නලීන් ද සිල්වා , ගුණදාස අමරසේකර සහ ගණනාථ ඔබ&#3

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    නලීන් ද සිල්වා , ගුණදාස අමරසේකර සහ ගණනාථ ඔබ&#3

    නලීන් ද සිල්වා , ගුණදාස අමරසේකර සහ ගණනාථ ඔබේසේකර
    vlcsnap-2017-08-04-19h54m13s63.png


    නලීන් ද සිල්වා සහ ගුණදාස අමරසේකර යනු බටහිර ලෝකය සියළු අයහපතේ මූලය ලෙස සිතන්නෝය. ඔවුන්ට බටහිර අජීර්ණය. එහෙත් ඔවුන් තම දරුවන් උසස් අධ්‍යාපනය සඳහාද ජීවත් වීම සඳහාද යැව්වේ බටහිරටය.

    ගුණදාස අමරසේකර යනු ශ්‍රී ලංකාව නම් කුඩා දිවයිනට පමණක් සීමාවූ හිටපු දන්ත වෛද්‍යවරයෙකි. ඔහු ගැන අනුරාධපුරයෙන් එහාට මිනිසුන් දන්නේ නැති තරම් ය. නලීන් ද සිල්වා උසස් අධ්‍යාපනය ලබන්නේ බටහිරය. ඔහුට බටහිර රටක විශ්ව විද්‍යාලයක තනතුරක් අවශ්‍යව තිබුණි. එහෙත් ඔහුට බටහිර ලෝකයේ තැනක් ලැබෙන්නේ නැත. ඔහුගේ බටහිර විරෝධයේ ආරම්භය එතැනය.එහෙත් ගණනාථ ඔබේසේකර යනු බටහිර ලෝකයේ ගරුත්වයට පාත්වූ ධීමතෙකි. ඔහු නලීන් ද සිල්වා සහ ගුණදාස අමරසේකර මෙන් ජෝකර් කෙනෙකු නොවේ.

    ප්‍රිංස්ටන් විශ්ව විද්‍යලයේ මහාචාර්‍ය ගණනාථ ඔබේසේකර අන්තර් ජාතික කීර්තියට පත්වූ උගතෙකි. ගණනාථ ඔබේසේකර පිලිබඳව එංගලන්තයේ , ඇමරිකාවේ , කැනඩාවේ මෙන්ම ප්‍රංශයේ සිටින මා හඳුනන මනෝ විද්වතුන් අදහස් පළ කොට ඇත. උදාහරණ ලෙස එංගලන්තයේ ආචාර්‍ය ස්ටීවන් හීත්, ඇමරිකාවේ ආචාර්‍ය රොජර් බෘක් , කැනඩාවේ මහාචාර්‍ය රිචඩ් ලේලොන්ඩ් , කැනඩාවේ වෛද්‍ය එරික් ස්මඩ්ජා යන්නවුන් මා සමග ගණනාථ ඔබේසේකර ගේ කෘතීන් ගැන කතා කොට තිබේ. එහෙත් ගුණදාස අමරසේකර පිලිබඳව මා සමග කතා කොට ඇත්තේ දිවයින පුවත්පතේ පාඨකයන්‍ ය. නලීන් ද සිල්වා පිලිබඳව මා සමග කතා කොට ඇත්තේ විදුසර පුවත් පතේ පාඨකයන් ය.

    අවාසනාවකට මෙන් ගනනාථ ගේ කීර්තිය නලීන් ද සිල්වාට නැත. නලීන් ද සිල්වා පිලිබඳව බටහිර ලෝකය දන්නේ නැති තරම් ය. නමුත් නලීන් ද සිල්වා සිතන්නේ බටහිර ලෝකයට ඔහු බින් ලාඩ්න් කෙනෙකු කියාය. නලීන් ද සිල්වා ජීවත් වන්නේ ඔහු විසින්ම සදාගත් මනංකල්පිත විශ්වයකය. ඒ අතින් ගුණදාස අමරසේකර පොළවේ පය ගසාගෙන සිටින්නෙකි. එහෙත් ඔහු තදින්ම කුමන්ත්‍රණ න්‍යාය විශ්වාස කරන්නෙකි. මේ ත්‍රිත්වයෙන් ලංකාවට වටින්නේ ගණනාථ ඔබේසේකර ය. අනෙක් දෙදෙනා ඉතිහාසයේ කුණු කූඩයට යාමට නියමිතය.


    වෛද්‍ය රුවන් එම් ජයතුංග
    http://transyl2014.blogspot.com/2018/12/blog-post_49.html
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    බොරුකියන්නඑපා නලින් ගෙයි ගුනේගෙයි ළමෝ අද්‍යාපනය ලැබුවේ පිරිවෙන් වල :cool:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    මම අහල තියෙනවා ගුණදාස අමරසේකර, සුනිල් ආරියරත්න, නන්දා මාලනී පරම්පරාවක් පරලොකෙට යවන්න දායක වෙච්ච ය කියල
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    645
    113
    මම මේ හැමතැනම බැලුවා...
    විදග්ධ පුක් ශෝධක
    මෙතන හෝදනවනේ අමර හේදිල්ලක්
    හෙහ් හෙහ් හෙහ් හෙහ්

     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    මම මේ හැමතැනම බැලුවා...
    විදග්ධ පුක් ශෝධක
    මෙතන හෝදනවනේ අමර හේදිල්ලක්
    හෙහ් හෙහ් හෙහ් හෙහ්


    උබ ඔච්චරද බන් දන්නේ ?
    anyway thanks for bumping my thread always