නවලෝක රෝහල හැටන් නැෂනල් බැංකුවට (HNB) සින්න වෙලාද?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    බලන්න කාලකන්නි දේශපාලුවො අයගෙ හිතවතුන් වෙනුවෙන් වංගු දාන හැටි. පොඩි මිනිහට තමයි හැම නීතියක්ම

    oka පොඩි මිනිහට apply wenne nedda??
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,882
    113
    Colombo, Sri Lanka
    කොහොමත් බිස්නස් වලදී දෙවන පරම පරාව ඇන ගන්නවා හැම තැනදීම. EAP එකෙත් ඔහම එකක් උනානේ
     
    • Like
    Reactions: Hankook

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113

    මෙම ලංකාදීප වාර්තාවෙ නම දාල නෑ ඒත් පරණ වාර්තා වල තියෙන්නෙ නවලෝක හොස්පිටල් එක ණය ගෙවාගන්න බැරුව හිරවෙලා කියල.:eek:

    බැංකුවට සින්නවූ සුපිරි රෝහල විකුණන්න අවසර​




    (මනෝප්‍රිය ගුණසේකර)
    රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය නොගෙවීම නිසා සින්න වු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් විකිණීම වළකාලමින් නිකුත් කර තිබු තහනම් නියෝගය කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ජගත් කහඳගමගේ මහතා ඉවත් කළේය.
    මෙම ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් විකිණීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති ආකාරය ගැටළු සහගත බව පෙන්වා දෙමින් නීතීඥ ප්‍රියන්ත අලගියවන්න මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් වානිජ මහාධිකරණ විනිසුරුවරයා අදාළ තහනම් නියෝගය ඉවත් කළේය.
    පෞද්ගලික රෝහල විසින් හැටන් නැෂනල් බැංකුවට එරෙහිව ඉදිරිපත් කර තිබු පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව අදාළ පෞද්ගලික රෝහල විකිණීම වළකාලමින් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.
    එම තහනම් නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලමින් හැටන් නැෂනල් බැංකුව ප්‍රතිවිරෝධතා ගොනු කරමින් අදාළ පෞද්ගලික රෝහල ඉදිකිරීමට වැය වු මුදල් ගෙවීම සඳහා හැටන් නැෂනල් බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය මුදල් ගෙවා නැතැයි බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රියන්ත අලගියවන්න මහතා පෙන්වා දුන්නේය.
    පෙත්සම්කාර පෞද්ගලික රෝහල් සමාගම තම බැංකුවෙන් ලබාගත් ණය මුදල් සහ ඊට අදාළ පොළිය නොගෙවීම නිසා ණය ගැනීමේදී ඇපයක් වශයෙන් තබාා තිබු එම පෞද්ගලික රෝහල සහ ඊට අදාළ පරීශ්‍රය විකුණා ණය මුදල් හා ඊට අදාළ පොළිය අයකර ගැනීමට බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණයක් ගෙන ඇතැයි පෙන්වා දුන් නීතීඥ ප්‍රියන්ත අලගියවන්න මහතා තම බැංකුව කටයුතු කර ඇත්තේ බැංකු මඟින් ප්‍රදානය කරන ණය ආපසු අයකර ගැනීමේ විශේෂ විධිවිධාන පනත (පරාටේ නීතීය) අනුව යැයිද පැවසීය.
    නීත්‍යානුකූලව තම බැංකව කටයුතු කර තිබියදී අදාළ දේපළ විකුණා තම ණය මුදල හා ඊට අදාළ පොලිය අයකර ගැනීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කිරීම ගැටළු සහගත බව පෙන්වා දුන් නීතීඥ ප්‍රියන්ත අලගියවන්න මහතා අදාළ තහනම් නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලා සිටියේය.
    දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වු සියළු කරුණු සළකා බැලු විනිසුරුවරයා අදාළ පෞද්ගලික රෝහලක් විකිණීම වළකාලමින් නිකුත් කර තිබු තහනම් නියෝගය ඉවත් කිරීමට නියම කළේය.
    හැටන් නැෂනල් බැංකුව වෙනුවෙන් නීතීඥවරන් වන දුමින්ද ප්‍රේමරත්න සහ ඉසුරු වීරසුරිය සමඟ නීතීඥ ප්‍රියන්ත අලගියවන්න මහතා පෙනී සිටියේය.

    බැංකුවට සින්නවූ සුපිරි රෝහල විකුණන්න අවසර


    The Nawaloka Hospital is in danger of collapsing due to obtaining loans amounting to nearly 2.3 billion rupees from five local banks in Sri Lanka, it is learnt.

    Accordingly, the hospital has to pay Rs.335 million as its monthly loan installment.

    The hospital has obtained loans from the Hatton National Bank, People’s Bank, Bank of Ceylon, DFCC Bank and the Commercial Bank.

    If the hospital collapses without being able to pay debts, experts in the health sector said that it will have a negative impact on the health sector.

    The Nawaloka Hospital has a large treatment capacity of about 800 beds and there is no other private hospital with such a large capacity.

    Health sector sources said that the Asiri Hospital can treat only 650 in-house patients.

    However, the Hatton National Bank had issued notices for the auction of the land in Colombo 02 where the Nawaloka Hospital is located.

    The Dharmadasa family headed by Jayantha Dharmadasa owns the majority of shares in Nawaloka Hospital.

    The list of its shareholders and directors is given below.

    Nawaloka_700px_2023_10_20.jpg

    Meanwhile, sources in the business sector said that the only way out of the current debt situation is for the hospital to sell more shares.

    Meanwhile, it was reported that prominent businessmen Harry Jayawardena, Ishara Nanayakkara, Dhammika Perera and Ashok Pathirage had shown interest in buying more shares of the hospital.

    Sources said that these businessmen own a large amount of shares in several banks from which the Nawaloka Hospital has taken loans and this will place the hospital at a great risk in the future.

    https://srilankamirror.com/news/nawaloka-in-danger-business-moguls-line-up-to-buy-hospital/

    oke Dammika Perera shares tibba back in 2016 mataka vidihata 20% vtra kohomath acquire karai dn ekko Softlogic eken (under Asiri Hospitals)
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අපරාදෙ රජයෙ බැංකුවකින් අරන් තිබුණනං දයා ගමගේලට වගේ බොල්ණය කරගන්න තිබුණා. 🫢

    තාම තොවිලේ ඉවර නෑ
    ඕක ගන්නේ කව්ද කියලා බලාගෙන ඉමු 😄