2 කොටස
[FONT="]“ඒ වුනාට කොලුවෝ! තමුන් හෝම්ස් කොල්ලාගේ පළවෙනි ම ගැටලුව විසඳනකොට හිටියේ නෑ නේ?”[/FONT]
[FONT="]“මම හිතන්නේ ඔබ ඔය කියන්නේ ග්ලෝරියා ස්කොට් පරීක්ෂණය පිලිබඳ ව වෙන්නට ඕනෑ.” මම පැවැසුවෙමි.[/FONT]
[FONT="]“ග්ලෝරියා මොකා? එහෙම ගෑනියෙක් ගැන මම ජීවිතේට අහලා නැහැ.” ඔහු වයින් උගුරක් තොලගා මෙසේ පැවැසී ය. [/FONT]
[FONT="]“මම මේ කියන්නේ අර සිතුවමේ මංකොල්ලය ගැන!” [/FONT]
[FONT="]මෙම සඳහනත් සමඟ මෙතෙක් වෙලා සතුටු සාමිචියේ යෙදී සිටි උපකුලපතිවරයා ඇතුලු සියලු ආචාර්ය මහාචාර්යවරුන් අතර ඇති වූ නොසන්සුන්කාරී පෙනුම නිසා නොවේ නම් මම බීරි මහාචාර්යවරයාට ග්ලෝරියා ස්කොට් යනු කාන්තාවක් නොව නැවක් බව කියන්නට ඉඩ තිබිණ.[/FONT]
[FONT="]“නෑ නෑ. අපේ උගත් දොස්තර මහතාට ඒ අනර්ථකාරී සිදුවීම පිලිබඳ අහන්න්නට උවමනාවක් නැතුව ඇති.” උපකුලපතිවරයා වචන කිහිපයක් ඉතා අපහසුවෙන් ගැට ගසා ගත්තේ ය.[/FONT]
[FONT="]
මේ වනවිට මගේ කුතුහලයේ රතු කට්ට පැන තිබිණ. මම ඔහු වලකාලන්නට ඉස්සර වුනෙමි.[/FONT]
[FONT="]“ඇත්තෙන්ම නැහැ උපකුලපති තුමා! මම ඒ කතාව අහන්න ගොඩක් කැමතියි. මගේ මියගිය මිත්‍රයා පිලිබඳ ව ඕනෑ ම ආකාරයේ විස්තරයක් අහන්න මම කැමතියි. ඇත්ත ම කියනවා නම් මම තමයි ඔහුගේ පරීක්ෂණ සියල්ල ම වාර්තා කරලා සූචිගත කළේ. මගේ මිත්‍රයාගේ පළමු පරීක්ෂණය වාර්තා කිරීමට ලැබෙනවා නම් ඒක මට මහත් භාග්‍යයක්.”[/FONT]
[FONT="]“ඒක එච්චර වැදගත් සිදුවීමක් නෙවෙයි වොට්සන් මහත්මයා. මම හිතන්නේ ඔබට ඒක අවශ්‍ය දෙයක් නෙවෙයි. ඒක අමතක කරලා දාන්න. ඒ සිද්ධිය සිත් රිදවන සිදුවීමක් නිසා මම හිතන්නේ ඒක දැනගත්ත කියලා කාටවත් යහපතක් වෙන්නේ නෑ. අනිත් කාරණය හෝම්ස් මෙහෙ ඉගෙනගත්තේ බොහො ම කෙටි කාලයක් විතරයි...”[/FONT]
[FONT="]“මොනවා! හෝම්ස් ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉගෙනගත්තා? මේ මෙහෙ ග්‍රෙන්විල් පීඨයේ?”[/FONT]
[FONT="]“ඔව් මම හිතන්නේ [/FONT][FONT="]1872 [/FONT][FONT="]වෙන්නට ඕනෑ... එහෙමත් නැත්තම් [/FONT][FONT="]1873[/FONT][FONT="] දී ද? කොහොම හරි මගේ හිතේ ඒ කාලයේ ම තමයි අර ස්ටර්න්ෆෝර්ත් සාමිවරයා ග්‍රෙන්විල් වලට ඇතුලත් වුනෙත්. මේ දවස් වල නම් ඔහු පාර්ලිමේන්තුවේ ඉතා ම ප්‍රසිද්ධියක් ලබාගත් චරිතයක් වෙලා. ඔබට ඔහු හමුවුණේ නැද්ද ග්රෙන්සන්?” උපකුලපතිතුමා දක්ෂ ලෙස මාතෘකාව වෙනස් කළේ ය.[/FONT]
[FONT="]ඉන් පසු කිහිප වරක් ම සිතුවමේ මංකොල්ලය පිලිබඳ කරුණු දැනගැනීමට මම උත්සාහ කළ ද, සියල්ලෝම එම ප්‍රශ්න මඟහැර ගියෝ ය.[/FONT]
[FONT="]මම මගේ මිතුරාගේ නොදත් වික්‍රමයක් පිලිබඳ දැනගැනීම හේතුවෙන් අතිශය කුතුහලයට පත් ව සිටියද මේ පිලිබඳ නැවතත් මට යමක් අසාගත හැකි වූයේ පසුදින හවස් යාමයේ ය.[/FONT]
[FONT="] මේරිත්, මමත්, හන්ග්ෆෝඩ් යුවලත් ක්රයිසට්චර්ච් මිටියාවතේ එදින හවස් යාමයේ ඇවිදින්නට ගියෙමු. මම මඳක් පය ඉක්මන් කර, ඉදිරියෙන් ගිය ඒඩ්‍රියන් වෙතට ලං වුනෙමි.[/FONT]
[FONT="]“ඒඩ්‍රියන්, ඊයේ අර බ්ලෙසින්ග්හැම් මහාචාර්යතුමා කියපු සිතුවමේ මංකොල්ලය මොකක් ද? මට නම් හිතුනේ ඒක කියපු වෙලේ ඔබේ වෘත්තීය සගයන් කිහිප දෙනෙකු ම අතිශයින් නොසන්සුන් වුණු බවයි.” මම ඔහු පසෙකින් ඇවිදින ගමන් ම ඇසීමි.[/FONT]
[FONT="]“තවමත් සමහර වයසක උන්දලා කිහිප දෙනෙක් මේ සිතුවමේ මංකොල්ලය කියන නම ඇහුනත් කලබල වෙනවා. ඇත්ත ම කිව්වොත් මේ සිද්ධිය වෙලා දැනට බොහෝ ම කාලයක් ගත වෙලා තියෙන්නේ. එහෙම වෙලත් මොවුන්ට එය ප්රශ්නකාරී සිදුවීමක් වීම මට පුදුමයක්!” පසෙකින් ගලා ගිය නදියේ චමත්කාරයෙන් වශීකෘත ව ඉදිරියට ඇදුණු ඒඩ්‍රියන් මට පැවසුවේ ය.[/FONT]
[FONT="]“එත් මොන හත්තිලව්වක් ද මේ සිතුවමේ මංකොල්ලය කියන්නේ?” මම ඉතා නොඉවසිල්ලෙන් කෑගැසීමි. “නාකි බ්ලෙසින්ග්හැම් කිව්වේ ඒක හෝම්ස් ගේ පළවෙනි පරීක්ෂණය කියලයි. ඒත් මම මෙච්චර කාලෙකට මේ සිද්ධිය ගැන අහලවත් නැහැ! ඒ තියා මම හෝම්ස්ට ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධියක් තිබෙන බව වත් දැනගෙන සිටියේ නැහැ.”[/FONT]
[FONT="]හන්ග්ෆෝඩ් මගේ නොඉවසිල්ල දැක සිනාසුනේ ය. “මම හිතන්නේ හෝම්ස් කියන්නේ අති දක්ෂ පුද්ගලයෙක් විතරක් නෙවෙයි, බොහොම යුක්තිගරුක, පොරොන්දු ඉටු කරන පුද්ගලයෙක්. ඔක්ස්ෆර්ඩ්හි කුලපතිතුමා සහ නිව් කොලේජ් පිඨයේ උපකුලපතිතුමා මේ සිද්ධිය හෙළි නොකරන්න ඔහු පොරොන්දු කරවා ගත්තා. හෝම්ස් මිය යන තුරු ම තමන්ගේ පොරොන්දුව අකුරට ම ඉෂ්ට කරපු පුද්ගලයෙක්.”[/FONT]
[FONT="]“ඒත් දැන් මේ සිද්ධිය වෙලා කොච්චර කාලයක් ගතවෙලා ද? තවදුරටත් මේක හංගාගෙන හිඳීමේ පලක් නැහැ නේ ද?” මම ඒඩ්‍රියන්ගේ කතාවට පෝර දැම්මෙමි.[/FONT]
[FONT="]“ඒකත් එක එක අතකින් හරි. මේක මේ තේ බොන වෙලාවට කාලය කන්න බුද්ධිමතුන් තලු මරන තවත් එක් කතාවක් පමණයි. එත් අපි වගේ අධ්‍යාපනයට කැපවුණු, කුඩා ලෝක වල ජීවත් වෙන මිනිස්සුන්ට පඩේත් වෙඩිල්ලක්![/FONT]
[FONT="]“මේ, හන්ග්ෆෝඩ් අයියේ, මේ කතාව මට කිව්වා කියලා මෙව්වා මම තැන් තැන් වල කියන්න යන්නේ නෑ. දොස්තර වරුන්ට රහස් ආරක්ෂා කරගැනීම පිලිබඳ අතිශයින් ම විශේෂ දක්ෂතාවක් තිබෙන බව අහලා නැද්ද?”[/FONT]
[FONT="]මේ වදනත් සමඟ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මෙතෙක් කල් සැඟවී තිබුණු රහසක් මා දෙසවනට වැකිණ. මෙහි දී හොම්ස්ගෙන් පසුව දැන අසා ගත් කරුණු ද, මා බැඳුනු පොරොන්දු ප්‍රකාර ව වෙනස් කරන ලද නම් ගම් ද ඇතුලත් ව මෙම කතාව ඔබ වෙතට ගෙන ඒමට මට දැන් හැකියාව ලැබී ඇත. මෙයට සම්බන්ධ වූ අයගෙන් බොහොමයක් වර්තමානය වන විට ජීවතුන් අතර නැති වීම මෙය ඔබ වෙත ගෙන ඒමට මට හැකියාව ලැබිණ.[/FONT]