නව චිත්‍රපටයක් නිපදවීමට ආණ්ඩුව චැනල් ෆෝ &#3505

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    නව චිත්‍රපටයක් නිපදවීමට ආණ්ඩුව චැනල් ෆෝ &#3505

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව චිත්‍රපටයක් නිපදවීම සඳහා චැනල් ෆෝ නාලිකාවේ මාධ්‍යවේදී කණ්ඩායමට ආණ්ඩුව විසින් කරණු ලබා දුන් බව එ.ජා.ප‍. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    එම නාලිකාවේ මාධ්‍යවේදීන් සඳහා මෙරටට පැමිණීමට විසා ලබා දී ඔවුන් මෙරටට පැමිණීමෙන් අනතුරු හංගාගෙන සිටිය බවද අද(20) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය‍.

    එසේම ආණ්ඩුව ලංකාවේ ජනතාවට පොරොන්දු දෙන පරිද්දෙන් මේ වන විට ජාත්‍යන්තරයටත් පොරොන්දු ලබා දෙන බව ඒ මහතා එම අවස්ථාවේදී කියා සිටියේය.

    එසේම ශ්‍රී ලංකාවේදී පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවෙන් කිසිදු සෙතක් මෙරටට නොමැති බවත්, පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට රජ්‍ය නායකයින් අඩුවෙන්ම පැමිණි රට මෙය වන බවත් හෙතෙම සඳහක් කළේය.

    තවද ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයින් පවා පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුව ලංකාවේදී නොපවත්වන ලෙස කියා ඇති බවත්, සමුළුව සඳහා වැය වූ වියදම මේ විට කෝටි 1500ක් වන බව තමන්ට තොරතුරු ලැබී ඇති බවත් ඒ මහතා කීවේය.

    මාධ්‍යවේදීන් අසන ප්‍රශ්න සඳහා උත්තර ලබාදීමට නොහැකිය සමුළුවෙන් පසු මාධ්‍ය හමුව අවලංගු කළ බවද ඔහු සඳහන් කළේය.

    ආණ්ඩුව ඇතැම් විට ජාත්‍යයන්තර හොඳ බවත් ඇතැම් විට ජාත්‍යන්තර නරක බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    එම මාධ්‍ය හමුව අමතමින් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ජයවික්‍රම මහතා පවසා සිටියේ එ.ජා.ප. නායකත්ව මණ්ඩලය කැසිනෝ ව්‍යාපාරය සඳහා විරෝධය දැක්වීමට තීරණය කළ ඇති බවයි.

    ඒ වෙනුවෙන් එළඹෙන 27 වන දින කොළඹ පුරහල ඉදිරිපිට සවස 3.00 ට විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
    source ada derana sinhala