නව_ආරක_බයිසිකලයක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    නව_ආරක_බයිසිකලයක්

    මතක මාවත ඔස්සේ ඔබව ගෙන යන නව ආරක බයිසිකලයක්. සිසුන් පිරිසකගේ නව නිපැයුමක්!




    පරිසර සුමිතුරු යානයක් ලෙස සැලකෙන මේ නව නිපැයුම ඔබට සිහිපත් කරන්නේ මීට වසර දෙසීයකට පමණ ඉහත, එනම් 1817 දී, කාල් ඩ්‍රේයස් (Karl Drais) නම් වතු හිමිකරුවා සිය වතුවල සංචාරය කරන්නට තනා ගෙන තිබූ හොබි හෝස් නම් බයිසිකරලයට සමාන ගමන් යන්ත‍්‍රයයි.

    ‘ෆ්ලිට්ස් බයික්’ (Fliz bike) යනුවෙන් හඳුන්වා ඇති මේ නව යානයත් ඒ පැරණි හොබි හෝස් යානයට සමාන වුනත් මෙහි පාපැදි හෝ අසුනක් හෝ නැහැ. ඒ වෙනුවට ඇත්තේ ඔබේ සිරුර දරා සිටිය හැකි ‘ධාරණයක්’ පමණයි.


    4.JPG


    මෙහි බයිසිකල් රාමුව හරිම අමුතුයි. කලින් බයිසිකල්වල තිබූ වාඩි වෙන අසුන පැදි කට්ටලය මෙහි නැහැ. ඒ වෙනුවට තියෙන්නෙ බඳ පටියක්.


    5.jpg



    මේ සැලසුමට අනුව ගමනේ දී සිරුරේ බර රෝද දෙක අතර හොඳින් බෙදී යනවා.


    6.jpg



    19 වැනි සියවසේ තිබූ මේ ‘හොබි හෝස්’ මතක් වෙනවා, මේ නව නිපැයුම දැක්කාම. දෙපා ගමන ඉක්මන් කිරීමට එදා යොදා ගත් ක‍්‍රමය අද යොදා ගෙන ඇත්තේ ඊට වඩා වෙනස් අන්දමකටයි.

    මේ නව යානය පැරණි හොබි හෝස් යානයට වඩා ප‍්‍රධාන කරුණු දෙකකින් වෙනස් වෙනවා. එකක් මෙහි පදවන්නාගේ කොඳු නාරටියට ඉහළින් ඒ ආකාරයට ම විහිදෙන දැව රාමුවක් තිබීමයි. අනෙක් පැද යාමට ‘පෙඩල්’ නොතිබීමයි.

    මේ යානය පැද යාමේ දී දුව යාමෙන් වේගය වැඩි කළ යුතු වෙනවා. වේගයෙන් යද්දී දෙපා බයිසිකලේ පසුපස රෝදය දෙපස ඇති පා රඳවනයෙහි තැබිය හැකියි.

    මේ නව සයිකලය සැලසුම් කර ඇත්තේ ටොම් හැම්බ්‍රොක් (Tom Hambrock) හා ජූරි ස්පෙටර් (Juri Spetter) යන ජර්මන් නිර්මාණකරුවන් දෙදෙනායි. පදවාගෙන යන්නාට පටි පැලඳිය යුතු මේ නව බයිසිකලයේ රාමුව තුළ ඔසවාගෙන යාමක් තමයි සිදු වන්නේ. ඒත් එහිදී කිසිදු අපහසුවක් පදවන්නාට දැනෙන්නේ නැහැ.

    මේ සුවිශේෂ බයිසිකලය ඇමෙරිකාවේ තාක්ෂණික නවොත්පාදන හා සැලසුම් සඳහා වූ ජේම්ස් ඩයිසන් සම්මානයට ඉදිරිපත් කරල තියෙනවා. අන්තර්ජාතික සිසුන් සඳහා වෙන් වූ එම සම්මාන උළෙලට මුල්‍ය දායකත්වය සපයන්නේ ඩයිසන් රික්ත ශෝධකය (Dyson vacuum cleaner) නම් නව නිපැයුම ලොව දායාද කළ ජේම්ස් ඩයිසන් විසිනුයි.

    මේ නව බයිසිකලය ‘ෆ්ලිට්ස්’ කියා නම් කර ඇත්තේ ‘වේගයෙන් යාම’ යන අරුත් ඇති ‘ෆ්ලිට්සන්’ (flitzen) යන ජර්මන් වදන ඇසුරෙන්. ඒත් මෙහිදී වේගයෙන් යාම කළ යුත්තේ ඔබේ දෙපා ආධාරයෙනුයි.

    මේ නව නිපැයුම නගරයේ වාහන තදබද ස්ථානවල ඉක්මනින් යාමට යොදා ගත හැකි එකකි. මේ නිර්මාණය කිරීමේ අරමුණ ලෙස නිෂ්පාදකයන් කියන්නේ ඉන්ධන වියදමක් නැතිව, පරිසර හිතකාමී ආකාරයට ගමන් බිමන් යාමට සුදුසු වාහනයක් ඉදිරිපත් කිරීම බවයි. ඒ වගේ ම සෞඛ්‍යය අතිනුත් මෙය වඩාත් යෝග්‍ය උපකරණයක් ලෙස ඔවුන් දකිනවා.


    8.jpg



    මේ රාමුවෙහි ඇති බඳ පටියෙහි පස් පොළකින් සිරුරට සම්බන්ධ වෙනවා. මෙය පෙනෙනවාට වඩා සුවපහසුයි. ආරක්ෂා සහිතයි. දිවීමත් බයිසිකල් පැදීමත් යා කළ කාර්යයක් තමයි මෙහිදී සිද්ධ වෙන්නෙ. මින් යන විට සිරුරේ බර යෙදවෙන ආකාරය ඉහත රූප සටහනේ දැක්වේ.


    9.jpg


    ලොව පළමු පුද්ගලික ගමන් මෙවලම ලෙස සැලකිය හැකි බයිසිකලය අනුව යමින් තැනුනු මෙය වර්තමාන බයිසිකලයකට හැම අතින් ම සමානයි. ඒත් මෙහි පාපැදි නැති නිසා මෙයට පාපැදියක් කියන්න බැහැ.

    10.jpg




    මෙන්න දැන් පටි තද කර ගන්න. මේ අමුතු බයිසිකලය අනාගතයේදී ඔබට පදින්න සිදු වෙන්නේ.


    11.jpg



    මේ 19 වන සියවසේ පැවති හොබි හෝස් නම් වූ සයිකලයයි. මෙය බයිසිකලය නිපදවන්නට පෙර තැනූ නිර්මාණයක්.


    12.jpg


    ඩැන්ඩි හෝස් හා ගොම්පර්ට්ගේ වෙලොසිපීඩය ඇවිත් වැඩි කලක් භාවිතයේ රැඳුණේ නැහැ. ඒත් ඒවා නිසා සයිකල් පැදීම කෙරෙහි ආසාවක් ඇති වුණා.


    13.jpg


    වෙලෝසිපීඩය මුලින් ම ආවේ 1865දියි. එහි පැදි සවි වී තිබුණේ ඉදිරි රෝදයටයි. ඒක ඒ කාලෙ හැඳින්වුණේ ‘ඇට නටවනය’ යන නමින්. එහෙම කීවේ ඒකට තිබුණු ලෝහ හා දැව යොදා තැනූ රෝදත් එය ගමන් කළ ගල් ඇල්ලූ පාරවලූත් නිසා ගමනින් පසු අතපය රිදුණු නිසයි.

    1817 දී මෙය මුලින් ම නිපද වූයේ ‘ඇවිදින යන්ත‍්‍රය’ කියලයි. බැරන් වොන් ඩ්‍රේයස් (Baron von Drais) නම් ප‍්‍රංශ ජාතිකයාට තමයි එහි ගෞරවය හිමි වන්නේ. ඔහු එය නිපදෙව්වේ තම වතුවල සංචාරය කිරීමේ පහසුව තකා ගෙනයි.

    ඒ සඳහා දැව රාමුවක් හා එකම ප‍්‍රමාණයේ රෝද දෙකක් යොදා ගනු ලැබුවා. ඉදිරි රෝදය හැසිරවිය හැකි වුණා. ඒ අතර දැව රාමුව මැද වාඩි වී දෙපා පොළොවේ තබා තල්ලූ කරමින් ඉදිරියට යාමට ඔහු සමත් වුණා.

    ඩ්‍රේයස්ගේ මේ යානය ‘ඩ්‍රේසියානය’ (Draisienne) කියා නම් කරනු ලැබුවා. හොබි හෝස් යන්නත් මෙයට යෙදූ තවත් නමක්. ‘වෙලෝසිපීඩය’ කියාත් මෙය හඳුන්වනු ලැබුවා.

    ෆ්ලිට්ස් නිර්මාණ කණ්ඩායම මුලින් ම ඒ පැරණි යානයට සමාන එකක් තැනුවා. එය සැබැවින් ම කි‍්‍රයා කරන ආකාරය අත්හදා බැලූවා. ඊට පස්සෙයි, මේ නව ක‍්‍රමයට එය නිර්මාණය කළේ. ඒ අනුව ආරක්ෂා සහිත වඩාත් පහසුවෙන් කි‍්‍රයා කළ හැකි මේ විස්මිත නිර්මාණය සැකසුවා.

    මේ නව යානය එය පාවිච්චි කරන්නාගේ ම සිරුරේ කොටසක් වගෙයි. ඒ නිසා මෙයට බයිසිකල් ලෝකය තුළ අනාගතයේ විශාල පෙරළියක් කළ හැකි වෙතැයි ඔවුන් විශ්වාසය පළ කරනවා


     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,619
    113
    Auckland
    ඔච්චර කට්ට කන්නෙ පයින්ම යන එකනෙ ඇත්තෙ. මෙක scurvy වගෙ එකෙක්ට තමා හරියන්නෙ :rofl: :rofl:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    හදිස්සියකට බයිසිකලේ අත ඇරලා එළියට පනින්නවත් බැනේ. වතුරකට වැටුනොත් එහෙම බඩුම තමා.​
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    කන්දක් සෙට් වුනොත් ලොරියක් හොයන්න වෙයි දාහෙන යන්න. sure එකටම scurvy නෑදෑයෙක්ද කොහෙද මේක හදලා තියෙන්නේ
    :baffled::baffled::baffled::baffled: