නවලෝක - Yamaloke

siripala

Member
Oct 10, 2006
2,869
442
0


188245_10151489588507429_341269420_n.jpg



ස්කෑනර් යන්ත්‍රයේ දෝෂයක් නිසා නවලෝක රෝහලේදී මිය ගිය දැරියගේ සිද්ධිය තරම් අපේ රටේ පුරවැසියා කොයි තරම් අසරණද යන්න විදහා දක්වන වෙනත් සිද්ධියක් නැත.

දියුණු රටක මෙවැනි සිද්ධියක් වී නම් වන්නේ කුමක්දැයි හා අපේ රටේ වෙනස බලමු.

පළමුව, හැකි ඉක්මණින් නෛතික කටයුතු අවසාන වන අතර, දැරියගේ මවුපියන්ට සැලකිය යුතු තරම් වන්දි මුදලක් හිමිවනු ඇත්තේය. මිනිස් ජීවිතයක් මුදලින් මැනිය නොහැකි බව ඇත්තක් මුත් මෙවැනි වන්දියක් නිසා හොඳ දෙකක් වෙයි. එය එක්තරා මට්ටමක සහනයකි. දෙවැන්න, හා වඩා වැදගත් හේතුව ඒ නිසා ඉදිරියේදී මෙවන් වැරදි නොකැර සිටින්නට නවලෝක රෝහලට හා අනෙකුත් රෝහල් වලට ඉන්සෙන්ටිව් එකක් ලැබීමයි. නමුත් අපේ රටේ ඇති නීති ක්‍රමයේ දුර්වලතා නිසා මෙවැන්නක් වෙතැයි මම අපේක්ෂා නොකරමි. මෙහිදී සිද්ධිය වූ බව ඔප්පු කිරීමේ සම්පූර්ණ බර ඇත්තේ දැරියගේ දෙමාපියන්ගේ පාර්ශ්වයටය. එය ඉතාම අසීරු කාර්යයකි. වඩා ඉඩ ඇත්තේ නවලෝක රෝහල, සතයක් හෝ වන්දි ගෙවීමකින් තොරව, තාක්ෂණික ගැටළුවක් මත නිදහස් වීමයි.

දෙවනුව, දියුණු රටක මෙවන් සිද්ධියකදී වඩාත් හඬ නඟන්නේ අනෙකුත් තරගකාරී රෝහල්ය. නමුත් ලංකාවේදී එවැන්නක් සිදුනොවේ. ලංකාවේ සියළුම පෞද්ගලික රෝහල් කටයුතු කරනු ඇත්තේ මේ සිද්ධිය යටපත් කිරීමටය. ඒ ඔවුන්ගේ කාටෙල් හැසිරීමයි. හැම කාටෙල් හැසිරීමක් සේම මෙයද පුරවැසියාට එරෙහිව ක්‍රියාත්මකය.

තෙවනුව, දියුණු රටක මෙවැන්නක් වී නම් එය යටපත්ව යා නොදී මතු කරනු ඇත්තේ මාධ්‍ය විසිනි. ලංකාවේ මෙවැන්නක් බලාපොරොත්තු විය නොහැකිය. ජාතික යැයි කියා ගන්නා එකදු පුවත්පතකටවත් මේ සිද්ධිය වාර්තා කිරීමේදී අදාළ රෝහල නම් කිරීමට තරම් කොන්දක් නොතිබුණේය. ඔවුන් එසේ නොකරන්නේ එයින් ඔවුන්ගේ වෙළඳ දැන්වීම් ප්‍රවාහයට බාධාවක් වන නිසාය. මෙයද සිස්ටම් එක පුරවැසියාට එරෙහිව දුෂ්ඨ ලෙස ක්‍රියාත්මක වීමකි. (වගකිව යුතු පුරවැසියකු වර්තමානයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සියල්ලම සම්පූර්ණයෙන් බැරි නම් හැකිතාක් දුරට වර්ජනය කළ යුතුය මම සිතමි. මේ එකක් වත් පුරවැසියා වෙනුවෙන් සේවය නොකරයි.)

සිව්වනුව, වෙනත් රටකදී මෙබඳු සිද්ධියක් යටපත් නොකොට යා දී මතු කරන විපක්ෂ දේශපාලකයෝ වෙති. අපේ රටේ එවැන්නන් සොයා ගැනීම කළුනික සෙවීමකි.

පස්වැනුව, තවත් බොහෝ ප්‍රබල බලවේග නවලෝක මුදලාලි වෙනුවෙන් පෙනී සිටිය හැකිය. ඔහු 'සිංහල බෞද්ධ' ව්‍යාපාරිකයෙකි. එසේම වෙනත් බොහෝ ක්ෂේත්‍රයන්හි ප්‍රකට චරිතයකි. එවැන්නකු හා ගැටීම පුරවැසියාට කළු ගලේ ඔළුව හප්පා ගැනීමකි.

අපේ රටේ පුරවැසියා කොයිතරම් නිදහස්ද?

Extracted from Chanuka wattegama's wall
 

perumaal

Banned
Feb 5, 2013
153
5
0
owa media walin market karanna puluwan nam publicity denawa.


සින්හල උන්ට කොහෙන්ද අනුකම්පාවක්.. සල්ලි හම්බවෙනවා නම් රට ජාතිය සාසනෙ, සිවුර ඔක්කොම කාඩිනල්ට විකුනනවා, අරූ වගෙ..