නලු නිලියන් සියල්ලම අපයේ යන්වාද

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඉතිං මචං බුදුහාමුදුරුවො ඕක පෘතක්ජනයෙකුට කිව්ව නම් හාමුදුරු කෙනෙක් ඕක තව පෘතක්ජනයන් සෙට් එකකට කිව්වහම තියෙන අවුල මොකක්ද? උඹ සෝවාන් උනාට අනික් එවුන් සෝවාන් නැහැනෙ.

    අවුල් ගොඩක් තියෙනවා
    ඕක අහනවා 10 000 ක්, අහලා 1 ක් නිවන් දකිනවා
    අනිත් 9999 ම තව මිත්යා දිට්ටියන් හදාගන්නවා
    හදාගෙන නිකන් ඉන්නේ නැ, නලු නිලි ගායකයොන්ට බනිනවා, නිලියක් දැක්ක ගමන් බඩුවක් කියලා කතා කරන්නේ, එහෙම එකෙක් දැක්ක ගමන් උන්ට ඇතිවෙන්නේ "ආ මු නම් අපායෙ" කියන මි හරක් අදහස, ඒකට biased වෙලා තමයි සමාජේ හැසිරෙන්නේ

    oya chistian උන් metal musical shows සාතනිකයි කියලා ඒවා තියන්න දෙන්නැහැ වගේ තමයි

    ඔවා extreme level එකට ගිහින් තමයි පන්සලේ ගනය ප්‍රමුක උපාසකයෝ එකකු වෙලා ගමේ බාර් එක වහන්න පෙලපාලි යනවා වගේ වැඩ කරන්නෙ, බොන එකෙක්ට බොන්නත් නැ

    toxic තලේබාන් බෞද්දයෝ ඔහොමයි බිහි වෙන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,044
    113
    But itin nalu niliyanta witarak apply wena ekak newene.kawa hari ragayen math karawanan bonna dila pama karanawanan
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    ත්‍රිපිටකයේ තියෙන දේවල් බොරුද එතකොට මහත්තයො? :lol:
    මේවත් ඇත්ත වෙනවා එහෙනම් 😂 දෙයියෝ දිස්ටිඩිඩින් කරද්දිලු වහින්නේ 😂

    https://www.thripitakaya.org/tipitakaya/Index/124?s=1419

    මහණ, වස්සවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම්සුවෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වෙයි. ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනු ව නොකල් වැසි වසී. මහණ, යම් හෙයෙකින් එක්කලෙක නොකල් වැසි වසී නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    937
    715
    93
    මට තේරෙන විදිහට නම් ඔය සූත්‍රයෙ අවුලක් නැ..ඕක කියන්නෙ පෘතක්ජනයෙකුට. පෘතක්ජනයට මරනයත් සත්යක්, මරනෙට පසු ඉපදීමකුත් සත්යක්, අපායත් සත්යක්...අපායෙන් ගැලවීමෙ අවශ්යතාවයත් සත්යක්.

    අරිහතුන් වහන්සෙ කෙනෙකුට නම් ඔය සියල්ලම අසත්යක්..
    තැන්ක්ස් මචං makes sense.
     
    • Like
    Reactions: ek_rosh

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මේවත් ඇත්ත වෙනවා එහෙනම් 😂 දෙයියෝ දිස්ටිඩිඩින් කරද්දිලු වහින්නේ 😂

    https://www.thripitakaya.org/tipitakaya/Index/124?s=1419

    මහණ, වස්සවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම්සුවෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වෙයි. ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනු ව නොකල් වැසි වසී. මහණ, යම් හෙයෙකින් එක්කලෙක නොකල් වැසි වසී නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.

    ඔය තඩි පොතේ මිනිස්සුන්ට සත්යාවබෝඩ වෙන්න බන කියන්න පුලුවන් කරුනු ඕනතරම් තියෙනවා..පටිච්ච සමුප්පාදය...

    ඒවා තියෙද්දි පින් පව්, දන් දුන්නෙම දිව්යලෝකෙ යනවා වගේ සුරන්ගනා කතා commonly ඇහෙන්නේ එතකොට දිව්යලෝකෙ යන්න උපෙසකයෝ වැඩිපුර දන් දෙන නිසා පන්සලට
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මේවත් ඇත්ත වෙනවා එහෙනම් 😂 දෙයියෝ දිස්ටිඩිඩින් කරද්දිලු වහින්නේ 😂

    https://www.thripitakaya.org/tipitakaya/Index/124?s=1419

    මහණ, වස්සවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම්සුවෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වෙයි. ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනු ව නොකල් වැසි වසී. මහණ, යම් හෙයෙකින් එක්කලෙක නොකල් වැසි වසී නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
    මොකෙන්ද මහත්තයො වැස්ස වලාහක දෙයියො ඉන්නව හරි නැහැ හරි කියන්නෙ? උණ්ඩුක පුච්චයෙන්ද? :lol: :lol: ඕකත් දිව්‍යලෝක තියෙනව කිව්ව වගෙ තමයි.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    මොකෙන්ද මහත්තයො වැස්ස වලාහක දෙයියො ඉන්නව හරි නැහැ හරි කියන්නෙ? උණ්ඩුක පුච්චයෙන්ද? :lol: :lol: ඕකත් දිව්‍යලෝක තියෙනව කිව්ව වගෙ තමයි.
    එක තමයි ඉතින්, එතකොට අල්ලා දෙවියොත් ඉන්න පුළුවන් එහෙම බැලුවම, තමන් බලන දේට ඇලිලා තමා හැම එකාම ඔලුව හදාගන්නේ, එකෙක්වත් කියපු මාර්ගයේ ගිහින් කරලා බලන්නේ නැ, බණ කියන්නනම් ඉන්නවා දහස් ගානක් 😂
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,044
    113
    Party ekakata gihin jbl eken sindu kivoth apaye yanawada.wedding ekaka dance karoth apaye yanawada,nalu niliyanta special ai
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    එක තමයි ඉතින්, එතකොට අල්ලා දෙවියොත් ඉන්න පුළුවන් එහෙම බැලුවම, තමන් බලන දේට ඇලිලා තමා හැම එකාම ඔලුව හදාගන්නේ, එකෙක්වත් කියපු මාර්ගයේ ගිහින් කරලා බලන්නේ නැ, බණ කියන්නනම් ඉන්නවා දහස් ගානක් 😂
    ඔව් මහත්තයො ඉතින් එකෙ ප්‍රශනයක් නැහැනෙ, අපි බුද්ධාගමේ ත්‍රිපිටකය විශ්වාස කරනව එච්චරයි, ඔය ඔක්කොම දෘෂ්ඨි. මම සෝවාන් උනා දැන් මොකුත් නැහැ කියන්නෙත් දෘෂ්ටියක්.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    ඔව් මහත්තයො ඉතින් එකෙ ප්‍රශනයක් නැහැනෙ, අපි බුද්ධාගමේ ත්‍රිපිටකය විශ්වාස කරනව එච්චරයි, ඔය ඔක්කොම දෘෂ්ඨි. මම සෝවාන් උනා දැන් මොකුත් නැහැ කියන්නෙත් දෘෂ්ටියක්.
    බුද්දාගමේ විශ්වාසයට තැනක් නැ බන්, විශ්වාස කරනවා කියන්නේ ඉතින් දෙයියෝ අදහනවා වගේ තමයි, නිවන් මග අර්යශ්ටාන්ගික මාර්ගයේ කමටහන් වඩමින් fulltime භාවනා කරන කෙනෙක් විතරයි බෞද්ධයෙක් වෙන්නේ, එහෙම නැතුව දැනුමෙන් සෝවාන් වෙන්න බැ, ප්‍රත්‍යක්ෂයට පමණයි බුද්ධාගමේ ඉඩ, එහම් කරන අය 1% වත් නැතුව ඇති, අනික් උන් ඔක්කොම තලේබාන් කාරයෝ වගේ කුණුහරප කියාගෙන මරාගෙන බුද්ධාගම ආරක්ෂා කරන්න ඕනේ ගාගෙන වැළලෙන සිංහලේ මෝඩ රාවණා බයියෝ :lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඔව් මහත්තයො ඉතින් එකෙ ප්‍රශනයක් නැහැනෙ, අපි බුද්ධාගමේ ත්‍රිපිටකය විශ්වාස කරනව එච්චරයි, ඔය ඔක්කොම දෘෂ්ඨි. මම සෝවාන් උනා දැන් මොකුත් නැහැ කියන්නෙත් දෘෂ්ටියක්.

    පෘටක් ජනයොන්ට හැම දේම මිත්යා දිට්ටි තමයි

    "මම සොවාන් වුනා දැන් මුකුත් නැ" කියලා ආර්ය කෙනෙක් කිව්වොත් ඒකත් පෘටක්ජන කෙනෙක්ට තව දිට්ටියක්

    ආර්ය කෙනෙක්ට ඕන වචනයක් කියන්න පුලුවන්, වචන වල සත්ය නැහැ, වචන වලින් ශුන්යතාවය පෙන්නන්නත් බැහැ.

    ඒත් පෘටක් ජනයා දිට්ටියකට තදින් ඇලෙන එන නිවන් දකින්න බාදාවක්

    නිවන් මග අර්යශ්ටාන්ගික මාර්ගයේ කමටහන් වඩමින් fulltime භාවනා කරන කෙනෙක් විතරයි බෞද්ධයෙක් වෙන්නේ,

    මේකත් දිට්ටියක් තමයි මචන්
    උබ පෘතක්ජන වෙන්නෙත් ඒ නිසා තමයි

    අරු එක මිට්යා දිට්ටියක, උබ තව එකක
    ------ Post added on Dec 15, 2024 at 12:36 PM
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    මේකත් දිට්ටියක් තමයි මචන්
    උබ පෘතක්ජන වෙන්නෙත් ඒ නිසා තමයි

    අරු එක මිට්යා දිට්ටියක, උබ තව එකක
    ------ Post added on Dec 15, 2024 at 12:36 PM
    භාවනා කරන් නැතුව සෝවාන් වෙන්න බැහැ, එක කරන් නැතුව බුද්ධාගම ගැන තර්ක කරලා තේරුමක් නැ කිසිම ප්‍රශ්නෙකට උත්තර එන්නේ නැ. දැනුම විතරයි එන්නේ, අවබෝදය නෙමෙයි.
     
    • Like
    Reactions: MalSeven

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    භාවනා කරන් නැතුව සෝවාන් වෙන්න බැහැ, එක කරන් නැතුව බුද්ධාගම ගැන තර්ක කරලා තේරුමක් නැ කිසිම ප්‍රශ්නෙකට උත්තර එන්නේ නැ. දැනුම විතරයි එන්නේ, අවබෝදය නෙමෙයි.

    භාවනා කරන්න අවශ්‍ය නැහැ සොවාන් වෙන්න ඒත් එලබ සිටි සිහිය ඕනේ

    අර උඩ කිව්ව කසින අයිති වෙන්නේ සමට බාවනාවට, සමත කමටහනම විදර්සනාවට හරවන් සොවාන් වෙන්න පුලුවන් ඒත් අත්යවස්ය දෙයක් නෙමේ, මන් ප්‍රථම ද්යානය ලැබුවෙ සෝවාන් වෙන්න ගොඩ කාලෙකට කලින්

    ඒත් සොවාන් වුනේ බාවනා කරලා නෙමෙයි, විදර්සනා බාවනාවත් සොවාන් වෙන්න ගන්න පුලුවන් ඒත් අත්යවස්ය දෙයක් නෙමෙයි

    අස්ට සමාපත්ති ලාබියොත් ඉන්නවා සෝවාන් නොවුන
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    බුද්දාගමේ විශ්වාසයට තැනක් නැ බන්, විශ්වාස කරනවා කියන්නේ ඉතින් දෙයියෝ අදහනවා වගේ තමයි, නිවන් මග අර්යශ්ටාන්ගික මාර්ගයේ කමටහන් වඩමින් fulltime භාවනා කරන කෙනෙක් විතරයි බෞද්ධයෙක් වෙන්නේ, එහෙම නැතුව දැනුමෙන් සෝවාන් වෙන්න බැ, ප්‍රත්‍යක්ෂයට පමණයි බුද්ධාගමේ ඉඩ, එහම් කරන අය 1% වත් නැතුව ඇති, අනික් උන් ඔක්කොම තලේබාන් කාරයෝ වගේ කුණුහරප කියාගෙන මරාගෙන බුද්ධාගම ආරක්ෂා කරන්න ඕනේ ගාගෙන වැළලෙන සිංහලේ මෝඩ රාවණා බයියෝ :lol:
    ඒක හරි මහත්තය, මම කියන්නෙ ඔය කියන ප්‍රතය්ක්ෂයට කලින් හැමෝම ඉන්නෙ විශ්වාසයක තමයි, ඒක වලක්වන්න බැහැනෙ.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    ඒක හරි මහත්තය, මම කියන්නෙ ඔය කියන ප්‍රතය්ක්ෂයට කලින් හැමෝම ඉන්නෙ විශ්වාසයක තමයි, ඒක වලක්වන්න බැහැනෙ.
    ඉතින් බන් විෂවාසේ විතරක් තියාගෙන හිටියම හරිද? කරන්න මාර්ගයක් දීලා තියෙද්දී එක නොකර ඉන්නේ? එහෙම එකෙක් මුස්ලිම් / ක්‍රිස්තියානි එකෙක් වගේම තමයි වෙනසක් නැ.

    මන් එකයි මම agnostic කියන්නේ, මන් විශ්වාස කරන්නේ නැ කරනකන්, කරන්නවනම් වෙන වැඩ ඔක්කොම නවත්තලා ජීවිතේම ඒකට කැප කරලා කරන්න ඕනේ.
     
    • Like
    Reactions: MalSeven

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    937
    715
    93
    අවුල් ගොඩක් තියෙනවා
    ඕක අහනවා 10 000 ක්, අහලා 1 ක් නිවන් දකිනවා
    අනිත් 9999 ම තව මිත්යා දිට්ටියන් හදාගන්නවා
    හදාගෙන නිකන් ඉන්නේ නැ, නලු නිලි ගායකයොන්ට බනිනවා, නිලියක් දැක්ක ගමන් බඩුවක් කියලා කතා කරන්නේ, එහෙම එකෙක් දැක්ක ගමන් උන්ට ඇතිවෙන්නේ "ආ මු නම් අපායෙ" කියන මි හරක් අදහස, ඒකට biased වෙලා තමයි සමාජේ හැසිරෙන්නේ

    oya chistian උන් metal musical shows සාතනිකයි කියලා ඒවා තියන්න දෙන්නැහැ වගේ තමයි

    ඔවා extreme level එකට ගිහින් තමයි පන්සලේ ගනය ප්‍රමුක උපාසකයෝ එකකු වෙලා ගමේ බාර් එක වහන්න පෙලපාලි යනවා වගේ වැඩ කරන්නෙ, බොන එකෙක්ට බොන්නත් නැ

    toxic තලේබාන් බෞද්දයෝ ඔහොමයි බිහි වෙන්නේ
    වැරදියි මචං උඹ ඔය නොදැන කතාකරන්නෙ මම ඔය හාමුදුරුවො වැඩ ඉන්න ආරාමයට ගහින් බලල කතා කරන්නෙ. උඹ කියන විදියට extreme/toxic level එවුන් ඉන්නවනම් එතන ඉන්න ඕනිනෙ.. මිත්‍යා දෘෂ්ටිය හරි මොක හරි, පුදුම විදියට හික්මිච්ච මිනිස්සු ටිකක් එතන ඉන්නෙ. පොඩි ළමයාගෙ පටන්. ත්‍රිපිටකයේ තිබුන දෙයක් බණට කිව්වහම toxic බෞද්ධයො බිහිවෙනවනම් අපි කොතනින්ද මචං පටන් ගන්න ඕනි?
     
    • Like
    Reactions: Fiona Dabare

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඉතින් බන් විෂවාසේ විතරක් තියාගෙන හිටියම හරිද? කරන්න මාර්ගයක් දීලා තියෙද්දී එක නොකර ඉන්නේ? එහෙම එකෙක් මුස්ලිම් / ක්‍රිස්තියානි එකෙක් වගේම තමයි වෙනසක් නැ.

    මන් එකයි මම agnostic කියන්නේ, මන් විශ්වාස කරන්නේ නැ කරනකන්, කරන්නවනම් වෙන වැඩ ඔක්කොම නවත්තලා ජීවිතේම ඒකට කැප කරලා කරන්න ඕනේ.
    මම විෂවාසේ විතරක් තියාගෙන හිටියම ඇති කියන්නෙ නැහැ මහත්තය, මම කිව්වේ දැනට පෙන්නෙන්න තියෙන යථාර්තය... නැතුව ඔබතුමා කියන දේ වැරදියි කියනව නෙමෙයි.
    මිනිස්සු try කරලා ගොඩ යනවනම් කොච්චර හොඳද?