නව_සක්විති_කඩුවෙලින්
නව සක්විති කඩුවෙලින්
කඩුවෙල, රත්නපුර ඇතුළු ප්‍රදේශ ගණනාවක කෝටි ප්‍රකෝටිපතියන්ගේ මෙන්ම බැංකු ප්‍රධානීන්ගේ ඉහමොළ රත් වී පළාතම හෙල්ලී යන්නේ කෝටිපති වාහන සේල් හිමියකු විසින් රුපියල් කෝටි හාරසියයකට අධික මුදලක් වංචා කර රට පැනීමත් සමගය.
මෙම වංචාව හෙළිවීමත් සමග මේ වන විට කඩුවෙල ප්‍රධාන බැංකුවක බැංකු නිලධාරීන් හය දෙනකු වැඩ තහනමට ලක්වන්නේ ද තක්සේරු වටිනාකමට වඩා වැඩිපුර මුදල් ලබාදීමට කටයුතු කිරීම නිසා බව කියන්නේය.
කඩුවෙල එන්ටර්ප්‍රයිසස් නමින් පවත්වාගෙන ගිය වාහන සේල් හිමිකරුගේ වෙළෙඳ ආයතන වසා දමා ජපානයට පැනගිය බවට සියලු දෙනා දැනගත්තේ පසුගිය සතියේදීය.
ඒ වන විටත් සියල්ල සිදුවී හමාරය.
මෙම ව්‍යාපාරිකයාගේ වංචාවට හසු වූවන් අතර ඇමැති පියෙක්, කඩුවෙල ප්‍රසිද්ධ හිමිනමක්, කපු මහතෙක්, කෝටිපති ව්‍යාපාරිකයෝ, බැංකු නිලධාරීහු මෙන්ම පොලිස් නිලධාරීහු ද සිටිති.
මෙම වංචාවේ වගතුග කරළියට එන්නේ ඇමැති පියා විසින් වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වාහන සේල් ආයතනයක් සමග එක්වී ව්‍යාපාර කටයුතු කර ඇමැති පියාටත් වංචා කිරීමත් සමගය.
වත්මන් රජයේ තරුණ ඇමැතිවරයකු වංචාකාර ව්‍යාපාරිකයා සොයා මීට දින ගණනකට පෙර කඩුවෙලට කඩා වදින්නේ ඇමැති ආරක්ෂකයන් ද සමගය. ඒ තම පියාට කළ වංචාවට උත්තර දෙන්නටය.
එහි දී අදාළ වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයාට පහර දී තම පියාට අයවිය යුතු මුදල් වෙනුවෙන් වාහන සේල් ආයතනයේ තිබූ ලියාපදිංචි නොකළ නවීන මෝටර් රථ විසිපහක් හා සුඛෝපභෝගී බස් රථ දෙකක් රැගෙන යන්නේ කඩුවෙල එන්ටර්ප්‍රයිසස් ආයතනයෙන්ය. මෙය අවට සිටි අයට ද කුතුහලයක් ගෙනදුන් සිදුවීමක් වූ අතර එම සිද්ධියෙන් පසු අතුරුදන් වන අදාළ සැකකාර ව්‍යාපාරිකයා මතු වී ඇත්තේ ජපානයෙන්ය.
දැනට හෙළිවෙමින් ඇති කරුණු කාරණා අනුව ඇමැතිවරයා රැගෙන ගිය වාහනවල පොත් පවා ව්‍යාපාරිකයා වංචා සහගත ලෙස මූල්‍ය ආයතනවලට උකස් කර ලීසිං පහසුකම් ලබාගෙන ඇත.
මොහු විසින් ප්‍රදේශයේ හිමිනමකගෙන් ( නවගමුවේ පැත්තෙලු...
) රුපියල් කෝටි දහයමාරක් ගෙන ඇත්තේ හිමිනමගේ රියැදුරකු මගිනි. පොලියට මුදල් ලබාගෙන ඇති මෙකී ව්‍යාපාරිකයා අදාළ නායක හිමිනමට ලබාදුන් මෝටර් රථයේ පොත ද කඩුවෙල මූල්‍ය ආයතනයකට හොර රහසේ උකස් කර ඇත.
එම මූල්‍ය ආයතනය පමණක් අදාළ ව්‍යාපාරිකයා ගැන විශ්වාසය තබා මේ වන විට ලබාදී ඇති ණය මුදල රුපියල් කෝටි දහ අටකි. ඉන් රුපියල් කෝටි දහයක්ම මූල්‍ය ආයතනයෙන් ලබාදුන් ණය මුදලක් ලෙස සඳහන්ය. අනෙක් කෝටි අටක මුදල වෙනත් අයිතිකරුවන්ගේ වාහනවල පොත්වල වටිනාකම්ය. ප්‍රදේශයේ නායක හිමිනමගේ මෙන්ම ප්‍රසිද්ධ කපු මහතාගේ ( නවගමුවේ පැත්තෙලු...
) වාහනයේ පොතක් මොහු මූල්‍ය ආයතනයට උකස් කර ඇති බව හෙළිවන්නේ මුදල් වංචාවත් සමගය.
මෙම ව්‍යාපාරිකයා කපු මහතාගෙන් මීට අමතරව රුපියල් කෝටි හතරක් තම ව්‍යාපාර කටයුතු සඳහා සියයට හතේ පොලියට අරගෙන ඇති බව ද තොරතුරු ඇත්තේය.
මීටත් වඩා බරපතළ කාරණය වන්නේ කඩුවෙල හා අවට කෝටිපති ව්‍යාපාරිකයන් මොහුගෙන් ගත් වාහනවල මෙන්ම වෙළෙඳ ආයතනයේ තිබූ වාහන ඇතුළු වාහන පොත් දෙසිය හැටක් පමණ ඇපයට තබා මූල්‍ය ආයතනවලින් මූල්‍ය පහසුකම් ලබාගෙන ඇතැයි හෙළිවීමය.
කඩුවෙල ෆිනෑන්ස් ආයතනයකට පමණක් වාහන පහළොවක පොත් තබා කෝටි ගණනක මුදල් ගෙන ඇතිවග ද හෙළි වී තිබේ.
මේ සමගම කඩුවෙල සිටින ව්‍යාපාරිකයන් රැසක් තක්කු මුක්කු වී ඇත්තේ තමන් මුදල් දී ලබාගත් තමන්ගේ වාහනවල පොත් වාහන සේල් හිමිකරු උකස් කර තිබිම නිසාය.
මොහුගෙන් හිතවත්කමට වාහන මිලදී ගන්නට ගිය බහුතරයක් ව්‍යාපාරිකයන් සේල්කරුගේ උපායට හසු වී තිබෙන්නේ වැඩි වාසි ලබන්නට ගත් උත්සාහය නිසාය.
“මගේ නමට වාහනය ලීස් කරලා ගත්තොත් ටැක්ස්වලට අහුවන්නේත් නැහැ. මට ඩිස්කවුන්ට් එකක් තියෙන නිසා අඩු රේට් එකක් ලීසිං එකට අරන් දෙන්නත් පුළුවන්.
ඔයා වාහනය අරගෙන ලීසිං එක ගෙවාගෙන යන්න. මම අවුරුදු පහෙන් ට්‍රාන්සර් කරලා දෙන්නම්. හැම අවුරුද්දේම මම ඉන්ෂුවරන්ස් එකත් කරලා දෙන්නම්.” මේ දැනට මෙම පුද්ගලයා හමුවට ගොස් වාහන ගන්නට යන සැමම අන්දන කතාවය.
අවුරුදු පහළොවක් තිස්සේ කඩුවෙල, වත්තල, කොල්ලුපිටිය ඇතුළු ප්‍රධාන වාහන සේල් හතරක් පවත්වාගෙන ගිය ප්‍රකෝටිපතියකු වන මෙම ව්‍යාපාරිකයාට හසු නොවූ ව්‍යාපාරිකයකු නොවන තරම්ය.
මොහු රට පැනගැනීමත් සමග හෘදයාබාධයකට ලක් වූ ව්‍යාපාරිකයකු රෝහල් ගත කෙරෙන්නේ තමා සතු වත්කම් සියල්ල බැංකුවට සින්න වී පාරට බසින්නට වන තත්ත්වයක් උද්ගත වීම නිසාය. එකී රෝහල්ගත වූ පුද්ගලයාගේ දේපළ බැංකුවේ තබා ණයක් ලබාගෙන තිබිය දී මෙකී ව්‍යාපාරිකයා ඔහුට වැඩි මුදලක් බැංකුවෙන් ලබාදෙන බව කියා බැංකු නිලධාරීන් ලවා වෙළෙඳපොළ වටිනාකමට වඩා වැඩි තක්සේරුවක් ලබා දී විශාල ණය මුදලක් ලබාගෙන තිබිම මෙයට හේතුවය.
මේ ආකාරයට බැංකු නිලධාරීන්ගේ සහායෙන් අඩු වටිනාකමක් ඇති දේපළවලට වැඩි තක්සේරුවක් දී බැංකු ණය ලබාගෙන ඇති වග ද හෙළිවන්නේය.
මෙම ව්‍යාපාරය යම් දිනෙක කඩාවැටීමේ අවදානම දැනගත් කඩුවෙල බැංකුවක කළමනාකරුවකු මොහු විසින් ලබාගන්නට ගිය රුපියල් කෝටි පහක ණය මුදල ලබාදීම ප්‍රතික්‍ෂේප කර තිබුණේය. කෙසේ වුවද අකැමැත්තෙන් වුව ද එම මුදල යළි මොහුට ලබාදෙන්නේ එම බැංකු මූලස්ථානය හරහා පැමිණි බලපෑමකටය.
මෙකී ව්‍යාපාරිකයා කඩුවෙල රාජ්‍ය බැංකුවකින් ලක්ෂ 2000ක (කෝටි විස්සක) ණය මුදලක් ඉල්ලා එය ලැබිමට තිබිය දී රටින් පැනගිය වග ද කියවෙන්නේය.
මොහු විසින් බැංකු නිලධාරීන්ට ද වාහන ලබාදෙන බව කියා මේ වන විට ලක්ෂ ගණනක මුදල් ගෙන ඇතත් ඔවුනට කිසිදු වාහනයක් මතෛක් ලැබි නැත.
එපමණක් නොව ඇතැම් බැංකුවල සේවය කළ තරුණයන් බැංකුවලින් ඉවත් කරගෙන මෙම ව්‍යාපාරිකයාගේ වෙළෙඳ ආයතනයේ සේවයට යොදාගෙන ඇති බව ද හෙළි වී තිබෙන්නේය.
මේ අයුරින් කඩුවෙල බැංකු හා මූල්‍ය ආයතන සමග ගනුදෙනු කරමින් කෝටි ප්‍රකෝටි ගණනක මුදලක් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවට මේ වන විට හෙළිවන නිසා මෙම ව්‍යාපාරිකයාට ඇපවූ බැංකු ප්‍රධානීහු හා මූල්‍ය ආයතන ප්‍රධානීහු ද තක්කු මුක්කු වී සිටිති.
මෙම තත්ත්වය තුළ අදාළ ලීසිං සමාගමට යළි මුදල් නොගෙව්වොත් මුදල් වාරික නිසි ලෙස ගෙවමින් තිබූ වාහන ද ලීසිං ආයතන මගින් රැගෙන යන වාතාවරණයක් උද්ගත වී ඇත්තේය.
දැනට හෙළි වී ඇති කරුණුවලට අනුව මෙම ව්‍යාපාරිකයාට අසු වූ එක් ව්‍යාපාරිකයකු රහස් පොලිසිය වෙත එක පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
අනෙක් ව්‍යාපාරිකයන් පැමිණිලි කිරීමට යාම පස්සට දමා ඇත්තේ අතුරුදන්ව සිටි ව්‍යාපාරිකයා කෙසේ හෝ ණය උගුලෙන් සියලු දෙනා ගලවාගන්නා බවට පණිවුඩ එවා තිබිම නිසාය. නමුත් මෙම ව්‍යාපාරිකයා ජපානයේ සිට දුරකථන ඇමතුම් ලබාදීමත්, තම බිරිඳ හා දරුවන් මෙම සතියේ ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමත් සමග සියලු දෙනා භීතියට පත්ව සිටිති.
මෙම සිකුරාදා වන විට කඩුවෙල ප්‍රධාන පෙළේ හෝටල් හිමියකුත් පොලිස් මූලස්ථානයට පැමිණිලි කරන්නට යන්නේ තමාගෙන් රුපියල් ලක්ෂ 261ක් ලබාගෙන මුදල් නොගෙවීමත්, තමන් ඇපවී රුපියල් කෝටි හතරක මුදලක් රත්නපුරේ කෝටිපතියකුගෙන් ලබාදීමත් ගැනය.
මේ අයුරින් සිදුවී ඇති මුදල් ගනුදෙනු හා වංචා බලන කල සක්විතිට වඩා තවත් සක්විත්තෙක් බිහිවන වග පැහැදිලිය.
තමන් ලබාදුන් මුදල් ගැන නීත්‍යනුකූලව ඔප්පු කළ හැකි ව්‍යාපාරිකයන් හැර සියලු දෙනාට මේ සමග කරකියාගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.
rep+++ දාගෙනම යන්න
නව සක්විති කඩුවෙලින්
කඩුවෙල, රත්නපුර ඇතුළු ප්‍රදේශ ගණනාවක කෝටි ප්‍රකෝටිපතියන්ගේ මෙන්ම බැංකු ප්‍රධානීන්ගේ ඉහමොළ රත් වී පළාතම හෙල්ලී යන්නේ කෝටිපති වාහන සේල් හිමියකු විසින් රුපියල් කෝටි හාරසියයකට අධික මුදලක් වංචා කර රට පැනීමත් සමගය.
මෙම වංචාව හෙළිවීමත් සමග මේ වන විට කඩුවෙල ප්‍රධාන බැංකුවක බැංකු නිලධාරීන් හය දෙනකු වැඩ තහනමට ලක්වන්නේ ද තක්සේරු වටිනාකමට වඩා වැඩිපුර මුදල් ලබාදීමට කටයුතු කිරීම නිසා බව කියන්නේය.
කඩුවෙල එන්ටර්ප්‍රයිසස් නමින් පවත්වාගෙන ගිය වාහන සේල් හිමිකරුගේ වෙළෙඳ ආයතන වසා දමා ජපානයට පැනගිය බවට සියලු දෙනා දැනගත්තේ පසුගිය සතියේදීය.
ඒ වන විටත් සියල්ල සිදුවී හමාරය.
මෙම ව්‍යාපාරිකයාගේ වංචාවට හසු වූවන් අතර ඇමැති පියෙක්, කඩුවෙල ප්‍රසිද්ධ හිමිනමක්, කපු මහතෙක්, කෝටිපති ව්‍යාපාරිකයෝ, බැංකු නිලධාරීහු මෙන්ම පොලිස් නිලධාරීහු ද සිටිති.
මෙම වංචාවේ වගතුග කරළියට එන්නේ ඇමැති පියා විසින් වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වාහන සේල් ආයතනයක් සමග එක්වී ව්‍යාපාර කටයුතු කර ඇමැති පියාටත් වංචා කිරීමත් සමගය.
වත්මන් රජයේ තරුණ ඇමැතිවරයකු වංචාකාර ව්‍යාපාරිකයා සොයා මීට දින ගණනකට පෙර කඩුවෙලට කඩා වදින්නේ ඇමැති ආරක්ෂකයන් ද සමගය. ඒ තම පියාට කළ වංචාවට උත්තර දෙන්නටය.
එහි දී අදාළ වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයාට පහර දී තම පියාට අයවිය යුතු මුදල් වෙනුවෙන් වාහන සේල් ආයතනයේ තිබූ ලියාපදිංචි නොකළ නවීන මෝටර් රථ විසිපහක් හා සුඛෝපභෝගී බස් රථ දෙකක් රැගෙන යන්නේ කඩුවෙල එන්ටර්ප්‍රයිසස් ආයතනයෙන්ය. මෙය අවට සිටි අයට ද කුතුහලයක් ගෙනදුන් සිදුවීමක් වූ අතර එම සිද්ධියෙන් පසු අතුරුදන් වන අදාළ සැකකාර ව්‍යාපාරිකයා මතු වී ඇත්තේ ජපානයෙන්ය.
දැනට හෙළිවෙමින් ඇති කරුණු කාරණා අනුව ඇමැතිවරයා රැගෙන ගිය වාහනවල පොත් පවා ව්‍යාපාරිකයා වංචා සහගත ලෙස මූල්‍ය ආයතනවලට උකස් කර ලීසිං පහසුකම් ලබාගෙන ඇත.
මොහු විසින් ප්‍රදේශයේ හිමිනමකගෙන් ( නවගමුවේ පැත්තෙලු...
) රුපියල් කෝටි දහයමාරක් ගෙන ඇත්තේ හිමිනමගේ රියැදුරකු මගිනි. පොලියට මුදල් ලබාගෙන ඇති මෙකී ව්‍යාපාරිකයා අදාළ නායක හිමිනමට ලබාදුන් මෝටර් රථයේ පොත ද කඩුවෙල මූල්‍ය ආයතනයකට හොර රහසේ උකස් කර ඇත.එම මූල්‍ය ආයතනය පමණක් අදාළ ව්‍යාපාරිකයා ගැන විශ්වාසය තබා මේ වන විට ලබාදී ඇති ණය මුදල රුපියල් කෝටි දහ අටකි. ඉන් රුපියල් කෝටි දහයක්ම මූල්‍ය ආයතනයෙන් ලබාදුන් ණය මුදලක් ලෙස සඳහන්ය. අනෙක් කෝටි අටක මුදල වෙනත් අයිතිකරුවන්ගේ වාහනවල පොත්වල වටිනාකම්ය. ප්‍රදේශයේ නායක හිමිනමගේ මෙන්ම ප්‍රසිද්ධ කපු මහතාගේ ( නවගමුවේ පැත්තෙලු...
) වාහනයේ පොතක් මොහු මූල්‍ය ආයතනයට උකස් කර ඇති බව හෙළිවන්නේ මුදල් වංචාවත් සමගය.මෙම ව්‍යාපාරිකයා කපු මහතාගෙන් මීට අමතරව රුපියල් කෝටි හතරක් තම ව්‍යාපාර කටයුතු සඳහා සියයට හතේ පොලියට අරගෙන ඇති බව ද තොරතුරු ඇත්තේය.

Last edited: