නව්‍යකරණයන්ට සූදානම් ද?

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    නව්‍යකරණයන්ට සූදානම් ද?

    ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නව්‍යකරණයන්ට සූදානම් ද?

    shopping_trends.jpg


    මීට වසර විස්සකට පමණ පෙර ළඟපාත සිල්ලර බඩු කෙඩ්ට ගිහින් දවසට සරිලන බඩු ටික ගත්ත මිනිස්සු
    බඩු ටික කිරලා දෙනකල් ඉවසිල්ලක් නැතුව රණ්ඩු කරගත්තු මිනිස්සු කේවල් කර කර බඩු වල ගණන් අඩු කරලා ඉල්ලපු
    මිනිස්සු අද කාගිල්ස්, කීල්ස් ගිහින් කරත්තෙකුත් තල්ලු කරගෙන ගිහින් පැය දෙක තුනක් ගත කරලා සදහන් කරන ලද මිල
    සතයක් වත් අඩු කරන්න නොඉල්ලා සල්ලි ගෙවන්නත් පෝලිමේ ඉදලා බඩු ටික අරන් යනවා.

    ඒ් තමයි කාලයත් සමඟ මිනිස්සුන්ගේ හැසිරීමේ ඇති වෙන වෙනස ඒ වෙනස අැති කරන්න සිල්ලර වෙළදාමෙහි දැවැන්ත
    ව්‍යාපාරිකයන් අයෝජනය කිරීමත් හේතුවක් උනා.

    රට දියුණුයි ඒත් දියුණුවේ අවසානය මේක නෙවෙයි ඉදිරි වසර 15 තුල දැවැන්ත විදිහට මිනිස්සු අන්තර්ජාලය හරහා ව්‍යාපාර
    කරන්න පෙළඹෙනවා. අන්තර්ජාලය කේන්ද්‍රීය වෙළඳපළක් නිර්මානය වෙනවා. මිනිස්සු අන්තර්ජාලය හරහා භාණ්ඩ දකින්න
    මිල ගණන් සසදන්න මිලට ගන්න පෙළඹෙනවා. ඒ සමඟ නිසැකවම දැවැන්ත ආයෝජනයක් අන්තර්ජාලය හරහා
    ව්‍යාපාරකරණයට එලැඹෙනවා. 2030 දි මිනිස්සු කඩ හොයාගෙන යන්නෙ නැහැ අත රැදි අයි පෑඩයෙන් ජංගම දුරකථනයෙන්
    ඔන්ලයින් ගෙදරට අවශ්‍යය එළවලු ටික ඇනවුම් කරනවා. වේගවත් හා කාර්යක්ෂම ප්‍රවාහන සේවා ආයතනත් ඒ සමඟම බිහි වෙනවා.
    අනාගතය ගැන පුදුම හිතන්න දෙයක් නැහැ මොකද අදටත් තරුණ පිරිස් කෙනෙක් ගෙන් පාරක් අහනවා වෙනුවට කෙලින්ම ගූගල්
    මැප් දාලා පාර බලනවා. පාරෙ යන ටුක් එකට අත දානවා වෙනුවට පික්මී ගිහින් වාහනයක් හොයාගන්නවා.

    මීට වසර දෙක තුනකට පෙර හිටපු දැවැන්ත කැබ් සර්විස් ආයතන නෙවෙයි ඒ නව හැරවුම ඇති කරන්නෙ. ඉස්සර හිටපු දැවැන්තම
    ජංගම දුරකතන සමාගම නොසිතූ පරිදි බිද වැටෙනවා ඊට පැහැදිලිවම හේතුව නවතාවයන් ට යොමු නොවීම. අන්තර්ජාලය හරහා වන
    මේ නව්‍යකරණයට පසුබට වන ප්‍රමාද වන සමාගම් නිසැකවම ඉදිරි වසර 20 තුළ බිඳ වැටෙනවා.

    ව්‍යාපාර වහ වහාම නවතාවයන් ට ආයෝජනය කළ යුතු බව ම‍ගේ හැගීමයි ඊට ඉගි දැනටත් ලෝකය පුරාවට දකින්න පුලුවන් යොමුවිය
    යුතු මානය සහ මාවත පැහැදිලියි අනාගතයේ ව්‍යාපාර කේන්ද්‍රගත විය යුතු අන්තර්ජාලය ජංගම දුරකථන හා භාණ්ඩ නිවසටම ප්‍රවාහනය
    කිරීම යන කාරණා මත. ඒහි සාර්ථකත්වය තීරණය වෙන්නෙ සේවාවේ ගුණාත්මක භාවය වේගවත් භාවය සහ අවම පිරිවැය යන කාරණා මත.

    අඩු ප්‍රාග්ධනයකින් වෙළඳපොලට පිවිසීමේ හැකියාව නිසා සුලු පරිමාණ ව්‍යාපාරිකයන් බොහොමයක් අනාගතයේ ව්‍යාපාරික කොටසක්
    වෙන් කරගනීවි එවිට එහි අනික් පසින් දැවැන්ත විදිහට ගොඩනගාගත්තු ව්‍යාපාර ටිකෙන් ටික බිඳවැටී යා හැකියි. සරළව කියනවා නම්
    "මිනිස්සුන්ට අදාළ නෑ ඩිලිවරි එක එන්නෙ වර්ග අඩි 25 000 ක මහල් 7 ක ගොඩනැගිල්ලකින් ද වර්ග අඩි 250 ක කඩ කාමරයකින්
    ද කියලා මිනිස්සුන්ට අදාල භාණ්ඩයේ ගුණාත්මක බවත්, වේගයත්, අඩු පිරිවැයත් පමණයි"

    ඒ වගේම වාසිදායකම කාරණාව තමයි ඉස්සර නම් සාර්ථක ව්‍යාපාරයකට නගර මධ්‍යක කෝටි ගාණක ව්‍යාපාරික ස්ථාන අවශ්‍යය උනා
    අනාගතයේ ව්‍යාපාරය තිබෙන තැන තීරණාත්මක වෙන්නෙ නැහැ ඒ නිසා බොහෝ විට අඩු ප්‍රාග්ධනයකින් අවම අවධානමක් ඇතිව
    ව්‍යාපාරයකට යොමු වෙන්න පුලුවන්.

    එලෙසම අනාගතයේ දි හබ් ලෙසින් ක්‍රියාත්මක වන තොග ගබඩා සේවාවන් ට ද අවස්ථාවක් ලැබේවි. සිල්ලර අලෙවි කරුවාට ඉතා සුළු
    ඉඩකඩකින් සුලු පිරිවැයකින් ඉතා සුළු අවධානමකින් අන්තර්ජාලය හා ප්‍රවාහන සේවාව පමණක්‍‍ සමගින් ව්‍යාපාරයක් පවත්වාගත හැකි වේවි
     
    Last edited:
    • Like
    Reactions: gayankuwait

    Similar threads