HNB බැංකුවට ප්‍රධාන පෙළේ ඉස්ප්‍රිතලේ විකුණා ණය පියවා ගැනීමට අවසර

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය නොගෙවීම නිසා සින්න වු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් විකිණීම වළකාලමින් නිකුත් කර තිබු තහනම් නියෝගය කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ජගත් කහඳගමගේ මහතා ඉවත් කළේය.
    මෙම ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් විකිණීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති ආකාරය ගැටළු සහගත බව පෙන්වා දෙමින් නීතීඥ ප්‍රියන්ත අලගියවන්න මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් වානිජ මහාධිකරණ විනිසුරුවරයා අදාළ තහනම් නියෝගය ඉවත් කළේය.
    පෞද්ගලික රෝහල විසින් හැටන් නැෂනල් බැංකුවට එරෙහිව ඉදිරිපත් කර තිබු පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව අදාළ පෞද්ගලික රෝහල විකිණීම වළකාලමින් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.
    එම තහනම් නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලමින් හැටන් නැෂනල් බැංකුව ප්‍රතිවිරෝධතා ගොනු කරමින් අදාළ පෞද්ගලික රෝහල ඉදිකිරීමට වැය වු මුදල් ගෙවීම සඳහා හැටන් නැෂනල් බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය මුදල් ගෙවා නැතැයි බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රියන්ත අලගියවන්න මහතා පෙන්වා දුන්නේය.
    පෙත්සම්කාර පෞද්ගලික රෝහල් සමාගම තම බැංකුවෙන් ලබාගත් ණය මුදල් සහ ඊට අදාළ පොළිය නොගෙවීම නිසා ණය ගැනීමේදී ඇපයක් වශයෙන් තබාා තිබු එම පෞද්ගලික රෝහල සහ ඊට අදාළ පරීශ්‍රය විකුණා ණය මුදල් හා ඊට අදාළ පොළිය අයකර ගැනීමට බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණයක් ගෙන ඇතැයි පෙන්වා දුන් නීතීඥ ප්‍රියන්ත අලගියවන්න මහතා තම බැංකුව කටයුතු කර ඇත්තේ බැංකු මඟින් ප්‍රදානය කරන ණය ආපසු අයකර ගැනීමේ විශේෂ විධිවිධාන පනත (පරාටේ නීතීය) අනුව යැයිද පැවසීය.
    නීත්‍යානුකූලව තම බැංකව කටයුතු කර තිබියදී අදාළ දේපළ විකුණා තම ණය මුදල හා ඊට අදාළ පොලිය අයකර ගැනීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කිරීම ගැටළු සහගත බව පෙන්වා දුන් නීතීඥ ප්‍රියන්ත අලගියවන්න මහතා අදාළ තහනම් නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලා සිටියේය.
    දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වු සියළු කරුණු සළකා බැලු විනිසුරුවරයා අදාළ පෞද්ගලික රෝහලක් විකිණීම වළකාලමින් නිකුත් කර තිබු තහනම් නියෝගය ඉවත් කිරීමට නියම කළේය.
    හැටන් නැෂනල් බැංකුව වෙනුවෙන් නීතීඥවරන් වන දුමින්ද ප්‍රේමරත්න සහ ඉසුරු වීරසුරිය සමඟ නීතීඥ ප්‍රියන්ත අලගියවන්න මහතා පෙනී සිටියේය.



    IMG

    https://www.sundaytimes.lk/
    https://www.deshaya.lk/
    https://www.ada.lk/
    https://www.lw.lk/
    https://www.hi.lk/
    https://www.saaravita.lk/
    https://www.kelimandala.lk/
    https://www.dailymirror.lk/
    https://www.lankadeepa.lk/
    https://www.lankadeepa.lk/sunday
    https://www.sundaytimes.lk/
    https://www.deshaya.lk/


    Popular Posts​

     
    • Like
    Reactions: vito

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    තම බැංකුව කටයුතු කර ඇත්තේ බැංකු මඟින් ප්‍රදානය කරන ණය ආපසු අයකර ගැනීමේ විශේෂ විධිවිධාන පනත (පරාටේ නීතීය) අනුව යැයිද පැවසීය.

    zY2O9mr.png


    ණය ගෙවන්න ඕනැ නෑ ණය ගෙවන්න ඕන කියල තියෙන නීතිය වෙනස් කරගන්න පුළුවන් ණය ගෙවන්න යන ගානට වඩා අඩු ගානක් වියදං කරල :lol:
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    zY2O9mr.png


    ණය ගෙවන්න ඕනැ නෑ ණය ගෙවන්න ඕන කියල තියෙන නීතිය වෙනස් කරගන්න පුළුවන් ණය ගෙවන්න යන ගානට වඩා අඩු ගානක් වියදං කරල :lol:
    අරක්කු company වල case එකම තමා .මේ රට පුදුම පිරිහිමක තියෙන්නේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    zY2O9mr.png


    ණය ගෙවන්න ඕනැ නෑ ණය ගෙවන්න ඕන කියල තියෙන නීතිය වෙනස් කරගන්න පුළුවන් ණය ගෙවන්න යන ගානට වඩා අඩු ගානක් වියදං කරල :lol:

    ලංකාව රඟ මඩලකි
    අපි එහි ප්‍රේක්ෂකයන් වෙමු 😄

    Pop Corn GIF by WWE


    යාලුවාගේ බඩු නැවෙන් බාන වෙලාවට විතරක් හරියන්න ටැක්ස් ගැසට් ගහන රටක ඕක මැජික් නෙමෙයි 🤣🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,807
    87,237
    113
    ආශ්චර්යමත් රටක
    zY2O9mr.png


    ණය ගෙවන්න ඕනැ නෑ ණය ගෙවන්න ඕන කියල තියෙන නීතිය වෙනස් කරගන්න පුළුවන් ණය ගෙවන්න යන ගානට වඩා අඩු ගානක් වියදං කරල :lol:


    ලංකාව රඟ මඩලකි
    අපි එහි ප්‍රේක්ෂකයන් වෙමු 😄

    Pop Corn GIF by WWE


    යාලුවාගේ බඩු නැවෙන් බාන වෙලාවට විතරක් හරියන්න ටැක්ස් ගැසට් ගහන රටක ඕක මැජික් නෙමෙයි 🤣🤣


    කොළඹ වෙනස කරන්නෙ පට්ට පල් වේස හොරු කියල මම කියන්නෙ නිකන් නෙවෙයි. 😹😹😹
     
    • Like
    Reactions: Hyaenidae

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    මේක හෙන විහිළුවක් බං.
    ඕකේ ඉන්න එක දොස්තරයා කෝටිය ගානේ දුන්නත් ඇති.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    දර්මේ ක්‍රිකට් බඩු එක්ක ඉදලා අන්තිමට් ත්මන්ගේ හොදම ආදායමට කෙලව ගෙන..
    මුන් මෙකේ සල්ලි නවලෝක කන්ස්ට්‍රක්ශන් වල්ට ඇදල්ද දන්නේ නෑ ඔහොම ණය් උනේ.
    නැත්නම් පාඩුයි කියලා බොල් ණය් ද?