නව මහජන ව්‍යවස්ථාවක් එනවලු
යෝජිත කෙටුම්පත සම්පූර්ණයෙන් පහත දැක්වේ:
පූර්විකාව
-----------------
මෙරට ආර්ථීක, දේශපාලන සහ සමාජයීය සංවර්ධන අරමුණු ඉලක්ක කර ගනිමින් 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගන්නා ලද අතර එමඟින් මෙරට සමාජ ආර්ථීක, පරිවර්තනයන් ඇතුලූ ඉලක්ක ගත අරමුණු බොහෝමයක් සාක්ෂාත් කර ගන්නා ලදී.
එහෙත් පසුගිය වසර කිහිපය තුළ දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ විධායක ජනාධිපති තනතුර විධිමත්ව සහ වගකීමකින් යුතු ව පවත්වා ගෙන යාම වෙනුවෙන් සැකසී තිබූ සංවරණය හා තුලනය සඳහා වූ සියලූ ප්‍රතිපාදනයන් විනාශ කර දමමින් එම තනතුරෙහි ගෞරවනීය භාවය සහ වැදගත් කම මුළුමනින් ම කෙලෙසා දමා ඇත. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ මූල ධර්මයන් පිළිබඳව ද, මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ව ද කිසි දු තැකීමකින් තොර ව විධායක ජනාධිපති බලතල අයුතු ලෙස භාවිත කරමින් සහ දැඩි ඥාති සංග්‍රහය සහ දූෂණය පතුරවමින් ඒකාධිපති බලයක් ගොඩනඟා ගනිමින් ජනාධිපති ධුරයෙහි පැවති ගරු ගාම්භීරත්වය හෑල්ලූ කොට එය මේ වන විට ඉතා පිළිකුල් සහගත තත්ත්වයකට පත් කොට ඇත.
වර්තමාන රජය බලහත්කාරී ලෙස උදුරාගෙන ඇති මහජනතාවගේ පරමාධිපත්‍යය බලය සහ ඔවුන්ගේ ගරු ගාම්භීරත්වය නැවතත් ඔවුන් වෙත ලබා දෙමින් අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇති අතර එමඟින්:
ජාති, ආගම්, භාෂා හෝ දේශපාලන මතයක් යනාදී කිසි දු භේදයකින් තොර ව මෙරට සියලූ ජනතාවට සමඟියෙන් ජීවත්විය හැකි පරිසරයක් ඇතිකරන්නා වූ සාධාරණ සහ යුක්ති සහගත සමාජයක් නිර්මාණය කිරීමට ද,
පසුගිය වසර කිහිපය තුළ සම්පූර්ණයෙන් ම පරිහානියට ලක් කොට කඩා වැටී ඇති ආර්ථීකය නැවත ගොඩනඟමින් සමෘද්ධිමත් ආර්ථීකයක් ගොඩ නැගීමට ද, ජනතාවට ආදායම් මාර්ග උත්පාදනය කර ගැනීම පිණිස සුදුසු ආර්ථීක පසුබිමක් නිර්මාණය කිරීමට ද,
පසුගිය කාල සීමාව තුළ ඉතිහාසයේ නොවූ විරූ ලෙස පරිහානියට පත් වී ඇති අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතිය ක්‍රියාත්මක කිරීම නැවත පුනස්ථාපනය කිරීමට ද,
ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලාංකිකයන් අතීතයේ බුක්ති විඳි අනභිභවනීය වූ උදාරත්වය නැවත ස්ථාපිත කිරීමට ද,
ශ්‍රී ලංකාවේ ජීවත් වන සියලූ ම ජන කොට්ඨාශවලට අයත් මනුෂ්‍යයනට ශ්‍රී ලාංකේය අනන්‍යතාව යටතේ සාමයෙන්, සමඟියෙන් හා සහජීවනයෙන් යුතු ව ජීවත් විය හැකි අලූත් සංස්කෘතියක් නිර්මාණය කිරීමට ද, බලාපොරොත්තු වේ.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණයන්
---------------------------------------------------------------------------------------------------------
ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව සතු වන අතර එය අන්සතු කළ නො හැකි ය. ජනතාවගේ පරමාධිපත්‍ය බලය යන්නට මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුලත් වන අතර සර්ව ජන ඡන්ද බලය ජනතාව ඍජු ලෙස ක්‍රියාත්මක කළ යුතු වන්නේ ය. එකී මූලික අයිතිවාසිකම් යන්නට,
අ) අධ්‍යාපනය සඳහා සර්ව සාධාරණ හා සමාන ඉඩ ප්‍රස්ථාවක් ලබා ගැනීමට ඇති අයිතිය,
ආ) විවිධ භාෂාවන් භාවිත කරන සහ විවිධ ආගම් අදහන්නා වූ ජන කොට්ඨාසයන් විසින් අනුගමනය කරනු ලබන්නා වූ සංස්කෘතීන් වලට අනුකූලව ඒ ඒ භාෂා භාවිතා කිරීමට ද, ඒ ඒ ආගම් ඇදහීමට ද ඒ ඒ ජන කොටස්වලට අයත් ජනතාවට ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කිරීම,
ඇ) රාජ්‍ය පාලනය තුළ යහ පාලනය පවත්වා ගෙන යාමට ඇති අයිතිය තහවුරු කිරීම ඇතුළත් වන්නේ ය.
විධායක කටයුතු සහ බලය පැවරීම යන කාර්යයන් සඳහා පාර්ලිමේන්තුව හා ආණ්ඩුව ජනතාවට වග විය යුතු වේ.
(01).ජනතාවගේ පරමාධිපත්‍ය බලය නැවත ජනතාවට ලබා දීම
-------------------------------------------------------------------
1. ප්‍රජාතාන්ත්‍රික රාමුවක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාම. පාලිතයා පමණක් නො ව පාලකයා ද නීතියට යටත් විය යුතු ය.
2. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමෙන අතර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (අයි.සී.සී.පී.ආර්.) අනුකූල ව අනෙකුත් සියලූ ආගම් වල අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම.
3. සෑම පුද්ගලයෙකුට ම වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ වෙනත් යම් හේතුවක් මත වෙනස්කමකට භාජනය නො කොට මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම.
4. ජනතාවට යටපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාමට සහ සුදුසු රැකියාවක් ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීම, අධ්‍යාපනය සඳහා සර්ව සාධාරණ ඉඩ ප්‍රස්ථාවක් ලබා දීම, පවුල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ළමා සහ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සහ ශාරීරික හා මානසික දුර්වලතාවන්ගෙන් පෙලෙන්නන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙය වීමේ මූලධර්ම සහ මූලික යුතු කම් යන්නට ඇතුළත් විය යුතු අතර එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ව වගකීම රාජ්‍ය විසින් දරනු ලැබීම.
5. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කරනු ලබන අතර තොරතුරු දැන ගැනීමේ අයිතිය ඊට ඇතුළත් කරමින් එම අයිතිවාසිකම ශක්තිමත් කරනු ලැබීම.
(02) ව්‍යවස්ථාදායකය
--------------------------
1. සෑම මැතිවරණ කොට්ඨාශයක් සඳහා ම මන්ත්‍රිවරයෙකු පත් වන පරිදි සහ මැතිවරණ වල දී ඒ ඒ පක්ෂ ලබා ගන්නා අවසාන ප්‍රතිඵලය පිළිබිඹු වන පරිද්දෙන් මිශ්‍ර සමානුපාත ක්‍රමයක් යටතේ පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරු දෙසිය විසි පහක් (225) තෝරා පත් කර ගැනීම. මෙම ක්‍රමය යටතේ ප්‍රකාශිත සෑම ඡන්දයකට ම වටිනාකමක් ලැඛෙනු ඇත.
2. මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීම.
3. පාර්ලිමේන්තුවේ සහ පළාත් සභාවල ධුර කාලය වසර පහකි.
4. පාර්ලිමේන්තු සහ පළාත් සභා ඡන්ද එක ම දිනයක පවත්වන අතර, යම් හෙයකින් රාජ්‍යයේ ප්‍රධානියා මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගන්නේ නම් එම ඡන්දය ද එම දිනයේ දී ම පැවැත්වීම.
5. යම් දේශපාලන පක්ෂයකින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයකු හෝ පළාත් සභා මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරයකු හට එම පකෂ සාමාජිකත්වය අහිමි වුවහොත් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හෝ පළාත් සභා මන්ත්‍රී ධූරය හෝ පළාත් පාලන මන්ත්‍රී ධූරය වහා ම ක්‍රියාත්මක වන පරිදි අහෝසි වේ.
6. දේශපාලන පක්ෂයකින් තේරී පත් වන මන්ත්‍රීවරයකු, පළාත් සභා මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරයකු නියමිත දිනයට පෙර සිය වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශය ලබා දීමට අපොහොසත් වුවහොත් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වේ. ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ද සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ වර්තමානයේ මෙන් විධායකට නොව කථානායකවරයාට බාර දිය යුතු ය.
7. යම්කිසි මන්ත්‍රීවරයකු අපරාධයකට වරදකරු වුවහොත් සිර ගත වීමක් සිදු නො වුව ද ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වේ.
03. විධායකය
----------------
1. ජනාධිපති ධුරය අහෝසි කරනු ලැබේ.
2. ජනාධිපති ධුරය වෙනුවට රාජ්‍ය ප්‍රධානියෙකු පත් කරනු ලැබේ. ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල රජයේ ප්‍රධානියා, අගමැතිවරයා හා කථානායක කමිටුව වෙත ඛෙදා හරිනු ලැබේ.
• විකල්ප 1
--------------
ජනතාවගේ ඡන්දයෙන් තෝරා පත් කර ගත් අගමැතිවරයකු කැබිනට් මණ්ඩලය සමඟ ආණ්ඩුව පවත්වාගෙන යාම. අගමැතිවරයා සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකිව යුතු ය.
• විකල්ප 2
--------------
තුලනය සහ සංවරණය (චෙක් ඇන්ඩ් බැලන්ස්) සහිත ව නිර්දේශපාලනික ප්‍රතිපත්ති මත විධායක බලතල නවතම ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක කිරීම.
• විකල්ප 3
--------------
වෙස්ට්මින්ස්ටර් ක්‍රමයට සමාන ආකාරයේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම.
3. අගමැතිවරයා ඇතුළු ව අමාත්‍ය මණ්ඩලය විසි පහකට(25) නො වැඩි විය යුතු ය.
4. කථානායකවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා, සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ ම දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි කථානායකවරයාගේ කමිටුවක් පත් විය යුතු අතර කථානායකවරයා එහි සභාපතිවරයා වේ.
5. රාජ්‍යයේ ප්‍රධානියා රාජ්‍ය සභාවේ නිර්දේශ පරිදි සහ කථානායකවරයාගේ කමිටුවේ අනුමැතිය ඇති ව ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය සහ උපරිමාධිකරණවල විනිශ්චයකාරවරුන් ද පත් කිරීම. රාජ්‍ය ප්‍රධානියා විසින් කථානායකවරයාගේ කමිටුවේ නිර්දේශ මත රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් පත් කිරීම.