නව බදු පනත ක්‍රියාත්මකයි

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    නව බදු පනත ක්‍රියාත්මකයි





    වයස අවුරුදු 18ට වැඩි සියලු ශ්‍රී ලාංකේය පුරවැසියන්ට බදු ලිපිගොනුවක් විවෘත වෙමින්, වාර්ෂික ආදායම රු.ලක්ෂ 42කට වැඩි නම් රු.ලක්ෂ 10 ඉක්මවූ උපයන විට ගෙවන ආදායම් බද්දක් සමග, බදු දැලට හසු නොවූ වෛද්‍යවරුන්, නීතීඥයන්, ගෘහ නිර්මාණ ශිල්පීන් ආදීහු බදු දැලට හසුකර ගනිමින් ශ්‍රී ලංකාවේ නව දේශීය ආදායම් පනත ඊයේ (අප්‍රේල් 01දා) දින සිට ක්‍රියාත්මක වීම ඇරඹෙයි.
    සංශෝධන රැසක්ද සමගින් ඉදිරිපත්ව ඇති මෙම නව පනත් කෙටුම්පත මගින් මින් පෙර නොපැවති නව බදු හඳුන්වාදීම් කිහිපයක්ම සිදුකර ඇති අතර, මේ සියල්ල හරහා සංකීර්ණව පැවති බදු ක්‍රමය වඩාත් සරල කර ඇති බව මෙම පනත ඉදිරිපත් කළ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අදහස වී තිබේ.
    අමාත්‍යාංශයේ තීරණ අනුව සැකසූ මෙම නව බදු පනත ක්‍රියාත්මක කරනු ලබන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි. ඔවුන් පසුගියදා නිකුත් කළ නිවේදනයකට අනුව මෙම නව පනත හරහා සිදුකර ඇති බදු පැනවීම් සම්බන්ධයෙන් විස්තර කර තිබුණි. විශේෂයෙන්ම ආදායම් උපයන විට බදු ගෙවීමේ ක්‍රමවේදය සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදී ඇති අතර, වයස අවුරුදු 18ට වඩා වැඩි සෑම පුරවැසියෙකු වෙතම බදු ලිපිගොනුවක් විවෘත කිරීමත් මෙහිදී කැපී පෙනෙයි.
    මේ නව උපයන විට බදු ගෙවීමේ ක්‍රමවේදය යටතේ මාසිකව රු.ලක්ෂයක් දක්වා වැටුප් ලබන සේවකයන් බදුවලින් නිදහස් කර ඇත. එනම් වසරකට රු.ලක්ෂ 12ක සම්පූර්ණ ආදායමක් ලබන්නන් ඉන් නිදහස්ව තිබේ. මීට පෙර එම බදු වාර්ෂික සීමාවේ අගය පැවතියේ වසරකට ලක්ෂ හතක් ලෙසින් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව, රු.ලක්ෂයකට වඩා අඩු මාසික ආදායම් ලබන පිරිස් අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක මේ බදු ක්‍රමය පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වෙයි.
    මේ අතරම රු.100,000 සිට රු.150,000 දක්වා 4%ක්ද, රු.150,000 සිට 200,000 දක්වා 8%ක්ද, රු.200,000 සිට 250,000 දක්වා 12%ක්ද, රු.250,000 සිට 300,000 දක්වා 16%ක්ද, රු.350,000 දක්වා 20%ක් ලෙසද බදු අය කෙරෙයි. එසේම මාසික ආදායම රු.350,000කට වඩා වැඩි නම් වාර්ෂික බදු අය කිරීම 24% කි. එනම් වසරකට රුපියල් හතලිස් දෙලක්ෂයක ආදායමක් උපයන පුද්ගලයෙකුගෙන් දස ලක්ෂ අට දහසක් බදු වශයෙන් ගෙවිය යුතුව ඇත. අද වනවිට මෙවැනි වැටුප් මට්ටම ලබන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විධායක මට්ටමේ වෘත්තිකයන් රැසක් සිටින නිසා ඒ හරහා ලැබෙන ආදායමද ඉහළ යනු ඇති බව රජයේ විශ්වාසයයි.
    එසේම වසරකට රු.ලක්ෂ 255ක් එනම් දෙකෝටි පනස් ලක්ෂයක ආදායමක් උපයන වෘත්තිකයන් පිරිසකටද මේ නව බදු පනත යටතේ 24% ක බද්දක් පැනවී ඇත. ලක්ෂ 255ක ආදායමක් ලබන්නෙකු යනු මාසික ආදායම ලක්ෂ 20 ඉක්ම වූ අයෙකි. එහිදී වැටුපට අමතරව දීමනා, ගෙවල් කුලී, රථවාහන සඳහා වන ගෙවීම ඇතුළු දෑ ද ඊට ඇතුළත්ය. විශේෂයෙන්ම මෙතෙක් බදු දැලට හසු නොවුණු වෛද්‍යවරුන්, නීතීඥවරුන් මෙන්ම ටියුෂන් ගුරුවරුන් මේ සඳහා දායක කරගැනීම මුදල් අමාත්‍යාංශයේ අපේක්ෂාව වී තිබේ. අදටත් මෙම වෘත්තිකයන්ගේ මාසික ආදායම් පිළිබඳව නිවැරදි තක්සේරුවක් සිදුකර නොමැති බවද කියැවෙයි. මෙම ඇතැම් පිරිස්වල වාර්ෂික ආදායම පවා ඉහත සඳහන් කළ මුදලත් ඉක්මවා යන අවස්ථා පවතින බවද කියැවේ. ඔවුන්ට අමතරව ගෘහනිර්මාණශීල්පීන්ද මේ යටතට අයත් කරගන්නා බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
    මේ අතරම මෙරට වයස අවුරුදු 18ට වඩා වැඩි සියලුම පුරවැසියන්ට බදු ලිපිගොනුවක් පවත්වාගෙන යාමට අදාළවද මෙම පනත් කෙටුම්පත තුළ සඳහන්ව තිබේ. එහෙත් මෙහිදී රැකියාවක නිරත, බදු ගෙවීමේ හැකියාවක් පවතින පිරිසගෙන් පමණක් අදාළ බදු අයකර ගැනීම සිදුකරගන්නා බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටියි. කෙසේ වෙතත් මෙතෙක් නොපැවැති ක්‍රමවේදයක් යටතේ රටෙහි සියලු පුරවැසියන්ම බදු ගෙවීමේ ක්‍රමවේදයට එක් කරගැනීම අපේක්ෂාව බව සඳහන් කළ යුතුය.
    මේ අයුරින් සලකා බැලූ විට වයස අවුරුදු 18ට වඩා වැඩි පිරිස් වෙත වෙනම බදු ලිපිගොනුවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජයේ පවතින අනාගත සැලැස්මක් විද්‍යමාන වෙයි. දැනට මාස කිහිපයකට පෙර ආදායම් බදු දෙපාර්තමේන්තුව, පසුගිය වසරේ උසස් පෙළ ඉහළින්ම සමත් වූ ශ්‍රී ලංකාවේ සිසුන් පිරිසක් කැඳවා සංවිධානය කළ තෑගි ප්‍රදාන උත්සවයකදීද මේ බදු ගෙවීමේ ඇති අවශ්‍යතාව පෙන්නුම් කර දුන්නේය. විශේෂයෙන් මෙරට ජනතාවගේ බදු මුදල්වලින් අධ්‍යාපනය ලබා උසස් රැකියාවන්ට පිවිසීමෙන් අනතුරුව ලබන උසස් වැටුපෙන් යම් මුදලක් බදු ලෙස ගෙවීමේ අවශ්‍යතාව එහිදී එම සිසුන්ට පෙන්වා දීමට ඔවුන් කටයුතු කළේය.
    විදෙස්ගත ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන ප්‍රේෂණ මුදල්වලට ලැබෙන පොලිය සඳහාද 5%ක බදු මුදලක් මෙහිදී අය කෙරේ. එය එසේ සිදුකරන්නේ මැදපෙරදිග සිට ශ්‍රමිකයන් එවන මුදල් සඳහා නොවන බවත්, වෙනත් රටවල සිට ආදායම් උපයන වෘත්තිකයන් මෙරට බැංකු තුළ තැන්පත් කරන මුදල් සඳහා පමණක් බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කර තිබේ. ඒ අනුව මෙම මුදල් සඳහා පොලියක් බලාපොරොත්තුවෙන් ඒවා බැංකු තුළ රඳවා තබාගන්නා පිරිසගෙන් පමණක් මෙලෙස රැඳවුම් ගාස්තු ලෙස මුදලක් අය කෙ‍රෙන බවද සඳහන් කරයි.
    එහෙත් ගැටලුව ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ නිවේදනයට අනුව මෙම බදු අය කිරීම අදාළ වන්නේ මෙරට ක්‍රියාත්මක දේශීය බැංකු තුළ තැන්පත් කරන ප්‍රේෂණ මුදල් සඳහා පමණි. එහෙත් මෙරට ක්‍රියාත්මක විදේශීය බැංකු සඳහාද අදාළ බදු ක්‍රියාත්මකදැයි පැහැදිලිව එහි සඳහන්ව නැත. ඒ අනුව මැදපෙරදිග ශ්‍රමිකයන් නොව බොහෝ යුරෝපා, ඔස්ට්‍රේලියානු, ඇමෙරිකානු වැනි රටවල ශ්‍රමිකයන් මෙම විදේශීය බැංකු වෙත තම ප්‍රේෂණ මුදල් එවා, අදාළ බද්දෙන් මිදීමේ අවස්ථාව පවතී. එසේම මෙහි සෘණාත්මක පැත්ත නම් විදෙස් ශ්‍රමිකයන් වේවා, අනෙක් වෘත්තිකයන් වේවා මෙම 5%ක බද්දෙන් ගැලවීම සඳහා සිය මුදල් මෙරටට එවීමෙන් වැළකී සිටීමද කටයුතු කළ හැකි වීමය.
    taxes1.jpg
    මීට අමතරව ප්‍රාග්ධන ලාභ මත පනවා ඇති 10% ක බද්දද ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක මෙම නව දේශීය ආදායම් පනතට ඇතුළත්ය. එහිදී පුද්ගලයෙකුට අයත් අමතර නිවාස, ඉඩම් හෝ වාහනයක් පැවති මිලට වඩා වැඩි මිලකට විකිණීමේදී ලැබෙන ලාභය මත බද්දක් හඳුන්වාදීම මෙහිදී සිදුව ඇත. එහෙත් මෙම බදු ගණනය කිරීම එම දේපළ 2017 වසරේ සැප්තැම්බර් 30 වැනි දිනට පැවැති වෙළෙඳ පොළ වටිනාකම අදාළ කරගනිමින් බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

    එසේම වසර තුනකට වඩා වැඩි කාලයක් පදිංචිව සිටින නිවෙසක් අලෙවියේදී මෙම බදු අය නොකෙරෙන බවද සඳහන් වෙයි. එසේම අදාළ දේපළ තමන්ට ඇති එකම දේපළ නම්, එය තෑගි ඔප්පුවකින් මගින් ප්‍රදානය කිරීමක් සිදුවන්නේ නම් ඒ සඳහාද බදු අය නොවන බවද රජය සඳහන් කරයි.
    කෙසේ වෙතත් මෙම ප්‍රාග්ධන බද්ද හරහා මෙරට තුළ ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය යම් කඩා වැටීමකට ලක්වීමේ අවදානමක් පවතින බව ඇතැම් දෙනාගේ අදහස වී තිබේ. පැහැදිලිවම මෙම බද්ද පනවා ඇත්තේ සුඛෝපභෝගී මහල් නිවාසවල හිමිකාරීත්වය මූලික කරගනිමින් යන්න අපට තේරුම්ගත හැකිය. රජය වරෙක පවසා සිටියේද මේ බද්ද නිසා සාමාන්‍ය වැසියන්ට බලපෑමක් නොවන බවත්, ඉන් බලපෑම සිදුවන්නේ මහා පරිමාණ දේපළ වෙළෙඳාම් ව්‍යාපාරිකයන්ට හා ආයෝජනයක් ලෙස සිය මුදල් මේ නිවාස මිලදී ගැනීම සඳහා යොදා ඇති ධනවතුන්ට බවත්ය.
    පසුගිය මාසයේදී කොළඹදී පැවැති මෙරට දේපළ වෙළෙඳාමට සම්බන්ධ ප්‍රදර්ශනයක් අතරවාරයේදී එළිදරව් වූ කරුණු අනුවද මෙරට එක් ප්‍රධාන පෙළේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ඉදිකරන සමාගමක, සෑම ව්‍යාපෘතියකටම අයත් නිවාසයක වටිනාකම දැනට වසර දෙකකට පැවැති මිල ගණන්වලට වඩා තෙගුණයකට ආසන්න වටිනාකමකින් ඉහළ ගොස් ඇත. එහිදී අදාළ සමාගම එය අනාවරණය කළේ ඉතා කෙටි කලක් තුළ මෙරට දේපළ වෙළෙඳාමේ සිදුව ඇති වර්ධනයක් ලෙසිනි. ඉන් හැඟවෙන අනෙක් අර්ථය වන්නේ මෙම නිවාස මිලදී ගත් පිරිසට අද එය විශාල ලාභයක් තබා ගෙන අලෙවි කළ හැකි බවයි. එසේම එය අනාගතයටද හොඳ ආයෝජනයකි.
    මෙම දේපළ වෙළෙඳාම් පිළිබඳ තත්ත්වයද බොහෝ දුරට කොටස් වෙළෙඳ පොළ කොටස් මිලදී ගැනීමක් හා සමාන තත්ත්වයකි. කෙසේ වෙතත් මේ නව බදු පනත මගින් කොටස් වෙළෙඳ පොළ පවතින කොටස් වැඩිමුදලට විකිණීමේ අවස්ථාවලදීද බදු අය කරගැනීමට රජය කටයුතු යොදා නැත. එහෙත් ඉතුරුම් ගිණුම් සඳහා පොලී ආදායම මත 5෴ක බද්දක් මෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සතු රු.ලක්ෂ 15කට වැඩි ස්ථාවර තැන්පතු සඳහා 15%ක බද්දක් හඳුන්වාදී තිබේ. එහිදී එම පුරවැසියන්ගේ ගිණුම්වල මාසික පොලි ආදායම රු.125,000 දක්වා බදුවලින් නිදහස් කිරීමක් සිදුකර ඇතැයි යන්නද මුදල් අමාත්‍යාංශයේ අදහසයි.
    මීට අමතරව දැනට පවතින බදු නිදහස් කිරීම් කිහිපයක්ම ඉවත් කර ඇති අතර, රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප, ජනාධිපති අරමුදලින් ලැබෙන ප්‍රදාන, රුපියල් ලක්ෂ 5 නොඉක්මවන ලොතරැයි තෑගි මුදලක්, රජයේ වාහන බලපත්‍ර යටතේ සේවකයෙකුට ලැබෙන ප්‍රතිලාභ යනාදිය ඊට ඇතුළත් වෙයි. ඒ අනුව අප්‍රේල් 01 වැනිදා සිට මේ සියල්ල නව බදු පනත යටතේ ක්‍රියාත්මක වෙයි.
    මේ සියල්ලම ගෙන බැලූ විට 2018 වසරේ සිට මෙරට බදු අය කරගැනීමේදී පවතින 82%ක වක්‍ර බදු සහ 18% ක ඍජු බදු ප්‍රතිශතය පිළිවෙලින් 60% ත් 40% ත් තත්ත්වයට පත් කරගැනීම රජයේ මූලික අරමුණ වී තිබේ. මේ හරහා දැනට රටෙහි සාමාන්‍ය ජනතාවට වැටී ඇති බදු බර කෙසේ හෝ ලිහිල් කිරීම අපේක්ෂාව බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.
    එය එසේ වනු ඇතැයි යන්නද පොදු ජනතාවගේ අපේක්ෂාවයි. එහෙත් ගැටලුව ඇත්තේ මේ බදු ආදායමින් රජය රැස් කරගන්නා අති විශාල මුදල යළිත් මහජනතාවගේම සුඛවිහරණයට ලැබේවිද? එසේ නැත්නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ඉදිරි පරිපූරක ඇස්තමේන්තුවක් සඳහා වැයවේවිද යන්නයි. ඒ නිසා මෙම බදු ගෙවන ජනතාවට රජයෙන් ලැබෙන ප්‍රතිලාභ හුදු සුරංගනා කතා නොවී, ජනතාවට දැනෙන වෙනසක් සෑම අංශයකම සිදුවන්නේ නම් සහ ඉහළ බද්දක් ගෙවන පුරවැසියෙකුට ඉහළ ප්‍රතිලාභයක් රජයෙන්ද ලැබෙන්නේ නම් ඔවුන් නොපිරිහෙළා මෙම බදු දැලට එක්වනු ඇති බව සක්සුදක් සේ පැහැදිලිය. කෙසේ වෙතත්, මෙම නව දේශීය ආදායම් පනතේ බදු ක්‍රමවේදය යටතේ තමන්ගේ සාක්කුවෙන් ආණ්ඩුව ලබාගන්නා තම ධනයට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව රටේ මහජනතාව මෙන්ම, අපිද විමසිල්ලෙන් බලා සිටින බව පමණක් අවසන් වශයෙන් සඳහන් කර සිටිමු.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මාසිකව පොලිය ලක්ෂ 3ක් එනවා නම් ඕකට අයිති වෙනවා ද බන් ?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113



    ප්‍රාග්ධන බද්ද
    මීට අමතරව තමන් මිලට ගත් නිවසක් ඉඩමක් වැනි වත්කමක් වසර 3 කට අඩු අයිතිය තිබී දෙවන වරට ගත් මුදලට වඩා වැඩි මිලකට විකිණීමේදී එම මිල අතර වෙනසට සියයට 10 ක් රජයේ බදු වලට යටත් කිරීමේ ප්‍රාග්ධණ බද්දක්ද අද 1 සිට ක්‍රියාත්මක වේ.



    ඉඩම් sale කාරයෝ බංකොලොත් වෙනවා :rofl:


    gossiplanka_2018-04-01_11-20-48.jpg
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Godak madyama panthika tharuna ayage masika wetupa den oya lakshe limit eka panala thiyenne. hebeyi a lakshen ada monawada karanna puluwan kiyana ekath ona kenekta therenawa. kenekuta tharka karanna puluwan lakdhekata 4000k kepenawa kiyanne mokakda kiyala. namuth lakshayak padi aragena gedarak kuliya gewann/ housing loan ekak gewanna ho wahanayak ganna installement eka gewwahama masayak jiwath wenna pramanawath mudalak ithuru wenawada kiyana eka salakanna wenawa.