නව වසරේ සිංහල ජනතාවට….

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නව වසරේ සිංහල ජනතාවට….

    නව වසරේ සිංහල ජනතාවට….
    January 1, 2013 at 12:01 am | Lanka C News.

    නම සදහන් නොකල පාඨකයෙක් ලංකා සී නිවුස් වෙත යොමු කරන ලද්දක් මෙහි පලවේ.

    ලිපිය පූර්ණ ලෙස ලංකා සී නිවුස් මතය නියෝජනය නොකරයි.

    සඳහන් සියළු කාරණා සම්බන්ධයෙන් ලංකා සී නිවුස් එකඟ නොවුනද ගත යුත්තක් ඇතැයි සිතන බැවින් අලූත් අවුරුද්දේ කිසිදු සංස්කරණයකින් තොරව පල කරමු.

    —————-

    දැන් මේ උඹලව ආරක්ෂා කර ගන්න ඕන කියලා මහා ඝෝරනාඩුවක් යනවා…ඔව්…උඹලව ආරක්ෂා කර ගන්න ඕන තමයි…උඹලා තමයි මේ රටේ ශිෂ්ඨාචාරය ගොඩ නැඟීමේ දැවැන්තම කාර්ය භාරය ඉෂ්ඨ කලේ…ඒක අනෙක් අය නැහැයි කියන එකක් නෑ…උඹලා හරි වටිනවා තමයි…හැබැයි පොඩ්ඩක් බලපල්ලා…

    දැන් උදේ පාන්දර ඉඳන් රෑට උන්ටම එපා වෙලා බුදියන තුරු උඹලාව ආරක්ෂා කරන්න ඕන කියන එවුන් මොනවද කරන්නෙ..?….අමු තිත්ත කුණු හරුපෙන් සියළු සත්වයාට පලු යන්න බනින එකයි, ආගමික වෛරය තිරිසන් විදිහට පතුරුවන එකයි, ඇරුණාම වෙන මොකක්ද කෙරෙන්නෙ..?….”රකිව්, පෙළ ගැසෙව්” කියන වචන දෙක ගහපු බැනර් ටිකයි, ඊ-පෝස්ටර් ටිකයි ගැලෙව්වොත් උඹලගේ ඔය මහා හෙළය රකින සේනා හැම එකක්ම හම ඇරපු ඉත්තෑවෝ වගේ….හොඳයි එහෙම නෙමෙයිද…?…අන්න අහවල් වැඩේ කියලා වැඩ දහයක් පෙන්නපියව් උන් උඹලා වෙනුවෙන් කරපු…

    දැන ගනියව්..!…උඹලා උදේ ඉඳන් හැන්දෑ වෙන තුරු පලු යන්න බණින දෙමළ, මුස්ලිම් මිනිස්සු තමන්ගෙ දරුවන්ට සළකන විදිහෙ එකමුතු කම….ඉස්සර මුස්ලිම් මිනිහා කියන්නෙ ඉගෙන ගන්න වැඩිය දක්ස නැති, බිස්නස් කරලා, ඒ සල්ලියෙන්ම ගොඩ යන මිනිහෙක් විදිහටයි ප්‍රසිද්ධ වෙලා තිබුණේ….ඒත් අද බලපියව්…!..මේ රට වටේ තියෙන විදෙස් අධ්‍යාපන ආයතන වලින් උපාධි, සහ වෘත්තිය සුදුසු කම් පෝලිමේ අරගෙන, උගත් මුස්ලිම් වෘත්තිකයන් සහ වාණිජකරණය, මූල්‍ය කළමණාකරණය දන්න මුස්ලිම් ව්‍යාපාරිකයන් පෙළපතක් බිහිවෙලා නැද්ද බලාපල්ලා…!..CIMA, ACCA කෝස් දෙකේම භාගෙට භාගයක් වර්ල්ඩ් ප්‍රයිස් ගන්නෙ, හදාරන්නෙ, පාස් වෙන්නෙ මුස්ලිම් කොල්ලො, කෙල්ලො නෙමෙයිද…?…මේ කොළඹ වටේ තියෙන අයි.ටී. සහ වෙනත් ඉන්ජිනියරින් කෝස් කරන උන්ගෙන් බාගෙට බාගයක් දෙමළ කොල්ලො, කෙල්ලො නෙමෙයිද…?…යකුනේ, එංගලන්තෙදි, ඔස්ට්‍රේලියාවෙදි මට අනන්තවත් මුණ ගැහිලා තියෙනවා දුප්පත්ම දුප්පත් උප්පත්ති තියෙන දෙමළ කොල්ලො, කෙල්ලො…උන් එහෙ විශ්ව විද්‍යාල වල නවීන අධ්‍යාපනය ලබනවා…උන් කොහොමත් ගණිතයට, භෞතික විද්‍යාවට දක්ෂ නිසා අන්තිමට හරිම නිර්මාණ ශීලී ඉංජිනේරුවෝ පිරිසක් බිහි වෙනවා…ශ්‍රී ලංකන් ටැමිල් ඉංජිනේරුවන් කිව්වාම හැම රටක්ම සළකන තැනට උන් ගෙනල්ලා තියෙනවා…කොහොමද එහෙම කලේ…?…උන්ගෙන් අහලා බැලුවාම කියන්නෙ ”අපේ අහවල් සංවිධානයෙන් අපිට ඉගෙන ගන්න සල්ලි දෙනවා…”…..ඔන්න උත්තරේ…උන්ගෙ කොල්ලො, කෙල්ලො ඉගෙන ගන්න පිට රටකට ගියාම එහෙ ඉන්න හැම දෙමළම පුලු, පුලුවන් විදිහට උන්ව බලා ගන්නවා…බැරි නම් කන්න වේලක් හරි දෙනවා “මේකෙන් බඩගින්න නිවාගෙන පාඩම් කරපියව්!” කියලා…මුකුත්ම නැත්තන් මුට්ට කර ගහන රස්සාවක් හරි හොයලා දෙනවා, “හම්බ කරගෙන ඉගෙන ගනිල්ලා” කියලා…කොළඹ අර කලින් කියපු කෝස් සල්ලි දීලා කරන මුස්ලිම් කොල්ලො, කෙල්ලො ඉන්නවා ඒ අයගේ සංවිධාන වලින් අධ්‍යාපන ගාස්තු ගෙවන…..බලපියව් කොච්චර ලස්සනද කියලා…!

    උඹලට ඉන්නවද එහෙම..?…ඔය උඹලට “දුසිම් ගණන් පැටවු ගහපියව්” කියන සංවිධාන හැට හුටහමාරෙන් උසස් අධ්‍යාපනයට දරුවො දහ දෙනෙක්ට අධ්‍යාපන වියදම් ගෙව්වා නම් පෙන්නපියව්…!…මුස්ලිම්, දෙමළ සංවිධාන ඒ දරුවන්ට මේ තියෙන බටහිර විද්‍යාවයි, අනෙකුත් ශිල්පයි හරි හරියට පර තෙරටම උගන්නන්න වෙහෙස වෙනවා….තොපිට ඉන්නෙ, තමුන්ගේ ජීවිත සැපවත් කරගෙන අහක වෙලා, “බටහිර විද්‍යාව වාස්තවිකද? නැද්ද?” වගේ රෙද්දවල දොඩෝ, දොඩෝ, උඹලගේ දරුවන්ගෙ ඔලු ගෙඩි කන්න ඉපදිච්ච කුහකයො රැළක් නෙමෙයිද…?…වෙන ඉන්නවද කවුරුවත් කොල්ලෙක්, කෙල්ලෙක් රුසියාවට යවලා දොස්තර උපාධියක් කරවලා ලංකාවට ගෙන්න ගන්න සල්ලි දෙන්න ඉදිරිපත් වෙන සෙට් එකක් උඹලට…?….සල්ලි නැති කම නිසා සිංහල කොල්ලො, කෙල්ලො සැළකිය යුතු ප්‍රමාණයක් අවුරුද්දකට මේ නිකං උගන්වන ආණ්ඩුවේ විශ්ව විද්‍යාලයකට තේරිලත් නෑවිත් ඉන්න වග උඹලා දන්නවද..?….මේවා හොයලා, බලලා උඹලගේ කොලු, කෙල්ලන්ට උපාධියක් ගන්න, කෝස් එකක් කර ගන්න වියදම් කරන්න අරමුදලක් හදා ගන්න, ඔය බෙරිහන් දෙන්න හැත්ත ඉදිරිපත් වෙලා තියෙනවද…?

    අනෙක් කාරණාව මුදල් කළමණාකරණය..!….මුස්ලිම් මිනිහෙක් තමන්ට “සල්ලි නැතිව තියෙද්දි” ණය වෙලා “අත්‍යාවශ්‍ය නොවන” දේකට මුදලක් වියදම් කරනවා උඹලා දැකලා තියෙනවද…?….දෙමළ මිනිහෙක් කවදාවත් අවශ්‍ය දේට උනත්, අනවශ්‍ය වියදමක් කරනවා දැකලා තියෙනවද…?….ඒ මිනිස්සු පොහොසත් වෙද්දි, තොපි ලෝකෙ වටෙන්ම හිඟා කන්නෙ මොකද…?….මේ ලෝකෙම තියෙන සේරම ඕන දේයි, එපා දේයි, හැම බඩ කඩිත්තුවම ණය වෙලා, උගස් වෙලා හරි සල්ලි දීලා ගන්නේ උඹලා නෙමෙයිද…?….යකුනේ…අහපල්ලා…!…සමාජවාදය එපා කියමු…!…ධනවාදය වත් හරියට කරනවද…?….ධනවාදය කියන කිරි එළදෙනගේ, කිරි බුරුල්ල පැත්ත මේ ලෝකයේ වෙන ජාතින්ට හරවලා, සිංහල තොපිලා හරවගෙන ඉන්නෙ හොම්බයි, කටයි තියෙන පැත්ත නෙමෙයිද…?… උඹල ණය වෙලා, උගස් වෙලා, හිඟා කනවා මිසක් මේ කරන දේවල සාරවත් ප්‍රතිලාභයක් ලැබෙන එක දෙයක් තියෙනවද…?..නැහැ… උඹලා අනුන්ගෙන් කකා උන් පොහොසත් කරද්දි, මේ මව්බිම එන්න, එන්නම එතෙර රටවල් වලට ණය වෙනවා….ඒත් උඹලා උදේ ඉඳන් හැන්දෑ වෙන කල් පලු යන්න බනින, අනිත් ජන වර්ග වල එවුන් සත පහක් හොල්ලන්නෙ දහ පාරක් හිතලා බලලා….එහෙම නෙමෙයිද..?…මේ රටේ කෙරෙන තරමක් බහු දුරාචාර වලට වැඩියෙන්ම අහුවෙලා ඉන්නෙ උඹලගෙ ළමයි නෙමෙයිද…?…නිස්සාර විගඩම් වලට සල්ලි නාස්ති කරන්නෙ වැඩිපුරම උඹල නෙමෙයිද…?….කවුද ඒවයින් පෝසත් වෙන්නෙ..?….අල්පේච්ඡ ව ඉඳගෙන හරි, ආදායම කළමණාකරණය කරගෙන, දැනුම සොයා යන එක දෙමළාගෙන් වත් ඉගෙන ගනියව්…!…

    උඹලා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියලා බෙරිහන් දෙනවා…!…උන් සල්ලිකාරයෝ වෙලා තියෙන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බැලුවද…? …උන් එක්ක තරඟ කරන්න තරම් තරඟකාරිත්වයක් උඹලගේ බිස්නස් කාරයන්ට නැද්ද…?…උඹලට ඔලු ගෙඩි ඇතුලේ නිර්මාණ ශීලී මොළ ගෙඩි නැද්ද…?…උඹලගේ බිස්නස් උන් අල්ලනවා නම්, උඹලගේ වැරැද්ද කොතනද කියලා නෙමෙයිද බලන්න ඕන…?…ඇයි උඹලටත් උන් වගේ කාගෙන තරඟ කරන්න බැරි..?…අමාරුවෙන් හරි ඉතිරි පහදු කරගෙන උඹලගේ බිස්නස් නග්ග ගන්න පුළුවන්…ඒක කරන්නෙ නැතුව වෛරයෙන් බෙරිහන් දුන්නා කියලා උන් වැටෙනවද? තොපිට සෙතක් වෙනවද?…

    දැන් හැම සොකඩයෙක්ටම ජාතියක් හැටියට උඹලව බය කරන්න, නටවන්න පුලුවන්…හැම ආතක්, පාතක් නැති හාල් පාරුවෙක්ටම උඹලව උන්ගේ ඇජෙන්ඩාවට මෙහෙයවන්න, උසි ගන්නන්න උනත් පුලුවන්….ඇයි එහෙම වෙලා තියෙන්නෙ..?…විචාර බුද්ධිය අඩුම උඹලගෙ නෙමෙයිද…?…මුස්ලිම් රටක බෝම්බයක් පිපිරුණු ගමන්, උඹලා අහනවා උන්ගෙන් “කෝ තොපේ දෙයියො?” කියලා…කෝ එතකොට උඹලගේ දෙයියලා..?….අවුරුදු තිහක් තොපිට වෙන්න තියෙන හැම දේම වෙද්දි කොහෙද මේ උඹලා රුපියල් කෝටි ගණන් වියදම් කරන දේව හැත්ත හිටියෙ…?..දිනපතා රූපවාහිනි නාලිකාවල අමු මිථ්‍යා කෙප්ප සහ සෙප්පඩ විජ්ජා රස කර, කර සිංහලෙන් උඹලට දෙනවා…මේ සෙසු ජාතීන් ඒවා බලනවද..?…නෑ…උන් දන්න ආගමක් අදහගෙන කාගෙන ඉදිරියට යනවා මිසක්, උඹලා වගේ කපු හොර හැත්තට, නැකැත් කේන්දර තක්කඩි බූරුවන්ට වැඳ, වැඳා යනවද…?… උඹලා මොන තරම් බයද..?… සුලුම දේටත් තිගැස්සෙන, මේ ලෝකයේ, මේ පරිසරයේ හිතේ කිසිම නිදහසක් නැතිව, බයෙන් වෙව්ල, වෙව්ල ඉන්න අසරණ, අනාථයො රැලක් වෙලා නේද…?…ඕන ආතක් පාතක් නැති ගොබ්බ හරකෙකුට පුලුවන් දැන් උඹලව බය කරලා, කුලප්පු කරලා, උන්ට ඕන දෙයක් කරව ගන්න….උන්ට ඕන රැල්ලක් හදා ගන්න…එහෙම නෙමෙයිද…?

    දුක් විඳින දුප්පත් ලෙබ්බෙලා, දුප්පත් කුරුක්කල්ලා, ගැන උඹලා අහලා නෑ….ඒත් දුක් විඳින දුප්පත් හාමුදුරුවරු ඉන්නවද?..නැද්ද..?… උඹලට තියෙන සංවිධාන වලින් ඒවට මොනවද කෙරිලා තියෙන්නෙ…?….බොරුවට කෑ ගහන්න මිස, දුෂ්කර පළාතක පන්සලකට දානෙ වේලක් දෙන්න ඒ අය ඉදිරිපත් වෙලා තියෙනවද…?…උඹලාව පෝරකේට දක්කන්න විතරයි උන් ඉන්නෙ… උඹලට තියෙන දේත් විනාස කරන්න විතරයි, උඹලගෙ සංවිධාන ඉන්නෙ…නැතුව පන්සලකට යන පාරක්, ලයිට් වැලක් හදලා දුන්නා නම් උදාහරණ දහයක් පෙන්නපියව්…!

    මේ අවුරුද්දෙ වත්, ගොන් කම් නොකර, ඔය ධනවාදය කියන එළදෙනගෙ ඔලුව පැත්ත නැතුව, කිරි බුරුල්ල පැත්ත තොපිලට හරව ගන්න උත්සාහ කරපියව්…!…ඒකට දැනුම බෙදා හදා ගනිල්ලා…!… මුස්ලිම් මුදලාලි, දෙමළ මුදලාලි, වගේ කම්මැලි නැතුව පාන්දර එළිය වැටෙන්නත් කළින් නැගිටලා බිස්නස් කරපියව් කාගෙන…!…සල්ලි ඉතිරි කරපියව්, අඳින ඇඳුමට අණ්ඩ දාගෙන, සෙරෙප්පු කබල් මිට ගහගෙන හරි…!….ඔය සංවිධාන වලින් තොපිලගේ දරුවො දහ දෙනෙක්ට හරි උසස් අධ්‍යාපනේට වියදම් කරන්න හදාපියව් අරමුදල්…!….දකින, දකින සෙලෝ ලයිට් පස්සෙ නොදුවන, දැනුම් පිපාසාවෙන් පෙළෙන දරුවො ටිකක් හදපියව්…!….එක, එක මෝඩ මූසලයන්ගෙ කැඳවුම් වලට ගිහිල්ලා, උන් දාන පල්ලම් වලින් වැටෙන්නෙ නැතුව, විචාර බුද්ධියෙන් හිතලා, සහයෝගෙන් වැඩ කරපියව්…!….උඹලගෙම එවුන් ආරක්ෂා කර ගන්න පිට රටවලදිත් උත්සාහ ගනියව්..!…එතකොට බෙරිහන් දෙන්න , වෛර කරන්න, කෑ ගහන්න, කුණු හරුප කියන්න, සිවිල් යුද්ද හදා ගන්න ඕන නෑ….නිකම්ම සිංහල ජාතිය ශක්තිමත්ව ආරක්සා වෙයි…!….

    සුබ අලුත් අවුරුද්දක්…

    link
    http://lankacnews.com/sinhala/main-news/88054/