නව අදහස් අවශ්‍යයි..

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    නව අදහස් අවශ්‍යයි..

    මුලින්ම ඉස්තුති කරන්න ඕනේ මගේ මේ නුලට ආවට ...

    මේකයි යාලුවනේ වෙන්න ඕනේ, මගේ පොඩි අදහසක් තියනවා පොඩි වියාපාරයක් පටන් ගන්න (ඇත්තටම මම දැනට රැකියාවක් කරනවා නමුත් මේ දවස් වල වියදම සැර නිසා ජොබ් එකෙන් විතරක් ජිවත් වෙන්න අමාරුයි කියල තේරෙනවනේ..) එකයි මට මෙහෙම අදහසක් අවේ.

    මුලින්ම ඉතාම පොඩියට තමයි පටන් ගන්න හිතන් ඉන්නේ. නමුත් තවම මට හොද අදහසක් අවේ නැහැ මොන වගේ වියපරයක්ද පටන් ගන්නේ කියල එකයි මම මේ එළකිරියේ ඉන්න කට්ටියගෙන් අහල බලන්න හිතුවේ. ඔය කට්ටියට හිතෙන අලුත් වියාපරෙකට ගැලපෙන හොද අදහස් ටිකක් කියන්න.

    ඉස්තුති
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයාට පුළුවන් කියලා හිතෙන දේවල් මුලින්ම හිතුවද? එහෙනම් ඒක මෙතන පොස්ට් කරන්න...එතකොට අනිත් අය උදව් කරයි....:)
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ube talents monada ? uba mona anshayenda work karanne ? ubage life eke uba asawen idala a unata athaarinda una awa monada ? (kello aera :P)
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඔයාට පුළුවන් කියලා හිතෙන දේවල් මුලින්ම හිතුවද? එහෙනම් ඒක මෙතන පොස්ට් කරන්න...එතකොට අනිත් අය උදව් කරයි....:)

    පුළුවන් කියල හිතෙන්නේ කියන්නේ සිල්ලර බඩු, කොමිනිකේෂන් එකක් වගේ දෙයක් තමයි... එත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේ එකක් කරනවානම් ගොඩක් වෙලාවට ෆුල් ටයිම් කරන්න වෙනවනේ එත් මට ජොබ් එකත් එක්ක ඒක කරන්න අමාරුයි එකයි මම බැලුවේ ෆුල් ටයිම් නැතිව කරන්න පුළුවන් මොකක් හරි දෙයක් ගැන අදහසක් හොයල බලන්න.
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඔයා දන්න දෙයක් පටන් ගන්න...
    නොදන්න දෙවල් නම් කරන්න යන්න එපා.
    ඔයා ජොබ් යනවා නම් මොන වැඩේ කලත් විස්වාසවන්ත කෙනෙක් යොදන්න
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ව්‍යාපාර කියන දේ උබ ඉන්න ප්‍රදේශය අනුව,උබට තියන සල්ලි අනුව සහ තව තව සාදක මත වෙනස් වෙනවා..පොඩ්ඩක් ශක්‍යතා අද්යනයක් කරලා(මොකක්ද කරන්න පුළුවන් කියල බලල)මෙතන නූලක් දන්නා..අනිවාර්යයෙන් ඒ සම්බන්ද කට්ටිය ඔබට උදව් කරවී..

    හොද තෝරා ගැනීමකට සුබ පතනවා..
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඔයා දන්න දෙයක් පටන් ගන්න...
    නොදන්න දෙවල් නම් කරන්න යන්න එපා.
    ඔයා ජොබ් යනවා නම් මොන වැඩේ කලත් විස්වාසවන්ත කෙනෙක් යොදන්න

    ඉස්තුති

    part time nam night kadyak dapan.

    එකත් හොද අදහසක් තමයි නේද

    ව්‍යාපාර කියන දේ උබ ඉන්න ප්‍රදේශය අනුව,උබට තියන සල්ලි අනුව සහ තව තව සාදක මත වෙනස් වෙනවා..පොඩ්ඩක් ශක්‍යතා අද්යනයක් කරලා(මොකක්ද කරන්න පුළුවන් කියල බලල)මෙතන නූලක් දන්නා..අනිවාර්යයෙන් ඒ සම්බන්ද කට්ටිය ඔබට උදව් කරවී..

    හොද තෝරා ගැනීමකට සුබ පතනවා..

    ඉස්තුති
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    1. ගෙදර වත්තේ ඉඩකඩ තියෙනව නම් එලවලු පලතුරු ටිකක් වවපන්. ලොකු ගානක් නම් හොයන්න බෑ තමයි. ඒ වුනාට පිරිසිදු වස විස නැති කෑම කන්න හම්බෙනව වගේම ඒකෙන් ලැබෙන ආත්මතෘප්තිය මිල කරන්න බෑ.

    2. අපේ අල්ලපු ගෙදර ඉන්න අය ගෙදර කොසු ඉදල් හැදි වගේ ඒව හදල කඩ වලට දානව. වැඩ ඇරිල ඇවිල්ල තමා කරන්නෙ.

    3. සල්ලි හම්බෙනවනම් කොම්පියුටර්, ඉලෙක්ට්‍රෝනික් සම්බන්ධ පොඩි පොඩි වැඩ මම කරනව අමතර රැකියාවක් විදියට. මම තව බයි ඇන්ඩ් සෙලින් ටයිප් එකේ පොඩි පොඩි වැඩත් කරනව. (බ්‍රෝකර් වැඩ) ෆෝන්, ලැප්ටොප්, බයික් වගේ ඒව.

    කඩයක් වගේ කරනවනම් ඒක හරියට කරහන්. හිතුන හිතුන වෙලාවට කඩේ වහන්න එපා. ණයට දෙන්න පුරුදු කරගන්න එපා. කඩේ අඩු පාඩු ගැන තමන්ම හොයා බන්න ඕන. රස්සාවක් කරන ගමන්නම් ටිකක් අමාරුයි. ටිකක් ස්ථාවර වෙනකම් වත් අයිතිකාරය හරි ගෙදර කවුරු හරි ඉන්නම ඕන.

    4. තව ලේසිම ව්‍යාපාරයක් තියෙනව. කේන්දර බලන එකයි හදන එකයි. මාස 6 කි විතර කෝස් එකක් කරානම් වැඩේ අල්ල ගන්න පුලුවන්. අපේ අල්ලපු ගෙදර කොසු ඉදල් හදුනව කීව අයිය ඔය වැඩෙත් කරනව.

    5. එල්ඊඩී බලබ් හදල විකුණන එකත් පහු ගිය කාලෙ හොද නැගල ගිය වැඩක්. දැන්නම් කලින් තරම් ලාභ ගන්න අමාරුයි.

    ඕන් ඔව්ව ගැන තමා මම අත්දැකීමෙන්ම දන්නෙ. ප්‍රශ්නයක් තියෙනව නම් අහන්න. තමන් දන්න දෙයක් කරනව නම් තමා ගොඩක් හොද. දන්නෙ නැත්තන් ඉගෙන ගන්න. නැත්තම් ආයෝජනය කරපු සල්ලිට ටිකවත් හොයා ගන්න බැරිවෙයි.
     
    එළකිරි මචන් උබේ අදහස් වලින් මටත් පොඩි අලුත් අදහස් ටිකක් අවා ගොඩක් ඉස්තුති.