රටේ ඒකීයභාවයට අත තියන්න එපා
රටේ ඒකීයභාවයට අත තියන්න එපා
රටේ පවතින
ඒකීයභාවයට අත නොතියන ලෙස පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් ආණ්ඩුවට අවධාරණය කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන අතුරු වාර්තාව පිළිබඳ මහා සංඝරත්නයේ මතය පිළිබඳ මේ වන විට කොළඹ බෞද්ධ මහ සම්මේලනයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින් උන්වහන්සේ මේ බව පැවසීය.
රටේ පවතින ඒකීයභාවයට වෙන වෙන අර්ථ කථන ලබා නොදෙන ලෙස ද උන්වහන්සේ මෙහිදී ඉල්ලා සිටි අතර,
පසුගිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ පාලන කාලයේ ද ව්‍යවස්ථා යෝජනා මාලාවක් මෙලෙසම මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් ගෙන එන ලැබූ බවත්, එම යෝජනාවලියම අද දිනයේ දී වෙනත් අයුරකින් ඉදිරිපත් කර ඇති බවත් උන් වහන්සේ වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්
අවසානයේ දී නොදැනුවත්වම රට ෆෙඩරල් රාමුවකට ගමන් කරන බව ද විමලරතන හිමියන් කියා සිටියේය.
මෙම අදහස් දැක්වීම
රජයට විරුද්ධව හෝ කාගේ හෝ බලපෑමක් මත සිදු කරනු ලබන දෙයක් නොවන බව ද බෙල්ලන්විල විමලරතන හිමියන් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
එමෙන්ම මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් විමලරතන හිමියන් පවසා සිටියේ, අස්ගිරි හා මල්වතු මහානායක හිමියන් විසින් ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඍජු ප්‍රකාශයක් ලබා නොදුන්න ද උන්වහන්සේලාගේ අනුදැනුම මත සංඝ කාරක සභාව රැස්වෙන බවයි. එනිසා ලංකාවට වැඩම කළ වහාම උන්වහන්සේ දෙනම මේ සම්බන්ධයෙන් අදහස් පළ කරනු ඇති බව ද විමලරතන හිමියන් වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් මෙම මාධ්‍ය හමුවට එක් වු පූජ්‍ය ත්‍රීකුණාමලයේ ආනන්ද මහ නායක හිමියන් පවසා සිටියේ, ව්‍යවස්ථාව සංශෝධනය විය යුත්තේ මැතිවරණ ක්‍රමය පමණක් බවත්, එසේ නොවන්නේ නම් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවයක් නොමැති බවත්ය.
http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=79067