2007 වසරේදී ජංගම දුරකථන ලෝකය උඩු - යටිකුරු කරවමින් ඇපල් අයි ෆෝන් (Apple iPhone) නම් වූ ස්මාට්ෆෝනය (Smart Phone) බිහිවිය. මෙය ස්මාට්ෆෝනයකට ඇති සීමා මායිම් බිඳ දමමින් අතේ ගෙන යන පරිගණකයක තත්වයට පත් විය. නැවත 2008 වසරේදී අයි ෆෝන් 3G නම් සංස්කරණය පැමිණියේ අධිවේගී ජාලකරණය හා අයි ෆෝනයේ ජනප්‍රියතාවයට ප්‍රධානතම හේතුව වූ ඇපල් අයි ෆෝන් ඇප්ලිකේෂන්ස් (Apple Apps) නමින් දස දහස් ගණනක් වූ විවිධාකාර ප්‍රයෝජනවත් වැඩසටහන්ද සමගිනි. එමෙන්ම 2009 දී අයි ෆෝන් 3Gs සංස්කරණය ඉදිරිපත් වූයේ පෙර තිබූ සංස්කරණයන්ට වඩා දෙගුණයක් වේගවත්ව හා විවිධ දර්ශන වීඩියෝගත කිරීම වැනිතවත් විශේෂාංග රාශියක්ද සමගිනි. 2010 වසරේදී, ලොව හොඳම ජංගම දුරකථනය වන Apple iPhone 4 නිකුත් විය. ඇපල් ආයතනය පවසන අන්දමට ඇපල් අයි ෆෝන් 4 යනු අතේ ගෙන යා හැකි ඉලෙක්ට්‍රොනික් උපාංග ලොවේ මහා ඉදිරි පිම්මයි. සාර්ථක ලෙස වීඩියෝ දුරකථන ඇමතුමක් ලබාගැනීමේ ක්‍රමය මුළින්ම එළිදකින්නේ ඇපල් අයි ෆෝන් 4 හරහාය. එමෙන්ම මෙම උපාංගයේ පෙර සංස්කරණ වලදී මෙන් නොව මෙහි ඝනකම තිබුණාටත් වඩා 24% කින් අඩු කර ඇත. එමනිසා අයි ෆෝන් 4 යනු දැනට ලොව පවතින තුනීම ජංගම දුරකථනයයි. එහි පිටත පෙනුමද අතිශය ආකර්ශනීය ලෙස නිමවා ඇත. මෙම අයිෆෝනය අප සන්නිවේදනය කරනා ක්‍රමය සදහටම වෙනස් කිරීමට සමත් වන්නකි. අයි ෆෝන් 4 වන සංස්කරණය සමග නවතම විශේෂාංග රැසක් එළිදැක තිබේ. මේවා සියල්ලම අයිෆෝනය ලොව හොඳම ජංගම දුරකථනය බවට පත් කිරීමට හේතු කාරණා වේ.
ෆේස්ටයිම් - FaceTime
මිනිසුන් දශක ගනනාවත් පුරා වීඩියෝ දුරකථන ඇමතුම් ගැන සිහින මවමින් සිටියහ. ඇපල් අයි ෆෝන් 4 මගින් එය යථාර්තයක් බවට පත් කරයි. එක් තට්ටු කිරීමක් මගින් ඔබගේ හිතමිත්‍රාදීන් සමග වීඩියෝ සංවාද ඇතිකරගැනීමට , Wi-Fi මගින් ලෝකයේ එහා කොනට වුවත් එසැනින් ඔබගේ හැඟීම් ප්‍රකාශ කිරීමට මෙන්ම ඔබගේ කතා ඇසීමෙන් මිතුරන් සිනාසෙන ආකාරයද දැක බලාගැනීමට ඔබට අයිෆෝනය නිසා හැකියාව ලැබී ඇත.
Read More.........
meka thiyanne blog ekaka nisa okkoma daanna be
e blog post ekatath comment ekak daannako
add me rep + if you like this



Last edited:


