නව ෂර්ලොක් හෝම්ස් කතා - පසන් ඉරෝෂණ බණ්ඩාර

Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    [FONT=&quot]
    [/FONT]



    [FONT=&quot]ෂර්ලොක් හෝම්ස්[/FONT]

    [FONT=&quot]සහ[/FONT]

    [FONT=&quot]සිතුවමේ මංකොල්ලය[/FONT]

    sherlock-holmes.jpg
    [FONT=&quot]රයිෂන්බාක් දිය ඇල්ලේ ඛේදවාචකයෙන් මා හට සිටි හොඳ ම මිතුරා වූ ෂර්ලොක් හෝම්ස් අහිමි වීම මට මහත් ශෝකයක් ඇති කළ කාරණයක් බව නොකිව මනා ය. ඔහුගේ වියෝව මට පමණක් නොව මුළු මහත් බ්‍රිතාන්‍ය මාතාවට ද අත් විඳින්නට සිදු වූ අති මහත් වියෝගයකි. මෙම ශෝකය මඳකට හෝ තුනී වූයේ නම් ඒ මගේ ආදරණීය බිරිඳ වූ මේරිගේ ප්‍රේමනීය වදන් වලින් පමණි. නමුත් හෝම්ස් නොසිටින්නට මට කෙදිනක වත් මගේ මේරි හමු නොවන්නට ඉඩ තිබූ බව සිහිවන විට මගේ හද පතුලේ කීරි ගැසෙමින් නිදන්ගත ව ඇති ශෝකය බුරබුරා නැඟෙයි.[FONT=&quot][1][/FONT]

    කෙසේ නමුත් දිනෙන් දින ම කාර්ය බහුල වී මා අවිවේකී තතත්වයට පත් කරන මගේ වෛද්‍ය වෘත්තීය නිසා හෝම්ස් ගැන සිතමින් ශෝක වන්නට අවස්ථාවක් නොමැති විය. නමුත් අවිවේකී ජීවන රටාවෙන් මිදී බෙවර්ලි සුරුට්ටුවක රස විඳිමින් විසිත්ත කාමරයේ වූ අඳි පුටුවට බර වූ විට මට හෝම්ස් සමඟ මා යෙදුනු වික්‍රමාන්විත පරීක්ෂණ වල මතකයන් සල සිතුවමක් මෙන් පියාගත් මා දෙනෙත් ඉදිරියේ ඇඳී යන්නට වූයේ නිතැතිනි. සිව් රහස් සලකුණ, බැස්කර්විල් රුදුරු බල්ලා වැනි පරීක්ෂණ මගේ සිතට ඇතුලු විය. බැස්කර්විල් රුදුරු බල්ලාගේ පරීක්ෂණයේ දී අප විසින් අත් දකිනු ලැබූ බිහිසුණු අත්දැකීම් මගේ ඇඟ කිළිපොලා යැවීමට සමත් විය. නමුත් බැස්කර්විල් ශාපය නැවතත් හිස ඔසවන බව මා දැන සිටියේ නැත. එසේ දැන සිටියා නම්... එම සිදුවීම මගේ අතිශය රහසිගත ලිපිගොනුවට දැමීමට මට හෝම්ස්ගේ උපදෙස් මත සිදු විය. මට බැස්කර්විල් රුදුරු බල්ලාගේ දෙවැනි ආගමනය හෙවත් සුමාත්‍රාවේ යෝධ මීයාගේ පරීක්ෂණය තවත් වසර ගණනාවක් යන තුරු ඔබ වෙතට ගෙන ආ නොහේ.[/FONT]


    [FONT=&quot]නමුත් කාලය යනු පුදුමාකාර දෙයකි. එදින ඇඳි පුටුවේ සිට මම වැළපුන ද ඉන් වසර තුනකට පසු මළවුන් අතරින් ෂර්ලොක් හෝම්ස් නැගී සිටියේ ය.[FONT=&quot][2][/FONT] මෙම සටහන ලියන මොහොත වන විට ද, වරින් වර ඇති වන රුමටික සන්ධි ප්‍රදාහයක් හැරුණු කොට මා මිත්‍ර ෂර්ලොක් හෝම්ස් ඉතා සුවයෙන් යුතු ව සසෙක්ස් මිටියාවතේ කුඩා මන්දිරයක මගේ මිත්‍රයා මී මැස්සන් ඇති කරමින් ජීවත් වෙයි.

    [/FONT]
    [FONT=&quot]1983 වසන්ත ඍතුවේ දී මටත් මගේ බිරිඳටත් ඔක්ස්ෆර්ඩ්හි වෙසෙන හන්ග්ෆෝඩ් පවුල සමඟ දින කිහිපයක් ගත කිරීමට පැමිණෙන මෙන් ඇරයුම් ලැබිණ.

    [/FONT]
    [FONT=&quot]ඒඩ්‍රියන් හන්ග්ෆෝඩ් මහතා ඔක්ස්ෆර්ඩ් සරසවියේ ග්‍රෙන්විල් පීඨයේ කථිකාචාර්යවරයකු වූ අතර ඔහුගේ බිරිඳ වන ඔගස්ටා, මගේ බිරිඳගේ දුර ඥාතියකු වූවා ය.

    [/FONT]
    [FONT=&quot]මගේ අවිවේකී ජීවන රටාවෙන් ද, හෝම්ස් පිලිබඳ වරින් වර ඇතිවන අඳුරු මතකයන්ගෙන් ද මඳකට හෝ දුරස් වීම උදෙසා මෙම හමුවීම උපකාරී වේ යැයි මම උදක් ම බලාපොරොත්තු වීමි.

    [/FONT]
    [FONT=&quot]මා සිතූ ලෙසට ම හන්ග්ෆෝඩ් වරු ඉතා සුහදශීලී, මැදිවියේ හුන් දෙපලක් විය. ඔවුන් දෙදෙනා අපට ආගන්තුක සත්කාර කළේ හද පත්ලෙන් ම නැඟ ඈ සන්තුෂ්ටියෙන් බව මට ඉතා ඉක්මනින් ම අවබෝධ විය.

    [/FONT]
    [FONT=&quot]අප එහි නැවැතී සිටි දෙවැනි දිනයේ සවස් යාමයේ දී ඒඩ්‍රියන් මා ග්‍රෙන්විල් පීඨයට දිවා භෝජන සංග්‍රහයක් වෙනුවෙන් රැගෙන ගියේ ය. මා, ඉතා පෞරාණික වූ ද, ප්‍රෞඪ වූ ද පෙනුමකින් යුත් ග්‍රෙන්විල් පීඨයේ භෝජන ශාලාවේ සූදානම් කර තිබූ භෝජන සංග්‍රහයට සහභාගී වූයේ ‘මට ද ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට යන්නට තිබුණා නම්...’ යන සිතුවිල්ල සිත් කොනක රඳවාගෙන ය.

    [/FONT]
    [FONT=&quot]භෝජන සංග්‍රහය අතරතුර ඊට සහභාගී වූ මහාචාර්ය වරුන්ගේ, කථිකාචාර්යවරුන්ගේ සහ උපකුලපතිවරයාගේ තේරුම් ගැනීමට මට ඉතා අපහසු වූයේ ඔවුන්ගේ විවිධ මාතෘකා බොහෝ විට ශාස්ත්‍රීය මට්ටමේ ඕපාදූප වූ බැවිනි. මට ද ඉන් ප්‍රශ්නයක් දෙකක් එල්ල වූ විට මා කළේ, හෝම්ස් සමඟ වසර ගණනාවක් මිත්‍රව සිටීමෙන් මා ලබාගත් පරිචය ඥානය උපයෝගී කරගෙන ආඳකු මෙන් ලිස්සා යාම ය.

    [/FONT]
    [FONT=&quot]භෝජන සංග්‍රහයෙන් අනතුරු ව අප සියලු දෙනා ජ්‍යෙෂ්ඨ ගුරු නිවාසය වෙත ගිය අතර එහි දී මගේ සැනසුමට හේතු වන පරිදි, බුද්ධිමතුගේ ඕපාදූප වල බරසාර ගතිය මඳක් අඩු වී ගියේ ය. එබැවින් මට ද ඒ කතා හා එක් වීමට හැකියාවක් ලැබුණි. සමහර විට ඔවුන්ගේ පිරුණු උදරයන් ඔවුන්ගේ ඥාන ශක්තිය අවපාත කිරීම සඳහා බලපානවා විය හැකි ය.[/FONT]
    [FONT=&quot]“වොට්සන් වෛද්‍යතුමා, මම හිතන්නේ ඔබ අර රහස් පරීක්ෂකයා සමඟ... කවු ද මේ... හාන්ස් ද? වින්ක්ස් ද?...” භෝජන සංග්‍රහයේ දී තමා ව බ්ලෙසින්හැම් ලෙස හඳුන්වා දුන් කුඩා මහාචාර්යවරයා කඨෝර ස්වරයකින් පවසන්නට විය. වෙනත් අවස්ථාවක දුටුවා නම්, ඔහු ඇඳ සිටි, තම ශරීර ප්‍රමාණයට වඩා දෙගුණයක් විශාල කබාය දුටුවා නම් මා සිනාසී මැරෙන්නට ඉඩ තිබිණි.

    [/FONT]
    [FONT=&quot]“හෝම්ස්! ෂර්ලොක් හෝම්ස්!’ මා පිළිතුරු දෙන්නටත් පෙර ම, මා මිත්‍ර ඒඩ්‍රියන් කුඩා මහාචාර්යවරයා ව නිවැරදි කළේ ය.

    [/FONT]
    [FONT=&quot]“වොට්සන් ඔහුගේ රහස් පරීක්‍ෂණ කිහිපයකට ම උපකාර කරලා තියෙනවා. එහෙම නේ ද වොට්සන්?” එසේ ඇසූ ඔහු මවෙතට හැරී යොමු කළේ සමාව අයදින ආකාරයේ බැල්මකි.
    :baffled::baffled::baffled::baffled::baffled:
    [/FONT]
    [FONT=&quot]“අපේ ජීවිත ගෙවෙන්නේ අධ්‍යාපනයට ම කැප වෙලා. අපි සාමාන්‍ය ජන ජීවිතයේ සිදුවීම් ගැන දන්නේ බොහොම අල්ප වශයෙන්.” ලෙස පැවසූ ඔහු බ්ලෙසින්හැම් මහාචාර්යතුමාගේ අසාමාන්‍ය බවට හේතු පැහැදිලිකළ බව මට වැටහුණි.
    :confused::confused::confused::confused::confused:

    [/FONT]
    [FONT=&quot]“රහස් පරීක්‍ෂණ කීපෙකට ම උපකාර කළයි කිව්වා?කුඩා මහාචාර්ය වරයා බීරි හටනක් බව මට මේ මොහොතේ දී වැටහිණි. නමුත් ඔහු ඊළඟට පැවසූ දෙය මගේ අවධානය පැහැරගන්නට සමත් විය.

    [/FONT]
    [FONT=&quot]‘ඒ වුනාට කොලුවෝ! තමුන් හෝම්ස් කොල්ලාගේ පළවෙනි ම ගැටලුව විසඳනකොට හිටියේ නෑ නේ? :shocked::shocked::shocked::shocked::shocked::shocked:[/FONT]

    [FONT=&quot][1][/FONT] [FONT=&quot]මේරි වොට්සන් (විවාහයට පෙර මෝස්ටන්) වොට්සන්ට හමු වූයේ සිව් රහස් සලකුණ හෙවත් The Sign of Four නම් කොනන් ඩොයිල් විසින් රචනා කරනු ලැබූ ප්‍රථම ෂර්ලොක් හෝම්ස් පරීක්ෂණයේ දී ය.[/FONT]

    [FONT=&quot][2][/FONT] [FONT=&quot]කරුණාකර චන්දන මෙන්ඩිස් මහතාගේ මහා රෑ ආ මාරයා ග්‍රන්ථයේ ‘අති දක්ෂ යක්ෂයා’ කතාව හෝ ආතර් කොනන් ඩොයිල් ශ්‍රීමතාණන්ගේ Return of Sherlock Holmes ග්‍රන්ථයේ The Adventure of the Empty House කතාව කියවන්න.[/FONT]
     
    Last edited:

    Dilan2013

    Junior member
  • Jul 1, 2013
    391
    14
    18
    Mama hithuwe sahota kathawa danna amathaka wela kiyala.a unata adhanam kathawa dala.elakiri.thawama kathawa kiyawanna bari una.kiyawala comment 1k dannamko.
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    2 කොටස

    [FONT=&quot]“ඒ වුනාට කොලුවෝ! තමුන් හෝම්ස් කොල්ලාගේ පළවෙනි ම ගැටලුව විසඳනකොට හිටියේ නෑ නේ?”[/FONT]

    [FONT=&quot]“මම හිතන්නේ ඔබ ඔය කියන්නේ ග්ලෝරියා ස්කොට් පරීක්ෂණය පිලිබඳ ව වෙන්නට ඕනෑ.” මම පැවැසුවෙමි.[/FONT]

    [FONT=&quot]“ග්ලෝරියා මොකා? එහෙම ගෑනියෙක් ගැන මම ජීවිතේට අහලා නැහැ.” ඔහු වයින් උගුරක් තොලගා මෙසේ පැවැසී ය. [/FONT]

    [FONT=&quot]“මම මේ කියන්නේ අර සිතුවමේ මංකොල්ලය ගැන!” [/FONT]

    [FONT=&quot]මෙම සඳහනත් සමඟ මෙතෙක් වෙලා සතුටු සාමිචියේ යෙදී සිටි උපකුලපතිවරයා ඇතුලු සියලු ආචාර්ය මහාචාර්යවරුන් අතර ඇති වූ නොසන්සුන්කාරී පෙනුම නිසා නොවේ නම් මම බීරි මහාචාර්යවරයාට ග්ලෝරියා ස්කොට් යනු කාන්තාවක් නොව නැවක් බව කියන්නට ඉඩ තිබිණ.[/FONT]

    [FONT=&quot]“නෑ නෑ. අපේ උගත් දොස්තර මහතාට ඒ අනර්ථකාරී සිදුවීම පිලිබඳ අහන්න්නට උවමනාවක් නැතුව ඇති.” උපකුලපතිවරයා වචන කිහිපයක් ඉතා අපහසුවෙන් ගැට ගසා ගත්තේ ය.[/FONT]
    [FONT=&quot]
    මේ වනවිට මගේ කුතුහලයේ රතු කට්ට පැන තිබිණ. මම ඔහු වලකාලන්නට ඉස්සර වුනෙමි.[/FONT]


    [FONT=&quot]“ඇත්තෙන්ම නැහැ උපකුලපති තුමා! මම ඒ කතාව අහන්න ගොඩක් කැමතියි. මගේ මියගිය මිත්‍රයා පිලිබඳ ව ඕනෑ ම ආකාරයේ විස්තරයක් අහන්න මම කැමතියි. ඇත්ත ම කියනවා නම් මම තමයි ඔහුගේ පරීක්‍ෂණ සියල්ල ම වාර්තා කරලා සූචිගත කළේ. මගේ මිත්‍රයාගේ පළමු පරීක්‍ෂණය වාර්තා කිරීමට ලැබෙනවා නම් ඒක මට මහත් භාග්‍යයක්.”[/FONT]

    [FONT=&quot]“ඒක එච්චර වැදගත් සිදුවීමක් නෙවෙයි වොට්සන් මහත්මයා. මම හිතන්නේ ඔබට ඒක අවශ්‍ය දෙයක් නෙවෙයි. ඒක අමතක කරලා දාන්න. ඒ සිද්ධිය සිත් රිදවන සිදුවීමක් නිසා මම හිතන්නේ ඒක දැනගත්ත කියලා කාටවත් යහපතක් වෙන්නේ නෑ. අනිත් කාරණය හෝම්ස් මෙහෙ ඉගෙනගත්තේ බොහො ම කෙටි කාලයක් විතරයි...”[/FONT]

    [FONT=&quot]“මොනවා! හෝම්ස් ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉගෙනගත්තා? මේ මෙහෙ ග්‍රෙන්විල් පීඨයේ?”[/FONT]

    [FONT=&quot]“ඔව් මම හිතන්නේ [/FONT][FONT=&quot]1872 [/FONT][FONT=&quot]වෙන්නට ඕනෑ... එහෙමත් නැත්තම් [/FONT][FONT=&quot]1873[/FONT][FONT=&quot] දී ද? කොහොම හරි මගේ හිතේ ඒ කාලයේ ම තමයි අර ස්ටර්න්ෆෝර්ත් සාමිවරයා ග්‍රෙන්විල් වලට ඇතුලත් වුනෙත්. මේ දවස් වල නම් ඔහු පාර්ලිමේන්තුවේ ඉතා ම ප්‍රසිද්ධියක් ලබාගත් චරිතයක් වෙලා. ඔබට ඔහු හමුවුණේ නැද්ද ග්‍රෙන්සන්?” උපකුලපතිතුමා දක්ෂ ලෙස මාතෘකාව වෙනස් කළේ ය.[/FONT]

    [FONT=&quot]ඉන් පසු කිහිප වරක් ම සිතුවමේ මංකොල්ලය පිලිබඳ කරුණු දැනගැනීමට මම උත්සාහ කළ ද, සියල්ලෝම එම ප්‍රශ්න මඟහැර ගියෝ ය.[/FONT]

    [FONT=&quot]මම මගේ මිතුරාගේ නොදත් වික්‍රමයක් පිලිබඳ දැනගැනීම හේතුවෙන් අතිශය කුතුහලයට පත් ව සිටියද මේ පිලිබඳ නැවතත් මට යමක් අසාගත හැකි වූයේ පසුදින හවස් යාමයේ ය.[/FONT]

    [FONT=&quot] මේරිත්, මමත්, හන්ග්ෆෝඩ් යුවලත් ක්‍රයිසට්චර්ච් මිටියාවතේ එදින හවස් යාමයේ ඇවිදින්නට ගියෙමු. මම මඳක් පය ඉක්මන් කර, ඉදිරියෙන් ගිය ඒඩ්‍රියන් වෙතට ලං වුනෙමි.[/FONT]

    [FONT=&quot]“ඒඩ්‍රියන්, ඊයේ අර බ්ලෙසින්ග්හැම් මහාචාර්යතුමා කියපු සිතුවමේ මංකොල්ලය මොකක් ද? මට නම් හිතුනේ ඒක කියපු වෙලේ ඔබේ වෘත්තීය සගයන් කිහිප දෙනෙකු ම අතිශයින් නොසන්සුන් වුණු බවයි.” මම ඔහු පසෙකින් ඇවිදින ගමන් ම ඇසීමි.[/FONT]

    [FONT=&quot]“තවමත් සමහර වයසක උන්දලා කිහිප දෙනෙක් මේ සිතුවමේ මංකොල්ලය කියන නම ඇහුනත් කලබල වෙනවා. ඇත්ත ම කිව්වොත් මේ සිද්ධිය වෙලා දැනට බොහෝ ම කාලයක් ගත වෙලා තියෙන්නේ. එහෙම වෙලත් මොවුන්ට එය ප්‍රශ්නකාරී සිදුවීමක් වීම මට පුදුමයක්!” පසෙකින් ගලා ගිය නදියේ චමත්කාරයෙන් වශීකෘත ව ඉදිරියට ඇදුණු ඒඩ්‍රියන් මට පැවසුවේ ය.[/FONT]

    [FONT=&quot]“එත් මොන හත්තිලව්වක් ද මේ සිතුවමේ මංකොල්ලය කියන්නේ?” මම ඉතා නොඉවසිල්ලෙන් කෑගැසීමි. “නාකි බ්ලෙසින්ග්හැම් කිව්වේ ඒක හෝම්ස් ගේ පළවෙනි පරීක්‍ෂණය කියලයි. ඒත් මම මෙච්චර කාලෙකට මේ සිද්ධිය ගැන අහලවත් නැහැ! ඒ තියා මම හෝම්ස්ට ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධියක් තිබෙන බව වත් දැනගෙන සිටියේ නැහැ.”[/FONT]

    [FONT=&quot]හන්ග්ෆෝඩ් මගේ නොඉවසිල්ල දැක සිනාසුනේ ය. “මම හිතන්නේ හෝම්ස් කියන්නේ අති දක්ෂ පුද්ගලයෙක් විතරක් නෙවෙයි, බොහොම යුක්තිගරුක, පොරොන්දු ඉටු කරන පුද්ගලයෙක්. ඔක්ස්ෆර්ඩ්හි කුලපතිතුමා සහ නිව් කොලේජ් පිඨයේ උපකුලපතිතුමා මේ සිද්ධිය හෙළි නොකරන්න ඔහු පොරොන්දු කරවා ගත්තා. හෝම්ස් මිය යන තුරු ම තමන්ගේ පොරොන්දුව අකුරට ම ඉෂ්ට කරපු පුද්ගලයෙක්.”[/FONT]

    [FONT=&quot]“ඒත් දැන් මේ සිද්ධිය වෙලා කොච්චර කාලයක් ගතවෙලා ද? තවදුරටත් මේක හංගාගෙන හිඳීමේ පලක් නැහැ නේ ද?” මම ඒඩ්‍රියන්ගේ කතාවට පෝර දැම්මෙමි.[/FONT]

    [FONT=&quot]“ඒකත් එක එක අතකින් හරි. මේක මේ තේ බොන වෙලාවට කාලය කන්න බුද්ධිමතුන් තලු මරන තවත් එක් කතාවක් පමණයි. එත් අපි වගේ අධ්‍යාපනයට කැපවුණු, කුඩා ලෝක වල ජීවත් වෙන මිනිස්සුන්ට පඩේත් වෙඩිල්ලක්![/FONT]

    [FONT=&quot]“මේ, හන්ග්ෆෝඩ් අයියේ, මේ කතාව මට කිව්වා කියලා මෙව්වා මම තැන් තැන් වල කියන්න යන්නේ නෑ. දොස්තර වරුන්ට රහස් ආරක්ෂා කරගැනීම පිලිබඳ අතිශයින් ම විශේෂ දක්ෂතාවක් තිබෙන බව අහලා නැද්ද?”[/FONT]

    [FONT=&quot]මේ වදනත් සමඟ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මෙතෙක් කල් සැඟවී තිබුණු රහසක් මා දෙසවනට වැකිණ. මෙහි දී හොම්ස්ගෙන් පසුව දැන අසා ගත් කරුණු ද, මා බැඳුනු පොරොන්දු ප්‍රකාර ව වෙනස් කරන ලද නම් ගම් ද ඇතුලත් ව මෙම කතාව ඔබ වෙතට ගෙන ඒමට මට දැන් හැකියාව ලැබී ඇත. මෙයට සම්බන්ධ වූ අයගෙන් බොහොමයක් වර්තමානය වන විට ජීවතුන් අතර නැති වීම මෙය ඔබ වෙත ගෙන ඒමට මට හැකියාව ලැබිණ.[/FONT]
     
    Last edited:

    Dilan2013

    Junior member
  • Jul 1, 2013
    391
    14
    18
    නියමයි යාලු.ඉතුරැ කොටස් ටිකත් පරක්කු කරන්නෙ නැතුව ඉක්මනට දාන්න හොදේ.ජය වේවා!
     
    Last edited:

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    නියමයි යාලු.ඉතුරැ කොටස් ටිකත් පරක්කු කරන්නෙ නැතුව ඉක්මනට දාන්න හොදේ.ජය වේවා!
    අනිවාර්යයෙන් ම
    ත්‍රෙඩ් එක පොඩ්ඩක් ජනප්‍රිය කරලා දීපල්ලා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1562706
    වැඩේට කොමෙන්ට්ස් එනකොට තමයි දිරිමත් වෙන්නේ.:cool::cool::cool::cool::cool::cool:
     

    Dilan2013

    Junior member
  • Jul 1, 2013
    391
    14
    18
    මම පලුවන් උපරිමයෙන් සප් එක දෙනව.මං හිතන්නෙ මේ නූල ගොඩක් දෙනෙක් බලනව එ උනාට ගොඩක් අය කමෙන්ට් දාන්නෙ නැතිව යනව.එයාල හිතන්නෙ නෑ රචකයෙක් දිරිමත් වෙන්නෙ ලැබෙන ප්රතිවාර අනුව කියල.ගොඩක් උං වල් සයිට් වලනම් ඔ්න තරම් කමෙන්ට් දානව.එ උනාට අපේ කොල්ලෙක් මේවග් හොද වැඩක් පටන් ගත්තම කමෙන්ට් එකක් දානව කියන්නෙ ගොඩක් උංගෙ අැගෙන් කෑල්ලක් යනව වගේ.කොහොම උනත් මේ නූල ගොඩක් වටිනවා. මේක දිගටම කරගෙන යන්න මම සුභ පතනව.
    මේ නූලට එන හැමෝගෙන්ම මම ඉල්ලන්නෙ පුංචි කමෙන්ට් එකක් හරි දාල රචක සහෝදරයව දිරිමත් කරන්න කියලා.පොත් පරිවර්තනය කරන එක හැමෝටම කරන්න බෑ.මේ වගේ පොත් පරිවර්තනය කරල තමන්ගෙ වටිනා කාලයත් වැය කරල අපිට කතා ලබාදෙන කෙනෙක්ව අපි දිරිමත් කරල දිගටම එලකිරි එකේ තියාගන්න ඔනෙ.ජය වේවා ්