නව වසරේ ඔබයි රතිඤ්ඤයි

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    නව වසරේ ඔබයි රතිඤ්ඤයි

    මේ ලිපිය දසවස්තුක මිත්‍යාදෘෂ්ටික නොවන බෞද්ධයන් සඳහා මයි.

    නව වසර උදාවෙන මොහොතේ රතිඤ්ඤා පත්තු කරන ඔබ මොනම හේතුවක් නිසාවත් සිතන්නෙ නැහැ ඔබ පත්තුකරන රතිඤ්ඤා නිසා බරපතළ සත්ව ඝාතන, සත්ව හිංසාවන් සිදුවෙනවා කියලා.
    මොකද ඔබ දකින්නෙ ඇසෙන් පෙනෙන ලෝකය පමණයි. ……….

    නව වසර උදාවන මොහොතේ ඔබ කෙරෙහි ලක්ෂ සංඛ්‍යාත වෛරක්කාරයන් රැසක් ඇතිකරගන්නවා වෙනුවට, උතුම් මෛත්‍රිය සියල්ලන් කෙරෙහි පතුරා සෙත ශාන්තිය උදා කරගන්න.
    කියවන්න මෙතැනින්.. පින්වත් ඔබට සුබ නව වසරක් වේවා
     
    • Like
    Reactions: prageeth119lk

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ගස්වල, කැදැලිවල ජීවත්වෙන කුරුල්ලන්, කුඩා පැටවුන්, මෝරන බිත්තර මොනතරම් විනාශවෙලා යනවා ඇතිද? ඔය දෙදරුම්කෑමේ හඬට. එම කුරුල්ලන් බියට පත්වී අන් සතුන්ගේ ගොදුරු බවට පත්වෙනවා ඇතිද? මේ සතුන්ගේ සිත් තුළ සකස්වන ද්වේශයද නව වසර උදාවේදී ඔබ ලබන අසුබ තුටු පඬුරක්මයි. ඉහත කොටස් අසහනයට, අපහසුතාවට, මරණයට, මරණීය වේදනාවන්ට, හිංසාවට පත්වීමෙන් සකස්වන්නා වූ අකුසල් කන්ද කරගසාගෙන තමයි නව වසරක් උදාවෙන්නේ.

    මේ අමානුෂික ඛේදවාචකය පිංවත් ඔබට නොපෙනෙන්නේ අවිද්‍යාවේ හඬ බලවත් වීම නිසාය. පිංවත් ඔබට මාර සිතක් ඇතිවෙන්න පුළුවන්, රතිඤ්ඤා පත්තුකළාම සතුන්ව මරාදැමීමේ, හිංසාකිරීමේ චේතනාවක් ඔබ තුළ නැතිය කියලා. ඒ සිතිවිල්ල නිවැරදි වෙන්න පුළුවන්. නමුත් මියයන, තුවාල ලබන, හිංසනයට පත්වෙන, එම සත්වයන්ගේ සිතේ නැගෙන ද්වේශය, වෛරය, ක්‍රෝධය සුබ පිරිත් දේශනාවක් සේ නොව, අසුබ වියරු අඳෝනාවක් සේ වායු ගෝලයට එකතු වනවා නියතය.

    බියෙන්, වෛරී චේතනාවන් සකස් කොටගෙන මියයන අමනුෂ්‍යයන්, තිරිසන් සතුන් වඩාත් නපුරු වියරු අමනුෂ්‍යයන් බවට පත්ව නැවත උපත ලබා, තමන්ගේ පෙර ජීවිතයේ විනාශයට හේතු වූ රතිඤ්ඤා පත්තු කළ මනුෂ්‍යයන්ගෙන් පළිගැනීමේ සිත් සකස්කොට ගැනීමේ ස්වභාවයද පිංවත් ඔබ තේරුම් ගත යුතුය. සමාජය දිනෙන් දිනම වෛරය, ක්‍රෝධය, ද්වේශය වැඩෙන දිශාවටමද මනුෂ්‍යයා වියරු ස්වභාවයටම පත්වීමටද හේතු ඉහත කාරණා තුළද සැගව තිබීමට පුළුවන. මේ සිද්ධීන් දෙස බැලීමේදී ඔබට වැටහෙනවාද අවිද්‍යා සහගත ක්‍රියාවන් ඔබව මොනතරම් විනාශය කරා දුක කරා රැගෙන යනවාද කියලා?

    පන්සලේ ඝන්ඨාරය නාද කරනකොට, හේවිසියක හඬ ඇසෙනකොට, මගුල් ඛෙර හඬ ඇසෙනකොට මොනතරම් සංහිඳීමක්, සංයමයක් එහි තිඛෙනවාද. එම හඬින් ඉහතින් දැක්වූ විනාශයන්, අකුසලයන් සිදු වෙනවාද? කුඩා කිරි දරුවෙක් නම් පීඩා විඳින්න පුළුවන්. පිංවත් ඔබට ශබ්ද පූජාවක් කිරීමට අවශ්‍ය නම් පමණක් මධ්‍යම රාත්‍රියට පන්සලේ ඝන්ඨාරය නාද කරන්න ගමටම ඇසෙන්නට. මගුල් ඛෙරයක් නාද කරන්න. මෙය සමාජයට නුහුරු දෙයක් බව ඇත්ත. එහෙත් ඔබ තුළින් නරකක් වරදක් නම් වෙනත් සත්වයකුට සිද්ධවෙන්නේ නැහැ. දෙවියන් අමනුෂ්‍යයන් පවා මේ හඬට ප්‍රිය වෙනවා.

    තිරිසන් සතුන් පවා මේ හඬ විඳිනවා. හැමෝගෙම ආශිර්වාදයෙන් තමයි වසරක් උදාවෙන්නේ. සශ්‍රීක දිව්‍යතලවල සිටින දෙවියන් පවා ඔබට ආශිර්වාද කරනවා. කාටද මේ ආශිර්වාද කරන්නේ? ශීලයට. පිංවත් ඔබ ශීලයෙන් හික්මුන නිසයි, රතිඤ්ඤා පත්තු කිරීමෙන් සත්ව ඝාතන, සත්ව හිංසා සිදුවෙනවාය කියන යථාර්ථය දැක්කේ. ශිල්පද ආරක්ෂා කරන්න උත්සාහ ගත් නිසයි ඔබ එම වැරදි ක්‍රියාවෙන් වැළකුනේ. ශීලයට වටිනාකමක් දෙමින් තමයි එතකොට ඔබ නව වසර අරඹන්නේ.

    ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසයි ඔබ සත්ව හිංසාවෙන් වැළකුනේ. ශීලයට වටිනාකමක් දෙනවිටම ඔබ තෙරුවන් සරණේ පිහිටලා. රතිඤ්ඤා පත්තු කිරීමෙන් සතුනට මරණය දුක, හිංසනය සිදුවෙනවාය, මම එම සතුනට අභය දානය දෙනවාය කියලා හිතනකොටම ඔබ තුළ කුසල් චේතනාවක් සකස් වෙලා. නව වසර පිංවත් ඔබ අරඹන්නේ සතර අපායෙන් මිදීමේ සාධක සියල්ලම දෝතින් දරාගෙනමයි. පුංචි දෙයකින්, මොන තරම් නම් වෙනසක් සිදුකරන්න පුළුවන්ද.

    මේ පුංචි දෙය වෙනස් කර ගැනීමට නොහැකිවීමෙන්, ඔබ සසර මොනතරම් නම් දුර ගමනකට වැටෙන්න ඉඩ තිඛෙනවාද…?

    මෙම ලිපිය මහ රහතුන් වැඩි මග ඔස්සේ ලිපිපෙළින් උපුටාගත්තකි.


    (මහ රහතුන් වැඩි මග ඔස්සේ සම්පූර්ණ ලිපි පෙළ පහත ලින්ක් එක ඔස්සේ කියවන්න)
    http://bududhahama.blogspot.com/2013/04/blog-post_18.html

    මේ උතුම් දහම් කරැණු හැකිතාක් බෙදාහරින්න.
    සත්ව හිංසාවන් සිදුවන නිසරැ ක්‍රියාවන්ගෙන් ඈත්වන්න.
    එය ඔබේ මෙලොව, පරලොව යහපත පිණිසම හේතු වේවි.
    ඔබට යහපතක්ම වේවා.


    තෙරැවන් සරණයි.
    චානක ලියනගේ