නවක වධකයන් නිසා නවකයන් 20 ක් මරුට..! 27000 ක් සරසවි හ
(ලංකා ඊ නිව්ස් -2016.මැයි.08, ප.ව.5.45) වර්තමානයේ ලාංකේය විශ්වවිද්‍යාල සියල්ලටම පාහේ ඉහළ සිට පහල දක්වාම දේශපාලනය රිංගා අවසානය. එකිනෙකාගේ ගොඩ වැඩිකර ගැනීමට ඔවුන් භාවිතා කරන මුල්ම උපක්‍රමය වන්නේ රැග් එක යනුවෙන් හඳුන්වන නවක වධයයි. එය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙමින් විශ්වවිද්‍යාල පද්ධතිය වෙලාගනිමින් පැතිරී ඇති පිළිකාවකි. නවක සිසුන් පැමිණි විගස ජ්‍යේෂ්ඨ සිසුන් ‘ජ්‍යේෂ්ඨ උත්තමයන්‘ වන අතර සිසුවියන් ‘ජ්‍යේෂ්ඨ උත්තමාවියන්‘ වේ. එතැන් සිට ‘උත්තමයන්‘ හා ‘උත්තමාවියන්‘ අණ දීම ආරම්භ කරයි. ඔවුන් එහිදි තම පුරාජේරුව පවසා නවක සිසුන් ඔවුන්ගේ බසට අවනත කරගනී. ඉන් පසුව වධකයන් නවක වධය කිරීම ආරම්භ කරන අතර ඒත් සමඟම තම තමන්ගේ ‘තෙල බෙදීමද‘ සිදු කරයි. ‘තෙල වද්දන‘ තරමට ජ්‍යේෂ්ඨයන් දිනුම් ය. නවක වධය ක්‍රියාවට නැංවීම පිටුපස ප්‍රබල ලෙස සිටින්නේ ජවිපෙ සහ පෙරටුගාමීන් වන අතර ඔවුන් එම පක්ෂ වල අතකොලුවන් වී හමාරය. අලුතෙන් විශ්වවිද්‍යාලයට ඇතුල්වන සිසු සිසුවියන් ඇඳුම් ඇඳිය යුත්තේ ඔවුන්ට අවශ්‍ය ආකාරයටය. සිසුවකු නම් කොණ්ඩය ඇබිත්තයකු මෙන් සහ මුලින්ම කපා දැමිය යුතුය. සිසුවියක් නම් ගවුමක් හෝ සායක් ඇඳිය යුතු වන අතර කොණ්ඩා දෙකක් දමා කොණ්ඩය ගෙතිය යුතුය. රබර් සෙරෙප්පු පැළඳිය යුතුය. කරාබු දෙකක් හැර වෙනත් ආභරණයක් පැළැඳිය නොහැකිය. මෙයට හොඳම උදාහරණය නම් මීට දින කිහිපයකට පෙර කැළණිය විශ්වවිද්‍යාලය තුල වූ සිද්ධියේදී නවක සිසුවියක ජීන්ස් ඩෙනිම් කලිසමක් හැඳ සරසවියට පැමිණීමෙන් පසු ඇයගේ කලිසම ගැලවීමට උත්තම උත්තමාවියන් ක්‍රියා කිරීමයි. මේවාට එකඟ නොවන පිරිසට සබ්බුව වැඩිය.මේ රැග් එකේ මුල් අදියරය. ඉන් පසුව තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් දරුණු වේ.
සිසුන් දණ ගස්සවා ඇවිද්දවීම, පහරදීම මෙන්ම ඔවුන්ගේ ඇඟට මූත්‍රා කිරීමද ජ්‍යේෂ්ඨ උත්තමයන් විසින් සිදු කරන බවට තොරතුරු වාර්තා වී ඇත. මොවුන් සමාජයත් සමඟ බද්ධ වෛරයකින් පෙලෙන පිරිසකි. වෛද්‍ය විද්‍යාවට අනුව නම් පරපීඩක ආශාවන් සහිත මොවුන් මානසික රෝගීන්ය. මෙහි ඇති අවාසනාවන්ත තත්ත්වය නම් "යස ඉසුරු පිරුණු තැනා, සිරි දෙව්දූ සිටින තැනා" යනුවෙන් සිතා ඉතා මහන්සියෙන් ඉගෙනගෙන විශ්ව විද්‍යාල යන සිසුන්ට ටික දිනකින්ම වැටහෙන්නේ සිරි දෙව්දූ කෙසේ වෙතත් මාර දූතයන් සිටින තැනා ලෙසය. මේවායේ අවසාන ප්‍රතිඵලය වන්නේ කප්පරක් බලාපොරොත්තු හිසමත තබාගෙන ඇතුල්වුවත් උපාධිය පසෙකලා විශ්වවිද්‍යාල හැරදමා සිසුන් යාමය.
සංඛ්‍යා ලේඛන අනුව නවක වදය හේතුවෙන් විශ්වවිද්‍යාල හැරදමා ගිය මුළු සිසුන් සංඛ්‍යාව 27,000 පමණ වේ. මේ වනවිට නවක වදය හේතුවෙන් සිසු සිසුවියන් 20ක් පමණ ජීවිතයෙන් වන්දි ගෙවා ඇති අතර ආබාධිත හා මානසික මෙන්ම වෙනත් රෝගයන්ට ගොදුරු වූ සංඛ්‍යාව ගණනය කළ නොහැකි තරම්ය. යසෝධා විමලධර්මගේ පියා වූ ප්‍රකට කලාකරුවෙක්, කථිකාචාර්ය වරයෙක් වූ රවිලාල් විමලධර්ම වැනි, දියණියන්ට දුන් නවක වධය නිසා රෝගී වී මිය ගිය පියවරුන් ගණන කොතෙක්දැයි ගණන් බලා නැත.
මෙය අතිශය ඛේදනීය තත්ත්වයකි. ජාතියක් හැටියට අපි ලෝකයා ඉදිරියේ ලැජ්ජාවට පත් වන තත්ත්වයකි. මන්ද යත් ශිෂ්ඨ සම්පන්න රටවල විශ්ව විද්‍යාල වලට පැමිණෙන නවක සිසුන්ගේ සියළු දුක් කරදර බාර ගන්නේ ජ්‍යෙෂ්ඨ සිසුන් නිසා ය. ජ්‍යෙෂ්ඨයන් අතින් මෙවැනි අසහනකාරී ක්‍රියා සිදු නොවේ. ඔවුන් රැග් එක යනු කුමක්දැයි කියාවත් නොදන්නා අතර මෙවැනි ක්‍රියා දැඩිලෙස පිළිකුල් කරති. ඔවුන් නවක වධකයන් නොවන නවකයන්ගේ උපදේශකයන් (Mentor) ලෙස අමිල මෙහෙයක් ඉටු කරති. ඇතුලු වන අවස්ථාවේදීම හැඳුනුම් පත් සකසා දීමේ සිට කෑම බීම නිසි ලෙස ලබා ගැනීම, නොදන්නා පළාතකදී ආරක්ෂාව ලබා ගැනීම ලෙඩට දුකට බෙහෙත් ටික ලබා දීම ආදිය දක්වාම නවකයන්ගේ සියලු දුක් කරදර ටික බාර ගන්නේ ඉහත කී ජ්‍යෙෂ්ඨ උපදේශකයන් විසිනි. විශ්ව විද්‍යාල පාලක මණ්ඩල විසින්ම මෙම උපදේශකයන් පත් කරන අතර ලංකාවේ මෙන් උත්තමයන් උත්තමාවියන් කියා ගත් වධකයන් නැත. ලෝකයා මෙවැනි මානවවාදී ශිෂ්ඨ සම්පන්න ආකාරයකට කටයුතු කරද්දී ලංකාව අමු ගෝත්‍රික ලෙස කටයුතු කිරීමෙන් අපි ලෝකයා ඉදිරියේ හෑල්ලුවට පත් වනවා ඇත.
අප කල සොයා බැලීමකදි හෙලි වූයේ ලංකාවේ විශ්වවිද්‍යාල තුල නවක වදය දීමේදී ප්‍රබල ලෙස පේරාදෙණිය, කැළණිය හා සබරගමු විශ්වවිද්‍යාල ප්‍රමුඛව සිටින බවකි. පසුගිය වසරේද නවක වදය හේතුවෙන් සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවියක් සිය දිවි හානිකර ගත්තාය. එමෙන්ම නවක වදය හේතුවෙන් මෙවර පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ සිසුන් කිහිප දෙනකු ඉවත් වී ඇති අතර ඔවුන් දැන් පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් අධ්‍යාපනය හදාරයි. අප වෙත තොරතුරු වාර්තා වන අන්දමට කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේද ඉතාම ඉහලින් නවක වධය ක්‍රියාත්මක වේ.
ලංකාවේ විශ්වවිද්‍යාල තුල නවක වධය නීතියෙන් තහනම් කොට ඇත. නවක වධ පනත අනුව එයට ආධාර අනුබල දීම හා කවරාකාරයකින් හෝ එයට සම්බන්ධවීම දඬුවම් ලැබිය හැකි වරදක් වේ. ශිෂ්‍යභාවය අහෝසි කළ හැකිය. සිර දඬුවම් පවා දිය හැකිය. එසේ තිබියදී සිසුවෙකු විශ්වවිද්‍යාලයට ඇතුල් වූ පසු නිදහසේ අධ්‍යාපනය හැදැරීමට අවශ්‍ය පරිසරයක් නොමැතිව මෙවැනි වනචාරී ක්‍රියාවලියක් දැවැන්ත ආකාරයෙන් ප්‍රසිද්ධියේ සිදුවීමට ඉඩ හැරීම ගැන සියළු සරසවි වල පාලන අධිකාරීන් වගකිව යුතුය. ඔවුන් තම වගකීම් පැහැර හැර තිබේ.
ජවිපෙට සහ පෙරටුගාමීන්ට සරසවි සිසු දේශපාලනයේ බලය තිබෙන කාලයේදී නවක වධය නිසා දැනටමත් 20 ක් මිය ගොස් 27000 ක් දෙනා සරසවි අතහැර ගොසින් නම් ජවිපෙ සහ පෙරටුගාමීන් රට බාර ගත හොත් කුමන තත්ත්වයක් උදා වේද?
නවක වදයට එරෙහිව නව නීති රීති ගෙන එන බව පසුගියදා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණ. එය හමස් පෙට්ටියට නොගොසින් ඉක්මනින් ක්‍රියාවට නැංවේ යයි අපි බලාපොරොත්තු වෙමු.
-වෛද්‍ය ශිෂ්‍ය එම්.එල්.එච් අඹේපිටිය විසිනි-