන්ගෙන් ලැබුනට, ඒ දේවල් අපිට ගැලපෙන විදිහට යොදා ගනිමින් ඒ නිර්මාණ කරන්න මහන්සි උනේ අපේ පැරැන්නන් කියන එක..උබ සමහර විට අදහස් කලේ ඒකද මං දන්නේ නෑ..එහෙම නැතුව රුවන්වැලිසෑය හදන්න දෙවියෝ ඇවිත් ගඩොල් ඇද්දේ නෑ නේ... (එහෙමනම් ඉතින් ගැමුණු රජු මැරෙන්න කලින් දෙවියෝ ඉදිරිපත් වෙලා චෛත්‍යයේ වැඩ ඉවර කරලා දෙනවනේ)

    දෙවියන්ගෙන් ලැබුනේ දැනුම පමණයි මචන්..නමුත් ඒ එක්කම කියන්න ඕන, අපිට යම් දැනුමක් තිබුන නම්, ඒ සියලුම දැනුම අපි ගත්තේ ඔවුන්ගෙන් කියලා මං කියන්නේ නෑ...උබ කිව්වා වගේ මිනිස්සුන්ගේ අත්දැකීම් මත පදනම් උන දැනුමකුත් තියෙන්න ඇති...නමුත් ඒ දැනුම විතරක් තිබුන කියල නෙමෙයි මං කියන්නේ..විශේෂයෙන් වැව්, ඇල වේලි, දාගැබ් හදද්දී, දෙවියන්ගෙන් ලැබුන දැනුම යොදා ගත්තා කියල තමයි මං කියන්නේ..
    (ඉතිහාසයට අනුව ජලය සම්බන්ධ කටයුතු වලදී නාග ගෝත්‍රිකයෝ තමයි මුල් වෙලා තියෙන්නේ...ඔවුන් , තමන් අදහන දෙවියන් මාර්ගයෙන් ඒ වාරිමාර්ග කරන්න ඕන ස්ථානය වගේ දේවල් දැනගන්න ඇති..ඒකයි අනුරාධපුරයේ තියෙන හැම වැවකම වගේ නාග රූපය කොටපු ගලක් තියෙන්නේ, ඒ තමන්ට දැනුම දුන් දෙවියන්ට උපහාරයක් විදිහටත්, තවදුරටත් ඔවුන්ගේ රැකවරණය සලසන්න කියල ඉල්ලීමක් විදිහටත් වෙන්න ඇති..අදටත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ලාංචනය වෙන්නේ නාග රූපයක්)

    අන්තිමට උබ කියනවා "අපිට වගේම උන්ටත් දැන් ඒ දැනුම නෑ. එක තමා ලෝක ස්වභාවය. ලෝකය වෙනස් වෙනව." කියල..
    ඇත්ත..මිසරය පසුකාලීනව මුළුමනින්ම මුස්ලිම් සංස්කෘතියට යට උනා...මායාවරුන්ගේ මුළු ශිෂ්ටාචාරයම මොන යම් හේතුවක් නිසා නැති උනා..නමුත් ලෝකේ පැරණිම ශිෂ්ටාචාර වලින් එකක් උන චීන සංස්කෘතිය අදටත් තියෙනවා..ඒ වගේම ඔවුන්ගේ පැරණි දැනුමත් යම් ආකාරයකට සුරක්ෂිතව තියෙනවා කියල කියනවා..සමහර විශ්ලේෂකයෝ කියනවා, ඔවුන් ඔත්තු බැලීමේ කටයුතු වලට අධ්‍යායාත්මිකව හිත දියුණු කරගත්ත පුද්ගලයන් යොදාගෙන ඉන්නවා කියල..ඒකෙ ඇත්ත නැත්ත කවුරුත් දන්නේ නෑ...(මොනවා උනත් ඇමෙරිකාව වගේ හත් පලේ ගාගෙන නෑ නේ)
    අපේ රට ගත්තොත්, මෙච්චර කල් නොතිබුන අවස්තාවක් දැන් හම්බ වෙලා තියෙනවා...දෙවියන් සතු දැනුම ලබාගන්න හැකියාවක් දැන් ලැබිලා තියෙද්දී, ඒ අවස්තාව අපතේ යවන්නේ නැතුව ප්‍රයෝජනයට ගන්න එක අපේ වැඩක්..තමන්ට භාවනා කරලා, තමන්ගේ අධ්‍යාත්මය වර්ධනය කරගන්න උවමනාවක් නැත්නම්, කරන්න පුළුවන් ලොකුම දේ, ඒ දේවල් වලට ගරහන්නේ නැතුව ඉන්න එක..අසරණ මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න ඔවුන් කරන දේවල් වලට, විද්‍යාත්මක ක්‍රමයක් ඉස්සරහට දාගෙන ඒක කඩාකප්පල් කරන්නේ නැතුව ඉන්න එක..අවුරුදු 20 ක් තිස්සේ ඔය විද්‍යාත්මක ක්‍රමයට රජරට මිනිස්සු මැරෙන එක නවත්තන්න බැරි උනා නේ..ඒ නිසා දැන් ඔවුන්ට අවස්තාව දෙන්න මේකට විසදුමක් දෙන්න..

    උබ නම් නලියගේ ලණුව නිමෙට කාල
    යකෝ රාවණගේ දඩුමොනාරේ ගැන තියෙන සාක්ෂි මොනවද බං ?
    උබ කියන විදිහට නව සොයාගැනීම් කරපුව වැඩ නෑ නේ
    මුළු ලෝකෙම උන් දෙවියන් දුන්න දැනුම තියං හිටිය නම් හරි නෙ
    අසරණ මිනිස්සු බේරගන්න මොනවද බං උන් කරන්නේ ? ලබ්බ තමයි
    කොටි සිංහලු මරද්දී නාථ,කටරගම(ආ පොර දෙමල නේ),විෂ්ණු,සමන්,etc දෙවියෝ කොහෙද බං හිටියේ ? අනිත් අතට කොටි උන්ගේම මිනිස්සු මරද්දී ශිව ඇතුළු සෙට් එක කොහෙද හිටියේ ?
    පකිස්ටානේ,ඇෆ්ගනිස්ටනේ ද්රෝන් ප්‍රහාර වලින් උන් මැරෙද්දි අල්ලා කොහෙද හිටියේ ? හිට්ලර් යුදෙව්වෝ ලක්ෂ ගානක් මරද්දී යුදෙව් දෙවියෝ කොහෙද හිටියේ ? අනේ නිකන් පලයන් බං යන්න. ඔකුං අසරණ උන්ට කරන උදව්වක් නෑ. පුජා වට්ටියට දෙදාහේ කොලයක් තිබ්බොත් නම් සලකා බලයි අනාත 33 කෝටිය.

    දැන් සිංහලුන්ට දෙවියන් දැනුම දුන්නේ කවදාද ? කාටද ? විජේ ඇතුළු පිරිසට ලංකාවට ගොඩබැස්ස ගමන් දෙවියෙක් ඇවිත් දැනුම දුන්න ? කුවේණි කපු කටින හැටි දැනගෙන හිටිය. එක කුවෙනිට දෙවියන්ද දුන්නේ ?

    ඔච්චර ඕනෙත් නෑ මේක කියපං

    නලියට උ ඉපදුන දවසේ ඉදන් සිංහල සහ වෙනත් උ දන්නා බාශාවන් කතාකරන්න සහ උ දන්නා දැනුම (ගණිතය, බෞතික විද්‍යාව වගේ එව්ව...) උට ලැබුනේ දෙවියන්ගෙන්ද ? එහෙනං පොර ඉස්කෝලේ ගිහින් නැතුව ඇති. ඉපදුන ගමන් කතා කරන්න ඇති. :rofl:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    ඔයා කියන එක ඇත්ත ඒ උනාට අපි "100% නිදහසේ හිතන්න පුළුවන්" කියන රාමුවට නෙවෙයිද කොටු වෙන්නෙ?
    එතකොට අපි ඒ රාමුව ස්ථාවර වෙන්න ඕනි කරනු එකතු කරන්න හදනව නේද හරි හෝ වැරදි හෝ හරියට ඔබට අනුව ආගම් වල ඉන්න අපි ඒක හරි කියන්න කරුණු එකතු කරනව වගේ?

    උබේ ආගමේ වැරද්දක් පෙන්නුවොත් උබ කැමති නැ එක පිළිගන්න.එක තමයි මම කියන නිදහස :D
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ ත්‍රෙඩ් එකේ නැවත නැවතත් අහනවා බටහිර විද්‍යාව බොරු නම් අපි පාවිච්චි කරන තාක්ශණය කොහොමද තියෙන්නෙ කියල.

    නලින් මහතා බටහිර විද්‍යාව බොරුවක් කියල කියන්නේ ඒ දැනුම් පද්ධ්‍රතියේ මූලික පදනම, දැනුම නිර්මාණය කරන ආකාරය ආදිය බොරුවක් කියන මතවාදය මත සිටගෙනයි. එහෙම නැතුව "එයින් නිර්මාණය වූ හැම දෙයක්ම බොරු" කියන බොළඳ මතයේ ඉඳල නෙවෙයි.

    බටහිර විද්‍යාවේ දැනුම නිර්මාණය කරන නිශ්චිත විධි ක්‍රමයක් ඇතැයි මොකා බෙරිහන් දුන්නත් එහෙම ක්‍රමයක් නෑ. මේක කියන්නේ නලින් මහතා පමණක් නොවෙයි. Paul Feyerabend කියන ප්‍රකට විද්වතා Against Method කෘතියෙන් පැහැදිළිව පෙන්වා දෙනවා බටහිර විද්‍යාවේ දැනුම නිර්මාණය කිරීම සඳහා නිශ්චිත විධි ක්‍රමයක් භාවිතා කර නැති බව. බොහෝ අවස්ථා වලදී තමන් යොදා ගන්නවා යයි කියන නිශ්චිත විධි ක්‍රමය විද්‍යාඥයන් විසින් සම්පූර්ණයෙන්ම බැහැර කරල තියනවා. නලින් මහතා විවේචනය කරන අයගෙන් මම අහන්න කැමතියි
    Paul Feyerabend විවේචනය කරන්නේ නැත්තේ ඇයි කියල.:rolleyes:

    ඊලඟට කියන්න තියෙන්නේ බොරු ගොඩක් මත පදනම් වෙලා දැනුමක් නිර්මාණය කළාට ඒක අසාර්ථක වෙන්න ඕන කියල නියමයක් නෑ. කොම්පියුටරය වැඩ කිරීමෙන් බටහිර විද්‍යාව හරි කියල ඔප්පු වෙනවනම් "උඩ පැන්නොත් බිම වැටෙන" නිරීක්ෂණයෙන් ගුරුත්වය ඔප්පු වෙන්න ඕන. එහෙනම් ගුරුත්වය කියල එකක් නෑ කියපු අයින්ස්ටයින් පිස්සෙක් වෙන්න ඕන (ඇයි මිනිහ ඇහැට පේන දේත් බොරු කියල කියනවනේ..).

    නලින් මහතා නිතරම කියන්නේ බටහිර තාක්ෂණය ලබාගෙන තියන දියුණුව නිසා බටහිර විද්‍යාවේ සියළු අංශ බැබලෙනව කියල. බොහෝ දෙනා තාක්ෂණයේ දියුණුව නිසා මුලා වෙලා බටහිර විද්‍යාවේ මූලික පදනම ප්‍රශ්ණ කිරීමටත් බයයි. මෙන්න මේ බය ඉස්සෙල්ල නැති කරගන්න. ඊට පස්සෙ නලින් මහතා ලියා ඇති දේවල් ඉවසීමෙන් කියවන්න.

    සෑහෙන කාලයක් නලින් මහතා ලියා ඇති දේවල් හදාරපු නැති අයත් එක්ක ඒවා ගැන බුද්ධිමත් සාකච්ඡාවක් කරන්න අමාරුයි. අනික එළකිරිය ඒකට තැනක් නෙවෙයි. එහෙම ගැඹුරින් විවාද කරන්න කැමති අයට කාලය අඩවියේ forum එකක් තියනවා. :yes:

    අනිවාර්යයෙන් මචන්...මං 100% එකගයි..මෙතන කමෙන්ට් කරපු ගොඩක් දෙනෙක්, ඔහු ලියපු ලිපි 10 ක් වත් කියවල තියෙනවද කියල සැකයි..ඔහුගේ ලිපි විතරක් නෙමෙයි, අපේ ඉතිහාසය, දේශීය දැනුම ගැන කියන අනිත් අය ( මතුගම සෙනෙවිරුවන්, චන්න ජයසුමන වගේ අය ) ලියපු ලිපියක් වත් දැකල වත් ඇති කියල මං හිතන්නේ නෑ...ඒ ඔක්කොටම වඩා, අපේ ඉතිහාසය පිලිබදව මෙතන ඉන්න අයගේ දැනුම දැක්කම කලකිරෙනවා..ඒ වගේ කමෙන්ට් වලට අඩුම තරමේ reply එකක් වත් දීල වැඩක් නෑ..නමුත් එහෙම නොදන්නා මිනිස්සුම තමයි ඒ දේවල් ගැන ලොකුවට කතා කරන්නෙත්..ඒ අය එක්ක වාද කිරීම ම නිෂ්ඵලයි..
    සමහරුන් ලියල තියෙන දේ කියවල, ඒ කියන්නේ මොකක්ද කියල වත් තේරුම් ගන්නේ නැතුව තමයි කමෙන්ට් කරලා තියෙන්නේ....:baffled:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උපුටා ගැනීම - 2013.12.15 ඉරිදා දිවයින පුවත්පතෙනි..

    nalin100.jpg


    නාථ දෙවියන් මියගොස්‌ ද?





    පසුගිය දා "උගත් ගැමි" මැදිවියේ ජ වි පෙ මන්ත්‍රී අනුර දිසානායක පාර්ලිමේන්තුවේ දී නාථ දෙවියන් ආසනික්‌ ගැන දැනගත්තේ කෙසේ ද යන ප්‍රශ්නය ඇසීය. ඔහුට අනුව ආසනික්‌ ගැන දැනගෙන ඇත්තේ පසුවය. එසේ පසුව දැනගත් ආසනික්‌ ගැන නාථ දෙවියන්ට දැනුමක්‌ නොතිබිය හැකිය යන්න ඔහුගේ ප්‍රශ්නයෙන් ගම්‍ය විය. මෙයින් ඔහු අදහස්‌ කළේ නාථ දෙවියන් මිය යැමෙන් පසුව ලෝකයා ආසනික්‌ ගැන දැනගත් බව ද? ආසනික්‌ සම්බන්ධ ප්‍රශ්නයේ දී නාථ දෙවියන් යනුවෙන් හැඳින්වෙන්නේ කවුරුන් වුව ද (ඒ මෛත්‍රී බෝසතාණන් වහන්සේ නම් නොවේ) ඔහු අදාළ භවයෙන් චුත වී නැත. අනුර දිසානායකට සංකල්ප පැටළවී ඇත. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ද තවමත් දෙව්ලොවින් චුත වී නැත. අනෙක්‌ අතට ආසනික්‌ යන්න සිංහලයන්ට අලුත් වුවත් ඔවුහු පාසානම් නමින් එය ඈත අතීතයේ සිට දනිති. නාථ දෙවියන් යනු කවුරුන් වුව ද ඔහු ද පාසානම් නමින් හඳුන්වනු ලැබූ කාලයේ සිට ආසනික්‌ ගැන දන්නා බව නිසැකය. අනුර දිසානායකලා අද වන විට කෙතරම්දුරට සිංහල බෞද්ධ සංස්‌කෘතියෙන් ඈත් වී තිබේ ද යන්න මෙයින් පැහැදිලි වෙයි.


    මා නාථ දෙවියන් ගැන දැනගත්තේ ප්‍රියන්තා සේනානායක මහත්මියගෙනි. මගේ දැනුම අනුව ආසනික්‌ හා සම්බන්ධ නාථ දෙවියන් යනු මනුෂ්‍ය නොවන ප්‍රාණියෙකි. ඔහුට දෙවියන් යෑයි කීව ද ඒ භූතයකු විය හැකි ය. එහෙත් මට එය ප්‍රශ්නයක්‌ නොවේ. මට අවශ්‍ය වූයේ දැනුම ලබාගැනීමට (නිර්මාණය කිරීමට) ඊනියා බටහිර විද්‍යාත්මක ක්‍රමය හැරෙන්නට වෙනත් ක්‍රම ඇති බව ද ජනතාවට පැවසීම ය. එසේ කීම එක්‌ අතකින් වැරදිය. මෙරට ජනයා මා නොකීවාට අවුරුදු දහස්‌ ගණනක්‌ තුළ පංෙච්න්ද්‍රියන්ට සීමා නොවූ විවිධ ක්‍රම මගින් දැනුම ලබාගෙන ඇත. මා කර ඇත්තේ ජනතාවගෙන් යමක්‌ ඉගෙන එය තහවුරු කිරීම පමණ ය. සුද්දෝ අපට ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක්‌ ගැන කියා භූතයන් යනු මිථ්‍යාවන් යෑයි ද භූතයන්ගෙන් දැනුම ලබාගැනීමට නොහැකි යෑයි ද පවසති. සුද්දන්ගෙන් ඉගෙන ගත හැකි නම් භූතයන්ගෙන් ඉගෙන ගත නොහැක්‌කේ මන්දැයි මට නොවැටහෙයි. වඩා භයානක සුද්දා ද භූතයා ද? සුද්දාට හසු වූ කල බොහෝ අයට ගැලවීමක්‌ නැති බව මෙරට නිවට පුහු උගතුන්ගෙන් පැහැදිලි වෙයි. සිංහල බෞද්ධ සංස්‌කෘතියේ ජීවත්වන මට සුද්දාගෙන් ද භූතයාගෙන් ද ගැලවිය හැකි ය. මට තවමත් ගැලවීමක්‌ නැත්තේ මගෙනි. ජනප්‍රිය ගීතයක අදහසක්‌ අවශෝෂණය කරගෙන මට මගේම නොවන මගේ මමක්‌ ඇතැයි කිව හැකිය. ඉන් ගැලවීමට අඩුම තරමෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්‌ෂයක්‌ පෙරුම් පිරිය යුතු ය. වයස අවුරුදු දහහතරේ දී සුද්දාට හසු වූ මට සුද්දාගෙන් ගැලවීමට නම් අවුරුදු විස්‌සකට වඩා නොගියේය. භූතයාගෙන් ගැලවීමට එතරම් කලක්‌වත් නොගියේ ය. එහෙත් අවශ්‍ය වූ විට සුද්දාගෙන් ද භූතයාගෙන් ද දැනුම සිංහල බෞද්ධ සංස්‌කෘතියට අවශෝෂණය කරමි.

    අපට නාථ දෙවියන් නමින් හැඳින්වෙන අය මුණගැසුනේ බටහිර විද්‍යාවට හා එහි තාක්‌ෂණික අංගයක්‌ පමණක්‌ වූ බටහිර වෛද්‍ය විද්‍යාවට කෘෂි රසායනික වකුගඩු රෝගයට හේතුව කුමක්‌ දැයි කීමට නොහැකි වූ අවස්‌ථාවක ය. මේ රෝගයට ප්‍රතිකාරයක්‌ බටහිර වෛද්‍ය විද්‍යාවෙහි නැත. පසුගියදා රජයේ (බටහිර) වෛද්‍ය නිලධාරී සංගමය විසින් පවත්වන ලද සම්මන්ත්‍රණයක දී ඇතැම් බටහිර වෛද්‍යවරුන් පවසා ඇත්තේ කෘෂි රසායනික වකුගඩු රෝගයට ප්‍රතිකාරයක්‌ ඔවුන්ට, එනම් ඔවුන්ගේ ස්‌වාමී සුද්දන්ට ඇති බව ය. ඔවුන්ට අනුව ඒ වකුගඩු බද්ධ කිරීම ය. දහස්‌ ගණන් රෝගීන්ට බද්ධ කිරීමට වකුගඩු කඩේ ඇතැයි ඔවුන් සිතනවා විය හැකිය. එහෙත් මේ දොස්‌තරලා ද නො(දත්) දොස්‌තරලා නොදන්නා දේ නම් අවයව බද්ධකිරීම යන්න සමස්‌තය යනු කොටස්‌වල එකතුව යෑයි සිතන නිව්ටෝනීය යාන්ත්‍රික දර්ශනයෙන් ගලා එන්නක්‌ බව ය, මේ අමතර කොටස්‌ සංකල්පය ක්‌වොන්ටම් යාන්ත්‍රිකයේ පැටලීම (එන්ටැන්ගල්මන්ට්‌) යන ෂ්රොඩිංගර්ගේ අවුරුදු හැත්තෑවකට පැරණි සංකල්පයෙන් ඉවත් කෙරී ඇති බව ය. පට්‌ටපල් බොරු වූ බටහිර වෛද්‍ය විද්‍යාව, පට්‌ටපල් බොරු වූ බටහිර භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගසයි. සේවාර්ජිත දන්ත වෛද්‍ය මහාචාර්ය අශෝක අමරතුංග බටහිර විද්‍යාව අසත්‍ය යෑයි ඔප්පුකරන ලෙස විදුසර පුවත්පත මගින් මගෙන් ඉල්ලා ඇත. ඔහු ඔප්පුකිරීම, සත්‍යය ආදියෙන් කුමක්‌ අදහස්‌ කරන්නේ දැයි නොදනිමි. එහෙත් පට්‌ටපල් බොරු වූ බටහිර විද්‍යාව සත්‍ය යෑයි ඔප්පු කළ හැකි කිසිවකු වේද? බටහිර විද්‍යාවෙහි කෙරෙන්නේ පංෙච්න්ද්‍රියයන්ට ගෝචර සංසිද්ධි තේරුම් ගැනීමට යෑයි කියමින් පට්‌ටපල් බොරු වියුක්‌ත කතන්දර ගෙතීම පමණකි. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ බලය යන්න මොන තරම් පට්‌ටපල් බොරුවක්‌ දැයි අශෝක අමරතුංග නොදනියි.

    නාථ දෙවියෝ අපට කෘෂි රසායනික වකුගඩු රෝගයට හේතුව ආසනික්‌, කිවුල් ජලය හා ආසනික්‌ මිතුරු පස්‌ බව කියා දුන්හ. කැඩ්මියම් එහි දී උත්ප්‍රේරකයක්‌ ලෙස ක්‍රියා කරයි. අපි ඒ බව ජනතාවට කීවෙමු. කැනඩාවේ ජීවත්වන මට කෙදිනකවත් මුණ ගැසී නොමැති චන්ද්‍රසිරි ධර්මවර්ධන නම් මහාචාර්යවරයකු විද්යුත් තැපෑල මගින් මා ආසනික්‌ ගැන කීවේ ඊනියා පාරභෞතික ක්‍රමවලින් බවත් මහාචාර්ය පරණගම මහත්මිය ඇතුළු කිහිප දෙනකු එය බටහිර විද්‍යාත්මකව තහවුරු කිරීමට උත්සාහ ගත් බවත් සඳහන් කරයි. ඔහුගේ පාරභෞතිකය පිළිබඳ අර්ථ දැක්‌වීම කෙසේ වුවත් කිසිවකුට අනුව ගුරුත්වාකර්ෂණය ද වෙනත් වියුක්‌ත ප්‍රවාද ද පාරභෞතික ය. ඔහු පරණගම මහත්මියගෙන් අසා දැනගෙනත් එහෙත් නොකියන දෙය නම් කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්‌ඩායම ආසනික්‌ පර්යේෂණ කළේ මගේ මූලිකත්වයෙන් බවත් මා සේවයෙන් ඉවත්වීමෙන් පසුව ඒ පර්යේෂණ නැවතුනු බවත් ය. අපි ආසනික්‌ පිළිබඳ දැනගැනීමෙන් පසුව ඔහු වැන්නන්ට ඒත්තු ගැන්වීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ඇරඹීමු. එහෙත් තවමත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව කෘෂි රසායනික වකුගඩු රෝගයට හේතුව දැනගැනීමට නැත. ඔවුන් ඒ දැනගන්නා තෙක්‌ අප කළ යුත්තේ රෝගීන් මිය යැමට සැලැස්‌වීම ද?



    එක්‌ කුහක දොස්‌තරවරයකු තමා සෞඛ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු බව පවසමින් ලෝක සෞඛ සංවිධානයේ වාර්තාවකට අනුව යෑයි කියමින් රෝගයට හේතුව ආසනික්‌ නොව කැඩ්මියම් බව ප්‍රකාශ කළේ අපට නිග්‍රහ කිරීමට ය. එහෙත් ඔහු වාර්තාවක්‌ ලෙස නම් කළේ හතර දෙනකු විද්යුත් සඟරාවක පළකළ පත්‍රිකාවකි. ලෙඩා මළත් හේතුව ආසනික්‌ නොවේ නම් බඩ සුද්ද ය. ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් කිසිවකු හෝ කිවුල ගැන නොකියද්දී ආණ්‌ඩුව නාථ දෙවියන්ගේ කීම මත පදනම්ව කිවුල නැතිකිරීමට ජල පෙරණ සවිකිරීමට තීරණය කර ඇත. එහෙත් කෘෂි රසායන ගොවිතැනෙන් ඉවත් නොකර පෙරණ සවිකිරීම හෝද හෝදා මඩේ දැමීමකි. ආණ්‌ඩුව වැව් ප්‍රතිසංස්‌කරණය කර ජලය බෙදාදීමට ක්‍රමයක්‌ සකස්‌ කළ යුතු ය. එමෙන් ම වැව් තාවුලුවල මිරිකුළු (මුරුංගා) වැනි ශාක වගා කිරීමටත් කෘෂිරසායන ගෙන්වීම ක්‍රමයෙන් නවතා දේශීය පොහොර යොදා ගැනීමටත් ගොවි මහතුන් උනන්දු කළ යුතු ය. ආණ්‌ඩුව බටහිර වෙදකමට වෙන් කරන මුදලෙන් ඉතා සුළු කොටසක්‌ වියදම් කර වෙදමහත්වරුන්ට අදාළ ප්‍රදේශවල වෙදකම් කිරීමට පහසුකම් සලස්‌වන්නේ නම් රෝගීන් සුවකළ හැකි ය. විදේශ විනිමයත් ඉතිරිකර ගත හැකි ය.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හුදු ප්‍රත්‍යක්‍ෂ හා ඊනියා ප්‍රත්‍යක්‍ෂ




    දැනුම නිර්මාණය කෙරෙන්නෙකි. ආකිමිඩීස් හෝ නිවුටන් හෝ ඩාවින් හෝ රසල් හෝ වෙනත් අයකු විසින් සොයාගනු ලැබූ දැනුමක් නැත. අපට පාසලේ දී ආකිමිඩීස් විසින් කියන ලදැයි පැවසෙන යුරේකා හෙවත් සොයාගත්තා යන වචනය ඉගැන්වෙයි. ආකිමිඩීස් උඩුකුරු තෙරපුම නමැති බලයක් ඇති බව සොයාගත්තා නො වේ. ඔහු නාන තටාකයේ ගිලී සිටින විට ඔහුට පාවෙන ගතියක් දැනෙන්නට ඇතැයි සිතමි. අපේ රටේ තිබූ හා ඇතැම් වෙදගෙදරක තවමක් ඇති බෙහෙත් ඔරුවක ගිලී සිටින විට ද ඒ පාවෙන ගතිය දැනෙයි. එවැන්නක් දැනෙන්නේ ජලය විසින් සිරුර මත උඩුඅතට ඇති කෙරෙන බලයක් (ආකිමිඩිස්ට නිවුටන්ගේ බලය යන සංකල්පය නො වී ය. ආකිමිඩීස්ට ඒ අත්දැකීම සිරුර මත ඇති කෙරෙන බලපෑමක් විය) නිසා යැයි ආකිමිඩීස් කීවේ ය. එය පසුව උඩුකුරු තෙරපුම නම් බලය ලෙස අර්ථදැක්විණි.


    කෙසේ වෙතත් ආකිමිඩිස් තමන්ට දැනුණු දෙයක්, ප්‍රත්‍යක්‍ෂයක්, ඇසුරෙන් බලයක් නිර්මාණය කළේ ය. ඔහු ඒ බලය නිර්මාණය කළේ තමන්ගේ ප්‍රත්‍යක්‍ෂය තේරුම් ගැනීමට හා අන් අයට තේරුම් කිරීමට ය. නිවුටන් ද ඉන් බොහෝ කලකට පසු ගුරුත්වාකර්ෂණ බලයක් නිර්මාණය කළේ තමන්ට දැනුණු දෙයක්, තම ප්‍රත්‍යක්‍ෂයක් තේරුම් ගැනීමට හා තේරුම් කිරීමට ය. ඒ ප්‍රත්‍යක්‍ෂය අන් කිසිවක් නොව පොළොවට ඇපල් වැටීම ය. ඇපල් ගෙඩියක් නිවුටන්ගේ හිස මත පතිත වුවත් නැතත් ඔහුට ඇපල් වැටීම නම් ප්‍රත්‍යක්‍ෂය විය. මේ ප්‍රත්‍යක්‍ෂය තේරුම් කිරීමට (පළමුව තේරුම් ගැනීමට) ඔහු ගුරුත්වාකර්ෂණ බලය නම් සංකල්පය නිර්මාණය කළේ ය. උඩුකුරු තෙරපුම ආකිමිඩීස්ගේ නිර්මාණයක් වූ පරිදි ගුරුත්වාකර්ෂණය නිවුටන්ගේ නිර්මාණයක් විය. ඒ නිර්මාණ කෙරුණේ සිංහල බෞද්ධ හෝ හෙළ බොදුණු හෝ චින්තනයක නො වේ. ඒ නිර්මිත දැනුම අපි සිංහල බෞද්ධ සංස්කෘතියක අනුකරණය කරන්නෙමු.


    අපට ඇත්තේ එක්කෝ ප්‍රත්‍යක්‍ෂ ය, නැත්නම් අනුමාන ය. ඒ සියල්ල සංකල්ප ඇසුරෙන් ලැබෙයි. ප්‍රත්‍යක්‍ෂ අපේ පංචෙන්ද්‍රියයන්ට දැනෙයි. එසේත් නැත්නම් අපි ප්‍රත්‍යක්‍ෂ පංචෙන්ද්‍රියයන් ආශ්‍රයෙන් ග්‍රහණය කර ගන්නෙමු. එහෙත් මෙයින් අදහස් කරන්නේ අපෙන් තොරව ඊනියා ප්‍රත්‍යක්‍ෂ ඇති බව නො වේ. ප්‍රත්‍යක්‍ෂ ද අපේ නිර්මාණ වෙයි. ඒ සියල්ල සංකල්ප ඇසුරෙන් නිර්මාණය වෙයි. සංකල්ප නිර්මාණය කෙරෙන්නේ මනසෙනි. මනසෙන් තොරව ප්‍රත්‍යක්‍ෂයක් නැත. මනස පිළිබඳ ප්‍රත්‍යක්‍ෂය ද අවසාන වශයෙන් ගත්කල මනසෙහි ම නිර්මාණයකි. මනස ඊනියා යථාර්ථයක් වන්නේ තුන්වැනි සංගායනාවේ බෞද්ධයනට ය.


    පොල් (ඇපල්) ගෙඩි පොළොවට වැටීම හුදු ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. මා හුදු ප්‍රත්‍යක්‍ෂයක් ලෙස හඳුන්වන්නේ පංචෙන්ද්‍රියයන්ට හා මනසට ගෝචර වන සංසිද්ධි ය. පොල් ගෙඩිය අපේ ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. පොල් ගෙඩියක් හෝ කෝප්පයක් හෝ ග්‍රහණය කරගත හැකි ඉන්ද්‍රියයක් නැත. අපට පොල් ගෙඩියේ වර්ණය ඇසට ගෝචර වෙයි. ඒ වර්ණය යන්න සංකල්ප ඇසුරෙන් මනස විසින් නිර්මාණය කෙරෙන්නකි. වර්ණය චක්ඛුවිඥානය නිසා නිර්මාණය වන්නකි. ඇස තිබූ පමණින් මනස නොවන්නට චක්ඛුවිඤානයක් නැත. පොල් ගෙඩියෙහි තදබව අපේ ස්පර්ශයට දැනෙයි. එහෙත් පොල් ගෙඩිය දැනෙන්නේ පංචෙන්ද්‍රියයන්ගෙන් කිනම් ඉන්ද්‍රියකට ද?


    පොල් ගෙඩිය යන්න මනසට පමණක් දැනෙන සංකල්පයකි. එය හුදු ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. අප එය ප්‍රත්‍යක්‍ෂයක් ලෙස සලකන බව සැබෑ ය. එහෙත් ඒ ප්‍රත්‍යක්‍ෂය මනසට පමණක් දැනේනකි. මනසට එය දැනෙන්නේ පංචෙන්ද්‍රියයන්ගෙන් කිසිම ඉන්ද්‍රියයකට ග්‍රහණය වී නො වේ. එය මනසට දැනෙන්නේ අනුමානයක් (මෙය inference යන්නෙන් කියවෙන්න ම නො වේ) ලෙස ය. ඒ අනුමානය අප විසින් නිර්මාණය කෙරෙන්නේ පොල් ගෙඩියෙහි වර්ණය, තදබව ආදී හුදු ප්‍රත්‍යක්‍ෂවලින් කියැවෙන ගුණ අයත් වස්තුව ලෙස ය.


    පොල් ගෙඩිය ප්‍රත්‍යක්‍ෂයක් ලෙස සැලකෙන අනුමානයකි. පුටුව, කෝප්පය ආදිය ද එවැනි අනුමාන වෙයි. මෙහි දී යමකු ප්‍රශ්න කරනු ඇත්තේ පොල් ගෙඩිය, කෝප්පය ආදිය අප විසින් නිර්මාණය කෙරෙන දෑ නොව අපට වැඩිහිටියන්ගෙන් ලැබෙන දැනුම නො වේ ද යන්න ය. පොල් ගෙඩිය, කෝප්පය ආදිය පිළිබඳ ව අපට වැඩිහිටියෝ කියා දෙති. අපේ දෙමව්පියෝ අපට පුටුවක් පෙන්වා ඒ පුටුවක් යැයි කියා දෙති. ඉතින් ඒ අප වැඩිහිටියන්ගෙන් ලබාගත් දැනුම මිස අපේ නිර්මාණ වන්නේ කෙසේ ද?


    අපට දෙමව්පියෝ, ගුරුවරු සහ වෙනත් අය නොයෙකුත් දේ උගන්වති. එහෙත් අපි ඒ උගන්වන දේ ඒ ආකාරයෙන් ම ලබා නොගන්නෙමු. එනම් අපේ සංකල්ප වැඩිහිටියාගේ සංකල්පය ම නො වේ. මේ ලිපිය කියවන එක් එක්කෙනා ලිපිය විවිධාකාරයෙන් තේරුම් ගනියි. එනම් එක් එක්කෙනා තමන්ට ආවේණික වූ ආකාරයකින් ලිපිය නිර්මාණය කර ගනියි. තම තම නැණ පමණින් දැනගත යුතු යැයි ලෝවැඩ සඟරාවෙහි කියැවෙයි. ගුරුවරයකු කියන දෙයක් ශිෂ්‍යයෝ විවිධාකාරයෙන් අවබෝධ කරගනිති. තමන්ගේ මනසෙහි ස්වභාවය අනුව සංස්කෘතියෙහි ස්වභාවය අනුව හා පංචෙන්ද්‍රියයන්ගේ ස්වභාවය අනුව ඒ අවබෝධය වෙනස් වෙයි. අවබෝධයක් යනු නිර්මාණයක් පමණකි.


    එහෙත් පුටුව පොල්ගෙඩිය ආදිය පිළිබඳ ව අප සියළු දෙනාට ඇත්තේ එක සමාන වූ අවබෝධයක් නොවේ දැයි කිසිවකු ප්‍රශ්න කරනු ඇත. පුටුව යන්න හා ආසනය අතර වෙනස කවරේ ද? බස්වල මගීන් සඳහා ඇත්තේ ආසන යැයි අපි කියමු. අපි ඒවාට පුටු යැයි නො කියමු. එහෙත් කුඩා දරුවකු ඒ ආසන පුටු ලෙස හැඳින ගැනීමට ඉඩ ඇත. මට ඒ පිළිබඳ පෞද්ගලික අත්දැකීමක් වෙයි. මගේ ලෝකය කෘතියෙහි පෙන්වා දී ඇති ආකාරයට ඇතැම් ගෙවල්වල ඇති උඩැක්කි වැනි ආසන එවැනි ආසන නුදුටු අයකුට ආසනයක් නොවනු ඇත.


    අප මල් ආසනය නමින් හඳුන්වන්නේ වාඩිවීමට යොදා ගන්නා ආසනයක් නො වේ. මල් ආසනයට තේරුමක් ලැබෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ය. මේ උදාහරණවලින් පෙන්නුම් කෙරෙන්නේ එක් එක් අය තම සංස්කෘතිය, මනස හා පංචෙන්ද්‍රිය අනුව සංකල්ප නිර්මාණය කරගන්නා ආකාරය ය. එක් සංස්කෘතියක ජීවත්වන අය බොහෝවිට එකම සංකල්ප යොදා ගැනෙන බවක් පෙනෙන නමුදු එය එසේ නො වේ. අපේ සංකල්පවල ඇති වෙනස්කම් කියුම් කෙරුම්වලින් හඳුනාගත හැකි ය.


    හුදු ප්‍රත්‍යක්‍ෂය පංචෙන්ද්‍රියයන්ට හා මනසට සාපේක්‍ෂ වෙයි. එහෙත් අනුමානය එසේ නො වේ. අප යම් අනුමානයකට එළඹෙන්නේ න්‍යායක් මත පදනම් ව තර්ක කරමිනි. එහි දී බොහෝවිට ප්‍රවාද ද යොදා ගැනෙයි. එහෙත් ප්‍රවාද යනු යම් ප්‍රත්‍යක්‍ෂයක් (හුදු ප්‍රත්‍යක්‍ෂයක් ම විය යුතු නො වේ) තේරුම් ගැනීම සඳහා නිර්මාණය කෙරෙන කතන්දර පමණකි. ප්‍රවාද ද නිර්මාණය කෙරෙන්නේ අනුමානයෙනි.


    අපි පළමුව හුදු ප්‍රත්‍යක්‍ෂ නොවූ ප්‍රත්‍යක්‍ෂ ගැන සාකච්ඡා කරමු. අප දුරේක්‍ෂයෙන් ග්‍රහ වස්තුවක් තාරකාවක් මන්දාකිණියක් නිරීක්‍ෂණය කළ විට අපට ඒ නිරීක්‍ෂණය ප්‍රත්‍යක්‍ෂයක් ලෙස පෙනී යයි. එහෙත් ඒ නිරීක්‍ෂණය පසුපස දැනුමක් වෙයි. දුරේක්‍ෂයෙන් නිරීක්‍ෂණය කිරීම ඇසෙන් නිරීක්‍ෂණය කිරීම වැන්නක් නො වේ. අද පාසලේ භෞතික විද්‍යාව ඉගෙන ගන්නා සිසුහු දුරේක්‍ෂය පිටුපස ඇති ප්‍රචාද ගැන දැන ගනිති. කාච පිළිබඳ දැනුමක් නොමැතිව දුරේක්‍ෂය ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි දැනගත නො හැකි ය.


    මෙහි දී කිසිවකුට ප්‍රශ්නයක් වනු ඇත්තේ ඇස ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි දැනගැනීමට ද කාච පිළිබඳ දැනුමක් අවශ්‍ය නොවන්නේ ද යන්න ය. ඇස කාච ඇසුරෙන් විස්තර කිරීමට බොහෝ කලකට පෙර ද මිනිස්සු ඇස් යොදා ගෙන ලෝකය බැලූහ. අද ද බොහෝ දෙනාට කාච පිළිබඳ දැනුමක්, එනම් බටහිර භෞතික විද්‍යාවෙහි කියැවෙන දැනුමක්, නැත. එහෙත් මිනිසුන්ට ලෝකය බලා නිර්මාණය කරගැනීමට එය ප්‍රශ්නයක් නො වේ. කාච පිළිබඳ බටහිර භෞතික විද්‍යා දැනුමක් ඇතිව හෝ නැතිව හෝ අපට පොල් ගෙඩියක් දැක ගත හැකි ය. එසේ දැක ගැනීම යනු නිර්මාණයක් බව නැවත නැවතත් අවධාරණය කළ යුතු ය. පොල් ගෙඩිය අවසානයේ දී නිර්මාණය කෙරෙන්නේ මනසෙනි. අවශ්‍ය නම් එය නැති පොල් ගෙඩියක් නැති මනසෙන් නිර්මාණය කෙරෙන්නක් ලෙස ද හඳුනාගත හැකි ය, එනම් එවැනි දැනුමක් නිර්මාණය කළ හැකි ය.


    එහෙත් දුරේක්‍ෂයකින් ඈත තිබෙන වස්තුවක් නිරීක්‍ෂණය කෙරෙන්නේ බටහිර භෞතික විද්‍යා දැනුම උපයෝගී කර ගනිමිනි. අන්වීක්‍ෂණයකින් කෙරෙන නිරීක්‍ෂණයක් ගැන වුව ද කිව හැක්කේ එයම ය. ඇතැම් නිරීක්‍ෂකයන්ට එවැනි බටහිර භෞතික විද්‍යා දැනුමක් නොමැති වීමට හැකි ය. එහෙත් ඔවුහු ද එකී දැනුම ඇත්තවුන් කියන කරුණු අනුගමනය කරති. අප දුරේක්‍ෂයකින් හඳ නිරීක්‍ෂණය කරන විට ඒ පෙනෙන්නේ හඳ දැයි අප දන්නේ කෙසේ ද?


    හඳෙහි දුරේක්‍ෂයෙන් පෙනෙන ලප හඳෙහි ඇති බව අප දන්නේ කෙසේ ද? අප මිනිස් ඇසෙන් දකින හඳෙහි ලප නැත. ලප නොම වන් සඳ සේ සොමි ගුණෙනා යන්නෙහි කියැවෙන්නේ හඳෙහි ලප නොමැති බව ය. එසේ නම් හඳට ලප ලබා දුන්නේ දුරේක්‍ෂය ද? හඳෙහි ලප ඇති බව අප දැනගන්නේ දුරේක්‍ෂය පිළිබඳ ඇති බටහිර භෞතික විද්‍යා දැනුම උපයෝගී කර ගනිමිනි. ගැලීලියෝට මුල දී තම දුරේක්‍ෂයෙන් පෙනෙන්නේ ඊනියා පවතින දේ ද යන්න තේරුම් කරදීම ප්‍රශ්නයක් විය.


    දුරේක්‍ෂයෙන් නිරීක්‍ෂණය කරන මන්දාකිණි, ක්වේසාර ආදිය මිනිස් ඇසට නො පෙනෙයි. රේඩියෝ හෙවත් ගුවන්විදුලි වස්තු එක්ස්රේ වස්තු ආදිය නිරීක්‍ෂණය කෙරෙන්නේ අදාළ දුරේක්‍ෂ යොදා ගනිමිනි. බටහිර භෞතික විද්‍යාව පිළිබඳ දැනුමක් නොමැතිව අපට ඒ ඒ වස්තු ඒ ඒ ආකාරයෙන් හඳුනාගත නො හැකි ය. අන්වීක්‍ෂ යොදා ගෙන නිරීක්‍ෂණය කරන දේ ද බටහිර භෞතික විද්‍යාව මත පදනම් වෙයි. බටහිර වෛද්‍ය විද්‍යාවෙහි ලබාගන්නා එක්ස් කිරණ ඡායාරුප ආදිය ට අර්ථකථන දෙනු ලබන්නේ ද බටහිර භෞතික විද්‍යාව මත පදනම් වෙමිනි.



    බටහිර භෞතික විද්‍යාවෙහි අද න්‍යෂ්ටික නිරීක්‍ෂණ ආදිය මුළුමනින් ම අදාළ ප්‍රවාද මත පදනම් වෙයි. යම් ඡායාරුපයක අ3ති රේඛා ඉලෙක්ට්‍රෝනයක් ප්‍රොටෝනයක් ආදී වශයෙන් අර්ථකථනය කෙරෙන්නේ බටහිර භෞතික විද්‍යා ප්‍රවාද මත පදනම් වී ය. සාමාන්‍ය මිනිසකුට රේඛාවක් පෙනෙන විට බටහිර භෞතික විද්‍යාඥයකුට ඉලෙක්ට්‍රෝනයක් පෙනෙයි. පැහැදිලිව ම එවැනි නිරීක්‍ෂණ හුදු ප්‍රත්‍යක්‍ෂ නො වේ. බටහිර විද්‍යාවේ නිරීක්‍ෂණ බොහෝමයක් හුදු ප්‍රත්‍යක්‍ෂ නො වේ. එහෙත් බටහිර විද්‍යාඥයන්ට ඒ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ වෙයි. මහාචාර්ය අමරතුංග හා මහාචාර්ය කාලෝ ෆොන්සේකා ආදී බටහිර වෛද්‍යවරුන්ගේ, දන්ත වෛද්‍යවරුන්ගේ, විද්‍යාඥයන්ගේ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ එබඳු ය. ඒ ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ ප්‍රවාද හෙවත් කතන්දර සමග බැඳී ඇත. ඒවා ඉංගිරිසියෙන් ෆැක්ට්ස් (facts) යනුවෙන් හැඳින්වෙන්නේ කෙසේ දැයි නො දනිමි. මාර්ටින් වික්‍රමසිංහ මහතා තම නොදැනුවත්කම ප්‍රදර්ශනය කරමින් ෆැක්ට්ස් යනු ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ යැයි හැඳින්වී ය.




    නලින් ද සිල්වා


    2013-12-11
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    තව මෙහෙම දේකුත් තියෙනවා .ඒ තමා නලින්ද සිල්වා විසින් බටහිර විද්‍යාවට පතුරු යනකම් බනිනවා .ඒ බනින බටහිර විද්‍යාවන් අතරේ එක දෙයක් තමා බටහිර වෛද්‍යවිද්‍යාව කියන්නේ .හැබැයි මට නම් හිතෙන්නේ මෙහෙම දෙයක් .මම බටහිර විද්‍යාවටත් වෙන මොකකටවත් කඩේ යන්නේ නැහැ මෙතන .දෙවියන් ගැන කතා කරෝත් බටහිර පෙරදිග යන දෙකේම ඔවුනොවුන්ට ආවේනික සොරූපයකින් දැනුම ලබා ගෙන තියෙන බවක් පේනවා .හැබැයි නලීන් ද සිල්වා බටහිර වෛද්ය විද්‍යාවට බැන්නට ඒකෙන් මෙහෙම දේවළුත් වෙනවා .:yes::yes::yes::yes:


    999902_697892800232901_604584058_n.jpg
    …

     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    තව මෙහෙම දේකුත් තියෙනවා .ඒ තමා නලින්ද සිල්වා විසින් බටහිර විද්‍යාවට පතුරු යනකම් බනිනවා .ඒ බනින බටහිර විද්‍යාවන් අතරේ එක දෙයක් තමා බටහිර වෛද්‍යවිද්‍යාව කියන්නේ .හැබැයි මට නම් හිතෙන්නේ මෙහෙම දෙයක් .මම බටහිර විද්‍යාවටත් වෙන මොකකටවත් කඩේ යන්නේ නැහැ මෙතන .දෙවියන් ගැන කතා කරෝත් බටහිර පෙරදිග යන දෙකේම ඔවුනොවුන්ට ආවේනික සොරූපයකින් දැනුම ලබා ගෙන තියෙන බවක් පේනවා .හැබැයි නලීන් ද සිල්වා බටහිර වෛද්ය විද්‍යාවට බැන්නට ඒකෙන් මෙහෙම දේවළුත් වෙනවා .:yes::yes::yes::yes:


    999902_697892800232901_604584058_n.jpg



    මේ ශල්‍ය වෛද්‍යවරයා ඒ රටේ සෞඛ්‍ය ඇමති වෙලා හිටියා. දැඩි ලෙස දුම්පානය නිසා අකාලයේ මිය ගියා. ලෙඩා වෛද්‍යවරයාටත් වඩා කාලයක් ජීවත් උනා.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    සංවේගයෙන් දැනුම් දෙන වග නම් නලින්ද සිල්වා යනු Schizophrenia රෝගියෙකි !
    http://en.wikipedia.org/wiki/Schizophrenia

    එම රෝගය බහුල උගත් පිරිස් අතරය....

    ලංකාවේ ඉන්න ප්‍රසිද්ධම Schizophrenia රෝගියා මොහු බව මගේ අදහසයි !

    මොහු සමග සිටින නාථදේව සන්නිවේදිකාවද එසේම කෙනෙක් බව හැගේ !

    අනිත් එක ඔහුගේ සෑම කතාවක්ම මාතෘකාවෙන් විශාල වශයෙන් එපිට දේවල් කතා කරනවා...
    කතා කරන දේ මාතෘකවෙන් නිතරම පිට පනිනවා.. එක දේකට focus කරන්න පුළුවන් කමක් නැහැ. ඒ Schizophrenia රෝගියෙක් ගේ මුලික දෙයක් !
    මොකද මෙච්චර උගත් කෙනෙක් වෙලත් තමන්ගේ දේශනය එම මාතෘකාවට focus කරන්න බැරි වීමයි.. මොහු සාමාන්‍ය පුද්ගලයෙක් නම කමක් නැහැ!

    Schizophrenia රෝගය ගැන වැඩිදුර දැනගැනීම සදහා

    A Beautiful Mind (2001) චිත්‍රපටිය බලන්න.

    මෙම චිත්‍රපටියේ ඉන්නේ නොබෙල් සම්මානලාභී John Forbes Nash Jr. කියන මෙම රෝගය හැදුනු මහාචාර්යවරයාගේ ඇතුලාන්ත කථාවයි.

    මොහුගේ උගත්කම ගැන මට ප්‍රශනයක් නැහැ ! මානසික රෝගියෙක්ට බනින එකත් සාදාරණ නැහැ!

    ප්‍රශ්නය ඔහු පතුරවන බටහිරකරණයේ අනියත බියයි ! සහ අනිත් මිත්‍යාවන් රැසයි!
    මොහු කියන ආකාරයට බටහිර විද්‍යාව ප්‍රශ්නයක් නම් ඔහු බටහිර බෙහෙත් ගන්නේ නැතුව සිංහල වෙදකමෙන් ජීවත් වෙනවා නම් .... ඒක ලෝක විහිළුවක් !

    මොකද බටහිර බෙහෙත් විතරක් නෙමෙයි මොහු සහ ඔහුගේ අනුගාමික සිසුන් අත්හැරිය යුතු
    උදේ ඉදන් රෑ වෙනකම්ම අපි හැමෝම මේ බටහිර විද්‍යාවෙන් බිහිවුණු දේවල් වලින් තමයි අපේ හැම දෙයක්ම කරන්නේ !

    දත් බෙහෙත්, සබන්, වාහන, ශීතකරණ, පරිගණක, දුරකථන ආදී නොයෙකුත් දේ අත්හරින්න වෙනවා

    අනිත් එක නාථ දෙවියන් ගැන සිංහල බෞද්ධ විද්‍යාවක් ගැන කතා කරන මොහු
    බටහිර විද්‍යාවේ තියෙන රසායනික පරීක්ෂණ ගැනත් ඒවායේ ප්‍රතිපල ගැනත් කථා කරනවා!

    මේ ගැන විවුර්ත මනසින් බලන්න...

    එතුමාගේ අනුගාමිකයන්ට තේරෙන ආකාරයට මට හැකි පමණින් පැහැදිලි කලේ...
     
    Last edited: