නව හැඳුනුම්පත..

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,721
    7,919
    113
    මෙන්න මෙතන...
    නව හැඳුනුම්පත..

    -- මේ වසරේ සිට ක්‍රියාත්මක නව හැඳුනුම්පත --​



    id.jpg


    ඕනෑ ම රටක ජීවත් වන පුද්ගලයකු ගේ අනන්‍යතාව තහවුරු කිරීමට ඇති ප්‍රධාන ලියවිල්ල වනුයේ ජාතික හැඳුනුම්පත ය.

    1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතට අනුව, උචිත කාල සීමාවේ දී ශ්‍රී ලංකාවේ පදිංචි ව සිටින පුද්ගලයන් ලියාපදිංචි කර, එම පුද්ගලයන් හඳුනාගැනීම සඳහා හඳුනාගැනීමේ පත්‍රයක්‌ නිකුත් කිරීමේ කාර්යභාරය ඉටු කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව ය.

    1972 වසරේ සිට ඉලක්‌කම් 9කින් හා ඉංගී්‍රසි 'V'හෝ 'X' අක්‌ෂරයෙන් යුතුව නිකුත් කළ ජාතික හැඳුනුම්පතෙහි පැනනැගී ඇති ගැටලු කිහිපයක්‌ නිසාවෙන් ඉලක්‌කම් 12කින් යුත් නව ජාතික හැඳුනුම්පතක්‌ නිකුත් කිරීම 2016 ජනවාරි පළමු දින සිට අරඹා ඇත. මේ ඒ පිළිබඳව සැකසෙන ලිපියකි.

    පැරැණි හැඳුනුම්පතෙහි පළමු ඉලක්‌කම් 2න්, අදාළ පුද්ගලයා ඉපදුණු වර්ෂයේ අවසන් ඉලක්‌කම් දෙක නිරූපණය වේ. 3,4,5 ඉලක්‌කම්වලින් පිරිමියකු ගේ නම් ජනවාරි පළමුවැනි දා සිට උපන් දිනයට ඇති දින ගණන කියවෙන අතර, කාන්තාවක ගේ නම් ජනවාරි පළමුවැනි දා සිට උපන්දිනයට ඇති දින ගණනට 500ක්‌ එකතු කළ විට ලැබෙන අගය කියෑවේ. 6,7,8 ඉලක්‌කම් තීරණය වන්නේ යම් දිනක දී පුද්ගලයා ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළ ඉල්ලුම් පත්‍රය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලැබී ඇති අනුපිළිවෙළ අනුව ය (එනම් ඉල්ලුම් පත්‍රය අදාළ දිනයේ දී කී වැනියට ලැබුණේ ද යන්න 6,7,8 යන ඉලක්‌කම් 3න් කියවේ. මෙහි දී දිනකට ලැබෙන මුළු ඉල්ලුම් පත්‍ර සංඛ්‍යාව 1000කට අඩු (උපරිමය 999) යෑයි උපකල්පනය කර ඇත. මෙහි 9 ඉලක්‌කම පරීක්‌ෂණ අංකයක්‌ (මෙය පළමු ඉලක්‌කම් 8 ගණිතමය සූත්‍රයකට යොදා ලබාගන්නා අගයකි). වන අතර ඉන්පසු 'V'හෝ 'X' ඉංගී්‍රසි අක්‌ෂරය යොදා ඇත. බොහෝ විට අවසාන ඉංගී්‍රසි අක්‌ෂරය V වන අතර එමඟින් අදාළ පුද්ගලයාට ඡන්ද අයිතිය පවතින බව කියෑවේ. ඇතැම් අවස්‌ථාවල දී අවසාන ඉංගී්‍රසි අක්‌ෂරය ඞ වන අතර එමඟින් අදාළ පුද්ගලයාට ඡන්ද අයිතිය නො පවතින බව කියෑවේ. (ජාතික හැඳුනුම්පතක්‌ සඳහා ඉල්ලුම් කරන අවස්‌ථාවේ දී අදාළ පුද්ගලයා ශ්‍රී ලංකාවේ ස්‌ථිර පදිංචිකරුවකු නො වේ නම් ද මෙලෙස ඞ අක්‌ෂරය ලැබිය හැකි ය.

    ජනගහන වර්ධනය හේතුවෙන් දිනකට ඉල්ලුම්පත් 999කට වැඩි ප්‍රමාණයක්‌ ලැබිය හැකි වීම සහ වසර 100ක්‌ ගිය පසු වසරේ අවසන් ඉලක්‌කම් දෙක නැවතත් එක ම අගයක්‌ වීම (උදා 1966න් වසර 100ක්‌ ගත වූ විට එළඹෙන 2066 සලකන්න. මේ වසර දෙකේ ම අවසන් අංක දෙක 66 ය.) පැරැණි හැඳුනුම්පතට අදාළව මතු වන ගැටලු දෙකකි. අංක 12කින් යුත් නව හැඳුනුම්පත මේ ගැටලුවලට විසඳුම් දෙයි. ඒ මෙසේ ය(

    නව හැඳුනුම්පතෙහි උපන් වර්ෂය නිරූපනයට පළමු ඉලක්‌කම් 4 ම වෙන් කර ඇති අතර 5,6,7 යන ඉලක්‌කම් පැරැණි හැඳුනුම්පතෙහි 3,4,5 ඉලක්‌කම්වලට අනුරූප වේ.

    දිනකට ලැබෙන මුළු ඉල්ලුම් පත්‍ර සංඛ්‍යාව 10000කට අඩු (උපරිමය 9999) යෑයි උපකල්පනය කරමින්, පුද්ගලයා ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළ ඉල්ලුම් පත්‍රය අදාළ දිනයේ දී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලැබී ඇති අනුපිළිවෙළ අනුව 8,9,10,11 ඉලක්‌කම් තීරණය වේ. මෙහි 12 වැනි අංකය පරික්‌ෂණ අංකයක්‌ වන අතර, ඊට පෙර යොදන ලද අංක 11, ගණිතමය සූත්‍රයක්‌ ඇසුරෙන් සකසා මේ අංකය ලබාගනී. (මේ සූත්‍රය රහස්‍ය සූත්‍රයකි). නව හැඳුනුම්පත් අංකයෙහි අගට ඉංග්‍රීසි අකුරක්‌ නොමැත.

    මීට පෙර හැඳුනුම්පතක්‌ නිකුත් කර නොමැති අය සඳහා අලුතින් ම හැඳුනුම් පත් නිකුත් කිරීම, පැරැණි හැඳුනුම්පත නැති වීම, එයට යම් හානියක්‌ වීමෙන් භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත් වීම නිසා හැඳුනුම්පතෙහි 2 වැනි පිටපතක්‌ ලබාගැනීමට ඉල්ලුම් කිරීම යන අවස්‌ථාවල දී පමණක්‌ නව ක්‍රමවේදයට අනුව සැකසූ හැඳුනුම්පතක්‌ ලැබේ.

    පැරැණි හැඳුනුම්පත් හිමියන්ට නව හැඳුනුම්පතක්‌ ලබා දීමේ දී පැරැණි අංකයෙහි ඉතා සුළු වෙනසක්‌ පමණක්‌ සිදු කෙරේ. එනම් පැරැණි හැඳුනුම්පතෙහි පළමු ඉලක්‌කම් දෙක වෙනුවට, ඉලක්‌කම් 4කින් සම්පූර්ණ උපන් වර්ෂය නිරූපනය වේ. යම් දිනයක්‌ තුළ ලියාපදිංචිය සඳහා යොමු වූ අනුපිළිවෙළ අනුව පැරැණි හැඳුනුම්පත් අංකයෙහි 6,7,8 ස්‌ථානවල යොදා තිබූ සංඛ්‍යාවට ඉදිරියෙන් '0'ක්‌ යොදා (උදා( 348 වෙනුවට 0348) එය අංක 4ක්‌ බවට පත් කර නව හැඳුනුම්පත් අංකයෙහි 8,9,10,11 ස්‌ථානයන්හි ස්‌ථානගත කෙරෙයි. තව ද නව පරීක්‌ෂණ අංකය පැරැණි හැඳුනුම්පතෙහි පරීක්‌ෂණ අංකයට ම සමාන වන පරිදි ගණිතමය සූත්‍රය සකසා ඇත.

    කෙසේ වුව ද පැරැණි හැඳුනුම්පත් හිමියෙකුට නව ක්‍රමවේදයට අනුව සැකසූ හැඳුනුම්පතක්‌ ලබා දෙන විට, එහි පිටුපස එම තැනැත්තා ගේ පැරැණි හැඳුනුම්පත් අංකය ද සටහන් කෙරෙයි.

    විශේෂ ස්‌තූතිය ( පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්‌ ජනරාල් සරත් කුමාර මහතාට)

    ලවන් අභිෂේක්‌ විජයසූරිය



    http://www.vidusara.com/2016/02/24/news2.html
     
    Last edited:
    • Like
    Reactions: sunerudx

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අනේ කොහොම හැදුවත් කමක් නැහැ ඉංග්‍රීසියෙන් තියෙන්න ඕනේ. වෙන රටකට ගිහාම අපේ හදුනුපත් කියවන්න බෂා පරිවර්තකයෙක් කැඳවන්න වෙනවා.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    අනේ කොහොම හැදුවත් කමක් නැහැ ඉංග්‍රීසියෙන් තියෙන්න ඕනේ. වෙන රටකට ගිහාම අපේ හදුනුපත් කියවන්න බෂා පරිවර්තකයෙක් කැඳවන්න වෙනවා.

    මොන රටේද බං අපේ රටේ අයි ඩී ඵක බලන්නේ?
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මොන රටේද බං අපේ රටේ අයි ඩී ඵක බලන්නේ?

    නැහැ බන් සමහර ඩොකියුමන්ට්ස් ඉල්ලන අවස්ථාවල අපේ ID එක දෙන්න බැහැ. ඒ වෙලාවට ඉතින් ඩ්‍රයිවින් ලයිසන් එක නැත්නම් පාස්පෝර්ට් එක තමයි දෙන්න වෙන්නේ. එත් රටේ ජාතික හැදුනුම් පත අවශ්‍ය වෙන අවස්ථා තියනවා.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,919
    113
    මෙන්න මෙතන...
    අනේ කොහොම හැදුවත් කමක් නැහැ ඉංග්‍රීසියෙන් තියෙන්න ඕනේ. වෙන රටකට ගිහාම අපේ හදුනුපත් කියවන්න බෂා පරිවර්තකයෙක් කැඳවන්න වෙනවා.

    නෙදර්ලන්තෙට වෙන්න ඇති නේ...:lol::lol::lol::lol:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,942
    11,674
    113
    නැහැ බන් සමහර ඩොකියුමන්ට්ස් ඉල්ලන අවස්ථාවල අපේ ID එක දෙන්න බැහැ. ඒ වෙලාවට ඉතින් ඩ්‍රයිවින් ලයිසන් එක නැත්නම් පාස්පෝර්ට් එක තමයි දෙන්න වෙන්නේ. එත් රටේ ජාතික හැදුනුම් පත අවශ්‍ය වෙන අවස්ථා තියනවා.

    lankawe ID eka illana eka ratak kiyapan dannawanan?
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    අනේ කොහොම හැදුවත් කමක් නැහැ ඉංග්‍රීසියෙන් තියෙන්න ඕනේ. වෙන රටකට ගිහාම අපේ හදුනුපත් කියවන්න බෂා පරිවර්තකයෙක් කැඳවන්න වෙනවා.

    ගොන් අයියේ

    ජාතික හඳුනුම්පත කියන්නේ ජාතික ,domestic document ekak , එක රැට ඇතුලේ විතරයි පාවිච්චි කරන්න ඕනේ.... රටෙන්පිට නම් ඒ කියන්නේ අන්තර්ජාතික නම් එකට තමා ගමන් බලපත්‍රය හ්ටින්නේ..... වෙන රටවල් වල ඉන්න සුකන්නලට අපේ හන්ගුනුම්පතෙන් වැඩක් නැහැ අයියේ .....
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නැහැ බන් සමහර ඩොකියුමන්ට්ස් ඉල්ලන අවස්ථාවල අපේ ID එක දෙන්න බැහැ. ඒ වෙලාවට ඉතින් ඩ්‍රයිවින් ලයිසන් එක නැත්නම් පාස්පෝර්ට් එක තමයි දෙන්න වෙන්නේ. එත් රටේ ජාතික හැදුනුම් පත අවශ්‍ය වෙන අවස්ථා තියනවා.


    ඔව් බන්. අනිවා. මටත් ඔය ප්‍රශ්නේ කීප සැරයක්ම ආව. :yes::yes:
     

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    aluth eke expire date ekakuth daladaban thiyenne
    arun Driving license ekata keliya wage mekatath awurudu 4n wage expire wenna daida danne ganak kadaganna:angry::angry::angry::angry: